කොළඹ යාචකයින්ට ළඟදීම රැකියා

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කොළඹ යාචකයින්ට ළඟදීම රැකියා

කොළඹ නගරයේ සිටින යාචකයින් පුනරුත්ථාපනය කර ඔවුන්ව කුඩා ව්‍යාපාර, ස්ව්‍යං රැකියා හා පිරිසිදු කිරීමේ රැකියාවලට යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව රජය කියයි.

කොළඹ නගරය තුළ සිටින යාචකයින් පුනරුත්ථාපනය කර සමාජ ගත කිරීමේ මෙම වැඩපිළිවෙල සමාජ ආරක්ෂණ අමාත්‍යංශය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශවල සහාය ඇතිව කොළඹ නගරයේ සිටින යාචකයින් හඳුනා ගැනීමට පියවර ගෙන තිබෙන බවත් සඳහන්ය. සමාජ සේවා අමාත්‍යාංශය හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙන බවත් යාචකයින් පුනරුත්ථාපනය කරන රැකවරණ රැඳවුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත බවත් රජය කියයි.

මෙම වැඩසටහන යටතේ යාචක පවුල්වල දරුවන් සිටී නම් පෙර පාසැල් සහ පාසැල් වෙත යොමු කිරීමටද සැලසුම් කර තිබේ. මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ නගර සභාවේ, බස්නාහිර පළාත් සභාවේ සහය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහායද ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බව රජය සඳහන් කරයි.

අවසන් වරට 2004 දී කළ සමීක්ෂණයකදී කොළඹ නගරයේ යාචකයින් 1300 කට අධික පිරිසක් වූ බව සමාජ සේවා අමාත්‍යාංශය පවසයි.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Ekanam hodai ban mokada bus ekaka yannath ne vadi hariya horune inne oya horu set ekanam okata kamatji vena ekak ne
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොන පිස්සුද කොහෙන් හරි පැනලා ඇවිත් පරණ රස්සාවටම ආපහු සෙට් වෙයි!! හිගාකන එක තරම් ලාභදායක රස්සාවක් කොහෙද???
    ඒ නිසා,
    පුනරුත්ථාපනය කර උන් ටික දේශපාලනයට යොමු කළානම් වඩා හොදයි !!!
    :lol::lol: