May, 31, 2023
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 35.3හි සිට 2023 මැයි මාසයේ දී සියයට 25.2 ක් දක්වා පහළ යෑමක් වාර්තාකර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 30.6% හි සිට 21.5% ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 37.6% හි සිට 27.0% ක් දක්වා ත් 2023 මැයි මාසය තුළ දී අඩු වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ කියා සිටී.
දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව 2023 වසර පුරා අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව දැනට පවත්නා ඉහළ උද්ධමනය 2023 වසර අවසානය වන විට තනි ඉලක්කමක මට්ටම වෙත ළඟා වනු ඇත. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්ව, දේශීය සහ ගෝලීය වශයෙන් සැපයුම් තත්ත්ව යථා තත්ත්වයට පත් වීම, පහළ යන ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් දේශීය මිල ගණන් වෙත වඩාත් හොඳින් සම්ප්‍රේෂණය වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වනු ඇත.
- http://biz.adaderana.lk/කොළඹ-උද්ධමනය-තවදුරටත්-පහ-4/