කොළඹ කුණු වලින් ළඟදීම විදුලිය ?
කොළඹ නගරයේ එක්වන කැලි කසල වලින් විදුලිය නිපදවීමට සැලසුම් කර තිබෙන විදුලි බලාගාරයකින් මෙගාවොට් 30 ක විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා කියයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක සඳහන් කළේ කැලි කසල වලින් විදුලිය නිපදවන මෙගාවොට් 10 ක මට්ටමේ බලාගාර වලින් විදුලි ඒකකයක් රුපියල් 22.02 ක මිලකට මිලදී ගැනීමට යෝජනා වී තිබෙන බවයි.
මෙම කැලි කසල විදුලිය බවට හරවන බලාගාරය කොළඹට ආසන්නයෙන් ස්ථාපිත කිරීමට නියමිත බව, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.