Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙලට - Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඳුම් පුරෝපු කළු පාට ලොකු බැක්පැක් එක බරට බරේ එල්ලගෙන වැල්ලවාය බස් ස්ටෑන්ඩ් එක මැද්දෙන් මම දහපාරකට වඩා එහාටයි මෙහාටයි ගියා. කොකෙක් වගේ හැම පැත්තටම බෙල්ල දික් කර කර මම හෙව්වේ බෙරගල හරහා බණ්ඩාරවෙලට යන බස් එක කොහෙද නවත්තල තියෙන්නෙ කියල. දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවත් කවුරුත් හරියට ඒ බස් එක එන යන වෙලාවක් දන්න පාටක් නම් පෙනුනේ නෑ.ලා දුඹුරුපාට කාගෝ ෂෝර්ට්ස් එකට උඩින් තද නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳල පැස්ටල් නිල්පාට සුදු අඩියක් තිබ්බ slip on කැන්වස් සපත්තු දෙකක් දාලා බස් ස්ටෑන්ඩ් එකේ බඹර චක්කරයක් වගේ එහාටයි මෙහාටයි කැරකෙන මාව මිනිස්සුන්ට මාව කොහොම පෙනෙන්න ඇද්ද කියල මම මේ දැනුත් කල්පනා කරනව.

බස් එක එනකම් කියල ඊට පස්සෙ මම බස් ස්ටෑන්ඩ් එකේ මැද හරියෙ එක අයිනක තිබ්බ කෙටි තාප්පෙට හේත්තුවෙලා මාරුවෙන් මාරුවට මිනිස්සු දිහයි බස් දිහයි මගේ අළුත් NaviForce අත් ඔරලෝසුව දිහයි බල බලා හිටිය. මම වැල්ලවායට ඇවිත් දැන් පැය භාගෙකටත් වැඩියි. බස් එකක් තාමත් නෑ. දැන් මගෙ ඔළුව යකාගේ කම්මල වගේ. මේ මම වැල්ලවායට ආපු පළවෙනි වතාව. මම ආවේ ඇල්ලෙ ඉඳන්, යන්න යන්නේ දියළුම ඇල්ලත් බලාගෙන බණ්ඩාරවෙලට. දන්න කියන කවුරුත් නෑ. පණ්ඩිතකමට තනියම ට්‍රිප් එනවට මට හොඳ පාඩම. දැන් මම මටම බනිනව. මම දිහා උවමනාවෙන් බලනව වගේ පේන හැම මනුස්සයෙක්ම දිහාම මම බැලුවේ සැකෙන් තරහෙන් මංකොල්ලකාරයෙක් දිහා බලනව වගේ. පව් ඒ මිනිස්සු. මගේ තරහ තිබ්බේ මං එක්ක මිසක් ඒ කවුරුත් එක්ක නෙමෙයි.

මම මටම බැන බැන ඉන්න අතරේ රතුපාට ලඩි ටාටා බස් එකක් ඇවිත් නැවැත්තුවා මම දැක්ක මට ටිකක් එහා පැත්තෙන් පිටිපස්සට වෙන්න. කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙල කියල බෝඩ් එකේ දැක්කාම මගේ ඉහේ මලක් පිපුණ වගේ. බැක්පැක් එකත් පිටිපස්සෙන් එල්ලගෙන මම හයියෙන් හයියෙන් ඇවිදගෙන ගිහින් බස් එකට නැග්ග ඉස්සරහින්. ඩ්‍රයිවර්ගෙ පිටිපස්සෙන් තියෙන සීට් පේළියෙ දෙවෙනි එකේ ජනේලෙ ළඟ සීට් එකේ ඉඳගෙන විදුරුවත් ඔට්ටුවෙලා ඇරගත්ත. බැක්පැක් එක මගෙ ඔඩොක්කුවෙන් තියාගත්ත. දැන් ඉතින් බස් එක යන්න පටන් ගන්නකම් ඉවසිල්ලක් නැහැ.

මම විනාඩි විස්සක් ඇතුළෙ පහළොස් වතාවකට වඩා මම බැඳගෙන හිටපු තද දුඹුරු පාට පටියක් තියෙන කළු පාට මූණතේ සුදු පාටින් රෝම ඉලක්කම් තියෙන ඔරලෝසුව දිහා බැලුව. අන්තිමට බස් එක හිමින් හිමින් පිටත් වුණා. මට එහා පැත්තෙ වාඩිවෙලා හිටපු අම්ම අවුරුදු 60ක් 65ක් විතර වයස, කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම ඉදුනු කෙට්ටු මිටි මස් නැති රැලි වැටුණු දිග මූණක් තියෙන සුදුපාට හැට්ටයක් ඇඳල හිටපු කෙනෙක්. ඒ අම්ම ඇඳල හිටියෙ සුදු පාට හැට්ටයක්. මම මට දියළුම ඇල්ල බලන්න බහින්න ඕනෙ තැන කියන්න කිව්වම, අපි පොඩි කතාවකට වැටුන. ඒ අම්මගේ ගෙවල් තියෙන්නෙ දියළුම ඇල්ල කිට්ටුවම කොස්ලන්දෙ. ජීවිකාව ගම්මිරිස් ගොවිතැන. ඉස්කෝලෙ යන කාලේ මට මතකයි මගෙ ප්‍රගති වාර්තා පොතේ පියාගේ වෘත්තිය විදිහට දාලා තිබ්බේ ගොවිතැන. අප්පච්චි බලාගත්ත පන්සල්වත්තේ තිබ්බ නිතරම ලෙඩ හැදිච්චි බුලත් කොටු දෙක තුනකුයි මහපාලමට එහාපැත්තේ පියසිං මාමගේ ඉඩමට එහාපැත්තෙ සියඹලගහපැලැස්සේ අපේ කුඹුරු කෑලි දෙක තුනකුයි ඇරෙන්න, අප්පච්චි වෘත්තියක් විදිහට ගොවිතැන් කළේ නෑ. ගෙදර වියදමට සල්ලි හොයාගත්තෙ අප්පච්චි මේසන් වැඩවලට අත්වැඩ දීලා. ඒක අයිතිවෙන්නෙ කුලී වැඩ කියන වෘත්තියට. ඒත් අපේ ඉස්කෝලෙට සම්බන්ධ කිසිම ලියමනක කුලී වැඩ කියල නම් ලියන්න දුන්නෙ නෑ අම්මවත් අප්පච්චිවත්. හැබැයි මේ අම්මල තාත්තල දරුවො ඇත්තටම ගොවිතැන් කරන අය.

මම කොස්ලන්දට ටිකට් එකක් ගත්ත. වැල්ලවාය ඉඳන් කොස්ලන්දට යන පාර දෙපැත්තම කැලෑව. කිලෝමීටර් තුන හතරක් ටවුන් එකෙන් එහාට ගියාට පස්සේ කඩයක් ගෙයක් දැක්කෙම නැති තරම්. ගස් කොළන් තිබ්බට හරිම කර්කශ පරිසරයක්. සර්පයෙක් බඩගානව වගේ වංගු වංගු තාර පාරෙ තාර ගෙවිල ගල් පෑදිලා තිබ්බේ කරත්තයක් අදින නාකි හරකෙක්ගේ ඉලඇට පෑදිලා තියෙනව වගේ. ඒ පාර අමාරු පාරක් වගේ මට පෙනුනට, කොණ්ඩෙ ඉදුණු වයසක ඩ්‍රයිවර් නම් බස් එක එලෙව්වෙ කජුකනව වගේ. ඉංග්‍රීසියෙන් ‘old hand’ කියන්නෙ එහෙම කෙනෙක්ට වෙන්න ඕනෙ. පාර ටිකක් පටු වුනාට ට්‍රැෆික් නම් තිබ්බෙ නෑ වාහන ගොඩක් ඒ පාරෙ ගියෙ නැති හින්ද.

දියළුම ඇල්ල ගාවින් නවත්වපු බස් එකෙන් මම බැක්පැක් එකත් කරේ එල්ලගන්න ගමන් ඉක්මනට බැහැගත්ත. බස් එක මාව දාල ගමනෙ ඉතුරු කොටස පටන් ගත්ත. එතන ලොකු වංගුවක්. කොස්ලන්ද හෝල්ට් එක තව ටිකක් ඉස්සරහට වෙන්න තියෙන්නෙ. දියළුම ඇල්ල කඩාහැලෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ විශාල නළලක් වගේ තියෙන කළුගල් මූණත දිගේ ගෑවි ගෑවි, හැප්පි හැප්පි, කැඩි කැඩී, ටිකක් දුරින් බිම ඉඳන් බලද්දි පේන විදිහට නාන ගෑණු කෙනෙක්ගේ හොඳට වැවුනු කොණ්ඩයකට වඩා පළල නැති දිය කඳ අඩි 720ක් පහළට කඩාවැටෙනව. දිග ඇරල විහිදපු කොණ්ඩෙ වගේ උඩින් ඝන පටු වතුර පාර පහළට එන්න එන්න තුනි පළල් දිය පතුරු, දිය රැල් වලට බෙදිල යනව. නිරුවත් කළුගල් නළල ගොඩාක් පළල් වගේම උස හින්දත්, ඒ කාලෙ තදට පායන ජූලි හරි අගෝස්තුවක් හරි හින්දත්, ලංකාවේ දියඇලි ලැයිස්තුවෙ උසින් තුන්වෙනි තැන ඉන්න දියළුම දියඇලි කොමලියගේ එච්චර කොමලයක් මට පෙණුනේ නෑ. දියඇල්ල පටන් ගන්න තැනට පොඩ්ඩක් වමට වෙන්න ගලිවර්ගෙ අඟුටු මිට්ටො වගේ කිහිප දෙනෙක් ඇවිදිනව මට පෙනුන. ඒ උඩ දියළුම බලන්න ගිය සංචාරකයන්.

මම හිතන් හිටියෙ දියළුම ඇල්ලෙත් රාවණා ඇල්ලෙන් වගේම ලොකු දිය කඳක් ඊට වැඩිය සෑහෙන උසකින් තනිකෙලින් පහළට කඩාවැටෙනව ඇති කියල. ටික වෙලාවක් ඇල්ල දිහා බලන් ඉඳල, මම ෆෝන් එකෙන් ෆොටෝ තුන හතරකුත් ගත්ත. එහා පැත්තේ වෑන් එකකින් ඇවිල්ල හිටපු කට්ටියක් ඇල්ලෙන් නාන්න ගියා. සැරෙන සැරේ කාර් දෙක තුනකිනුත් කට්ටිය ආව ඇල්ල බලන්නයි සමහරු එතනින් නාන්නයි. මෝටර්බයික් දෙකකින් ආව තරුණ ජෝඩු දෙකක්, තුවා කරේදාගෙන ඇල්ල කිට්ටුවට ගියා. අව්ව සැරයි. විනාඩි පහළොවකට විතර පස්සෙ ඇල්ල දිහා බලන් හිටිය ඇති කියල මට හිතුණ.

රාවණ ඇල්ලෙ වතුර වැඩියි. දියළුම ඇල්ලෙ වතුර මදි. සොබාදහමත් අපි වගේම තමා කවදාවත් පරිපූර්ණ නෑ. ජීවිතේ ගෙවන හැම දවසකම කලින් දවසට වඩා දෙයක් ඉගෙන ගන්න පරිපූර්ණත්වය කිට්ටුවට එන්න අපි හැමවෙලාවෙම උත්සාහ කරන්න ඕනෑ. හැබැයි අපි පරිපූර්ණත්වය හැමවෙලාවෙම හැමදේකින්ම බලාපොරොත්තු උනොත් අපිට ජීවිතේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒක ලොකු ඛේදවාචකයක්. සසඳන්න තැනක් විදිහක් නැති නිසා පරිපූර්ණත්වය නිර්වචනයෙන්ම ලබාගන්න බැරිදෙයක්. අපි හැමතිස්සෙම අපේ සතුට තෘප්තිය නැති කරන අපිම හදාගත්තු අතාර්කික මිණුම් දඬු සහ සංසන්දන ගැන නිතරම අවදානයෙන් ඉන්න ඕනෙ. වේගෙන් වාහන යන පාරක එක පැත්තක ඉඳන් අනිත් පැත්තට යද්දි අපේ තියෙන අවධානය, දළ බැවුමක් ළඟින් පටු පාරක වාහනයක් පදවද්දි අපේ තියෙන අවධානය, බාහිර අනතුරක් නැතිවුනත් අපේ විතුවිලි සහ අපේක්ෂාවන් ගැනත් අපිට තියෙන්න ඕනෙ. මම විශ්වාස කරන විදිහට අපේ සතුට තෘප්තිය සැනසීම විනාශ කරන්න පුළුවන් ලොකුම අනතුරු ආපදා එන්නේ අපේ ඇතුළෙන් මිසක් එළියෙන් නෙවෙයි. පරිපූර්ණත්වයම විතරක් බලාපොරොත්තු උනොත්, දියළුම ඇල්ල, රාවණා ඇල්ල තියා, ඊට වඩා සියදාස් ගුණයකින් විශාල නයගරා, ඉගාසු වගේ මහා දිය ඇලි වලත් අපිට පේන්නෙ අඩු පාඩු විතරයි. සතුට තෘප්තිය හැමතිස්සෙම තියෙන්නෙ අපේ හිත් ඇතුළේ මිසක් එලියෙ නෙමෙයි.

[QUOTE="Jayashantha84, post: 26945783, member: 578721"] ඇඳුම් පුරෝපු කළු පාට ලොකු බැක්පැක් එක බරට බරේ එල්ලගෙන වැල්ලවාය බස් ස්ටෑන්ඩ් එක මැද්දෙන් මම දහපාරකට වඩා එහාටයි මෙහාටයි ගියා. කොකෙක් වගේ හැම පැත්තටම බෙල්ල දික් කර කර මම හෙව්වේ බෙරගල හරහා බණ්ඩාරවෙලට යන බස් එක කොහෙද නවත්තල තියෙන්නෙ කියල. දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවත් කවුරුත් හරියට ඒ බස් එක එන යන වෙලාවක් දන්න පාටක් නම් පෙනුනේ නෑ.ලා දුඹුරුපාට කාගෝ ෂෝර්ට්ස් එකට උඩින් තද නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳල පැස්ටල් නිල්පාට සුදු අඩියක් තිබ්බ slip on කැන්වස් සපත්තු දෙකක් දාලා බස් ස්ටෑන්ඩ් එකේ බඹර චක්කරයක් වගේ එහාටයි මෙහාටයි කැරකෙන මාව මිනිස්සුන්ට මාව කොහොම පෙනෙන්න ඇද්ද කියල මම මේ දැනුත් කල්පනා කරනව. බස් එක එනකම් කියල ඊට පස්සෙ මම බස් ස්ටෑන්ඩ් එකේ මැද හරියෙ එක අයිනක තිබ්බ කෙටි තාප්පෙට හේත්තුවෙලා මාරුවෙන් මාරුවට මිනිස්සු දිහයි බස් දිහයි මගේ අළුත් NaviForce අත් ඔරලෝසුව දිහයි බල බලා හිටිය. මම වැල්ලවායට ඇවිත් දැන් පැය භාගෙකටත් වැඩියි. බස් එකක් තාමත් නෑ. දැන් මගෙ ඔළුව යකාගේ කම්මල වගේ. මේ මම වැල්ලවායට ආපු පළවෙනි වතාව. මම ආවේ ඇල්ලෙ ඉඳන්, යන්න යන්නේ දියළුම ඇල්ලත් බලාගෙන බණ්ඩාරවෙලට. දන්න කියන කවුරුත් නෑ. පණ්ඩිතකමට තනියම ට්‍රිප් එනවට මට හොඳ පාඩම. දැන් මම මටම බනිනව. මම දිහා උවමනාවෙන් බලනව වගේ පේන හැම මනුස්සයෙක්ම දිහාම මම බැලුවේ සැකෙන් තරහෙන් මංකොල්ලකාරයෙක් දිහා බලනව වගේ. පව් ඒ මිනිස්සු. මගේ තරහ තිබ්බේ මං එක්ක මිසක් ඒ කවුරුත් එක්ක නෙමෙයි. මම මටම බැන බැන ඉන්න අතරේ රතුපාට ලඩි ටාටා බස් එකක් ඇවිත් නැවැත්තුවා මම දැක්ක මට ටිකක් එහා පැත්තෙන් පිටිපස්සට වෙන්න. කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙල කියල බෝඩ් එකේ දැක්කාම මගේ ඉහේ මලක් පිපුණ වගේ. බැක්පැක් එකත් පිටිපස්සෙන් එල්ලගෙන මම හයියෙන් හයියෙන් ඇවිදගෙන ගිහින් බස් එකට නැග්ග ඉස්සරහින්. ඩ්‍රයිවර්ගෙ පිටිපස්සෙන් තියෙන සීට් පේළියෙ දෙවෙනි එකේ ජනේලෙ ළඟ සීට් එකේ ඉඳගෙන විදුරුවත් ඔට්ටුවෙලා ඇරගත්ත. බැක්පැක් එක මගෙ ඔඩොක්කුවෙන් තියාගත්ත. දැන් ඉතින් බස් එක යන්න පටන් ගන්නකම් ඉවසිල්ලක් නැහැ. මම විනාඩි විස්සක් ඇතුළෙ පහළොස් වතාවකට වඩා මම බැඳගෙන හිටපු තද දුඹුරු පාට පටියක් තියෙන කළු පාට මූණතේ සුදු පාටින් රෝම ඉලක්කම් තියෙන ඔරලෝසුව දිහා බැලුව. අන්තිමට බස් එක හිමින් හිමින් පිටත් වුණා. මට එහා පැත්තෙ වාඩිවෙලා හිටපු අම්ම අවුරුදු 60ක් 65ක් විතර වයස, කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම ඉදුනු කෙට්ටු මිටි මස් නැති රැලි වැටුණු දිග මූණක් තියෙන සුදුපාට හැට්ටයක් ඇඳල හිටපු කෙනෙක්. ඒ අම්ම ඇඳල හිටියෙ සුදු පාට හැට්ටයක්. මම මට දියළුම ඇල්ල බලන්න බහින්න ඕනෙ තැන කියන්න කිව්වම, අපි පොඩි කතාවකට වැටුන. ඒ අම්මගේ ගෙවල් තියෙන්නෙ දියළුම ඇල්ල කිට්ටුවම කොස්ලන්දෙ. ජීවිකාව ගම්මිරිස් ගොවිතැන. ඉස්කෝලෙ යන කාලේ මට මතකයි මගෙ ප්‍රගති වාර්තා පොතේ පියාගේ වෘත්තිය විදිහට දාලා තිබ්බේ ගොවිතැන. අප්පච්චි බලාගත්ත පන්සල්වත්තේ තිබ්බ නිතරම ලෙඩ හැදිච්චි බුලත් කොටු දෙක තුනකුයි මහපාලමට එහාපැත්තේ පියසිං මාමගේ ඉඩමට එහාපැත්තෙ සියඹලගහපැලැස්සේ අපේ කුඹුරු කෑලි දෙක තුනකුයි ඇරෙන්න, අප්පච්චි වෘත්තියක් විදිහට ගොවිතැන් කළේ නෑ. ගෙදර වියදමට සල්ලි හොයාගත්තෙ අප්පච්චි මේසන් වැඩවලට අත්වැඩ දීලා. ඒක අයිතිවෙන්නෙ කුලී වැඩ කියන වෘත්තියට. ඒත් අපේ ඉස්කෝලෙට සම්බන්ධ කිසිම ලියමනක කුලී වැඩ කියල නම් ලියන්න දුන්නෙ නෑ අම්මවත් අප්පච්චිවත්. හැබැයි මේ අම්මල තාත්තල දරුවො ඇත්තටම ගොවිතැන් කරන අය. මම කොස්ලන්දට ටිකට් එකක් ගත්ත. වැල්ලවාය ඉඳන් කොස්ලන්දට යන පාර දෙපැත්තම කැලෑව. කිලෝමීටර් තුන හතරක් ටවුන් එකෙන් එහාට ගියාට පස්සේ කඩයක් ගෙයක් දැක්කෙම නැති තරම්. ගස් කොළන් තිබ්බට හරිම කර්කශ පරිසරයක්. සර්පයෙක් බඩගානව වගේ වංගු වංගු තාර පාරෙ තාර ගෙවිල ගල් පෑදිලා තිබ්බේ කරත්තයක් අදින නාකි හරකෙක්ගේ ඉලඇට පෑදිලා තියෙනව වගේ. ඒ පාර අමාරු පාරක් වගේ මට පෙනුනට, කොණ්ඩෙ ඉදුණු වයසක ඩ්‍රයිවර් නම් බස් එක එලෙව්වෙ කජුකනව වගේ. ඉංග්‍රීසියෙන් ‘old hand’ කියන්නෙ එහෙම කෙනෙක්ට වෙන්න ඕනෙ. පාර ටිකක් පටු වුනාට ට්‍රැෆික් නම් තිබ්බෙ නෑ වාහන ගොඩක් ඒ පාරෙ ගියෙ නැති හින්ද. දියළුම ඇල්ල ගාවින් නවත්වපු බස් එකෙන් මම බැක්පැක් එකත් කරේ එල්ලගන්න ගමන් ඉක්මනට බැහැගත්ත. බස් එක මාව දාල ගමනෙ ඉතුරු කොටස පටන් ගත්ත. එතන ලොකු වංගුවක්. කොස්ලන්ද හෝල්ට් එක තව ටිකක් ඉස්සරහට වෙන්න තියෙන්නෙ. දියළුම ඇල්ල කඩාහැලෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ විශාල නළලක් වගේ තියෙන කළුගල් මූණත දිගේ ගෑවි ගෑවි, හැප්පි හැප්පි, කැඩි කැඩී, ටිකක් දුරින් බිම ඉඳන් බලද්දි පේන විදිහට නාන ගෑණු කෙනෙක්ගේ හොඳට වැවුනු කොණ්ඩයකට වඩා පළල නැති දිය කඳ අඩි 720ක් පහළට කඩාවැටෙනව. දිග ඇරල විහිදපු කොණ්ඩෙ වගේ උඩින් ඝන පටු වතුර පාර පහළට එන්න එන්න තුනි පළල් දිය පතුරු, දිය රැල් වලට බෙදිල යනව. නිරුවත් කළුගල් නළල ගොඩාක් පළල් වගේම උස හින්දත්, ඒ කාලෙ තදට පායන ජූලි හරි අගෝස්තුවක් හරි හින්දත්, ලංකාවේ දියඇලි ලැයිස්තුවෙ උසින් තුන්වෙනි තැන ඉන්න දියළුම දියඇලි කොමලියගේ එච්චර කොමලයක් මට පෙණුනේ නෑ. දියඇල්ල පටන් ගන්න තැනට පොඩ්ඩක් වමට වෙන්න ගලිවර්ගෙ අඟුටු මිට්ටො වගේ කිහිප දෙනෙක් ඇවිදිනව මට පෙනුන. ඒ උඩ දියළුම බලන්න ගිය සංචාරකයන්. මම හිතන් හිටියෙ දියළුම ඇල්ලෙත් රාවණා ඇල්ලෙන් වගේම ලොකු දිය කඳක් ඊට වැඩිය සෑහෙන උසකින් තනිකෙලින් පහළට කඩාවැටෙනව ඇති කියල. ටික වෙලාවක් ඇල්ල දිහා බලන් ඉඳල, මම ෆෝන් එකෙන් ෆොටෝ තුන හතරකුත් ගත්ත. එහා පැත්තේ වෑන් එකකින් ඇවිල්ල හිටපු කට්ටියක් ඇල්ලෙන් නාන්න ගියා. සැරෙන සැරේ කාර් දෙක තුනකිනුත් කට්ටිය ආව ඇල්ල බලන්නයි සමහරු එතනින් නාන්නයි. මෝටර්බයික් දෙකකින් ආව තරුණ ජෝඩු දෙකක්, තුවා කරේදාගෙන ඇල්ල කිට්ටුවට ගියා. අව්ව සැරයි. විනාඩි පහළොවකට විතර පස්සෙ ඇල්ල දිහා බලන් හිටිය ඇති කියල මට හිතුණ. රාවණ ඇල්ලෙ වතුර වැඩියි. දියළුම ඇල්ලෙ වතුර මදි. සොබාදහමත් අපි වගේම තමා කවදාවත් පරිපූර්ණ නෑ. ජීවිතේ ගෙවන හැම දවසකම කලින් දවසට වඩා දෙයක් ඉගෙන ගන්න පරිපූර්ණත්වය කිට්ටුවට එන්න අපි හැමවෙලාවෙම උත්සාහ කරන්න ඕනෑ. හැබැයි අපි පරිපූර්ණත්වය හැමවෙලාවෙම හැමදේකින්ම බලාපොරොත්තු උනොත් අපිට ජීවිතේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒක ලොකු ඛේදවාචකයක්. සසඳන්න තැනක් විදිහක් නැති නිසා පරිපූර්ණත්වය නිර්වචනයෙන්ම ලබාගන්න බැරිදෙයක්. අපි හැමතිස්සෙම අපේ සතුට තෘප්තිය නැති කරන අපිම හදාගත්තු අතාර්කික මිණුම් දඬු සහ සංසන්දන ගැන නිතරම අවදානයෙන් ඉන්න ඕනෙ. වේගෙන් වාහන යන පාරක එක පැත්තක ඉඳන් අනිත් පැත්තට යද්දි අපේ තියෙන අවධානය, දළ බැවුමක් ළඟින් පටු පාරක වාහනයක් පදවද්දි අපේ තියෙන අවධානය, බාහිර අනතුරක් නැතිවුනත් අපේ විතුවිලි සහ අපේක්ෂාවන් ගැනත් අපිට තියෙන්න ඕනෙ. මම විශ්වාස කරන විදිහට අපේ සතුට තෘප්තිය සැනසීම විනාශ කරන්න පුළුවන් ලොකුම අනතුරු ආපදා එන්නේ අපේ ඇතුළෙන් මිසක් එළියෙන් නෙවෙයි. පරිපූර්ණත්වයම විතරක් බලාපොරොත්තු උනොත්, දියළුම ඇල්ල, රාවණා ඇල්ල තියා, ඊට වඩා සියදාස් ගුණයකින් විශාල නයගරා, ඉගාසු වගේ මහා දිය ඇලි වලත් අපිට පේන්නෙ අඩු පාඩු විතරයි. සතුට තෘප්තිය හැමතිස්සෙම තියෙන්නෙ අපේ හිත් ඇතුළේ මිසක් එලියෙ නෙමෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom