කොළ_කෑමෙන්_ඇදුමට_වැට

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
කොළ_කෑමෙන්_ඇදුමට_වැට

cabbage-2.jpg


කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙයි. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති.

සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක් ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්‍රතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත් ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.

ඔස්ට්‍රෙලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එම තත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ගෞරව උපාධිධරයකු වන නඩියා මැසරාකිස් පවසයි. මැසරාකිස් පර්යේෂණය සිදුකැර ඇති අතර එහි අධීක්ෂණය ආචාර්ය ටොම් කරගින්නිස් විසින් සිදුකර තිබේ.

බ්‍රෝකොලි ගොවා විටමින් ඒ ,සි විටමින් බී 6 වලින් පරිපූර්ණය. එහි කැල්සියම් සහ තන්තු ඇත. ගෝවා පවුලේ ආහාරවල පිළිකා නාශක ගුණ ඇතැයි ද විශ්වාසයක් පවතී.

රසායනාගාර පරික්ෂණ මගින් ගෝවා, බොකුටු ගෝවා, බ්රෑසෙල්ස් අංකුර, මල්ගෝවා යනාදිය ආහාරට ගැනීමෙන් පෙනහළු ආබාධ ඇතිවීම අඩුකරන බවත් පෙනහළු ආබාධ වලින් පෙලෙන්නන්ගේ එම තත්වය ප්‍රකෘති මට්ටමට පත්වන බවත් පෙන්වා දී තිබේ.

ඇතැම් ඇදුම රෝගීන් දැනට භාවිතා කරන ඖෂධ වලට ප්‍රතිවිරෝධතාවක් දක්වයි. ආචාර්ය කරාගියනිස් පවසන්නේ මෙම පර්යේෂණ ප්‍රතිඵල එවැනි රෝගින්ට මහඟු උදව්වක් ලැබෙන බවයි.

මල්ගෝවා මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූයේ සුපිරි ආහාරමය තත්වයක් එහි පැවතීම සහ ඉහළ පෝෂ්‍යදායක තත්වයක් පැවතීම හේතුවෙනි. මෙම ආහාර විටමින් ඒ, සී සහ කේ මෙන්ම කැල්සියම් යකඩ සහ බීටා කැරොටින් වලින් අනූනය. කෙඳිති සහිත මේ ආහාරයට අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වීමත් මේදය නොමැති වීමත් එය දිනෙන් දින ජනප්‍රිය වීමට හේතුවකි.


cabbage-4.jpg


cabbage-1.jpg


-ලංකාදීප
 
  • Like
Reactions: Robin*Hood