කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93

    දෙවන අදියරේ කැණීම්වලින් හමුවූයේ මොනවා ද?


    මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු කරනු ලබන අතර එක් හිස් කබලක් අද (සැප්තැම්බර් 26 වැනිදා) ගොඩගෙන තිබේ.


    මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු කරනු ලබන අතර එක් හිස් කබලක් අද (සැප්තැම්බර් 26 වැනිදා) ගොඩගෙන තිබේ.

    ඊට අමතරව පුද්ගලයන් තිදෙනෙකුගේ ඇට සැකිලි පාදාගෙන ඇති අතර හිස් කබල් තුනක් මිනීවළ තුළ දක්නට තිබේ.

    හෙට සහ අනිද්දා දිනවල ද කැණීම් කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.


    සමූහ මිනීවළ කුමන කාලයට අයත් ද?​


    ශ්‍රී ලංකාවේ මෑතක දී හමුවූ සමූහ මිනිවළවල්  ලැයිස්තුවට තවත් එකක් එක් කරමින් කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් තවත් සමූහ මිනිවළක් මතුව තිබේ.


    ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.

    ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ (සැප්තැම්බර් 05 වැනිදා) මිනිවළේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණි.

    මෑත කාලයේ මෙරටින් හමුවු සමූහ මිනීවළවල් හි කැණීම් කළ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙම සමූහ මිනීවළේ කැණීම් කටයුතු මෙහෙයවනු ලබයි.


    කුමන කාලයට අයත් මිනීවළක් ද?​


    මෙතෙක් මෙම මිනීවළේ කාලය සම්බන්ධව කිසිවක් අනුමාන කළ නොහැකි බව මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේය.

    “මෙතන තියෙන මේ ව්‍යවුල් සහගත තත්ත්වය නිසා මේක හරීම සංකීර්ණ ස්ථානයක්. දෙපාරක් පාරවල් දාලා තියෙනවා, බෝක්කු හදලා තියෙනවා, සංවර්ධනයට ලක් වෙච්ච ප්‍රදේශයක් නේ. ඒ නිසා මෙතන සංකීර්ණ ක්‍රියාවලියක් වෙලා තියෙනවා.” මහචාර්යවරයා පැවසීය.

    “අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්නත් බැහැ. අපි තාම ඇටසැකිලි ලෙවල් එකට ඇවිල්ලත් නැහැ, තාම උඩ ඉඳලා තමයි යන්නේ. තව දවස් දෙකක් තුනක් විතර යයි අපිට ඇට සැකිලි මට්ටමට යන්න.” යැයි සමූහ මිනීවළේ දැනට තත්ත්වය සම්බන්ධව මහාචාර්යවරයා බීබීසි සිංහල සේවයට විස්තර කළේය.



    “අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්නත් බැහැ. අපි තාම ඇටසැකිලි ලෙවල් එකට ඇවිල්ලත් නැහැ, තාම උඩ ඉඳලා තමයි යන්නේ. තව දවස් දෙකක් තුනක් විතර යයි අපිට ඇට සැකිලි මට්ටමට යන්න.”


    88/89 කාලය අදාළ සුසානයක් දැයි සැකයක්​


    අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනීවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි.

    “එකක් තමයි නාවික හමුදා කඳවුර එතන තිබුණා. වරාය පොලිසිය කියන එක 88/89 කාලයේ සහ යුද්ධ කාලේ සැකකාරයෝ රඳවා ගැනිමේ තැනක් හැටියට ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. ඔන්න ඔය කාරණා උඩ තමයි අපි සැක කරන්නේ මේක 88/89 ටත් අදාළ අයගේ විය යුතුයි කියලා.” යැයි අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සැකයට හේතු පැහැදිලි කරමින් බීබීසි සිංහල වෙත පැවසීය.

    පසුගිය කාලය පුරා සොයා ගනු ලැබු සමූහ මිනීවළවල් හි පරීක්ෂණ ඉදිරියට නොගියේ රජයන්ට සත්‍ය සොයා බැලිමේ දේශපාලන වුවමනාව නොතිබුණ නිසා බවට හෙතෙම චෝදනා කළේය.

    ඊට හේතු ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කළේ නැවත කැරැල්ලක් හෝ රජයට එරෙහිව මහජන නැගිටීමක් සිදුවුවහොත් ඊට එරෙහිව භාවිතා කළ හැකි හොඳම මර්දන ක්‍රමය අතුරුදහන් කිරිම බවට ඔවුන් සිතනවා විය හැකි බව ය.

    අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව පවසන පරිදි මෙය මෙරටින් අහඹු ලෙස හමුවු 22 වැනි සමූහ මිනීවළයි.


    අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනිවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි.

    | අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනීවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි

    ‘කාබන් පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ’​


    මීට පෙර සොයා ගනු ලැබූ සමූහ සුසානවල කාබන් පරික්ෂණ සම්බන්ධයෙන් ද අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපතිවරයා සැක පළ කළේය.

    “විශේෂයෙන්ම මාතලෙන් කාබන් පරීක්ෂණවලට යවපු ඇටකටු නිසි නිරීක්ෂණයක් යටතේ ගියයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ ඕනෑම තැනකට රජයට උවමනා දේශපාලනය අනුව තීන්දු වෙනස් කරන්න පුලුවන් කියන විශ්වාසයේ තමයි අපි ඉන්නේ.”

    “මේ ඇටකටුවල තියෙන DNA සමග සසඳන්න පුලුවන් දෙමව්පියන්ගේ DNA බැංකුවක් නැහැ. ඒ නිසා ඒ මිනී කාගෙද කියලා අඳුරගන්න උපකාරයක් නෑ. අනිත් එක ආණ්ඩුව දිරිමත් කරන්නේ නැහැ. ඒ පවුල්වල සාමාජිකයන් හෝ සිවිල් සමාජවල මැදිහත්වීම දිරිමත් කරන්නේ නෑ. මේ කාරණා උඩ තිබිච්ච ඒවත් අසාර්ථකයි.” යනුවෙන් ඔහු කියා සිටියේය.


    'ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්' සමූහ සුසාන ගැන වාර්තාව​


    දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පහක් එක්වී ලංකාව පුරා විසිරී ඇති සමූහ මිනීවළවල් ගැන තෙබසින්ම සකසා ඇති සවිස්තර වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජුනි මාසයේ දී ය.
    “ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්” ලෙස නම් කර ඇති, දිවයින පුරා විසිරී පවතින සමූහ මිනිවළවල් අතරින් වසර 30 ක් තිස්සේ කැණීම් කළ මිනිවළවල් 20ක් පිළිබඳ සවිස්තර තොරතුරු සහ සිතියම් සහිතව පිටු 70කට වඩා වැඩි එම වාර්තාව මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD), කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN) අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව (FOD), සත්‍යය සහ යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන ඒකාබද්ධව සකසා ඇත.

    සමූහ මිනීවළවල් හාරා පරීක්ෂණ පැවැත්වීමේ සංස්ථාපිත අසාර්ථකත්වයේ රටාවක් විස්තර කෙරෙන ඒකාබද්ධ වාර්තාවෙන් පරීක්ෂණවලට රජය ආයතනික වශයෙන් කරන අතපෙවීම් ද හෙළිකර ඇතැයි වාර්තාව සැකසීමට දායක වු සංවිධාන පවසයි.

    - BBC සිංහල
     
    • Like
    Reactions: Jiro and batwise

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හාමුට චන්ද්‍රිකා ගොඩගියා වගේ මිනීවලක් හාරලා ගොඩයන්නත් පුලුවන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මාතලෙ මිනී වලේ ඇටකටු වලට වුනේ මොකද ? හැම පලාතකම වගේ සලකුනු නැති සමූහ මිනීවලවල් තියෙන පිං බිමක්
     
    • Sad
    Reactions: sylvaticus

    Similar threads