කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජෛවවිවිධත්වයේ අග&#

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජෛවවිවිධත්වයේ අග&#

    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ
    ජෛවවිවිධත්වයේ අගය
    වැඩි දෙනකු හඳුනන්නේ නැහැ


    නුගේගොඩ එක්‌ ගෙවත්තකින් පමණක්‌

    සමනළ විශේෂ 35ක්‌ වාර්තා වී තිබෙනවා
    - පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන


    අමල් උඩවත්ත


    "බොහෝ දෙනා සිතන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඒ තරම් වැදගත් ජෛවවිවිධත්වයක්‌ නැහැයි කියලයි. මම වෙසෙන නුගේගොඩ අපේ ගෙවත්තෙන් සමනළ විශේෂ 35ක්‌ හඳුනා ගත්තා. ඒක විශාල අගයක්‌. මහා බ්‍රිතාන්‍යයේ ම ඉන්නේ සමනළ විශේෂ 35යි."


    යනුවෙන් ප්‍රවීන පරිසරවේදී සහ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පසුගිය 04 වැනි දින කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයයේ පැවැති ජගත් පරිසර දින සැමරුම් උත්සවයේ දී පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ නීතීඥ ජගත් ගුණවර්ධන මහතා,


    ශ්‍රී ලංකාවෙන් පක්‍ෂි විශේෂ 400ක්‌ පමණ වාර්තා වෙනවා. සංක්‍රමණික පක්‍ෂීන් සමග මේ සංඛ්‍යාව තවත් ඉහළ යනවා. පක්‍ෂීන් මෙරටට එන ප්‍රධාන මාර්ගයක්‌ තමයි බටහිර සංක්‍රමණික මාර්ගය. මෙය කොළඹත් මොරටුවත් ප්‍රදේශ සීමා අතරයි පිහිටා තිබෙන්නේ.


    බොරැල්ල, පිටකොටුව, මරදාන වැනි නාගරික ප්‍රදේශවල සංක්‍රමණික කුරුල්ලෝ ඉඳහිට හෝ දක්‌නට ලැබෙන්නේ ඒ නිසයි. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ තිබෙන ප්‍රධාන අභයභූමි දෙකක්‌ තමයි බෙල්ලන්විල අත්තිඩිය හා ජයවර්ධනපුර කෝට්‌ටේ යන අභය භූමි දෙක. බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියෙන් පක්‍ෂි විශේෂ 168කුත් කෝට්‌ටෙන් විශේෂ 138කුත් වාර්තා වෙනවා. ලංකාවෙන් වාර්තා වන සමනළ විශේෂ 244න් බෙල්ලන්විල ප්‍රදේශයේ සමනළ විශේෂ 72ක්‌ හවු වනවා. ලංකාවෙන් මිරිදිය මත්ස්‍ය විශේෂ 90ක්‌ හමු වෙන කොට එයින් විශේෂ 45ත් 50ත් අතර ප්‍රමාණයක්‌ හමු වන්නේත් බෙල්ලන්විලින්.


    මේ ආකාරයට බලන විට අපි රටේ ම තිබෙන ජෛවවිවිධත්වය ගැන කථා කළත් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ තිබෙන ජෛවවිවිධත්වය ගැන කථා කරන්නේ ඉතා ම අඩුවෙන්. ඒ නොදැනුවත්කම නිසයි. ඒ වගේම වටිනාකම දන්නෙත් නෑ. ඒ නිසා අපි මේ ජෛවවිවිධත්වය ආරක්‍ෂා කරගන්න කටයුතු කරනවා සේම වැඩි දියුණු කරගන්නත් අත්‍යවශ්‍ය වෙනවා" යනුවෙන් පැවසී ය.


    මෙහි දී තවදුරටත් අදහස්‌ පළ කළ ගුණවර්ධන මහතා,


    "බොහෝ අය බොහෝ දේවල් ගැන දැනුවත් වුවත් අපේ රටේ ජෛවවිවිධත්වය ගැන බහුතරයකට තිබෙන්නේ අඩු දැනුමක්‌. අද ජෛවවිවිධත්වය අර්ථ දක්‌වන්නේ පාරිසරික පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය හා ජාන විවිධත්වය කියල. මෙයින් ජාන විවිධත්වය


    වැරැදි අර්ථ නිරූපණයක්‌. මෙය ප්‍රවේනි විවිධත්වය ලෙස නිවැරැදි විය යුතුයි." "ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදෙනවා. එහි පළමු වැන්න වනජීවී විවිධත්වය. මෙය මිනිසා ගේ පාලනයකින් තොර ව ස්‌වාභාවික පරිසරයේ තිබෙන ජෛවවිවිධත්වයයි. දෙවැන්න මිනිසා විසින් පවත්වාගෙන යනු ලබන ජෛවවිවිධත්වය. ලංකාව ගැන කතා කරන විට අපේ ආදි මුතුන්මිත්තන් ඇති කරල, වැඩි දියුණු කරල ආරක්‍ෂා කරල අපිට දායාද කරල දුන්න ජෛවවිවිධත්වයක්‌ තිබෙනවා. මෙයට බෝග හා ගෘහාශ්‍රිත සතුන් ගේ විවිධත්වය අයත් වෙනවා. කාලයකට පෙර ජාන විද්‍යාත්මකව ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකාවේ ආවේනික බළලකු ඉන්නා බව අනාවරණය වුණා. මේ දේශීය බළලා අළු පාටට හුරු දුඹුරු පැහැයක්‌ ගන්නවා. මේක බොහෝ දෙනා දන්නේ නෑ.


    කාලගුණික හා දේශගුණික විපර්යාස නිසා ආහාර අර්බුදයක්‌ ඇති වෙනවා. මේ නිසා ගංවතුරට ඔරොත්තු දෙන වී වර්ගවල වගාවක්‌ දැන් අවශ්‍ය වෙනවා. අතීතයේ අඩි 10ක්‌ විතර උසට වැඩෙන වී වර්ග අපේ රටේ තිබුණා. අනෙක්‌ අතට ආහාර අර්බුදයට පිළියමක්‌ වශයෙන් වී වර්ග දෙකක්‌ ගැන අපි සිත යොමු කළ යුතු වෙනවා. ඒ බහු වාර්ෂික වී වර්ග. මෙවැනි වී වර්ග වගා කළ විට සැම කන්නයක දී ම වී වගා කරන්න අවශ්‍ය වන්නේ නෑ. දිගු කලක්‌ අස්‌වැන්න ලබා ගන්න පුළුවන්. ඇට ඉහින්නේ නැති ව දණ්‌ඩක්‌ සිටුවීමෙන් ගොයම් ගසක්‌ වවාගැනීමත් වැදගත්. පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන අන්දමට ලෝකයේ තිබෙන වල් වී වර්ග විශේෂවලින් විශේෂ 5ක්‌ ලංකාවේ තිබෙනවා. මේවා අපි ආරක්‍ෂා කළ යුතුයි."
     
    • Like
    Reactions: thilzz

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    '' කාලයකට පෙර ජාන විද්‍යාත්මකව ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකාවේ ආවේනික බළලකු ඉන්නා බව අනාවරණය වුණා. මේ දේශීය බළලා අළු පාටට හුරු දුඹුරු පැහැයක්‌ ගන්නවා. මේක බොහෝ දෙනා දන්නේ නෑ. ''
    :shocked:

    අපිට අපේ දේවල් ගැන වැඩි අවබෝධයක් නෑ වගේ නේද :|
    thnx
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    '' කාලයකට පෙර ජාන විද්‍යාත්මකව ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකාවේ ආවේනික බළලකු ඉන්නා බව අනාවරණය වුණා. මේ දේශීය බළලා අළු පාටට හුරු දුඹුරු පැහැයක්‌ ගන්නවා. මේක බොහෝ දෙනා දන්නේ නෑ. ''
    :shocked:

    අපිට අපේ දේවල් ගැන වැඩි අවබෝධයක් නෑ වගේ නේද :|
    thnx

    :yes::yes::yes::yes::yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක පොදු දෙයක් නේ අපිට ලග තියෙන දේවල් වල අගයක් නැ වෙන වෙන ඒවා ගැන හොයනවා
    පස්සේ තේරෙනවා ලග තිබුනු එක ඔක්කොටම වඩා සිරා කියලා ;)

    හැබැයි එතකොට පරක්කු වැඩී
     
    Last edited:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඕක පොදු දෙයක් නේ අපිට ලග තියෙන දේවල් වල අගයක් නැ වෙන වෙන ඒවා ගැන හොයනවා
    පස්සේ තේරෙනවා ලග තිබුනු එක ඔක්කොටම වඩා සිරා කියලා ;)

    ඒකනම් ඇත්ත බන්
    ඕක හැමදේටම එහෙමනෙ බන්