කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්
[FONT="]කොළඹ නගරයේ අඳුරු ඉතිහාසයක් තියෙන තැන්[/FONT]
[FONT="]කොළඹ නගරය කිව්වාම අපි[/FONT][FONT="] වැඩි දෙනෙක් හරියට දන්නේ කොළඹ නගරය හරහා[/FONT] [FONT="]වැටිලා තියෙන [/FONT]A [FONT="]ශ්‍රේණියේ පාරවල් වලට පෙනෙන තැන් ගැන විතරයි. කොළඹ ආසන්නව[/FONT] [FONT="]ජීවත් වෙන හරි[/FONT], [FONT="]කොළඹට අධ්‍යාපනයට[/FONT], [FONT="]රැකියාවට එන හරි කෙනෙක් ඇරුණාම ලංකාවේ[/FONT] [FONT="]බොහෝ දෙනෙක් දැකලා තියෙන්නේ කොළඹ නගරයේ අතිශය දියුණු තැන් විතරක් වෙන්න[/FONT] [FONT="]පුළුවන්. හැබැයි ලෝකය පුරා නගර හා බැඳුණු ඉතිහාසගත අඳුරු මතකයන් එක්ක[/FONT] [FONT="]බැලුවාම කොළඹ නගරය කියන්නෙත් ඒ අතින් ඉහළ තැනක් හිමි කර ගන්න පුළුවන්[/FONT] [FONT="]නගරයක්. යුරෝපීය පාලකයන් ගණනාවක් ප්‍රධාන පරිපාලන නගරයක් විදිහට තියා ගත්තු[/FONT] [FONT="]කොළඹ තමයි දැනටත් ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය. කාලයක් පුරාවට ගොඩනැගුණු[/FONT] [FONT="]අලංකාර ගොඩනැගිලි[/FONT], [FONT="]ඉදිකිරීම් සහ උද්‍යාන අතරේ හැංගුනු කොළඹ රටේ අඳුරු කතා[/FONT] [FONT="]කිහිපයක් ගැන ඔබට කියන්නයි [/FONT]Roar [FONT="]අපි අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ[/FONT] [FONT="]තැන් ගැන බොහෝ විට ඔබ මීට කලින් අහලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි අපි[/FONT] [FONT="]මේ කියන කරුණු කියවද්දී මේ තැන් එක්ක බැඳිලා තියෙන සිද්ධි හිතුවටත් වඩා[/FONT] [FONT="]කණගාටුදායකයි කියලා ඔබට හිතේවි.[/FONT]
[FONT="]අන්තිම රජතුමා සිර කර තිබුණු සිරකුටිය[/FONT]
[FONT="]ලංකාවේ[/FONT] [FONT="]අවසාන ස්වාධීන රාජ්‍යය වුණු කන්ද උඩරට රාජධානියේ අවසාන රජතුමා සිරභාරයට[/FONT] [FONT="]අරගෙන රඳවා තිබුණු සිරකුටිය දැන් එක්තරා විදිහක ස්මාරකයක්. රූපය :
[/FONT]
[FONT="]කොළඹ කොටුවේ සෙලින්කෝ සමාගමේ මූලස්ථානය තියෙන තැන[/FONT], [FONT="]ඒ කිව්වේ ලංකා[/FONT] [FONT="]බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට පොඩි සිලින්ඩරාකාර ගොඩනැගිල්ලක් තියෙනවා. මේක[/FONT] [FONT="]අඩි කිහිපයක් පළල බොහොම පොඩි කාමරයක් වගේ තැනක්. ලංකාවේ අවසාන රජතුමා වුණු[/FONT] [FONT="]ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්රීසින්ගේ අත්අඩංගුවට පත් වුණාට පසුව[/FONT] [FONT="]තාවකාලිකව රඳවා[/FONT] [FONT="]සිටියේ මේ ස්ථානයේ.[/FONT]
1815[FONT="] අවුරුද්දේ පෙබරවාරි [/FONT]18[FONT="] වෙනිදා රොබට් බ්රවුන්රිග්[/FONT] [FONT="]ආණ්ඩුකාරවරයා උඩරට අල්ලා ගන්න කරපු මෙහෙයුමට උඩරට රදළයන්ගේ සහයෝගය ලැබුණා. ඒ[/FONT] [FONT="]නිසා ඒ වන තුරු රාජධානියේ පාලකයා වුණු රාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ[/FONT] [FONT="]අත්අඩංගුවට පත් වුණා. රොබට් බ්රවුන්රිග් කියන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ[/FONT] [FONT="]වල පාලනය අල්ලා ගත්තු මහා බ්‍රිතාන්‍යය විසින් පත් කරලා එවපු තුන් වන[/FONT] [FONT="]ආණ්ඩුකාරවරයා. ඔහුට ලොකු උවමනාවක් තිබුනා මුළු රටේම පාලකයා වෙන්න. ඒ වන විට[/FONT] [FONT="]රජතුමා සහ නිලධාරීන් අතරේ තිබුණු මතභේදයෙන් ප්‍රයෝජන අරගෙන හොඳට සැලසුම්[/FONT] [FONT="]කරලා දියත් කරපු ප්‍රහාරයක් නිසා පහසුවෙන්ම උඩරට පාලකයාව පන්නලා දාල ඔහුව[/FONT] [FONT="]සිර භාරයට ගන්න ඉංග්‍රීසින්ට පුළුවන් වුණා.[/FONT]
[FONT="]මේ විදිහට අල්ලා ගත්තු රාජසිංහ රජතුමා සිර කරලා තිබුණේ ඒ කාලේ[/FONT] [FONT="]කොළඹ කොටුවෙන් ගාල්ල පැත්තට තිබුණු ද්වාරය ළඟ තිබුණු මේ සිර කුටිය ඇතුලේ.[/FONT] [FONT="]ඊට පස්සේ තමයි ඉන්දියාවට පිටුවහල් කරේ. දැන් මේ සිර කුටිය තරමක් ජනප්‍රිය[/FONT] [FONT="]සංචාරක ආකර්ෂණයක්. රටේ ඉතිහාසය ගැන තොරතුරු ඉගෙන ගන්නපාසල් ළමයි එහෙමත්[/FONT] [FONT="]මෙතන නරඹන්න නිතරම එනවා.[/FONT]
[FONT="]බෝම්බ ප්‍රහාරයකට ලක් වුණු ටෙලිකොම් ගොඩනැගිල්ල[/FONT]
LTTE [FONT="]සංවිධානය [/FONT]1989[FONT="] එල්ල කරපු බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු මධ්‍යම ටෙලිග්රාෆ්[/FONT] [FONT="]කාර්යාල ගොඩනැගිල්ල. මෙතන හොල්මන් තියෙන තැනක් කියලත් කටකතාවක් තියෙනවා.[/FONT] [FONT="]රූපය :[/FONT]
1989 [FONT="]අවුරුද්දේ දෙමළ[/FONT] [FONT="]ඊලාම් විමුක්ති කොටි සංවිධානය[/FONT] (LTTE [FONT="]එක) එල්ල කරපු බෝම්බ ප්‍රහාරයකින් කොළඹ මධ්‍යම ටෙලිග්රාෆ් කාර්යාල ගොඩනැගිල්ලට විශාල හානියක් සිදු වුණා.[/FONT] [FONT="]මිනිස්සු [/FONT]14[FONT="]කට ජීවිතය අහිමි වෙලා[/FONT] [FONT="]තවත්[/FONT] [FONT="]සිය ගණනක් තුවාල ලැබුවා[/FONT]. [FONT="]අද වෙනකොට ටෙලිකොම් ගොඩනැගිල්ල කියලා තමයි මේක හඳුන්වන්නේ.[/FONT]
[FONT="]මේ ගොඩනැගිල්ල ඉදි කෙරුණේ [/FONT]1911 [FONT="]අවුරුද්දේ. කොළඹ චැතම් වීඩිය සහ[/FONT] [FONT="]ලෝටස් පාරට මායිම්ව දුරකථන රිසීවරයක් අල්ලා ගත්තු ලොකු ප්‍රතිමාවක් තියෙනවා[/FONT] [FONT="]කොළඹට ඇවිත් තියෙන ගොඩක් දෙනෙක් දැකලා ඇති. මුලින් සිලෝන් සෙන්ට්‍රල්[/FONT] [FONT="]ටෙලිග්රාෆ් ඔෆිස් ([/FONT]Ceylon Central Telegraph Office) [FONT="]කියලා නම් කරලා[/FONT] [FONT="]තිබුණත් පසුව ටෙලිකොම් ආයතනය බිහි වීමත් එක්ක මේ ස්ථානය[/FONT] [FONT="]ශ්‍රී ලංකා ටෙලිකොම් ගොඩනැගිල්ල[/FONT] [FONT="]කියලා හඳුන්වන්න ගත්තා.[/FONT]
[FONT="]මේ ගොඩනැගිල්ල ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නේ [/FONT]1923 [FONT="]අවුරුද්දේ ලංකාවේ පළමු වැනි ගුවන් විදුලි සේවාව වුණු[/FONT] [FONT="]රේඩියෝ සිලෝන් සේවාව[/FONT] [FONT="]මේ ගොඩනැගිල්ලේදී ආරම්භ කිරීමත් එක්කයි. ඒ කාලය වන විට ගුවන් විදුලිය සොයා[/FONT] [FONT="]ගෙන වැඩි කාලයක් ගත වෙලා තිබුණෙත් නැහැ. හැබැයි ලංකාව වෙනත් බටහිර සොයා[/FONT] [FONT="]ගැනීම් අතින් වගේම ගුවන් විදුලි සේවාව අතිනුත් බොහෝ ඉදිරියෙන් සිටියා.[/FONT] [FONT="]අදටත් සමස්ත රටේ තාක්ෂණික සහ සන්නිවේදන සේවා අතින් හැම දකුණු ආසියාතික[/FONT] [FONT="]රටකටම වඩා ඉදිරියෙන් ඉන්නේ ශ්‍රී ලංකාව. ඒ හැම සන්නිවේදන සේවාවකම මූලාරම්භය[/FONT] [FONT="]වුණත් ටෙලිකොම් ගොඩනැගිල්ල අද අපේ ලිපියට එකතු වෙන්නේ [/FONT]1989 [FONT="]අඳුරු මතකය[/FONT] [FONT="]නිසායි.[/FONT]
[FONT="]ඒ බෝම්බ ප්‍රහාරයෙන් ටෙලිකොම් ගොඩනැගිල්ලට සිදු වුණු විනාශය[/FONT] [FONT="]පිළිසකර කරන්න අවුරුදු ගණනාවක් ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ වැදගත්[/FONT] [FONT="]ගොඩනැගිල්ලක් නිසාත්[/FONT], [FONT="]පෞරාණික වටිනාකම ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසාත් බොහොම[/FONT] [FONT="]සැලසුම්ගතව තමයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ.[/FONT]
[FONT="]මේ විදිහට පිළිසකර කෙරුණත් එදා බෝම්බයට අහුවෙලා ජීවිත නැති වුණු[/FONT] [FONT="]මිනිස්සු අදටත් මේ ගොඩනැගිල්ල ඇතුලේ හොල්මන් කරනවා කියලා කටකතා තියෙනවා.[/FONT]
[FONT="]අගමැතිවරයෙකු ඝාතනය කෙරුණු ටින්ටජෙල් හෝටලය[/FONT]
[FONT="]ටින්ටජෙල් හෝටලය : මේ අලංකාරවත් බව පිටිපස්සේ බොහොම දුක්බර කතාවක් හැංගිලා තියෙනවා. රූපය :
[/FONT]
[FONT="]කොළඹ නගරයේ තියෙන ටින්ටජෙල් ([/FONT]Tintagel) [FONT="]වගේ සුපිරි පැලැන්තියේ[/FONT] [FONT="]හෝටලයක් පිටිපස්සේ මේ වගේ කතන්දරයක් තියෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ලංකාවේ[/FONT] [FONT="]මුල්ම අග්‍රාමාත්‍යවරයෙක් වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක[/FONT] [FONT="]මහත්මයාව ඝාතනය කෙරුණේ මේ හෝටලය ඇතුළේදීයි. බ්‍රිතාන්‍යයේ කිරුළ දරපු ආතර්[/FONT] [FONT="]රජතුමාගේ පෞද්ගලික මාලිගාවේ නමින් නම් කරලා තිබුණට ටින්ටජෙල් හෝටලයත් අඳුරු[/FONT] [FONT="]මතකයක් එක් කරක් ගත්තු තැනක්.[/FONT]
[FONT="]මේ ගොඩනැගිල්ල තමයි ඇත්තටම ඒ කාලයේ බණ්ඩාරනායක පවුලේ කොළඹ[/FONT] [FONT="]වාසස්ථානය වෙලා තිබුණෙත්. ඒ කාලයේ මෙතන නම් කරලා තිබුණේ රෝස්මීඩ් වලව්ව[/FONT] [FONT="]කියලයි. [/FONT]1959 [FONT="]අවුරුද්දේ සැප්තැම්බර් [/FONT]25 [FONT="]වැනිදා චීවරධාරියෙක් රෝස්මීඩ්[/FONT] [FONT="]වලව්වට ඇතුළු වෙලා රටේ අග්‍රාමාත්‍යවරයා වෙලා හිටපු බණ්ඩාරනායක මහතාව ඝාතනය[/FONT] [FONT="]කෙරුවා.[/FONT]
[FONT="]මේ ඓතිහාසික ගොඩනැගිල්ල අපේ රටේ දේශපාලන ඉතිහාසයේ බොහොම වැදගත්[/FONT] [FONT="]තැනක් ගන්නවා. රටේ අග්‍රාමාත්‍යවරුන් දෙන්නෙක්[/FONT], [FONT="]ජනාධිපතිවරයෙක් වගේම[/FONT] [FONT="]කතානායකවරයෙක් තමන්ගේ නිල නිවස විදිහට මේ ගොඩනැගිල්ල භාවිත කළා. වලව්ව කියන[/FONT] [FONT="]නමෙන් අදහස් වෙන්නෙත් රටේ වැදගත් පුද්ගලයින් වාසය කරන තැනක් කියන එක.[/FONT]
[FONT="]ටින්ටජෙල්[/FONT] [FONT="]එක ඉදි කරලා අවසන් කෙරුණේ [/FONT]1930 [FONT="]අවුරුද්දේ. මේක මුලින්ම ඉදි වුණේ ආචාර්ය[/FONT] [FONT="]ලුසියන් ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවහන විදිහටයි. නමුත් මේ ගොඩනැගිල්ල[/FONT] [FONT="]පිහිටලා තිබුණු ස්ථානය ආරක්ෂක වශයෙන් වැදගත් නිසා දෙවන ලෝක යුද්ධ කාලයේදී[/FONT] [FONT="]බ්‍රිතාන්‍ය හමුදාවට පවරා ගැනුණා. පසුකාලීනව මෙතන නවාතැන් අරගෙන හිටපු[/FONT] [FONT="]හමුදා සෙබළුන් ගොඩනැගිල්ලෙන් ඉවත් වුණත් ඔවුන් හිටපු කාලය තුළදී බිත්ති වලට[/FONT] [FONT="]එහෙම බොහෝ හානි සිදු වෙලා තිබුණා. ඉතින් සිල්වා මහතා ඒ කාලයේ රටේ[/FONT] [FONT="]ප්රභූවරයෙක් වුණු සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාට ටින්ටජෙල් එක විකුණා[/FONT] [FONT="]දැමුවා. ඔහුගේ පුත්‍රයා වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මේ[/FONT] [FONT="]නිවස හිමි වුණේ ඒ විදිහටයි.[/FONT]
1956 [FONT="]අගමැති තනතුරට පත් වෙලා අවුරුදු තුනකට පසුව බණ්ඩාරනායක මහතා[/FONT] [FONT="]ටින්ටජෙල් එකේ ආලින්දයේ පැවැත්වුණු සුහද හමුවකට එක් වුණා. මේ වැඩසටහන[/FONT] [FONT="]සංවිධානය කරලා තිබුණේ ඔහුගේ ආධාරකරුවන් වෙනුවෙන්. සාමාන්‍ය මිනිසුන්ව ආයුධ[/FONT] [FONT="]තියෙනවද බලන්න පරීක්ෂා කෙරුණත් සංඝරත්නයට තියෙන ගෞරවය නිසා චීවරයක් ඇඳ සිටි[/FONT] [FONT="]කිසිදු කෙනෙක් පරීක්ෂා කෙරුණේ නැහැ. මේ අවස්ථාවන් ප්‍රයෝජන අරගෙන තල්මදුවේ[/FONT] [FONT="]සෝමාරාම භික්ෂුව තුවක්කුවක් සිවුරේ හංගාගෙන ඇතුලට ගෙන යන්න සමත් වුණා. ඔහු[/FONT] [FONT="]තියපු වෙඩිල්ලෙන් මරණීය තුවාල ලබපු බණ්ඩාරනායක අගමැති තුමා ඊළඟ දවසේ[/FONT] [FONT="]රෝහලේදී අවසන් සුසුම් හෙලුවා.[/FONT]
[FONT="]මොන තරම් දුක්බර කාරණාවක් වුණත් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය[/FONT] [FONT="]වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ මේ[/FONT] [FONT="]සිදුවීමෙන් පස්සේ. බණ්ඩාරනායක මහතා ඡන්දයට ඉදිරිපත් වෙන්න හිටියත් ඔහු[/FONT] [FONT="]ඝාතනය වුණු නිසා එතුමිය ඉදිරිපත් වුණා. මේ නිසා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ[/FONT] [FONT="]වැදගත් හැරවුම් ලක්ෂ්යයක මුල් පියවර වැටුණේ ටින්ටජෙල් එකේදී කියන්න[/FONT] [FONT="]පුළුවන්.[/FONT]
[FONT="]මේ ටින්ටජෙල් ගොඩනැගිල්ල පසුව[/FONT] [FONT="]සුපිරි පැලැන්තියේ හෝටලයක්[/FONT] (Boutique Hotel) [FONT="]බවට පත් කෙරුණා. මේ ගොඩනැගිල්ලේ තියෙන ඓතිහාසික වැදගත්[/FONT] [FONT="]කම නිසා ටින්ටජෙල් හෝටලය සංචාරක ආකර්ෂණයක් විදිහටත් ප්‍රසිද්ධයි.[/FONT]
[FONT="]බෝම්බ වැදුණු මහ බැංකුව[/FONT]
[FONT="]ශ්‍රී ලංකා මහා බැංකුව වර්තමානයේ දිස් වෙන විදිහ. රූපය :[/FONT]
1996 [FONT="]අවුරුද්දේ ජනවාරි [/FONT]31 [FONT="]වෙනිදා ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයක් වන මහ බැංකුවට [/FONT]LTTE [FONT="]සංවිධානය[/FONT] [FONT="]මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරයෙන් [/FONT]91[FONT="] දෙනෙක්ට ජීවිත[/FONT] [FONT="]අහිමි වෙලා දාහකටත් වඩා පිරිසකට තුවාල සිදු වුණා. මහා බැංකු ගොඩනැගිල්ලයි[/FONT], [FONT="]ඒ[/FONT] [FONT="]අවට තිබුණු ගොඩනැගිලි ගණනාවකටයි විශාල හානි සිදු වුණා.[/FONT]
LTTE [FONT="]සාමාජිකයන් රාත්තල් [/FONT]440[FONT="]ක් බර අධි බලැති පුපුරණ ද්‍රව්‍ය[/FONT] [FONT="]පුරවපු ලොරියක් ගේට්ටුව කඩාගෙන පදවලා ගොඩනැගිල්ලේ හප්පලා පුපුරවා හැරියා.[/FONT] [FONT="]පිපිරුමේ ප්රබලත්වයට මහා බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට අඩි අටක් ගැඹුරට වලක්[/FONT] [FONT="]හෑරිලා තියෙනවා දකින්න ලැබුණා. ඒ අවට තිබුණු[/FONT] [FONT="]තවත් විශාල ගොඩනැගිලි [/FONT]8[FONT="]කට[/FONT] [FONT="]ලොකු හානියක් සිදු වුණා.[/FONT]
[FONT="]පිපිරුමත් එක්කම මහ බැංකු ගොඩනැගිල්ලේ පැත්තක් පාරට කඩාගෙන[/FONT] [FONT="]වැටුණා. මේ ප්‍රහාරය තමයි අදටත් රටට වැඩිම ආර්ථික හානියක් සිදු කරපු[/FONT] [FONT="]ත්‍රස්තවාදී ප්‍රහාරය. මේ විදිහට හානියට ලක් වුණු මහ බැංකු ගොඩනැගිල්ල[/FONT] [FONT="]ප්‍රතිසංස්කරණය කරලා ඉවර වුණාට පස්සේ [/FONT]2000[FONT="] වර්ෂයේ පටන් ගත්තු නව්‍යකරණ[/FONT] [FONT="]වැඩපිළිවෙල යටතේ තමයි මහ බැංකුව වර්තමාන තත්වයට පත් කෙරුණේ.[/FONT]
[FONT="]…[/FONT][FONT="]තවත් ගොඩනැගිලි වලට ත්‍රස්ත ප්‍රහාරවලින් හානි සිදු වුණා[/FONT]
[FONT="]ශ්‍රී ලංකා ලෝක වෙළඳ මධ්‍යස්ථානය ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් හානි වුණු තවත් ප්‍රසිද්ධ ආයතනයක්. රූපය : [/FONT]
[FONT="]මෑතක් වන තුරු කොළඹ උසම ගොඩනැගිල්ල වගේම තට්ටු වැඩිම ගණනක් තියෙන[/FONT] [FONT="]ගොඩනැගිල්ල විදිහට සැලකුණු ලෝක වෙළඳ මධ්‍යස්ථානය[/FONT], [FONT="]ජාත්‍යන්තරව ප්‍රසිද්ධ[/FONT] [FONT="]ගලදාරී හෝටලය වගේ වැදගත් ස්ථාන ගණනාවකුත් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් හානියට[/FONT] [FONT="]පත් වුණා.[/FONT]
1997 [FONT="]අවුරුද්දේ ඔක්තෝබර් [/FONT]15 [FONT="]වෙනිදා [/FONT]LTTE [FONT="]සංවිධානය තවත් පුපුරණ ද්‍රව්‍ය පිරුණු ලොරියක් ලෝක වෙළඳ[/FONT] [FONT="]මධ්‍යස්ථානයේ ආර්ථික අංශයට ලඟින් තිබුණු ගලදාරී හෝටලයේ රථගාල තුළදී පුපුරවා[/FONT] [FONT="]හැරියා. මුලින්ම රථගාල තුළ ලොරිය නවත්වලා ඒකෙ ආපු [/FONT]LTTE [FONT="]සාමාජිකයන් ඈත ඉඳන්[/FONT] [FONT="]වෙඩි තියලා තමයි ලොරිය පුපුරවා හැරියේ. මේ ප්‍රහාරයෙන් [/FONT]15[FONT="] දෙනෙක් මිය[/FONT] [FONT="]ගිහින් තවත් සිය ගණනකට තුවාල සිදු වුණා. වාහන ඇතුළුව විශාල දේපල හානියකුත්[/FONT] [FONT="]සිදු වුණා.[/FONT]
[FONT="]තුවාල සිදු වුණු අයගෙන් [/FONT]50 [FONT="]ගණනක් විදෙස් ජාතිකයන්. බෝම්බ[/FONT] [FONT="]ප්‍රහාරයෙන් පස්සේ තුවක්කුකරුවන් අවට ප්‍රදේශ වලට වෙඩි උණ්ඩ ප්‍රහාරයකුත්[/FONT] [FONT="]දියත් කළා. රජයේ හමුදාව සහ පොලීසිය එකතු වෙලා ප්‍රහාරය මර්ධනය කරලා අවසන්[/FONT] [FONT="]වන වන විට[/FONT] LTTE [FONT="]සාමාජිකයන් [/FONT]50 [FONT="]දෙනෙක්වත් මිය ගොස් සිටියා[/FONT] [FONT="]කියලා වාර්තා පළ වුණා.[/FONT]
[FONT="]
source : roar.lk

Last edited: