කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්

    [FONT=&quot]කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්[/FONT]

    [FONT=&quot]කොළඹ නගරය කිව්වාම අපි[/FONT][FONT=&quot] වැඩි දෙනෙක් හරියට දන්නේ කොළඹ නගරය හරහා[/FONT] [FONT=&quot]වැටිලා තියෙන [/FONT]A [FONT=&quot]ශ්‍රේණියේ පාරවල් වලට පෙනෙන තැන් ගැන විතරයි. කොළඹ ආසන්නව[/FONT] [FONT=&quot]ජීවත් වෙන හරි[/FONT], [FONT=&quot]කොළඹට අධ්‍යාපනයට[/FONT], [FONT=&quot]රැකියාවට එන හරි කෙනෙක් ඇරුණාම ලංකාවේ[/FONT] [FONT=&quot]බොහෝ දෙනෙක් දැකලා තියෙන්නේ කොළඹ නගරයේ අතිශය දියුණු තැන් විතරක් වෙන්න[/FONT] [FONT=&quot]පුළුවන්. හැබැයි ලෝකය පුරා නගර හා බැඳුණු ඉතිහාසගත අඳුරු මතකයන් එක්ක[/FONT] [FONT=&quot]බැලුවාම කොළඹ නගරය කියන්නෙත් ඒ අතින් ඉහළ තැනක් හිමි කර ගන්න පුළුවන්[/FONT] [FONT=&quot]නගරයක්. යුරෝපීය පාලකයන් ගණනාවක් ප්‍රධාන පරිපාලන නගරයක් විදිහට තියා ගත්තු[/FONT] [FONT=&quot]කොළඹ තමයි දැනටත් ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය. කාලයක් පුරාවට ගොඩනැගුණු[/FONT] [FONT=&quot]අලංකාර ගොඩනැගිලි[/FONT], [FONT=&quot]ඉදිකිරීම් සහ උද්‍යාන අතරේ හැංගුනු කොළඹ රටේ අඳුරු කතා[/FONT] [FONT=&quot]කිහිපයක් ගැන ඔබට කියන්නයි [/FONT]Roar [FONT=&quot]අපි අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ[/FONT] [FONT=&quot]තැන් ගැන බොහෝ විට ඔබ මීට කලින් අහලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි අපි[/FONT] [FONT=&quot]මේ කියන කරුණු කියවද්දී මේ තැන් එක්ක බැඳිලා තියෙන සිද්ධි හිතුවටත් වඩා[/FONT] [FONT=&quot]කණගාටුදායකයි කියලා ඔබට හිතේවි.[/FONT]
    [FONT=&quot]අන්තිම රජතුමා සිර කර තිබුණු සිරකුටිය[/FONT]

    [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]අවසාන ස්වාධීන රාජ්‍යය වුණු කන්ද උඩරට රාජධානියේ අවසාන රජතුමා සිරභාරයට[/FONT] [FONT=&quot]අරගෙන රඳවා තිබුණු සිරකුටිය දැන් එක්තරා විදිහක ස්මාරකයක්. රූපය :
    [/FONT]

    c1.jpg
    c1.jpg
    [FONT=&quot]කොළඹ කොටුවේ සෙලින්කෝ සමාගමේ මූලස්ථානය තියෙන තැන[/FONT], [FONT=&quot]ඒ කිව්වේ ලංකා[/FONT] [FONT=&quot]බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට පොඩි සිලින්ඩරාකාර ගොඩනැගිල්ලක් තියෙනවා. මේක[/FONT] [FONT=&quot]අඩි කිහිපයක් පළල බොහොම පොඩි කාමරයක් වගේ තැනක්. ලංකාවේ අවසාන රජතුමා වුණු[/FONT] [FONT=&quot]ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වුණාට පසුව[/FONT] [FONT=&quot]තාවකාලිකව රඳවා[/FONT] [FONT=&quot]සිටියේ මේ ස්ථානයේ.[/FONT]
    1815[FONT=&quot] අවුරුද්දේ පෙබරවාරි [/FONT]18[FONT=&quot] වෙනිදා රොබට් බ්‍රවුන්රිග්[/FONT] [FONT=&quot]ආණ්ඩුකාරවරයා උඩරට අල්ලා ගන්න කරපු මෙහෙයුමට උඩරට රදළයන්ගේ සහයෝගය ලැබුණා. ඒ[/FONT] [FONT=&quot]නිසා ඒ වන තුරු රාජධානියේ පාලකයා වුණු රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ[/FONT] [FONT=&quot]අත්අඩංගුවට පත් වුණා. රොබට් බ්‍රවුන්රිග් කියන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ[/FONT] [FONT=&quot]වල පාලනය අල්ලා ගත්තු මහා බ්‍රිතාන්‍යය විසින් පත් කරලා එවපු තුන් වන[/FONT] [FONT=&quot]ආණ්ඩුකාරවරයා. ඔහුට ලොකු උවමනාවක් තිබුනා මුළු රටේම පාලකයා වෙන්න. ඒ වන විට[/FONT] [FONT=&quot]රජතුමා සහ නිලධාරීන් අතරේ තිබුණු මතභේදයෙන් ප්‍රයෝජන අරගෙන හොඳට සැලසුම්[/FONT] [FONT=&quot]කරලා දියත් කරපු ප්‍රහාරයක් නිසා පහසුවෙන්ම උඩරට පාලකයාව පන්නලා දාල ඔහුව[/FONT] [FONT=&quot]සිර භාරයට ගන්න ඉංග්‍රීසින්ට පුළුවන් වුණා.[/FONT]
    [FONT=&quot]මේ විදිහට අල්ලා ගත්තු රාජසිංහ රජතුමා සිර කරලා තිබුණේ ඒ කාලේ[/FONT] [FONT=&quot]කොළඹ කොටුවෙන් ගාල්ල පැත්තට තිබුණු ද්වාරය ළඟ තිබුණු මේ සිර කුටිය ඇතුලේ.[/FONT] [FONT=&quot]ඊට පස්සේ තමයි ඉන්දියාවට පිටුවහල් කරේ. දැන් මේ සිර කුටිය තරමක් ජනප්‍රිය[/FONT] [FONT=&quot]සංචාරක ආකර්ෂණයක්. රටේ ඉතිහාසය ගැන තොරතුරු ඉගෙන ගන්නපාසල් ළමයි එහෙමත්[/FONT] [FONT=&quot]මෙතන නරඹන්න නිතරම එනවා.[/FONT]
    [FONT=&quot]බෝම්බ ප්‍රහාරයකට ලක් වුණු ටෙලිකොම් ගොඩනැගිල්ල[/FONT]

    LTTE [FONT=&quot]සංවිධානය [/FONT]1989[FONT=&quot] එල්ල කරපු බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු මධ්‍යම ටෙලිග්‍රාෆ්[/FONT] [FONT=&quot]කාර්යාල ගොඩනැගිල්ල. මෙතන හොල්මන් තියෙන තැනක් කියලත් කටකතාවක් තියෙනවා.[/FONT] [FONT=&quot]රූපය :[/FONT]
    c2.jpg
    1989 [FONT=&quot]අවුරුද්දේ දෙමළ[/FONT] [FONT=&quot]ඊලාම් විමුක්ති කොටි සංවිධානය[/FONT] (LTTE [FONT=&quot]එක) එල්ල කරපු බෝම්බ ප්‍රහාරයකින් කොළඹ මධ්‍යම ටෙලිග්‍රාෆ් කාර්යාල ගොඩනැගිල්ලට විශාල හානියක් සිදු වුණා.[/FONT] [FONT=&quot]මිනිස්සු [/FONT]14[FONT=&quot]කට ජීවිතය අහිමි වෙලා[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]සිය ගණනක් තුවාල ලැබුවා[/FONT]. [FONT=&quot]අද වෙනකොට ටෙලිකොම් ගොඩනැගිල්ල කියලා තමයි මේක හඳුන්වන්නේ.[/FONT]
    [FONT=&quot]මේ ගොඩනැගිල්ල ඉදි කෙරුණේ [/FONT]1911 [FONT=&quot]අවුරුද්දේ. කොළඹ චැතම් වීඩිය සහ[/FONT] [FONT=&quot]ලෝටස් පාරට මායිම්ව දුරකථන රිසීවරයක් අල්ලා ගත්තු ලොකු ප්‍රතිමාවක් තියෙනවා[/FONT] [FONT=&quot]කොළඹට ඇවිත් තියෙන ගොඩක් දෙනෙක් දැකලා ඇති. මුලින් සිලෝන් සෙන්ට්‍රල්[/FONT] [FONT=&quot]ටෙලිග්‍රාෆ් ඔෆිස් ([/FONT]Ceylon Central Telegraph Office) [FONT=&quot]කියලා නම් කරලා[/FONT] [FONT=&quot]තිබුණත් පසුව ටෙලිකොම් ආයතනය බිහි වීමත් එක්ක මේ ස්ථානය[/FONT] [FONT=&quot]ශ්‍රී ලංකා ටෙලිකොම් ගොඩනැගිල්ල[/FONT] [FONT=&quot]කියලා හඳුන්වන්න ගත්තා.[/FONT]
    [FONT=&quot]මේ ගොඩනැගිල්ල ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නේ [/FONT]1923 [FONT=&quot]අවුරුද්දේ ලංකාවේ පළමු වැනි ගුවන් විදුලි සේවාව වුණු[/FONT] [FONT=&quot]රේඩියෝ සිලෝන් සේවාව[/FONT] [FONT=&quot]මේ ගොඩනැගිල්ලේදී ආරම්භ කිරීමත් එක්කයි. ඒ කාලය වන විට ගුවන් විදුලිය සොයා[/FONT] [FONT=&quot]ගෙන වැඩි කාලයක් ගත වෙලා තිබුණෙත් නැහැ. හැබැයි ලංකාව වෙනත් බටහිර සොයා[/FONT] [FONT=&quot]ගැනීම් අතින් වගේම ගුවන් විදුලි සේවාව අතිනුත් බොහෝ ඉදිරියෙන් සිටියා.[/FONT] [FONT=&quot]අදටත් සමස්ත රටේ තාක්ෂණික සහ සන්නිවේදන සේවා අතින් හැම දකුණු ආසියාතික[/FONT] [FONT=&quot]රටකටම වඩා ඉදිරියෙන් ඉන්නේ ශ්‍රී ලංකාව. ඒ හැම සන්නිවේදන සේවාවකම මූලාරම්භය[/FONT] [FONT=&quot]වුණත් ටෙලිකොම් ගොඩනැගිල්ල අද අපේ ලිපියට එකතු වෙන්නේ [/FONT]1989 [FONT=&quot]අඳුරු මතකය[/FONT] [FONT=&quot]නිසායි.[/FONT]
    [FONT=&quot]ඒ බෝම්බ ප්‍රහාරයෙන් ටෙලිකොම් ගොඩනැගිල්ලට සිදු වුණු විනාශය[/FONT] [FONT=&quot]පිළිසකර කරන්න අවුරුදු ගණනාවක් ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ වැදගත්[/FONT] [FONT=&quot]ගොඩනැගිල්ලක් නිසාත්[/FONT], [FONT=&quot]පෞරාණික වටිනාකම ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසාත් බොහොම[/FONT] [FONT=&quot]සැලසුම්ගතව තමයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ.[/FONT]
    [FONT=&quot]මේ විදිහට පිළිසකර කෙරුණත් එදා බෝම්බයට අහුවෙලා ජීවිත නැති වුණු[/FONT] [FONT=&quot]මිනිස්සු අදටත් මේ ගොඩනැගිල්ල ඇතුලේ හොල්මන් කරනවා කියලා කටකතා තියෙනවා.[/FONT]
    [FONT=&quot]අගමැතිවරයෙකු ඝාතනය කෙරුණු ටින්ටජෙල් හෝටලය[/FONT]

    [FONT=&quot]ටින්ටජෙල් හෝටලය : මේ අලංකාරවත් බව පිටිපස්සේ බොහොම දුක්බර කතාවක් හැංගිලා තියෙනවා. රූපය :
    [/FONT]
    c3.jpg
    [FONT=&quot]කොළඹ නගරයේ තියෙන ටින්ටජෙල් ([/FONT]Tintagel) [FONT=&quot]වගේ සුපිරි පැලැන්තියේ[/FONT] [FONT=&quot]හෝටලයක් පිටිපස්සේ මේ වගේ කතන්දරයක් තියෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ලංකාවේ[/FONT] [FONT=&quot]මුල්ම අග්‍රාමාත්‍යවරයෙක් වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක[/FONT] [FONT=&quot]මහත්මයාව ඝාතනය කෙරුණේ මේ හෝටලය ඇතුළේදීයි. බ්‍රිතාන්‍යයේ කිරුළ දරපු ආතර්[/FONT] [FONT=&quot]රජතුමාගේ පෞද්ගලික මාලිගාවේ නමින් නම් කරලා තිබුණට ටින්ටජෙල් හෝටලයත් අඳුරු[/FONT] [FONT=&quot]මතකයක් එක් කරක් ගත්තු තැනක්.[/FONT]
    [FONT=&quot]මේ ගොඩනැගිල්ල තමයි ඇත්තටම ඒ කාලයේ බණ්ඩාරනායක පවුලේ කොළඹ[/FONT] [FONT=&quot]වාසස්ථානය වෙලා තිබුණෙත්. ඒ කාලයේ මෙතන නම් කරලා තිබුණේ රෝස්මීඩ් වලව්ව[/FONT] [FONT=&quot]කියලයි. [/FONT]1959 [FONT=&quot]අවුරුද්දේ සැප්තැම්බර් [/FONT]25 [FONT=&quot]වැනිදා චීවරධාරියෙක් රෝස්මීඩ්[/FONT] [FONT=&quot]වලව්වට ඇතුළු වෙලා රටේ අග්‍රාමාත්‍යවරයා වෙලා හිටපු බණ්ඩාරනායක මහතාව ඝාතනය[/FONT] [FONT=&quot]කෙරුවා.[/FONT]
    [FONT=&quot]මේ ඓතිහාසික ගොඩනැගිල්ල අපේ රටේ දේශපාලන ඉතිහාසයේ බොහොම වැදගත්[/FONT] [FONT=&quot]තැනක් ගන්නවා. රටේ අග්‍රාමාත්‍යවරුන් දෙන්නෙක්[/FONT], [FONT=&quot]ජනාධිපතිවරයෙක් වගේම[/FONT] [FONT=&quot]කතානායකවරයෙක් තමන්ගේ නිල නිවස විදිහට මේ ගොඩනැගිල්ල භාවිත කළා. වලව්ව කියන[/FONT] [FONT=&quot]නමෙන් අදහස් වෙන්නෙත් රටේ වැදගත් පුද්ගලයින් වාසය කරන තැනක් කියන එක.[/FONT]
    [FONT=&quot]ටින්ටජෙල්[/FONT] [FONT=&quot]එක ඉදි කරලා අවසන් කෙරුණේ [/FONT]1930 [FONT=&quot]අවුරුද්දේ. මේක මුලින්ම ඉදි වුණේ ආචාර්ය[/FONT] [FONT=&quot]ලුසියන් ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවහන විදිහටයි. නමුත් මේ ගොඩනැගිල්ල[/FONT] [FONT=&quot]පිහිටලා තිබුණු ස්ථානය ආරක්ෂක වශයෙන් වැදගත් නිසා දෙවන ලෝක යුද්ධ කාලයේදී[/FONT] [FONT=&quot]බ්‍රිතාන්‍ය හමුදාවට පවරා ගැනුණා. පසුකාලීනව මෙතන නවාතැන් අරගෙන හිටපු[/FONT] [FONT=&quot]හමුදා සෙබළුන් ගොඩනැගිල්ලෙන් ඉවත් වුණත් ඔවුන් හිටපු කාලය තුළදී බිත්ති වලට[/FONT] [FONT=&quot]එහෙම බොහෝ හානි සිදු වෙලා තිබුණා. ඉතින් සිල්වා මහතා ඒ කාලයේ රටේ[/FONT] [FONT=&quot]ප්‍රභූවරයෙක් වුණු සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාට ටින්ටජෙල් එක විකුණා[/FONT] [FONT=&quot]දැමුවා. ඔහුගේ පුත්‍රයා වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මේ[/FONT] [FONT=&quot]නිවස හිමි වුණේ ඒ විදිහටයි.[/FONT]
    1956 [FONT=&quot]අගමැති තනතුරට පත් වෙලා අවුරුදු තුනකට පසුව බණ්ඩාරනායක මහතා[/FONT] [FONT=&quot]ටින්ටජෙල් එකේ ආලින්දයේ පැවැත්වුණු සුහද හමුවකට එක් වුණා. මේ වැඩසටහන[/FONT] [FONT=&quot]සංවිධානය කරලා තිබුණේ ඔහුගේ ආධාරකරුවන් වෙනුවෙන්. සාමාන්‍ය මිනිසුන්ව ආයුධ[/FONT] [FONT=&quot]තියෙනවද බලන්න පරීක්ෂා කෙරුණත් සංඝරත්නයට තියෙන ගෞරවය නිසා චීවරයක් ඇඳ සිටි[/FONT] [FONT=&quot]කිසිදු කෙනෙක් පරීක්ෂා කෙරුණේ නැහැ. මේ අවස්ථාවන් ප්‍රයෝජන අරගෙන තල්මදුවේ[/FONT] [FONT=&quot]සෝමාරාම භික්ෂුව තුවක්කුවක් සිවුරේ හංගාගෙන ඇතුලට ගෙන යන්න සමත් වුණා. ඔහු[/FONT] [FONT=&quot]තියපු වෙඩිල්ලෙන් මරණීය තුවාල ලබපු බණ්ඩාරනායක අගමැති තුමා ඊළඟ දවසේ[/FONT] [FONT=&quot]රෝහලේදී අවසන් සුසුම් හෙලුවා.[/FONT]
    [FONT=&quot]මොන තරම් දුක්බර කාරණාවක් වුණත් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය[/FONT] [FONT=&quot]වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ මේ[/FONT] [FONT=&quot]සිදුවීමෙන් පස්සේ. බණ්ඩාරනායක මහතා ඡන්දයට ඉදිරිපත් වෙන්න හිටියත් ඔහු[/FONT] [FONT=&quot]ඝාතනය වුණු නිසා එතුමිය ඉදිරිපත් වුණා. මේ නිසා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ[/FONT] [FONT=&quot]වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක මුල් පියවර වැටුණේ ටින්ටජෙල් එකේදී කියන්න[/FONT] [FONT=&quot]පුළුවන්.[/FONT]
    [FONT=&quot]මේ ටින්ටජෙල් ගොඩනැගිල්ල පසුව[/FONT] [FONT=&quot]සුපිරි පැලැන්තියේ හෝටලයක්[/FONT] (Boutique Hotel) [FONT=&quot]බවට පත් කෙරුණා. මේ ගොඩනැගිල්ලේ තියෙන ඓතිහාසික වැදගත්[/FONT] [FONT=&quot]කම නිසා ටින්ටජෙල් හෝටලය සංචාරක ආකර්ෂණයක් විදිහටත් ප්‍රසිද්ධයි.[/FONT]
    [FONT=&quot]බෝම්බ වැදුණු මහ බැංකුව[/FONT]

    [FONT=&quot]ශ්‍රී ලංකා මහා බැංකුව වර්තමානයේ දිස් වෙන විදිහ. රූපය :[/FONT]
    c4.jpg

    1996 [FONT=&quot]අවුරුද්දේ ජනවාරි [/FONT]31 [FONT=&quot]වෙනිදා ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයක් වන මහ බැංකුවට [/FONT]LTTE [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරයෙන් [/FONT]91[FONT=&quot] දෙනෙක්ට ජීවිත[/FONT] [FONT=&quot]අහිමි වෙලා දාහකටත් වඩා පිරිසකට තුවාල සිදු වුණා. මහා බැංකු ගොඩනැගිල්ලයි[/FONT], [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]අවට තිබුණු ගොඩනැගිලි ගණනාවකටයි විශාල හානි සිදු වුණා.[/FONT]
    LTTE [FONT=&quot]සාමාජිකයන් රාත්තල් [/FONT]440[FONT=&quot]ක් බර අධි බලැති පුපුරණ ද්‍රව්‍ය[/FONT] [FONT=&quot]පුරවපු ලොරියක් ගේට්ටුව කඩාගෙන පදවලා ගොඩනැගිල්ලේ හප්පලා පුපුරවා හැරියා.[/FONT] [FONT=&quot]පිපිරුමේ ප්‍රබලත්වයට මහා බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට අඩි අටක් ගැඹුරට වලක්[/FONT] [FONT=&quot]හෑරිලා තියෙනවා දකින්න ලැබුණා. ඒ අවට තිබුණු[/FONT] [FONT=&quot]තවත් විශාල ගොඩනැගිලි [/FONT]8[FONT=&quot]කට[/FONT] [FONT=&quot]ලොකු හානියක් සිදු වුණා.[/FONT]
    [FONT=&quot]පිපිරුමත් එක්කම මහ බැංකු ගොඩනැගිල්ලේ පැත්තක් පාරට කඩාගෙන[/FONT] [FONT=&quot]වැටුණා. මේ ප්‍රහාරය තමයි අදටත් රටට වැඩිම ආර්ථික හානියක් සිදු කරපු[/FONT] [FONT=&quot]ත්‍රස්තවාදී ප්‍රහාරය. මේ විදිහට හානියට ලක් වුණු මහ බැංකු ගොඩනැගිල්ල[/FONT] [FONT=&quot]ප්‍රතිසංස්කරණය කරලා ඉවර වුණාට පස්සේ [/FONT]2000[FONT=&quot] වර්ෂයේ පටන් ගත්තු නව්‍යකරණ[/FONT] [FONT=&quot]වැඩපිළිවෙල යටතේ තමයි මහ බැංකුව වර්තමාන තත්වයට පත් කෙරුණේ.[/FONT]
    [FONT=&quot]…[/FONT][FONT=&quot]තවත් ගොඩනැගිලි වලට ත්‍රස්ත ප්‍රහාරවලින් හානි සිදු වුණා[/FONT]

    [FONT=&quot]ශ්‍රී ලංකා ලෝක වෙළඳ මධ්‍යස්ථානය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් හානි වුණු තවත් ප්‍රසිද්ධ ආයතනයක්. රූපය : [/FONT]
    c5.jpg

    [FONT=&quot]මෑතක් වන තුරු කොළඹ උසම ගොඩනැගිල්ල වගේම තට්ටු වැඩිම ගණනක් තියෙන[/FONT] [FONT=&quot]ගොඩනැගිල්ල විදිහට සැලකුණු ලෝක වෙළඳ මධ්‍යස්ථානය[/FONT], [FONT=&quot]ජාත්‍යන්තරව ප්‍රසිද්ධ[/FONT] [FONT=&quot]ගලදාරී හෝටලය වගේ වැදගත් ස්ථාන ගණනාවකුත් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් හානියට[/FONT] [FONT=&quot]පත් වුණා.[/FONT]
    1997 [FONT=&quot]අවුරුද්දේ ඔක්තෝබර් [/FONT]15 [FONT=&quot]වෙනිදා [/FONT]LTTE [FONT=&quot]සංවිධානය තවත් පුපුරණ ද්‍රව්‍ය පිරුණු ලොරියක් ලෝක වෙළඳ[/FONT] [FONT=&quot]මධ්‍යස්ථානයේ ආර්ථික අංශයට ලඟින් තිබුණු ගලදාරී හෝටලයේ රථගාල තුළදී පුපුරවා[/FONT] [FONT=&quot]හැරියා. මුලින්ම රථගාල තුළ ලොරිය නවත්වලා ඒකෙ ආපු [/FONT]LTTE [FONT=&quot]සාමාජිකයන් ඈත ඉඳන්[/FONT] [FONT=&quot]වෙඩි තියලා තමයි ලොරිය පුපුරවා හැරියේ. මේ ප්‍රහාරයෙන් [/FONT]15[FONT=&quot] දෙනෙක් මිය[/FONT] [FONT=&quot]ගිහින් තවත් සිය ගණනකට තුවාල සිදු වුණා. වාහන ඇතුළුව විශාල දේපල හානියකුත්[/FONT] [FONT=&quot]සිදු වුණා.[/FONT]
    [FONT=&quot]තුවාල සිදු වුණු අයගෙන් [/FONT]50 [FONT=&quot]ගණනක් විදෙස් ජාතිකයන්. බෝම්බ[/FONT] [FONT=&quot]ප්‍රහාරයෙන් පස්සේ තුවක්කුකරුවන් අවට ප්‍රදේශ වලට වෙඩි උණ්ඩ ප්‍රහාරයකුත්[/FONT] [FONT=&quot]දියත් කළා. රජයේ හමුදාව සහ පොලීසිය එකතු වෙලා ප්‍රහාරය මර්ධනය කරලා අවසන්[/FONT] [FONT=&quot]වන වන විට[/FONT] LTTE [FONT=&quot]සාමාජිකයන් [/FONT]50 [FONT=&quot]දෙනෙක්වත් මිය ගොස් සිටියා[/FONT] [FONT=&quot]කියලා වාර්තා පළ වුණා.[/FONT]
    [FONT=&quot]

    source : roar.lk
    [/FONT]
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    [FONT=&quot]පිස්සන් කොටුවක් තිබුණු තැනක ඉදි වුණු ආකේඩ් එක[/FONT]

    c6.jpg

    [FONT=&quot]කොළඹ නගරයේ මෑතක ඉදි වුණු ජනප්‍රියම ස්ථානයක් තමයි නිදහස් චතුරශ්‍රය ළඟ තියෙන ආකේඩ් එක. ඉස්සර මෙතන තිබුණේ මානසික රෝහලක්.[/FONT][FONT=&quot]කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ තියෙන ආකේඩ් එක කියන්නේ කොළඹට[/FONT] [FONT=&quot]ඇවිත් නිදහසේ ඇවිදින්න පුළුවන් තැනක්. නගරයේ තියෙන කලබලකාරී බවෙන් මිදිලා[/FONT] [FONT=&quot]විවේකයක් ගන්න[/FONT], [FONT=&quot]ප්‍රසිද්ධ වෙළඳනාම වල නිෂ්පාදන මිලට ගන්න වගේම කන්න බොන්න[/FONT], [FONT=&quot]ඇවිදලා බලන්න[/FONT], [FONT=&quot]ෆොටෝස් ගන්න වුණත් ආකේඩ් එක හොඳම තැනක්. දැන් තියෙන සුදු පාට[/FONT] [FONT=&quot]ගොඩනැගිලි සහ උද්‍යානය මොන තරම් අලංකාර වුණත්[/FONT], [FONT=&quot]මොන තරම් සිත නිවන තැනක්[/FONT] [FONT=&quot]වුණත් ආකේඩ් එක පිටිපස්සේත් හැංගුණු අඳුරු කතා පුවතක් තියෙනවා.[/FONT]
    [FONT=&quot]මේ ගැන ඇත්තටම අපි වුණත් දැන ගත්තේ මේ ලිපියට කරුණු එකතු කරද්දී.[/FONT] [FONT=&quot]මේ කතාව ඇත්තටම දන්නේ බොහොම ටික දෙනයි. අද දකින්න තියෙන්නේ සුදු බිත්ති[/FONT], [FONT=&quot]ලී[/FONT] [FONT=&quot]කැටයම් සහ විසිතුරු කඩසාප්පු වුණත් මේ ප්‍රදේශයේ ටික කාලයකට ඉහතදී තිබුණේ[/FONT] [FONT=&quot]ජාවත්ත මානසික රෝහල[/FONT]. 1889[FONT=&quot]දී රුපියල් [/FONT]450,000[FONT=&quot]ක වියදමක් දරලා ඉදි කෙරුණු මේ මානසික රෝගී[/FONT] [FONT=&quot]මධ්‍යස්ථානයෙන් මානසික රෝගීන් [/FONT]400[FONT=&quot]ක විතර පිරිසක් රැක බලාගෙන තියෙනවා.[/FONT]
    [FONT=&quot]කොහොම වුණත් පසු කාලීනව මෙතනට එන රෝගීන් ප්‍රමාණය වැඩිවුණු නිසා[/FONT] [FONT=&quot]ඉඩ පහසුකම් ගැන ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. [/FONT]400[FONT=&quot]ක් ඉන්න හදපු තැන කාලයක්[/FONT] [FONT=&quot]රෝගීන් [/FONT]500[FONT=&quot]කට ඉන්න සිදු වෙලා තියෙනවා. ඒ කාලයේ හිටපු සිවිල් සේවකයන් බොහෝ[/FONT] [FONT=&quot]දෙනෙක් මේ ප්‍රශ්නය ගැන විරෝධය දක්වලා රෝහලේ තත්වය “පිළිකුල් සහගත” බවට[/FONT] [FONT=&quot]චෝදනා එල්ල කරලා. මේ නිසා [/FONT]1917[FONT=&quot] අවුරුද්දේ මේ සඳහා ප්‍රමාණයෙන් විශාල[/FONT] [FONT=&quot]ස්ථානයක් ඉදි කරන්න පියවර ගැනුණා. පසුව මේ ආයතනයේ රෝගීන්වත් එතැනට ගෙන[/FONT] [FONT=&quot]ගියා. [/FONT]1926[FONT=&quot] අවුරුද්දේ ඉඳන් අංගොඩ මානසික රෝහල විදිහට ප්‍රසිද්ධ වුණේ මේ[/FONT] [FONT=&quot]මධ්‍යස්ථානය. පසුගිය රජය මේ මධ්‍යස්ථානය[/FONT] [FONT=&quot]අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය[/FONT] [FONT=&quot]කියලා යළි නම් කළා.[/FONT]
    [FONT=&quot]කලකෝලහාල වල මතකයන් රැඳුණු බොරැල්ල කනත්ත[/FONT]

    [FONT=&quot]බොරැල්ල කනත්ත කියන්නේ කොළඹ තියෙන බියකරු නමුත් හරිම සුන්දර තැනක්. රූපය : [/FONT]
    c7.jpg

    [FONT=&quot]කනත්තක්[/FONT], [FONT=&quot]නැතිනම් සොහොනක් කියන්නේ කොහොමත් බය හිතෙන තැනක්. රෑට[/FONT] [FONT=&quot]පාලු වෙලාවක කනත්තක් ලඟින් යද්දී වුණත් වැඩි දෙනා බය වෙනවා. හැබැයි ශ්‍රී[/FONT] [FONT=&quot]ලංකාවේ කනත්තවල් ගැන කියද්දී බොරැල්ල කනත්තට සුවිශේෂී තැනක් හිමි වෙනවා.[/FONT] [FONT=&quot]අවුරුදු [/FONT]170[FONT=&quot]කට වැඩි ඉතිහාසයක් තියෙන බොරැල්ල කනත්ත මොන තරම් සුන්දර තැනක්[/FONT] [FONT=&quot]වුණත් ලංකාවේ ඉතිහාසයේ අඳුරුම මතකයන් පිරිච්ච තැනක්. මේ ලිපිය අවසන් කරන්න[/FONT] [FONT=&quot]බොරැල්ල කනත්තම තෝරා ගන්න හේතුවත් ඒකයි.[/FONT]
    [FONT=&quot]බොරැල්ල කනත්තේ තියෙන විවිධාකාර සොහොන් ඵලක අතරින් ඈතට වුණත් මතු[/FONT] [FONT=&quot]වෙලා පෙනෙන ලොකු ඵලකයක් තියෙනවා. මෙතනට එන ඕනෑම කෙනෙක්ගේ ඇස නිතැතින්ම[/FONT] [FONT=&quot]ඇදිලා යන්නේ ඒ වෙතයි. ඒ මත ඉංග්‍රීසියෙන් ලියවුනු මේ වාක්‍යය දැක ගන්න[/FONT] [FONT=&quot]පුළුවන්.[/FONT]
    “To the Honoured memory of the officers and men of his Majesty’s forces who gave their lives in the Great War 1914-1918, and whose bodies rest in this and other cemeteries in Ceylon.”
    (1914-1918[FONT=&quot] මහා යුධ සංග්‍රාමයේදී දිවි දුන්[/FONT], [FONT=&quot]මේ ස්ථානයේත්[/FONT], [FONT=&quot]සිලෝන් දිවයින පුරා අනෙකුත් සොහොන් තුළත් සමාදානයේ සැතපෙන මහරජාණන්[/FONT][FONT=&quot]වහන්සේගේ හමුදාවේ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ ගරුකටයුතු මතකයන්ට සිහිවටනයක්[/FONT][FONT=&quot]ලෙසිනි.)[/FONT]
    [FONT=&quot]බොරැල්ල කනත්ත රටේ වැදගත් පුද්ගලයන් බොහෝ දෙනෙක් මිය ගියාට පසු[/FONT] [FONT=&quot]තැන්පත් කෙරෙන තැනක් විදිහට ප්‍රසිද්ධයි. දේශපාලකයන්[/FONT], [FONT=&quot]ව්‍යාපාරිකයන්[/FONT], [FONT=&quot]කලාකරුවන් වගේම වෙනත් ප්‍රසිද්ධ අය බොහෝ දෙනෙක්ගේ සොහොන් ගල් අදටත් දැක[/FONT] [FONT=&quot]ගන්න ලැබෙනවා. කොහොම වුණත් ලංකා ඉතිහාසයේ නරකම සිද්ධියක මතක සටහන් වල[/FONT] [FONT=&quot]බොරැල්ල කනත්ත සනිටුහන් වෙලා තියෙනවා. අපේ රටට වුණු ලොකුම විනාශයේ ආරම්භය[/FONT], [FONT=&quot]නැතිනම්[/FONT] 1983 [FONT=&quot]කළු ජූලිය[/FONT] [FONT=&quot]ආරම්භ වුණේ බොරැල්ල කනත්ත සම්බන්ධ සිදුවීමකින්.[/FONT]
    [FONT=&quot]මීට අවුරුදු [/FONT]33[FONT=&quot]කට කලින් [/FONT]LTTE [FONT=&quot]සංවිධානයේ ප්‍රහාරයකින් මිය ගිය[/FONT] [FONT=&quot]හමුදා සාමාජිකයන් [/FONT]13 [FONT=&quot]දෙනෙක්ගේ[/FONT] [FONT=&quot]සිරුරු බොරැල්ල කනත්තේ මිහිදන් කරන්න රජය නියෝග කළා. ඔවුන් මිය ගිය හේතුව[/FONT] [FONT=&quot]වුණත් ප්‍රසිද්ධ කෙරුණේ නැහැ. මේකට ප්‍රධාන හේතුව වුණේ එකපාර [/FONT]13[FONT=&quot] දෙනෙකුගේ[/FONT] [FONT=&quot]මළ සිරුරු නිවෙස් වලට යවලා ඇති වෙන්න ඉඩ තියෙන නොසන්සුන් භාවය. නමුත්[/FONT] [FONT=&quot]ඔවුන්ගේ ඥාතීන් කිව්වේ සාම්ප්‍රදායික විදිහට මළගෙදරක් කරන්න ඔවුන්ට සිරුරු[/FONT] [FONT=&quot]ටික අවශ්‍යයි කියලා. එතනින් නොනැවතී ඔවුන් සිරුරු ටික යාපනේ ඉඳන් අරගෙන එන[/FONT] [FONT=&quot]තුරු බොරැල්ල කනත්තට වෙලා මග බලාගෙන හිටියා. හැබැයි සිරුරු ගෙනාපු ගුවන්[/FONT] [FONT=&quot]යානය ප්‍රමාද වෙනවාත් එක්කම පිරිස නොසන්සුන් වෙන්න ගත්තා.[/FONT]
    [FONT=&quot]මේ අතරේ සෙබල පිරිස් මිය යන්න හේතුව ගැනත් ආරංචි පැතිරෙමින්[/FONT] [FONT=&quot]තිබුණේ. පස්සේ සිරුරු ටික හමුදා මූලස්ථානයට ගෙනත් ඥාතීන්ට භාර දෙන්න[/FONT] [FONT=&quot]සුදානම් වුණා. ඒත් ඒ වන විටත් කෝප වුණු රැස් වුණු පිරිසෙන් කොටසක් රැස්[/FONT] [FONT=&quot]වීමෙන් පස්සේ ආපහු යන ගමන් දෙමළ ව්‍යාපාර කිහිපයක් කොල්ල කෑවා.[/FONT]
    [FONT=&quot]දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු මරලා කියලා ලංකාව පුරා ලොකු[/FONT] [FONT=&quot]ජාතිවාදී නැග්මක් ඇති වුණා. කල්ලි හැදිලා රට පුරාම හිටපු දෙමළ මිනිස්සු[/FONT] [FONT=&quot]මරලා දාන්න[/FONT], [FONT=&quot]ඔවුන්ගේ නිවාස[/FONT], [FONT=&quot]ව්‍යාපාර ගිනිබත් කරන්න පටන් ගැනුණා. ශ්‍රී[/FONT] [FONT=&quot]ලංකා ඉතිහාසයේ දරුණුම සිවිල් අරගලය ආරම්භ වුණේ මේ සිද්ධියත් එක්කයි.[/FONT] [FONT=&quot]ආණ්ඩුවට මේ නැගී සිටීම පාලනය කරන්න ඇඳිරි නීතිය යොදවන්න සිද්ධ වුණා. අර[/FONT] [FONT=&quot]හමුදා සාමාජිකයන් [/FONT]13 [FONT=&quot]දෙනාගේ මළ සිරුරු එක්කෝ ආදාහනය කරලා හරි නැතිනම් කිසිම[/FONT] [FONT=&quot]සලකුණක්/සොහොන් ගලක් නැතිව බොරැල්ල කනත්තේ වළ දමලා හරි තියෙනවා. අදටත් කළු[/FONT] [FONT=&quot]ජූලියේ අඳුරු මතකය බොරැල්ල කනත්තේ ඉතිරි වෙලා තියෙනවා. එදා ඉඳන් මේ වන[/FONT] [FONT=&quot]තුරු මැරුණු බොහෝ දෙනෙක්ගේ මරණයට හේතුව වුණේ එදා ආරම්භ වුණු මේ සිවිල්[/FONT] [FONT=&quot]අරගලය.[/FONT]
    [FONT=&quot]කොළඹ දිස්ත්‍රික්කය පුරා තියෙන මේ වගේ ප්‍රසිද්ධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොදු තැන් එක්ක[/FONT][FONT=&quot]බැඳිලා තියෙන කතා හොයාගෙන යද්දී තවත් හොඳ දේවල් වගේම නරක දේවල් වුණත් ඕනෑ[/FONT][FONT=&quot]තරම් හමු වේවි. අපි මේ කියපු තැන් වලට ආපහු දවසක යනවා නම් ඒ තැන් වල සිදු[/FONT][FONT=&quot]වුණු දේවල් ගැන මතකයේ තබා ගන්න එක වැදගත්. මොකද අපිට ආඩම්බර වෙන්න පුළුවන්[/FONT][FONT=&quot]කාරණා හැම වෙලාවකම සමරු ඵලකයක ලියවිලා කාටත් දැක ගන්න ඉඩ තිබුණත් මේ වගේ[/FONT][FONT=&quot]දේවල් ගැන තොරතුරු එළිපිට තියෙන්නේ කලාතුරකින්. ඒ දේවල් වලින් අපිට ඉගෙන[/FONT][FONT=&quot]ගන්න පුළුවන් පාඩම් ඉගෙන ගෙන කලින් සිදු වුණු වැරදි මග හරවා ගන්න පුළුවන්[/FONT][FONT=&quot]වේවි.

    [/FONT]
    [FONT=&quot]source : roar.lk[/FONT]