කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....

සමාජ විමර්ශන

"බඩු පලයං සල්ලි වරෙන්"
(කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)


samaajavimara.jpg

කොළඹ නගරය ලස්‌සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස්‌ වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික්‌ හෝනයක්‌ අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්‌සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්‌ටිකරයක්‌ දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්‌සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්‌යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද?

ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්‌නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක්‌ නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්‌කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.

දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්‍ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්‌දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්‌කන් දනී. කය බස (ඉදාහ ක්‌බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්‌කඩි අතිදක්‍ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක්‌ තිස්‌සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක්‌ නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්‌සු අසුවෙති.

වරාය ඉදිරිපිට චාමස්‌ රථගාල තුළ නැවෙන් පන්නපු බඩු විකුණන හුසේන් කොම්පඤ්ඤ වීදිය කොළඹ දෙකේ කාක්‌කෙකි. ඔහු වැනි නැවෙන් පන්නපු බඩු විකුණන මොත්තකාරයන් තිහක්‌ පමණ අද නගරයේ විසිරී සිටී. මේ අය අතර චීන කාන්තාවන් කීප දෙනෙක්‌ද ඇත.

මෙම මගඩිය වැඩිපුරම වන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ඒ අවට ජනාකිර්ණ වීදි හා මංමාවත් වලයි. ඇන්දිය හැකි (රැවටිය හැකි) යෑයි පෙනෙන පුද්ගලයකු හෝ කාන්තාවක්‌ දකින මෙම තක්‌කඩියා හෙමින් ඔහුට හෝ ඇයට ළංවී ඔරලෝසුවක්‌ හෝ රන් මාලයක්‌ මුද්දක්‌ පෙන්වා කියන්නේ මෙය ඉතා වටිනා භාණ්‌ඩයක්‌ බවත් තමා මෙය නැවකින් බැස ආ සුද්දකුගෙන් සොරාගත් හෝ ලබා ගත් බවත්ය. එසේත් නැත්නම් කඩයකින් පැන ආ කොල්ලකුගෙන් තමාට ලැබුණු බවයි. ඉක්‌මණින් නගරයෙන් පිටවී යැමට අවශ්‍ය නිසා මෙය අඩු මුදලට විකුණන බවත් ඔහු පවසයි. පිට පෙනුමෙන්ම ඉතා අනර්ඝ බවක්‌ හා වටිනා කමක්‌ ඇති මෙම භාණ්‌ඩයට ලොල් බඳින්නා එයට උනන්දු වෙද්දී තක්‌කඩියා කියා සිටින්නේ අතේ සල්ලි වැඩිපුර නැත්නම් තියෙන ගාන සමඟ වෙන මොකක්‌ හෝ දෙයක්‌ දී මෙය රැගෙන යන ලෙසයි. තක්‌කඩියාගේ මුකරි හා ආකර්ෂණය වන වචන වලට ඇන්දෙන ගැමියා රුපියල් දෙතුන් සීයක්‌ ඔහුගේ මිට මොළවා ගෙල බැඳි රන් මාලය සුරය හෝ ඉණ බැඳි රිදී හවඩිය හෝ ගලවා එම ලස්‌සන ඔරලෝසුව අයිති කර ගැනීමට පසුබට නොවේ. එමෙන්ම පැරණි වුවත් කෞතුක වටිනාකමක්‌ ඇති තම අත් ඔරලෝසුව හෝ මෙයට මාරු කරති. ගැහැනියක්‌ නම් ඇය තම මුද්ද රන් වළල්ලක්‌ හෝ සාරි කටුව පවා පූජා කර මෙම වටිනා කමක්‌ ඇති බව පෙනෙන භාණ්‌ඩය රැගෙන තම තිසර පටේ හෝ අත් ලේන්සුවේ ගැටයක්‌ ගසා සඟවා ගෙන ලහි ලහියේ පිටවී යයි. ගාණක්‌ හා තව වටිනා දෙයක්‌ අතට ගත් තක්‌කඩියා සෙනඟට වැද ඇසිපිය සැනින් අතුරුදන් වෙයි. ගැටයට අහුවුණු තැනැත්තා විනාඩි කීපයකින් කොහේ හෝ රක්‍ෂිත තැනකට ගොස්‌ වටිනා භාණ්‌ඩය මනා පරීක්‍ෂාවකට ලක්‌ කරද්දී ඔහුට දැනගන්නට ලැබෙන්නේ මෙය රුපියල් සියයක්‌ වත් නොවටිනා ආලේපිත හෝ අරුමෝසම් භාණ්‌ඩයක්‌ බවයි. සත්‍ය තේරුම් යන විට ඔහු හෝ ඇය සතුව තිබූ රුපියල් සිය ගාණක්‌ හා වටිනා තව දෙයක්‌ අහිමි වී හමරය.

වසරකට පමණ පෙර නගරය තුළ ඉතා ප්‍රබලව පැවති තවත් පාරකි කොළ තුන ගැහිල්ල.

මෙයද කොටුව දුම්රිය පළ ඉදිරිපිට හා ඒ අවට දක්‌නට ඇති මගඩියකි. එමෙන්ම කොළඹ මහ රෝහල, ඇස්‌ වාට්‌ටුව, මරදාන ආදී ප්‍රදේශ වලද සංවිධානය වූ පිරිසක්‌ මෙය අපූරුවට කැරගෙන ගියෝය. කොළ තුනේ සූදුවල වහල ගැහිල්ල. හේරා හැංගීම ආදී නම් වලින් බජාර් එකේ උන් මෙය අඳුන්වන අතර බීඩිකාරයන් හෙවත් තැරුව්කාරයන් යොදා මෙම සූදුව මෙහෙයවන්නේ කොළඹ බෝ ගහ පෙනෙන මානයේ ලොකු හෝටලයක්‌ හිමි කෝටිපතියෙකු බව ප්‍රසිද්ධ රහසකි. පිටකොටුවේ කවුරුත් දන්නා විමලේ ද තම ගෝල බාලයන් දම්මවා කාලයක්‌ තිස්‌සේ කොළ තුන ගැස්‌සවූ අතර ඒ තුළින් ලක්‍ෂ ගණන් මුදල් උපයා ඇත. විමලේ සතුව තිබූ කොළ තුනේ අධිකාරියට අභිsයෝග කරමින් තමන්ගේ ගෝලයන් දමා හරස්‌ වීදි වල ගේම ගැස්‌සවූ මන්ජල් සරා වෙඩි වරුසාවක්‌ මැද පරලොව ගියද මේ වන විට පොඩි පොඩි සිල්ලර වැඩකාර කල්ලි කීපයක්‌ ඒ වැඩේට අත ගසා ඇත. කොළ තුන ගහන්නේ මෙසේය.


Connected....
 
Last edited:
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
බඩු පලයං සල්ලි වරෙන් කියන ජල්බරි සෙල්ලම කරන්න එසේ මෙසේ අයෙකුට බැරිය. ඒ සඳහා මුඛරිකම ඉක්‌මනින් අතැඟිලි එහෙ මෙහෙ කිරීමේ හැකියාව සහ තීක්‍ෂණ බුද්ධියක්‌ තිබිය යුතුය. කෙහෙල්වත්තේ සිරිලයන් සහ කාපිරි මුඩුක්‌කුවේ සනී මේ සඳහා ප්‍රවීණයෝය. ඔවුන්ට වැඩිපුරම අහුවන්නේ රෙදි කඩ වල අලුතින් වැඩට ආ ළාබාල කොලු ගැටව් සහ පලතුරු තට්‌ටු වල වැඩට එන ඈත ගම් වල වතුකරයේ නවකයන්ය. එසේම හොඳට මෝරපු ගොයියන් ගොරකයන්ටද සිරිලයන්ලා, සනීලා මැජික්‌ පෙන්වති. ඒ මෙසේය.

"ආ මල්ලී තියන්න රුපියල් දහයක්‌ මේ ඩයරිය අස්‌සෙන්. දැන් පොත වහන්න මෙන්න මෙහෙම. කියන්න මලක නමක්‌ හිතාගන්න පාටක්‌. දැන් ඩයරිය අරින්න බලන්න. දහය විස්‌ස වුණා නේද? ආයෙත් තියන්න ඒ විස්‌ස. හිතාගන්න පුසුඹක්‌ දැන් අරින්න බලන්න ඔය තියෙන්නේ විස්‌සට හතළිහක්‌ .... මොකද තියමුද සීයක්‌ හරි පන්සීයක්‌ හරි. අන්න නියමයි මල්ලි වාසනාවන්තයා බය නැහැ ඇඹරෙන්නේ නැහැ .ඔන්න.... බඩු පලයං සල්ලි වරෙන් වාන්.... ටූ.... මෙන්න මල්ලි එනවා පොලිස්‌සියෙන් මාරු වෙමු මාරු වෙමු. බඩු පලයං සල්ලි වරෙන් අපි දුවමු පස්‌සෙ සල්ලි දෙන්නං...

ඒ බඩු පලයං සල්ලි වරෙන් කරන හැටිය.

මොරේ දැමීම යනුවෙන් බජාර් එකේ ගෙවන් වීදී බාසාවෙන් හැඳින්වෙන්නේ බොරුවට මීමැස්‌මොර හෝ අපස්‌මාර රෝගියකු ලෙස හැසිරී අවට සිටින්නනගේ අවධානය හා අනුකම්පාව ලැබ එමගින් කීයක්‌ හෝ ආධාර ලබා ගැනීමයි. මෙසේ කරන්නට හුරුවී සිටින අය විසිදෙනකු පමණ අද අප හඳුනාගෙන සිටින අතර ඔවුන් හවස්‌ වරුව වන විට තැන් තැන් වල විසිරී මීමැස්‌මොර රෝගියකු ලෙස රඟපා මහජනයා රවටා මුදල් සොයා ගනී. දිව යට සබන් කෑල්ලක්‌ සඟවා ගෙන කෙළ සමඟ එය මුසු කර කටින් පෙණ දමන බව ඇඟවීම මීට බොහෝ කලකට පෙර මොවුන් යොදා ගත් උපක්‍රමයක්‌ වන අතර අද ඔවුන් මුවින් පෙණ දැමීම සඳහා මොරේ පෙති පාවිච්චි කරයි. (මොරේ පෙති යන්නට වෙනත් රසායනික ඖෂධ නාමයක්‌ ඇති මුත් බජාර් එකේ උන් මෙනමින් එය අමතයි)

සෙම කෙළ පෙණ පෙරාගෙන මහ මඟ වැටී දඟලන මෙම පුද්ගලයා අත සිලි උරයක හෝ එවැනි මල්ලක දැමූ හාල් හුණ්‌ඩුවක්‌, එළවළු ජාති දෙක තුනක්‌, පාන් භාගයක්‌ වැනි දේ තිබෙන අතර ඒවා හැම තැනම විසිරී යන ලෙස ඉතා දක්‍ෂ ලෙස මොහු හැසිරෙයි. මේ සාධක දකින ඕනෑම අයෙක්‌ රැවටී ඔහුට වහා යකඩ කැබැල්ලක්‌ අතට දී සිහි ගන්වන්නට උත්සුක වෙයි. ඉන්පසු විසිරී ගිය ආහාර මල්ල වෙනුවට අලුතින් දේ ගැනීම සඳහා ඔහුට හොඳ සම්මාදමක්‌ අවටින් එකතු වෙයි.

මතට ඇබ්බැහි වූ තරුණයන් විසින් වැඩිපුරම කරන්නාවූ මගඩියකි ලොන්තෙ දැමීම. කොළඹ නගරය තුළ බහුලව දකින්නට ඇත. මතට ඇබ්බැහි වූ අය අන්තිම අවස්‌ථාවට ආවිට මෙම ක්‍රමය මගින් සල්ලි හොයා ගනිති. මෙය හිඟා නොකා හිඟා කෑමකි. ලොන්තෙ දාන අය කිසිදිනෙක මහත්තයා නෝනා හෝ සර් කියා තම සේවාදායකයන් අමතන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට අයියා, මල්ලී, අක්‌කා, නංගී, මාමා, නැන්දා, මිස්‌ටර්, මිස්‌, බොස්‌, මැඩම් යනුවෙන් මහ මඟ මඟියන්ව අමතති. ඔවුන් පවසන අන්දමට ඒජන්සියට මුදල් බැඳීමට රැකියාවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට, ලෙඩෙක්‌ බැලීමට මහ රෝහලට හෝ පාස්‌පෝට්‌ එක ගැනීමට ගමෙන් කොළඹ නගරයට ආ අයෙකි. පික්‌පොකට්‌ ගසා හෝ වෙනත් එවැනි වංචාවකට අසුව තමුන්ගේ මුදල් පසුම්බිය හෝ අත් බෑගය මේ දැන් නැතිවී තිබේ. දැන් නැවත ගමට යාමට අවශ්‍යයි.

"අතට සල්ලි එපා අයියා. බස්‌ එකට නග්ගලා ටිකට්‌ එක අරන් දෙන්න ප්ලීස්‌"

ඒ අසරණ වූ ඔවුනගේ අහිංසක ඉල්ලීමයි. මෙහි වංචාවක්‌ හෝ ප්‍රොaඩාවක්‌ නොදකින නගරයට ආගන්තුක ගැමියාගේ හිත වහා උණුවී ඔහු ඒ අසරණයාව අසල කඩයකට රැගෙන ගොස්‌ තේවතුර පවා ඇරගෙන දී ගමට යැමට අවශ්‍ය මුදල මිට මොලවයි.

ඉල්ලන්නා ගැන කුඩා හෝ සැකයක්‌ ඇතිවුණ හොත් සමහර විට ඔහුව බස්‌ රථයක්‌ වෙතට ගෙනගොස්‌ අසුනක ඉන්දවා කොන්දොස්‌තර අතටම මුදල් දෙන මානව හිතවාදීන් ද අප රටේ ඇත. මෙය මගඩිකරුට එතරම් ප්‍රශ්නයක්‌ නැත. මන්ද ඔහු කරන්නේ කොන්දොස්‌තරගෙන් එම මුදල හෝ ඉන් වැඩි කොටසක්‌ යළි ඉල්ලාගෙන ඊළඟ නැවතුමෙන් බැස යළි තම රස්‌සාව පටන් ගැනීමයි.


Connected...(3)
 
Last edited:
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
නගරයට එන අය මැදියම් රාත්‍රියේ පිටකොටුව පාළු වීදී වල හක්‌කලං කරද්දී ඔවුන්ව සල්ලාල කමට පොළඹවා සුර සැප දෙන බවට පොරොන්දුවී වසා දමා ඇති කඩයක්‌ පිටුපසට හෝ කඩ කාමරයක බිත්තියකට හේත්තු කළ ලෑලි පළු දෙකක්‌ අස්‌සට රැගෙන ඔහුගේ කලිසම බලෙන්ම මෙන් ගලවා ඉණ ඉහ අතගාගෙන "මෙන්න වනචර කමට එනෝ" කියා කෑ මොර දෙන අම්මණ්‌ඩිලා ද මෙහි අඩු නැත.

නුගත් ගැමියන් පමණක්‌ නොව නගරයේ මෙවැනි ගැට වලට හසුව දහස්‌ ගණන් මුදල් නිකරුණේ ගැහැණුන්ට පූජා කළ බොහෝ දෙනා අවම වශයෙන් ළඟම පොලිසියට වත් පැමිණිලි නොකර පාඩුව විඳගෙන යන්නට යන්නේ තමා අතද වරදේ කෙටසක්‌ ඇති බව හොඳාකාරව දන්නා නිසා විය හැක. නිවාඩුවට ගම්බිම් බලා යන ත්‍රිවිධ හමුදා භටයන්, රෑ මුරය අවසන්ව ගෙදර යන හෝටල් හා කැසිනෝ වල වැඩ කරන නොමේරූ තරුණයන්, සංගීත ශිල්පීන්, අවසන් බස්‌ රථය මඟ හැරී පිටකොටුවේ රැය ගෙවන්නට සිදු වූ මඟියන් වැනි බොහෝ දෙනෙක්‌ මෙලෙස මෙම මගඩිකරුවන්ට අසුව නගරයේ නන්නත්තාරව කැරකෙනු දැකීම අපට නම් සුලබ කරුණකි.

තුන්මුල්ල, බෙම්මුල්ල අළුබෝමුල්ල හෝ වනාතමුල්ල වැනි නගර බොහෝ අයට හුරු වුවත් පෙම්මුල්ල නමැති තැන සමාජයට පැමිණ වැඩි කලක්‌ නැත. පෙම්මුල්ල ලෙසින් අද හඳුන්වන්නේ වායු සමනය කරන ලද නගරාන්තර අධි සුඛෝපභෝගී බස්‌ රථ වල ඇති පිටුපසම ඇති ආසන වල කෙළවර කොණයි. මෙය නොනිල වශයෙන් වෙන් වී ඇත්තේ තරුණ පෙම්වතුන්ගේ අසංවර ප්‍රේමාලිංගන වලට බව අප දන්නා කරුණකි.

නමුත් බසයට මුලින්ම ගොඩවී මේ පෙම්මුල්ලේ කොණක අසුන්ගෙන නිදා වැටෙන සරාගී පෙනුමක්‌ ඇති තරුණ හෝ මැදිවියට ළංවූ කාන්තා පිරිසක්‌ ද සිටී. ඇඟෙහි රත්‍රන් පැළඳ යමක්‌ කමක්‌ ඇති බව පෙනෙන අයෙක්‌ බසයට ගොඩ වෙද්දී ඉඟි බිඟි පා තමුන් වෙතට කැඳවා ළඟින් වාඩිකරවා ගැනීමට මේ අය අති දක්‍ෂය. කිටි කිටියේ හිරවුණු කෙටි සායට පහළෙන් දිස්‌වෙන කළවා යුගලයට ගැඹුරට හෑරුණ හැට්‌ට කරෙන් එළියට පනින්නට දඟළන පිරිපුන් දෙතනට ලොල් බැඳ ආලේපිත රන් අබරණ හා මුහුණේ වත්සුනු ආටෝපය හරහා එන මුකුළු සිනාවට රැවටී ඇය ළඟින් වාඩි නෙවෙන්නේ රහත් බවක්‌ ලැබූ හෝ ජීවිතයේ බොහෝදුරට කෙලෙස්‌ නැසූ බ්‍රහ්මචාරියකු පමණි. කෙසේ වෙතත් එසේ වාඩිවූ තැනැත්තාට අන්තිමට සිදු වන්නේ බසය අවසාන වන තැනින් සුද්දෙටම සුද්ධ වී බැස යන්නටයි. ඒ ද කොන්දොස්‌තර මල්ලීගේ අවදි කිරීම නිසයි. පියවි සිහිය ආවිට ඔහුට මතක්‌ වන්නේ ඒ තරුණිය ළඟ අසුන් ගත් බවත් මඳ වෙලාවකට පසු ඈ හා කථාවට වැටුණු බවත් ඇඟට ඇඟ ස්‌පර්ශ වූ බවත් ඇය දුන් චොක්‌ලට්‌ පෙත්ත හෝ චුවින්ගම් කෑල්ල කටේ දා ගත් බවත් පමණි. සිංහලයා යනු ඉක්‌මනින්ම ඕනෑම දෙයක්‌ අමතක කර දමන ජාතියක්‌ බව පිරබාහරන් කියා ඇතැයි අප අසා ඇත. ත්‍රස්‌වාදියකු කියන දෙය අපි විශ්වාස නොකරමු. නමුත් අමතක වන ගතිය සිංහලයාට පමණක්‌ නොව මනුෂ්‍ය වර්ගයාටම පොදු රෝගී තත්ත්වයක්‌ නිසා නැවත නැවතත් අපි මගඩිකාරයන්ට අසුවෙමු. ජල්තර වලට ගොදුරු වෙමු අපි කොච්චර වැඩකාරයෝ වුණත් හැම තත්පරයෙම අපි කාට හරි වචනයකින් හරි අහු වෙනව කියා මගේ මිතුරෙක්‌ වරක්‌ මට පැවැසීය. ඔහු කීවා හරිය. හරියටම පසුගිය මහ ඡන්දය දින රාත්‍රියේ ගැට කපන්නකු මගේ සාක්‌කුවේ තිබී රුපියල් හත්දාහකට විද්දේය. එමෙන්ම මගේ ළඟින්ම නිතර ඇති මගේ ඩිජිටල් කැමරාව අරන් එකෙක්‌ පැන්නේ ගිය ඉරිදාය. ඔහු එය විනාඩි කීපයක්‌ ඇතුළතදී රත්මලානේ දුම්රියපළ අසල ත්‍රීවිල් රියදුරෙකුට උකස්‌ කර තිබුණි. මැරකමට කුප්‍රසිද්ධ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ දේශපාලනඥයෙකුගේ ගෝලයෙක්‌ යෑයි කියන මේ පාතාල සාමාජික ත්‍රීවිල්කරුවා උකස්‌ ගත් මගේ කැමරාවට ජල්තරය දැමීමට උත්සාහ කළද දින දෙකක්‌ තුළදී අපේ දෙපා මුලටම මගේ කැමරාව ගෙන්වා ගන්නට මට හැකිවිය. මා මේවා කියන්නේ ඉඳහිට අපද මගඩි වලට අහුවන බව කියන්නයි.

මේ උත්සව සමය නිසා නගරයට එන අය බොහෝ පරිස්‌සම් විය යුතුය. ඔබ අහුවන ගැටයට බොහෝ විට වග කියන්නට වන්නේ ඔබටම පමණි. සමහර පොලිසි වල අය කියන්නේ හොරාව පෙන්නන්න. එහෙමත් නැත්නම් බඩු තියෙන තැන කියන්න. අපි අරන් දෙන්නං කියාය. (හැමෝමත් එහෙම නැත) ප්‍රතිකාරයට වඩා පෙර වැළැකීම හොඳ බව නැවත කියමි.


http://www.divaina.com/2011/04/10/feature12.html
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    omg I have just read this article. can't believe about people.
    fucking srilankans.
    :confused: oyata lankawe minissu ekka mokak hari prashnayak thiyenawa wage..
    owa karanne lankawe minissu thamayi..habai owata ahu wenneth lankawema ahinsaka minissu..eka hinda srilankans kiyala okkotama baninnepa :P

    anika owage weda karana minissu inna ekama rata lankawath nemei;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me wage minissu pitakotuwe nam ananthai apramanai..hondama de thaman karanna apu wade karagena pitakotuwen pita wena ekai..boru hithawath kam pana aya..udawu karanna ena aya wishwasa karanna honda na...samanya daneema thiyenawanam berena eka simple..

    pandara 4ta 5ta hari re 12ta 1ta withara hari pita kotuwe giyoth thamnge game aya godak hoyaganna puluwan :lol:
    nathnam loku loku than wala job karana aya..rupavahini sansthawe kiyai..mokak hari amathyansheka kiyai :lol:

    ewage jalthara karayange kathandara hondata ahagena indala thiyenawa man :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    thanx for de info....(You must spread some Reputation around before giving it to samankumara999 again.)
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :confused: oyata lankawe minissu ekka mokak hari prashnayak thiyenawa wage..
    owa karanne lankawe minissu thamayi..habai owata ahu wenneth lankawema ahinsaka minissu..eka hinda srilankans kiyala okkotama baninnepa :P

    anika owage weda karana minissu inna ekama rata lankawath nemei;)

    :lol:
    lankave minissu ekka prasna thiyenava nam man mekata enavada? lol
    man kivve namuth atta. anika mama inneth lankave thami podi kale idalama mehe ipadunne natuunata/
    namuth mama dangena hitte na ova gana.