කොළඹ වහල් දූපත ( Slave Island )

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    කොළඹ වහල් දූපත ( Slave Island )

    වහල් දූපත ලෙස සිංහල වහරට ගැණුන ‘‘ස්ලේව් අයිලන්ඞ්’’ හි මෙයට සියවස් තුන හතරකට පෙර කාපිරින් රඳවා සිටි පෙදෙසකි. වර්තමාන කොළඹ දෙක ලෙස හඳුන්වන කොම්පඤ්ඤවීදියට අයත් ප‍්‍රදේශයේ මෙම වහල් දූපත තිබුණා යැයි සැලකේ.

    ආචාර්ය කේ.ඞී. පරණවිතාන මහතා පවසන පරිදි කොළඹ ජනප‍්‍රියම නම හා ස්ථානයත් මේ කොම්පඤ්ඤ වීදියයි. පසු කලෙකදී රෝහල් සමුපකාර, කාර්යාලය, කුරුඳුවගා, ආගමික ස්ථාන, ගුවන් හා යුද හමුදා කඳවුරු, වෙළෙඳ ව්‍යාපාරික ආයතන රාශියක් කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇත.

    ඇෆ්ගන් ජාතිකයන් බහුලව සිටි නිසා ඇෆ්ගන් ටවුම ලෙසත්, කාපිරි ජාතිකයන් සිටි නිසා කාපිරි නගරය ලෙසත්, මැලේ ජාතිකයන් සිටි නිසා මැලේ නගරය ලෙසත් විටින් විට හැඳින්වූ කොම්පඤ්ඤවීදිය ඇතැම් විට දී ‘‘බේරේ ටවුන්’’ ලෙසද ඇතැම් ඉංග‍්‍රීසි හා සිංහල ලේඛනවල දක්වා ඇත.

    කොම්පඤ්ඤ වීදියට වහල් දූපත යන නම හැදුණු ආකාරය ගැන ඇත්තේ මෙවන් කතාවකි. 1630 දී පමණ පෘතුගීසින් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැුගෙන එන ලද කාපිරි ජාතිකයන් සිටි නිසා වහල් දූපත ලෙස නම් වූ බව කියැවේ. ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශයේ සිට මලබාර් වරායෙන් මෙම කාපිරි පිරිස් මෙරටට ගෙන්වා ඇත්තේ වහල් සේවයේ යෙදවීමටය. ලෝකයේ බොහෝ පෘතුගීසි යටත් විජිත වල මෙම අප‍්‍රිකානු කාපිරි ජාතිකයන් වහල් සේවයට ගෙන සේවයේ යොදවා ඇත.

    ඇතැම්විට වෙළෙඳ භාණ්ඩ ලෙසත්, සොල්දාදුවන් ලෙසත්, කඳවුරු සහයකයන් ලෙසත්, ද්‍රව්‍ය ප‍්‍රවාහකයන් ලෙසත්, මෙම අප‍්‍රිකානුවන්ව සුදු ජාතිකයන් විසින් යොදවා ගත් බව සඳහන්ය. මෙලෙස යොදා ගත්තේ මෙම පිරිස් අයිතිව සිටි ස්වාමිවරුන්ට මුදල් ගෙවා බවද පැවසේ.

    ස්වභාවයෙන්ම සැහැසි ජාතියක් වූ නිසා මොවුන්ගේ විශාල තොල් යා වන පරිදි යකඩ ඉබ්බන් දමා අත්වලට මාංචු සහිත යකඩ දම්වැල් දමා ඇතැම් විට මෙරට සේවයේ යොදවා තිබී ඇත. ඒ ඔවුන් ඇතැම්විට මිනිසුන් සපා මරා දමනු ඇතැයි යන බිය නිසාය. මන්දයත් මෙම කාපිරි ජාතිකයන් මිනී මස් බුදින්නන් ලෙස ඇතැම් රටවල ප‍්‍රචලිතව සිටි නිසාය.

    කෙසේ හෝ මෙරටට ගෙනා කාපිරි පිරිස් පෘතුගීසීන්ගේ නොයෙක් වගා බිම්වල, ගෘහ සේවයේ යොදවා තිබුණි. පෘතුගීසීන් පමණක් නොව ලන්දේසීන් ද මෙම පිරිස් වගා බිම්වල යොදවා ආහාර ද්‍රව්‍ය වගා මෙන්ම වීද වගා කරවූ බවත් සඳහන්ය. ඇතැම් යහපත් චර්යා දැක්වූ පිරිස් කොළඹ රෝහලේ සාත්තු සේවයට ද යෙදවිණි.

    18 වැනි ශතවර්ෂයේ දී පමණ මෙම කාපිරින්ගේ කැරැල්ලක් හටගෙන ඇත. එහිදී පාරවල් දෙපස ගොඩ නැගිලිවලට හානි පමුණුවමින් මෙම කැරැල්ල පැතිර ගොස් තිබේ. මොවුන් ඉතා ප‍්‍රචණ්ඩ අයුරින් එහිදී හැසිරී සිටි බවද සඳහන්ය.

    එම කැරැල්ලේදි බැරැන්ට් වැන්ඩර් ස්ටොන්ස් නම් පිස්කල්වරයා හා ඔහුගේ බිරිඳ නිදි යහනේදීම කිරිච්චියකින් ඇණ මරා දමා ඇත.

    කෙසේ හෝ වැන්ඩර් පිස්කල්ගේ නිවසේ සේවය කළ එම කාපිරි ජාතිකයා මිනී මැරුමට පෙර ඔවුන්ගේ නිදි යහනයට සැඟවී සිට ඔවුන් නින්දට යනතුරු බලා සිටි බවත් එවක මූලාශ‍්‍රවල ලියැවී ඇත.

    එවකට ආණ්ඩුකාර අයිසැක් මේෆ්ට මෙම කැරැුල්ල දැඩිව මර්දනය කිරීමට පියවර ගත්තේය.

    කැරැල්ල මැඩ පැවැත්වූ පසු සෑම දිනකම ඒ ඒ ආයතනවල, නිවාස වල වැඩ කළ කාපිරි ජනයා සියලූ දෙනාම ‘‘කාපිරි තැන්න’’ නම් ස්ථානයට කැඳවා ඇත. එහිදී සියලූම දෙනාගේ නම් අඬගසා අඩු අය කවුරුන්දැයි සොයා බැලිණි. ඉන් පසුව කොටුවේ කොටු බැමි අතර පටු පාරක් දිගේ කැඳවාගෙන සැලි පෝර්ට් යන ස්ථානයට ගෙනගොස් ඇත. සැලි පෝර්ට් යනු එවකට වැවේ තිබූ තොටුපළක් වීය.

    එහිදී තිබූ බෝට්ටුවලට මෙම කාපිරින් පටවාගෙන ලංදේසි බසින් අයිජේ නමින් හැඳින්වූ කඩතොළු සහිත දිවයිනකට රැගෙන ගොස් ඇත. එම දිවයින අර්ධද්වීපයක් ලෙස තිබූ එකකි. එම අර්ධද්වීපයට කැඳවාගෙන ගිය මෙම පිරිස ලැයිම් හා මුඩුක්කු වල පදිංචි කරවා ඇත.

    ඒ නිසාම සියවස් තුනක් තිස්සේම වහලූන්ගේ දූපත ලෙස මෙය හඳුන්වා ඇත. එය ‘‘වහලූන්ගේ දූපත’ ලෙස හංවඩු ගැසීම නිසා පසු කලෙක බොහෝ විචාරක දෝෂ දර්ශනයට ද ලක්ව ඇත. මෙයට වහල් දූපත ලෙස බි‍්‍රතාන්‍යයන් නම් කෙරූ බවද ඇතැම්හු සළකති.

    එහෙත් වර්ෂ 1845 දී පමණ බි‍්‍රතාන්‍යයන්ම මෙරට වහල් සේවය තහනම් කර ඇති අතර එය නීතීගත කර ඇත. ලංකාවේ වහල් සේවය තහනම් කර දිගු කලකට පසු ලෝකයේ වහල්සේවය තහනම් කිරීමද විශේෂත්වයකි.

    මුල්ම අවධියේදී රෝගී හා මහලූ අය මෙම දූපතේ රදවා තිබූ බව ඉංග‍්‍රීසි මූලාශ‍්‍ර වල සඳහන් ය.

    1807 දී පමණ කාපිරි ජාතිකයන් හත්සියයක් පමණ මෙරට සිටි බව කෝඩිනර්ගේ වාර්තාවල සඳහන්ය. පුත්තලම, මඩකළපුව, ත‍්‍රිකුණාමලය ආදී ප‍්‍රදේශවල පසුකාලයක මෙම ජාතීන් සුළු වශයෙන් පැතිරී ගොස් ඇත.

    ස්ලූයිස්කින් නම් කපිතාන්වරයකුගේ මන්දිරයක කාපිරි තූර්ය වාදක කණ්ඩායමක් සිටි බවද ඉතිහාස මූලාශ‍්‍රවල සඳහන්ය. ‘කපිර් වෙල්ඞ්ට්’ නම් විවෘත බිමක මෙම කාපිරි වෙනුවෙන් 1875 දී පමණ බිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කරනු ලැබූ බව ද සඳහන්ය. එහිදී එක් මායිමක් ලෙස වත්මන් බේරේ වැවත්. අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බවද සඳහන්ය.

    කෙසේ හෝ ලන්දේසි යුගයේ කොළඹ කොටුව නිර්මාණයට කාපිරි ජාතිකයන් යොදවා ගත් බවත් එකල කාපිරින් හාර දහසක් පමණ මෙරට සිටි බවත් ආණ්ඩුකාර ගොයන්ස්ගේ වාර්තාවක සඳහන්ය.

    මුවෙන් චිකෝ නි සංගීත රාවයත් චතුරංග හෙවත් ක්වෝඩි‍්‍රල් නැටුමත් මෙම කාපිරින්ට ආවේණික වටිනා සංස්කෘතික දායාද බව ද සැලකේ.

    කාපිරියකු විසින් මරා දැමුණු වෙරන්ට් වැන්ඩර් වරයාගේ නිවස පසු කලෙක භූතයන් හොල්මන් රජකළ නිවසක් බවද කට කතා පැතිරී ඇත. එම නිවසේ පසු කලෙක පදිංචි වූවන්ට වැඩිකලක් ගතකිරීමට තරම් හැකියාවක් නුවූ නිසා පසු කලෙක බි‍්‍රතාන්‍යයන් කෝපි ගබඩාවක් ඉදිකර ඇත. පසු කලෙක එම කෝපි ගබඩාව කඩා ඉවත් කර ඇති අතර අද එය තිබූ තැනක්වත් සොයාගත නොහැකිය.

    කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ල අසල ඇචිලන් බැරැක්ක වලට යාබදව කපිර් වෙල්ඞ්ට් හෙවත් කාපිටි තැන්න තිබී ඇත. ඕලන්ද බසින් කපිර් වෙල්ඞ්ට් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යැයි සැළකේ. එය පසුව කාපිරි මුඩුක්කුව ලෙස හඳුන්වා මෑත දශක දෙකකට පමණ පෙර කෝසල පටුමග ලෙස හඳුන්වා ඇත.

    කාපිරින් ලංකාවට ගෙනෙනාවිට ලංකාවේ වහල් සේවය නොතිබුණි. එය ලංකාවාසීන්ට ආධුනික දෙයක් විය.

    හත්ති කුච්චි සෙල් ලිපියේද ක‍්‍රි.ව. අට වැනි හා නව වැනි සියවස්වල මහා තිත්ථවල කාපිරි මිනිසුන් සිටි බව අරාබි වාර්තා වලද සඳහන් ව ඇත. ඇතැම් කාපිරින් විහාරස්ථානවල ඇබිත්ත තනතුරේද සිට ඇත.

    1815 දී සිංහල මුස්ලිම් කෝලහල වලටද සම්බන්ධ වූ මෙම ප‍්‍රථම හා දෙවන ලෝක යුද සමයේදී යුද සේනාංකවලටද අපේරට වෙනුවෙන් යුද්ධයට සහභාගි වී ඇත. එපමණක්ද නොව රොබට් නොක්ස්ගේ වාර්තාවලට අනුව දෙවැනි රාජසිංහ රජු තම ශ්‍රී විභූතිය වර්ණවත් කිරීමට කාපිරි යුද සේනාංකයක්ද භාවිතා කර ඇත.

    කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉංග‍්‍රීසීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද විට රජුගේ සේනාවේ කාපිරින් දෙසීයක් සේවය කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල සඳහන්ය.පිරිමි අය මෙලෙස යුද කටයුතුවල නිරත වූවද කාන්තාවන් ගෘහ සේවයේ ඉවුම් පිහුම් කටයුතු වලට සහභාගි වී ඇත.

    කෙසේ වෙතත් විසිවන සියවසේදී පමණ ලංකාවේ පුවත්පත් වලින් මෙම කාපිරි ජනතාව සිටි ප‍්‍රදේශය හැඳින්වූ වහල් දූපත යන්නට එරෙහිව ප‍්‍රබල හඬක් නංවා ඇත. ලන්දේසි ඉංජිනේරුවරයකු වූ ‘ද බියර්’ සිහිවීමට කාපිරි ජනයා සිටි මෙම ප‍්‍රදේශයේ වැව බේරේ වැව ලෙස නම් කළ බැව් ඇතැම්හු පවසති. එලෙස බේරේ වැව කියා නම් කළානම් වහල් දූපත යන නම නොදා ‘‘බේරේ නගරය’’ ලෙස නම් නොකළේ ඇයි දැයි ඇතැම්හු ප‍්‍රශ්න කරති.

    එහෙත් ද බියර් සිහිවීමට බේරේ වැව කියා නම් කිරීම පිළිගත නොහැකි බවද තවත් අය කියති. 1659 දී ලංදේසි ජාතික මිනින්දෝරු ඒඩි‍්‍රයන් ද ලීව් නම් නගර නිර්මාණකරු හා මිනින්දෝරුවා කොළඹ කොටුව නිර්මාණය කරන විට වත්මන් බේරේ වැවට කිසිදු නමක් නොතබා ජලාශය යැයි නම්කර ඇත. 1796 දී සිතියමක කොළඹ විල ලෙස නම් කර තිබුණද බේරේ වැව යන නම නිල වශයෙන් ලැබී ඇත්තේ 1927 වර්ෂයේ දීය.

    කෙසේ හෝ වහල් දූපත ලෙස හැඳින්වූ මෙම ස්ලේව් අයිලන්ඞ් නම් ප‍්‍රදේශයේ කිසිදු දූපතක් මේතාක් හමුවී නොමැති බව ඉතිහාසඥයෝ මත පළකරති.

    සියවස් දෙක තුනක් තිස්සේ කොළඹ නගරයේ ඉතාම මනස්කාන්ත නිසංසල දර්ශනයක් වූ බේරේ වැව පෘතුගීසි, ලංදේසි හා ඉංග‍්‍රීසින්ගේ අපමණ වර්ණනාවන්ට ලක්ව ඇත. කලක් එහි ඔරු පැදීම්. බිලීබෑම් වැනි තරඟ පැවැත්වූ බවද සඳහන්ය. එවන් සුන්දර දර්ශන වලට හිමිකම් කියූ බේරේ ජලාශය අද වන විට බොහෝ දෙනාගේ නාසය දුඟදින් හකුළුවන ස්ථානයක් බවට පත්ව ඇති බවද කිව යුතුමය.


    image001 (1).jpg

    image002.jpg

    image003.jpg

    ගත්තේ නම් ඊයකින්. හොදනම් ඉතින් රෙප් තමා.
    (ගෞරවය මුල් කතෘට හිමිය)
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    danatat ithin colomb inda api wada ahriyak akranne wahal wada tama. wadi wenasak na. :no:

    Thanks for sharing :D
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    danatat ithin colomb inda api wada ahriyak akranne wahal wada tama. wadi wenasak na. :no:

    Thanks for sharing :D

    ela ela....

    :(

    Thank You!!

    Thankx..


    Thankx..

    Very Interesting ! Reps+++ added.
    Thank You,Rep back...

    good post
    Thank You!!

    ෂර්ලොක් holmes;13435845 said:
    Thank You!!!

    Thank You!!
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    THANKS FOR SHARING SUCH VALUABLE INFORMATION OF OUR HISTORY BROTHER.
    KEEP THE GOOD WORK. PLEAS POST SOME MORE VALUABLE STORIES OF OUR HISTORY.

    REP ++