කොහොම ද උන්ගෙ ප්ලෑන

SaNI Je

Member
Nov 19, 2009
47
8
0
කොහොම ද උන්ගෙ ප්ලෑන

බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ශ‍්‍රී ලංකාව අස්ථාවර කිරීම සඳහා දියත් කළ කුමන්ත‍්‍රණයක සුලමුල හෙලි කිරීමට අද අපට හැකි ය.
ඇත්තටම ඔවුන් මුලින්ම කර තිබෙන්නේ රජයේ ඉහළ තැන්වලට සරත් ෆොන්සේකා ගැන කේලම් කීම ය. එයින් කිපුනු සමහරු සරත් ෆොන්සේකාට යන තැනට වැඩ සැළැස්වූ විට කුමන්ත‍්‍රණයේ පළමු අධියර සාර්ථක විය.
දෙවැනි අදියර වී තිබුනේ තව අවුරු දු දෙකකින් පවත්වන ජනපතිවරණය කඩිමුඩියේ පවත්වන ලෙස ආණ්ඩුවට ලණුවක් දීමේ කටයුත්ත ය. කේන්දර කාරයින්ට අල්ලස් දී ඒ කටයුත්ත ද සාර්ථකව නිම කිරීම කුමන්ත‍්‍රණයේ දෙවැනි පියවර වූයේ ය. එයද කිරිගහට ඇන්නැහේ සාර්ථක විය.
තෙවැනි පියවර වූයේ ඒ වනවිටත් රජය සමග විරසක වූ ජනතා විමුක්ති පෙරමුණ රජය සමග නැවත නොපෑහෙන ලෙස තරහ කරවීම ය. ඒ සඳහා ඔවුන් අවස්ථාව ලබා ගත්තේ පැවැත්වූ පළාත් සභා මැතිවරණ ය. ආණ්ඩුවේ මැරයන් පොළඹවා ජවිපෙට අමතක නොවන ප‍්‍රහාරයක් දීමෙන් තෙවැනි පියවර ද සාර්ථකව නිම කර ගැනීමට ඔවුන්ට හැකි විය.
අවසාන පියවර වී තිබුනේඑජාපයේ නායකයාට තරග නොකරන්නට බලපෑම් කිරීමට ය. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ රාජ්‍ය මාධ්‍යයන් ය. චන්දයක් තියා රුපියල් සීයයක් ණයට ඉල්ලා ගැනීමටවත් නොහැකි වන ප‍්‍රතිරූපයක් රනිල් සම්බන්ධයෙන් ඇතිකරන්නට ඒඅය සමත්වූ නිසා රනිල් ඈත තියාම තරගයෙන් කැමැත්තෙන්ම ඉල්ලා අස්විය. හතරවෙනි පියවර ද මෙසේ වැඩි කරදරයක් නැතිවම උන් සාර්ථක කර ගත්තෝය.
මෙසේ දියත් කරන ලද කුමන්ත‍්‍රණය මේ වන විට මසතක්ප‍්‍රාප්තියට පත්ව තිබේ.
දැන් ඉතින් දේශපේ‍්‍රමී කඳවුර බිඳ දමා ඉවර ය. සරත් එක පැත්තක ය. ජවිපෙ තව පැත්තක ය. ආණ්ඩුවට එදිරිව උන් දෙපොල එක් පැත්තක ය. ජනපතිවරණයෙන් කුමක් වුවත් අධිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත‍්‍රණය ජයග‍්‍රහණය කර තිබේ.
රට දැන් ඉන්නේද අස්ථාවර මට්ටමක ය.
කොහොම ද උන්ගෙ ප්ලෑන? කොච්චර ලස්සනට ඒක දියත් කෙරුවා ද?
අපේ මැට්ටන්ට මේ ටික තේරුම් ගන්නට බැරිව ඇත්තේ අපේ කරුමයට ය. ඇත්තටම අප විසින් කළ යුතුව ඇත්තේ මේ කුමන්ත්‍රණය උඩ ගෙඩි දුන්නාවූ සියලු දේශද්‍රෝහීන් අල්ලා උල තිබීම ය.
ඇත්තටම මට නම් උන් ගැන කන්න කේන්ති ය.

Original source
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඉතා හොඳ විවරණයකි.
එහෙත් මහින්දට පක්ශග්‍රාහීව සිතීම නිසා
ඔබට තවත් වැදගත් පියවර ගනනාවක්
අත්හැරී ඇති බව පෙනේ.

1 මහින්ද ස්ථාවර රජයක් පවත්වා ගත හැකි නායකයෙක් ලෙස බටහිර රටවල් වරදවා අවබෝධ කරගැනීම
2 රනිල් වසර දෙකකට අගමැති කරවීම
3 මහින්දගේද සහයොගයෙන් රනිල් ලවා සටන් විරාමය ඇති කරවීම
4 ඉන්පසු රනිල්ගෙ ආණ්ඩුව අවසාන කිරීම
5 LTTE සහයොගයෙන් මහින්ද ජනපති කරවීම
6 වසර 30ක් මහින්ද සමග ස්ථාවර රජයක්
වත්වා ගැනීමට ඔවුන් බලපොරොත්තුවීම
7 මේ වනවිට දැඩි ලෙස පිරිහී සිටි LTTE සන්විධානය හමර කරන්නට ඔවුන් තීරණය කිරීම
‍8 යුද්ධය ඇරඹීම
9 මහින්ද නොසිතුලෙස ජනප්‍රිය වීම
10 මහින්ද ඉන් උදම් වී පවුලත් සහචරයිනුත් සමග අසීමිත ලෙස රටේ සම්පත් සූරාකෑම
11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම
12 සරත් යුද්ධය අවසාන කිරීම
13 මහින්ද සරත් හ නොරොක් වීම
14 සරත්ගේ යුධ ජයග්‍රහනය දඩමීමා කරගෙන හිස් ජනප්‍රියත්වය පාවිච්චි කොට රටත් ජාත්‍යන්තරයත් රවට්ටා තවත් අවුරුදු 8ක් අසාර්ථක පාලනයකට බලය ලබගන්නට මහින්ද උත්සාහ කිරීම.
15 විපක්ශ බලවේග විසින් ඉතා සාර්ථක ලෙස එම කුමන්ත්‍රනය අභියොගයට ලක් කිරීම

තුන්වෙනි ලෝකයේ රටවල්වල නායකයන්
ජනප්‍රියත්වයෙන් පිරිහුනාම
ඔවුන් ඉවත් කරන එක
ඔවුන් බලයට පත් කරන බලවේග වල ප්‍රතිපත්තියක්.

මහින්දටත් අද ඒ අමිහිරි සත්‍යයට මුහුනදෙන්න වෙලා.

මට හිතෙන්නේ මේ සියල්ලටම හේතුව නම්
මහින්ද බොරු කරල රට රැවැට්ටුවට...
අත්ත වශයෙන්ම
කිසිම විනයක් නැති, අකාර්යක්ශම, අදූරදර්ශී, අත්තනොමතික පාලකයෙකු ලෙස
බුද්ධිමත් පොදු ජනතාව ඉදිරියේ සහ
ජාත්යන්තර වශයෙන් පිරිහීමට පත්වීමයි.
මේ වෙලාවෙ කවුරු පත් වුනත් මහින්ද ඉන්නවට වඩා රටට හොඳයි.
සරත් ෆොන්සේකා හමුදාවෙ විනය වගේම
රටේ විනයත් පවත්වා ගත්තොත් අපට අනාගතය හොඳයි.
:)
 
Last edited:

torakitha

Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    16436_375720410400_754525400_9878022_2534572_n.jpg
     
    Mokada kiyanne?
    :)