ගැස්ට්‍රයිටිස්වලට මූරුංගා හොඳයි.

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    මූරුංගා කියූ විට කන්නට ටිකක් බියවෙනවා. ඒ මූරුංගා උෂ්ණ ආහාරයක් ලෙසින් අපේ සමාජය පිළිගෙන ඇති මතය නිසා. ඒත් ආයූර්වේදය පිළිගන්නා ලෙසට මූරුංගා උෂ්ණ ආහාරයක් නෙමෙයි. එය සැර (විෂ නසන ගතිය) ආහාරයක්. උදාහරණයක් බලමූ. මේවා වැඩිපූරම වැවෙන්නේ උෂ්ණ කලාපයේ. ඒ කියන්නේ මෙය වතුර ගතිය සහිත මදයක් සහිතව ඇති වී තිබෙන්නේ උෂ්ණ කලාපයට ගැළපෙන ලෙසයි. ඒ කියන්නේ කැකිරි, පිපිඤ්ඤා වගේ. ඇත්තටම ස්වභාව ධර්මය විසින් ඒ ඒ ප්‍රදේශයට ගැළපෙන ලෙස එළවළු සහ පළතුරු දායාද කර තිබෙන බවත් අමතක කරන්නට එපා.

    මූරුංගා දිරවීම පහසූ කරනවා. මළ බද්ධය නැති කරන අතරම කුසගින්න වැඩිකරනවා. තවද වාත දෝෂ මෙන්ම සෙම් නැති කිරීමටත් සමත්වෙනවා. හැබැයි සෙම් රෝග කියූ විට ඇදුම වැනි අසාද්මිකතා නිසා ඇතිවන සෙමට එතරම් සූදුසූ නැහැ. ඒ වගේම පණූ රෝගවලට ඉතාම ගුණයි. ගෙඩි, වණ තුවාල සඳහාත් ගුණ ලබාදෙනවා. විශේෂයෙන්ම ගැස්ට්‍රයිටීස් රෝගීන් මූරුංගා කන්නට හරිම බියයි. ඇත්තටම එය මිත්‍යා විශ්වාසයක්. මූරුංගා ගැස්ට්‍රයිටීස්වලට හරිම ගුණ ආහාරයක්. එහි ඇති මාංශල (මස්) ගතිය නිසා උදරයට ගුණයි. මූරුංගා විෂ නාශකයක් බව කීවා මතකනේ. මතකද අතීතයේදී බල්ලෙක් සපා කෑ විට මූරුංගා පොත්තක් හූණූත් සමග අඹරා තුවාලයට තියා බැඳපූ ආකාරය. ඒ එහි තිබෙන විෂ නාශක ගුණය නිසයි. මූරුංගා උෂ්ණ ආහාරයක් කියනවනේ. ඉස්සෝ, කකුළුවෝ පිළියෙල කිරීමේදී මූරුංගා කොළ එකතු කරනවා. ඒ ඇයි දන්නවාද? ඉස්සන් කකුළුවන්ගේ උෂ්ණය අඩූ කිරීමටත් විෂ ගතිය අඩූ කිරීමටත්. ඒ විතරක්ද අච්චාරු මූටිටියට මූරුංගා පොත්තක් හොඳට අඹරලා දානවා. ඒත් අච්චාරු මූටිටියේ සැර ගතිය සහ විෂ ගතිය අඩූ කිරීමටයි.

    ඇත්තටම මූරුංගා කොළ මැල්ලුම ආහාරයට එක්කර ගැනීමත් හරිම ගුණදායකයි. හන්දි ඉදිමූමට මූරුංගා ඖෂධයක් ලෙසින් පත්තුවක් ආකාරයට පාවිච්චි කරනවා. හන්දි ඉදිමූම අඩූ කිරීම තමයි මෙයින් සිදුවන්නේ. ඒ වගේම වේදනා නාශක ගුණයකුත් මෙහි තිබෙනවා. මූරුංගා වල ප්‍රෝටීන වගේම මේද පිෂ්ඨය, කැල්සියම් සහ යකඩ අඩංගුයි. ඒවා සෑහෙන්නට අඩංගුවී තිබෙනවා. ඒ වගේම විටමින් ඒ සහ සී බහූලයි. ඊ1 සහ ඊ2 සාමාන්‍ය ලෙසින් තිබෙනවා. මූරුංගා පිළිබඳව අප සමාජයේ මිත්‍යා මත පැතිරී තිබූණත් ඒවා කෙතරම් පදනම් විරහිතදැයි දැන් ඔබට තේරෙනවා ඇත.

    ආයූර්වේද විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන්
    ජාතික ආයූර්වේද ශිකෂණ රෝහල, බොරැල්ල.