කොස් ගෙඩියක් කඩාගත් මවට පුතාගෙන් දරුණු ප්‍රහාරයක්.....adu kule sinhalu

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොස් ගෙඩියක් කඩාගත් මවට පුතාගෙන් දරුණු ප්‍රහාරයක්


    මොනරාගල, දොඹගහවෙල පොලිස් බලප්‍රදේශයට අයත් හෙරලි ගස්යාය ප්‍රදේශයේ දී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් මවට ඇගේ බාල පුත්‍රයා විසින් අමානුෂික ලෙස පහර දී තිබේ.

    පහරදීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මේ වනවිට අදාළ මව ව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
    පහරදීම සිදුකළ සැකකාර පුත්‍රයා මේ වන විට ඔහුගේ බිරිඳ සහ දරුවාද සමඟින් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුට මව සහ පියා විසින් ඉදිකළ නිවස සහ ඉඩම ද ලබා දී තිබේ.

    ඒ අනුව මව්පියන් කුඩා නිවසක් ඉදිකර ගෙන එම වෙන්ව ජීවත්ව ඇත.
    රාත්‍රි ආහාරය වෙනුවෙන් ඉඩම ආසන්නයේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගැනීමට උරණ වූ මෙම පුත්‍රයා විසින් මවට විදුලි පන්දමකින් පහර දී තිබේ.
    පහරකෑමට ලක්වූ මවට දරුවන් තිදෙනෙකු සිටින අතර පහරදුන් පුත්‍රයාට ද දරුවෙක් සිටින බව අප වාර්තාකරු පැවසීය.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
     

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    හෙරලි ගස් යායක් තියෙන ගමේ, මූ එක ගෙඩියකට අම්මට ගහල.නෙදකින් විතරක්
     
    • Sad
    Reactions: ruchira55

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,995
    113
    Colombo
    ඉස්කෝල වල පාඩමම විතරක් කියල දෙන එකේ විපාක තමයි කුකුලො මෙව්වා.
    සාරධර්ම කියල නාමයක් නෑ දැන් හැදෙන උන්ට.