( කොළඹ කටුගෙය හෙවත් ජාතික කෞතුකාගාරය )
සාමාන්‍ය ව්‍යවහාරයේදී “කටුගෙය”නමින් හැදින්වෙන කොලඹ කෞතුකාගාරය 1847 වසරේදී පිහිටුවන ලදී.මෙය ජාතික කෞතුකාගාරය ලෙසින් හැදින්වේ.
ජාතික කෞතුකාගාරය පිහිටුවීමට මුල් තැනක් ගත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවයි.අපේ රටේ ඉතිහාසය,සංස්කෘතිය පිළිබිඹු කරන භාණ්ඩ ප්‍රදර්ශනයක් සදහා තම සාමාජිකයින් සදහා තම සාමාජිකයින් වෙත තිබු අගනා භාණ්ඩ පෞද්ගලික එකතුවන්ගෙන් පරිත්‍යාග කරවා එක් ස්ථානයක ප්‍රදර්ශනයට තැබීම එම සංගමයේ අවශ්‍යතාවය විය.ඒ අනුව මෙසේ කොළඹදී රාජ්‍ය ආයතනයක් වශයෙන් මෙම කෞතුකාගාරය විවෘත කරන ලදි.
එහිදී අපේ රටේ උගතුන්,ප්‍රභූවරුන් විසින් තමන් සතු පෞරාණික වස්තුන් මේ ආයතනය වෙත පරිත්‍යාග කරන ලද්දේ ඒවා ජාතික වස්තුන් ලෙස තවදුරටත් ආරක්ෂා වනු දැකීමේ රිසියෙනි.ඊට නිසි ස්ථානයක් ලබා දෙන ලෙස රජයෙන් වරින්වර ඉල්ලුම් කලද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. මේ අතර අප රටට නව ආණ්ඩුකාරවරයෙක් වශයෙන් ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි පත්වූ විට එම සංගමයේ සභාපති ඇතුළු නියෝජිත පිරිසක් ඔහු හමුවී මෙම අවශ්‍යතාවය පිලිබදව දන්වා සිටියේය.
එම නව ආණ්ඩුකාරවරයා පෞරාණික වස්තුන් රැක ගැනීම පිළිබද උනන්දුවක් දක්වුවෙකු බැවින් එම ඉල්ලීම ඉටු කරමින් කොලඹ නගරය තුළ මහජනයාට විවෘත වන කෞතුකාගාරයක් පිහිටුවනු පිණිස මුදල් වෙන් කරන ලදී.
මේ සදහා කොළඹ නගරයේ වූ නිදහස් බිමක් තෝරාගත් එතුමා එම ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු වාස්තු විද්‍යාඥ හා ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ද ජේම්ස් ස්මිදර් වෙත පවරන ලදී.මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම 1873 දී අරඹන ලදී.1877 ජනවාරි දින මෙය මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කරන ලදී.මේ අවස්ථාවේ එහි ප්‍රදර්ශන භාණ්ඩ එක්දහස් දෙසීයක් පමණ තිබු බව වාර්තා වේ.
ක්‍රමයෙන් මෙයට එක්වන භාණ්ඩ ප්‍රමාණය වර්ධනය විය.1937 දී මානව විද්‍යා අංශය ද 1957 දී ප්‍රාග් ඓතිහාසික අංශද පිහිටුවීය. පසුව එය 1967 දී අහෝසි කරන ලදී.දැනට මෙහි ස්වභාවික ඉතිහාස අංශය කොටස් පහකින් සමන්විතය.ඒවා නම් කීට විද්‍යා,සත්ත්ව විද්‍යා,භූ විද්‍යා,උද්භිද විද්‍යා,චර්ම ශිල්ප යනුයි.
අපේ රටේ රජ කළ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පරිහරණය කල සිංහාසනය,ඔටුන්න,හා අනිකුත් භාණ්ඩ මෙහි ඇති භාණ්ඩ අතර විශේෂ තැනක් ගනී.ඉංග්‍රීසීන් විසින් රජු හා බිසෝවරුන් අත්අඩංගුවට ගන්නා විට වෙන්කත රන්ගම්මල් රජ බිසවගේ කර්ණාභරණ බලයෙන් උදුරා කඩා ගත් විට කන්පෙතිවලින් ගලා හැලුණු ලේ බිදු සහිත හැට්ටයද මෙහිදී දැන ගැනීමට හැකිය.
එමෙන්ම විවිධ කාලවලදී අප රට භාවිතා කල කාසි වර්ග අප රට භාවිතා කළ පැරණි ආභරණ,පැරණි ප්‍රතිමා අප රටේ සංස්කෘතික වටිනාකම් කියාපාන කලාකෘති ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් මෙහිදී දැකගත හැකිය.
අපේ රටේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ධුරය දැරූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ආචාර්ය පී.ඊ.පී.දැරණියගල මහතාය.