Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙලට - Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙලට - Part 2

දැන් වෙලාව 12 ටත් කිට්ටුයි. මම ගියා ඇල්ල ඉස්සරහම වගේ පාරෙන් අනිත් පැත්තෙ තිබ්බ පොඩි තේ කඩේට. බැක්පැක් එක එක පුටුවක් උඩ තියල, මම අයිනක් තිබ්බ ටැප් එකකින් අත් දෙක හෝදගෙන වාඩිවෙලා shorteats මොනව හරි ගේන්න කිව්ව. ඒ shorteats පිඟානෙන් රෝල්ස් දෙකකුයි, තව පැණි ආප්පෙකුයි කාල ඒක හේදිල යන්න ප්ලේන්ටියකුත් බිව්ව. ටිපිටිප් තිබ්බ හින්ද ටිපිටිප් පැකට් එකකුත් ගත්ත. දේශිය හුළං පැකට් එකකට ටිපිටිප් වගයක් දාල තිබ්බ. කඩේ හිටපු ගෑණු කෙනාගෙන් අහපුවාම කිව්වෙ බස් එකක් පැය කාලකින් විතර එයි කියල.

මම කඩේ ඉස්සරහ බංකුවක් වගේ හදල තිබ්බ ටිකක් උස ලී කොටේ උඩ ඉඳගෙන, බැක්පැක් එක ඔඩොක්කුවෙ තියාගෙන, ටිපිටිප් පැකට් එක ඉරල, එක එක අරගෙන හිමින් හිමින් කෑව, කකුල් දෙකත් පද්ද පද්ද. විනාඩි 10කට විතර පස්සෙ බස් එකක් ඇවිත් නැවැත්තුව. බණ්ඩාරවෙලට යන්නෑ හැබැයි බෙරගලින් බහින්න පුළුවන් කිව්ව. බෙරගල ප්‍රධාන හන්දියක් වෙන්න ඇති එතනින් ලේසියෙන්ම බණ්ඩාරවෙලට යන්න පුළුවන් ඇති කියල, මගේ ඝනකම් ඔළුකටුවට නිකමටවත් තේරුණේ නෑ. ඒ හින්ද ඒ බස් එකත් යන්න ඇරල බණ්ඩාරවෙලට යන බස් එකක්ම එනකල් බලාගෙන හිටිය. ඔය අතරෙ වැල්ලවායට යන බස් දෙකකුත් ඔතනින් ගියා. මට දැන් බලන් ඉඳලම එපා වෙලා. දියළුම ඇල්ල කියල ඔච්චර වෙලා ඒක දිහා බලන් ඉන්න පුළුවන්ද? බැරිම උනොත් අන්තිම විකල්පය තමා ආපහු වැල්ලවායට ගිහින් ඇල්ලට ගිහින් එහෙන් බණ්ඩාරවෙලට යන එක. ටිකක් හවස්වුනත් ඒ පාරෙ බස් තියෙනව කියල තම මගේ ඇල්ලෙ හොස්ට් මට කියල තිබ්බේ. එහාපැත්තෙ ice-cream වෙළෙන්ඳෙක්. මම එතනට ගිහිල්ල චොකලට් ice-cream බාර් එකක් ගත්තා. භාගයක් කාපු ටිපි ටිප් පැකට් එක බැක්පැක් එකට දාගෙන, දැන් මම ice-cream එක කනව බස් එකක් එනකම්.

Ice-cream වෙළෙන්ඳගෙන් අහපුවාම කිව්වෙ අනිත් බස් නම් අද නෑ වගේ එකයි කාලේ බස් එක නම් අනිවාර්යයෙන්ම එනව කියල. දැන් ඉතින් එකටත් කිට්ටුයි. තව විනාඩි 15ක් 20ක් ඉන්න එක ඉතින් එච්චර දෙයක් නෙමෙයි. ඒ වෙලාව ice-cream කන්න නම් කියාපු වෙලාව. 1.20 වගේ වෙද්දි බස් එක ඇවිත් නැවැත්තුව. බැක්පැක් එක කරේ එල්ලගන්න ගමන්ම මම බස් එකේ පිටිපස්සෙ දොරෙන් නැගගත්ත. බස් එකේ මැද හරියට වෙන්න වම් පැත්තෙ තිබ්බ සීට් එකක ජනේලෙ ළඟින් ඉඳගත්ත. ඒකත් රතුපාට ටාටා බස් එකක් හැබැයි අළුත්. බස් එකේ මිනිස්සු හිටියෙ සීට් ගාණටත් අඩුවෙන්. මම තාමත් දන්නේ මේ පාර මොන වගේද කියල.

බස් එක ගමන පටන්ගත්ත. මම බණ්ඩාරවෙලට ටිකට් එකක් ගත්ත. කොස්ලන්දෙදි, බස් එක පැය කාලක් විතර නවත්තගෙන හිටිය. එතන ටිකක් ලොකු කෝවිලක්. ලවුඩ්ස්පීකර් දාලා හරි සද්දෙට දෙමළ බැති ගී ඇහුණ. මිනිස්සු කිහිප දෙනෙක් ඒ හරියෙදි බස් එකෙන් බැස්ස. දහ පාළොස් දෙනෙක් බස් එකට නැග්ගා. බස් එක ආයෙත් ගමනේ. දැන් ටික ටික වේලිච්චි කොළ පාට වෙනුවට ජනේලෙන් එහා පැත්තේ තෙත කොළ පාට ගස් කොලන් පේන්න ගත්ත. තැන් තැන් වලින් අඩි සිය ගණන් ගැඹුරු හෙල මතු වුනා. හෙලට එහායින් ලොකු කන්දක් බස් එකට සමාන්තරව හෙල පල්ල බලාගෙන හිටිය. කන්ද පටන් ගත්තේ කොහෙන්ද ඉවර වුනේ කොහෙන්ද කියල මම දන්නෙ නෑ. පාර අයින දිගට තැන් තැන් වල ලස්සන අමුතු අමුතු මල් ජාති පිපිල තිබුණ. බස් එක හයියෙන් ගිය හින්ද මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා. තවත් ටික වෙලවකට පස්සෙ මට මේ කොළම කොළ පාට වටපිටාව picture postcard එකක් වගේ පෙණුනේ. කඳු හෙල් මැද්දෙන් වැටුණු පාරෙ ලස්සන ආරෝහණ පිළිවෙලට වැඩිවුණා.

බෙරගල ඉඳන් හපුතලේට යන පාර වචන වලින් කියන්න බැරිතරම් මනරම් අයස්කාන්ත දර්ශන වලින් පිරිල. ඒක වෙනම ලෝකයක් වගේ පේන්නෙ. ලංකාව මොනතරම් ලස්සන රටක්ද කියල බලන්නම් මේ පාරේ එක සැරයක් ගිහින් බලන්න කියලයි මම කියන්නේ. සතියකට දෙපාරක් කොළඹ කුලියාපිටිය අතරෙ බස් එකෙන් හරි කලතුරකින් නාත්තන්ඩියෙ ඉඳන් කෝච්චියෙන් හරි යන මට මේ බෙරගල හපුතලේ පාර පෙණුනේ දිව්‍යලෝකෙ වගේ. ඇත්ත වෙන්න බැරි තරම් සොඳුරුයි ඒ පරිසරය. වරා මල් වගේ පාවෙන තුනී මීදුම් පටලයකින් මුළු පැත්තම වැහිල තිබුණේ. වම් පැත්තේ කන්ද. දකුණු පැත්තේ දිගටම වගේ හෙල. මම ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දික් කර කර බැලුවට වම් පැත්තෙ මම හිටපු සීට් එකට පේන්නෙ නැති තරම් හෙල ගැඹුරුයි. වම් පැත්තෙ අතරින් පතර තේවතු උඩට උඩට වවල තිබ්බ. මම ජර්සියක් ඇඳල හිටියෙත් නැති හින්ද, සීතල ඇට මිදුළු වලටම දැණුන.

මට බස් එකෙන් බැහැල ගිහින් පාර පැනල එහා පැත්තට ගිහින් එක සැරයක් එබිල බලන්න තිබ්බ නම්! ඒත් ඒක ඒ වෙලාවේ මට අයිතියක් නැති වරප්‍රසාදයක්. ඉෂ්ඨ කරගන්න බැරි ආශාවක්. ඒ මනස්කාන්ත දර්ශනය මට දිගටම අත වැනුව. හීනි මීදුම අතරින්ම පොද වැස්සක් පටන් අරන් ටික වෙලාවකින් තදට වහින්න ගත්ත හපුතලේට එන්න ටිකක් කලින්. ඒ හරියේ වැස්සත් හරිම සුන්දරයි. තේ ගස්වල පාර ළඟින්ම තිබ්බ තේ කොළ උඩට වැටුණු වැහි බිංදු වලට තව ටිකක් ළංවෙලා බලන්න පුළුවන් උනා නම් ඒ හැම බිංදුවක් ඇතුළෙම අපි ගිය බස් එකත් ඇදේට පෙනෙයි. බස් එකේ windscreen එකට වැටුණු ලොකු වැහි බිංදු වයිපර් එකේ වැදිල බිඳිල යනකම් කඳුළු බිංදු වගේ මට පෙණුනෙ. මට බිම් සළකුණු නම් දැන් අමතකයි. ඒත් එච්චර ලස්සන පාරක මම ඊට කලින් ගිහින් තිබ්බෙත් නෑ, ඊට පස්සෙ යන්න හම්බුනෙත් නෑ.

අපි හපුතලේ ටවුම පහු කරනකොට වැස්ස තුරල් කරල, ඉර එළිය ලාවට වැස්ස අතරින් පෙරිල ආවා. දියතලාව පැත්තෙ නම් හරිම අහීමාන ගුප්ත ගතියක් ඒ හවස් වෙලාවෙ තිබ්බෙ. ඒ වෙලාවෙ හතරට විතර ඇති. පාරට බෑවුම් වුණු ඝන පයින් කැළෑව අතරින් මද්දහනෙවත් ඉර එළිය වැටෙයි කියල කියන්න අමාරුයි. නිවාඩුවක් ගත කරන්න මට නම් ඒ හරිය පාළු වැඩියි.

ඊට පැය කාලකට විතර පස්සෙ මම බණ්ඩාරවෙලින් බැහැගත්ත.

[QUOTE="Jayashantha84, post: 26945787, member: 578721"] [HEADING=2][SIZE=7]කොස්ලන්ද බෙරගල හරහා බණ්ඩාරවෙලට - Part 2[/SIZE][/HEADING] දැන් වෙලාව 12 ටත් කිට්ටුයි. මම ගියා ඇල්ල ඉස්සරහම වගේ පාරෙන් අනිත් පැත්තෙ තිබ්බ පොඩි තේ කඩේට. බැක්පැක් එක එක පුටුවක් උඩ තියල, මම අයිනක් තිබ්බ ටැප් එකකින් අත් දෙක හෝදගෙන වාඩිවෙලා shorteats මොනව හරි ගේන්න කිව්ව. ඒ shorteats පිඟානෙන් රෝල්ස් දෙකකුයි, තව පැණි ආප්පෙකුයි කාල ඒක හේදිල යන්න ප්ලේන්ටියකුත් බිව්ව. ටිපිටිප් තිබ්බ හින්ද ටිපිටිප් පැකට් එකකුත් ගත්ත. දේශිය හුළං පැකට් එකකට ටිපිටිප් වගයක් දාල තිබ්බ. කඩේ හිටපු ගෑණු කෙනාගෙන් අහපුවාම කිව්වෙ බස් එකක් පැය කාලකින් විතර එයි කියල. මම කඩේ ඉස්සරහ බංකුවක් වගේ හදල තිබ්බ ටිකක් උස ලී කොටේ උඩ ඉඳගෙන, බැක්පැක් එක ඔඩොක්කුවෙ තියාගෙන, ටිපිටිප් පැකට් එක ඉරල, එක එක අරගෙන හිමින් හිමින් කෑව, කකුල් දෙකත් පද්ද පද්ද. විනාඩි 10කට විතර පස්සෙ බස් එකක් ඇවිත් නැවැත්තුව. බණ්ඩාරවෙලට යන්නෑ හැබැයි බෙරගලින් බහින්න පුළුවන් කිව්ව. බෙරගල ප්‍රධාන හන්දියක් වෙන්න ඇති එතනින් ලේසියෙන්ම බණ්ඩාරවෙලට යන්න පුළුවන් ඇති කියල, මගේ ඝනකම් ඔළුකටුවට නිකමටවත් තේරුණේ නෑ. ඒ හින්ද ඒ බස් එකත් යන්න ඇරල බණ්ඩාරවෙලට යන බස් එකක්ම එනකල් බලාගෙන හිටිය. ඔය අතරෙ වැල්ලවායට යන බස් දෙකකුත් ඔතනින් ගියා. මට දැන් බලන් ඉඳලම එපා වෙලා. දියළුම ඇල්ල කියල ඔච්චර වෙලා ඒක දිහා බලන් ඉන්න පුළුවන්ද? බැරිම උනොත් අන්තිම විකල්පය තමා ආපහු වැල්ලවායට ගිහින් ඇල්ලට ගිහින් එහෙන් බණ්ඩාරවෙලට යන එක. ටිකක් හවස්වුනත් ඒ පාරෙ බස් තියෙනව කියල තම මගේ ඇල්ලෙ හොස්ට් මට කියල තිබ්බේ. එහාපැත්තෙ ice-cream වෙළෙන්ඳෙක්. මම එතනට ගිහිල්ල චොකලට් ice-cream බාර් එකක් ගත්තා. භාගයක් කාපු ටිපි ටිප් පැකට් එක බැක්පැක් එකට දාගෙන, දැන් මම ice-cream එක කනව බස් එකක් එනකම්. Ice-cream වෙළෙන්ඳගෙන් අහපුවාම කිව්වෙ අනිත් බස් නම් අද නෑ වගේ එකයි කාලේ බස් එක නම් අනිවාර්යයෙන්ම එනව කියල. දැන් ඉතින් එකටත් කිට්ටුයි. තව විනාඩි 15ක් 20ක් ඉන්න එක ඉතින් එච්චර දෙයක් නෙමෙයි. ඒ වෙලාව ice-cream කන්න නම් කියාපු වෙලාව. 1.20 වගේ වෙද්දි බස් එක ඇවිත් නැවැත්තුව. බැක්පැක් එක කරේ එල්ලගන්න ගමන්ම මම බස් එකේ පිටිපස්සෙ දොරෙන් නැගගත්ත. බස් එකේ මැද හරියට වෙන්න වම් පැත්තෙ තිබ්බ සීට් එකක ජනේලෙ ළඟින් ඉඳගත්ත. ඒකත් රතුපාට ටාටා බස් එකක් හැබැයි අළුත්. බස් එකේ මිනිස්සු හිටියෙ සීට් ගාණටත් අඩුවෙන්. මම තාමත් දන්නේ මේ පාර මොන වගේද කියල. බස් එක ගමන පටන්ගත්ත. මම බණ්ඩාරවෙලට ටිකට් එකක් ගත්ත. කොස්ලන්දෙදි, බස් එක පැය කාලක් විතර නවත්තගෙන හිටිය. එතන ටිකක් ලොකු කෝවිලක්. ලවුඩ්ස්පීකර් දාලා හරි සද්දෙට දෙමළ බැති ගී ඇහුණ. මිනිස්සු කිහිප දෙනෙක් ඒ හරියෙදි බස් එකෙන් බැස්ස. දහ පාළොස් දෙනෙක් බස් එකට නැග්ගා. බස් එක ආයෙත් ගමනේ. දැන් ටික ටික වේලිච්චි කොළ පාට වෙනුවට ජනේලෙන් එහා පැත්තේ තෙත කොළ පාට ගස් කොලන් පේන්න ගත්ත. තැන් තැන් වලින් අඩි සිය ගණන් ගැඹුරු හෙල මතු වුනා. හෙලට එහායින් ලොකු කන්දක් බස් එකට සමාන්තරව හෙල පල්ල බලාගෙන හිටිය. කන්ද පටන් ගත්තේ කොහෙන්ද ඉවර වුනේ කොහෙන්ද කියල මම දන්නෙ නෑ. පාර අයින දිගට තැන් තැන් වල ලස්සන අමුතු අමුතු මල් ජාති පිපිල තිබුණ. බස් එක හයියෙන් ගිය හින්ද මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා. තවත් ටික වෙලවකට පස්සෙ මට මේ කොළම කොළ පාට වටපිටාව picture postcard එකක් වගේ පෙණුනේ. කඳු හෙල් මැද්දෙන් වැටුණු පාරෙ ලස්සන ආරෝහණ පිළිවෙලට වැඩිවුණා. බෙරගල ඉඳන් හපුතලේට යන පාර වචන වලින් කියන්න බැරිතරම් මනරම් අයස්කාන්ත දර්ශන වලින් පිරිල. ඒක වෙනම ලෝකයක් වගේ පේන්නෙ. ලංකාව මොනතරම් ලස්සන රටක්ද කියල බලන්නම් මේ පාරේ එක සැරයක් ගිහින් බලන්න කියලයි මම කියන්නේ. සතියකට දෙපාරක් කොළඹ කුලියාපිටිය අතරෙ බස් එකෙන් හරි කලතුරකින් නාත්තන්ඩියෙ ඉඳන් කෝච්චියෙන් හරි යන මට මේ බෙරගල හපුතලේ පාර පෙණුනේ දිව්‍යලෝකෙ වගේ. ඇත්ත වෙන්න බැරි තරම් සොඳුරුයි ඒ පරිසරය. වරා මල් වගේ පාවෙන තුනී මීදුම් පටලයකින් මුළු පැත්තම වැහිල තිබුණේ. වම් පැත්තේ කන්ද. දකුණු පැත්තේ දිගටම වගේ හෙල. මම ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දික් කර කර බැලුවට වම් පැත්තෙ මම හිටපු සීට් එකට පේන්නෙ නැති තරම් හෙල ගැඹුරුයි. වම් පැත්තෙ අතරින් පතර තේවතු උඩට උඩට වවල තිබ්බ. මම ජර්සියක් ඇඳල හිටියෙත් නැති හින්ද, සීතල ඇට මිදුළු වලටම දැණුන. මට බස් එකෙන් බැහැල ගිහින් පාර පැනල එහා පැත්තට ගිහින් එක සැරයක් එබිල බලන්න තිබ්බ නම්! ඒත් ඒක ඒ වෙලාවේ මට අයිතියක් නැති වරප්‍රසාදයක්. ඉෂ්ඨ කරගන්න බැරි ආශාවක්. ඒ මනස්කාන්ත දර්ශනය මට දිගටම අත වැනුව. හීනි මීදුම අතරින්ම පොද වැස්සක් පටන් අරන් ටික වෙලාවකින් තදට වහින්න ගත්ත හපුතලේට එන්න ටිකක් කලින්. ඒ හරියේ වැස්සත් හරිම සුන්දරයි. තේ ගස්වල පාර ළඟින්ම තිබ්බ තේ කොළ උඩට වැටුණු වැහි බිංදු වලට තව ටිකක් ළංවෙලා බලන්න පුළුවන් උනා නම් ඒ හැම බිංදුවක් ඇතුළෙම අපි ගිය බස් එකත් ඇදේට පෙනෙයි. බස් එකේ windscreen එකට වැටුණු ලොකු වැහි බිංදු වයිපර් එකේ වැදිල බිඳිල යනකම් කඳුළු බිංදු වගේ මට පෙණුනෙ. මට බිම් සළකුණු නම් දැන් අමතකයි. ඒත් එච්චර ලස්සන පාරක මම ඊට කලින් ගිහින් තිබ්බෙත් නෑ, ඊට පස්සෙ යන්න හම්බුනෙත් නෑ. අපි හපුතලේ ටවුම පහු කරනකොට වැස්ස තුරල් කරල, ඉර එළිය ලාවට වැස්ස අතරින් පෙරිල ආවා. දියතලාව පැත්තෙ නම් හරිම අහීමාන ගුප්ත ගතියක් ඒ හවස් වෙලාවෙ තිබ්බෙ. ඒ වෙලාවෙ හතරට විතර ඇති. පාරට බෑවුම් වුණු ඝන පයින් කැළෑව අතරින් මද්දහනෙවත් ඉර එළිය වැටෙයි කියල කියන්න අමාරුයි. නිවාඩුවක් ගත කරන්න මට නම් ඒ හරිය පාළු වැඩියි. ඊට පැය කාලකට විතර පස්සෙ මම බණ්ඩාරවෙලින් බැහැගත්ත. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom