කොළඹ පානීය ජල බෝතල්වල මිනිස් අසූචි කොටස්
Source http://www.lankagossipgirl.com/2014/10/bottled-water-found-to-contain.html
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පානීය ජල බෝතල් අලෙවි කළ සමාගම් දෙකක නිෂ්පාදනය තහනම් කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර ඇත.
පාරිභෝගික අධිකාරිය වෙළෙඳ පොළෙන් ලබාගත් ජල සාම්පල රජයේ වෛද්‍ය පරීක්ෂකයකු වෙත යොමුකර ඇති අතර එහිදී මෙරට ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන ක්‍රිස්ටල් සහ කේ. චොයිස් යන ජල බෝතල්වල මිනිස් මළවල අන්තර්ගත බැක්ටීරියා සහිත බව තහවුරු වී තිබේ.
අදාළ සමාගම්වලින් දිවයින පුරා බෙදාහැර ඇති සියලුම ජල බෝතල් ඉවත් කිරීමට සහ නැවත දැනුම් දෙන තුරු ජල බෝතල් නිෂ්පාදනය අත්හිටුවීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර ඇත.
මීට අමතරව අදාළ සමාගම් ජල බෝතල් සඳහා ජලය ලබා ගන්නා මූලාශ්රවල ජල සාම්පල් ලබාගෙන වාර්තාවක් ලබාදෙන ලෙසටද අධිකරණය මගින් නියෝග කර තිබේ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරිය සියලුම ජල බෝතල්වල සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණාගාරයට යොමුකර තිබිණි.