කෝච්චියෙන් යන්න.. :)

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කෝච්චියෙන් යන්න.. :)

    කතාවක් මතක් උනා..

    ඔන්න ඔය අරාබි රටක තෙල් ලිං තුන හතරක් අයිති මුදලාලි කෙනෙක්ට පුතෙක් හිටියාලු.(තෙල් මුදලාලිලගේ සල්ලි ගැන මම කියන්න ඕනෙ නෑනෙ!) කොල්ලා දැන් මූලික අධ්‍යාපනේ ඉවර කරලා කැම්පස් යන්නලු ලැහැස්තිය. ළඟ පාතක හොඳ කැම්පස් 1ක් නැති නිසා මේ මුදලාලි පුතාව ඈත පළාතක හොඳ එකකට දැම්මලු.

    කොල්ලාට ගෙදර ඉඳන් යන්න එන්න දුර වැඩි නිසා කැම්පස් එක ළඟ මේ වගේ ගෙයක් අරන් දුන්නා..

    luxurypropertycyprus.jpg


    ටික දුරක් වත් කොල්ලාව පයින් යවන්නෙ මක්කටෙයි කියලා මේ වගේ කාර් එකකුත් ආයෙ දුන්නාලු..

    Golden-Ferrari-Enzo.jpg


    ඔන්න ඉතින් දැන් කැම්පස් පටන් අරන් කොලුවත් තමන්ගෙ ගෙදර ඉඳන් උදේ හවස කාර් එකෙන් යනව එනව..
    ටික කාලයක් ඔහොම යනකොට මෙයාට තේරුනා තමන් අනිත් ළමයින්ට "ඇඩ් එකක්" වෙලා කියලා. අනිත් ළමයි ගොඩ දෙනෙක් කැම්පස් එන්නෙ පයින්, නැත්තම් බොහෝ විට කෝච්චියෙ.

    ඉතින් මේ දරුවට ලැජ්ජා හිතිලා තාත්තට මෙහෙම ලියලා ලියුමක් දැම්මා:
    "තාත්තේ, තාත්තා දුන්න දේවලට බෝම ස්තුතියි! ඒත් මෙහෙ ගොඩක් දෙනා එන්නෙ කෝච්චිවල. මම විතරක් මේ කාර් එකේ යන එක හරි නෑ නේද තාත්තෙ? මම කාර් එක ආපහු එවන්නද?"

    තාත්තාගෙන් උත්තරයක් හැරෙන තැපෑලෙන්ම ලැබුනා. මෙහෙම කියලා:
    "ආහ්! ඇත්තද? පුතා, ඔන්න මම උඹේ ගිණුමට ඇති වෙන්න සල්ලි දැම්මා. මට ලැජ්ජා කරන්නෙ නැතුව උඹත් අදම කෝච්චියක් ගනින්!"

    :lol::lol::lol:

    කතාව තේරුණා නේ? :confused:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    thanks! ~♥~
    :)
    ah pissu kora thama...
    5+
    thanks! ~♥~
    ;)
    මේ කතාවම වෙන විදියකට අහලා තියෙනවා
    ඒත් පට්ට
    මට මතක විදියට ලිව්වෙ. මාත් මේල් එකකින්ද කොහෙද කියෙව්වෙ. :)
    elama kiri bn...
    +4
    thanks! ~♥~
    :P
    he he... ea thaththath ape thaththa wagemai.... :rofl:
    :lol: Are you single?? ;)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    niyama kathawa :D :D

    පිස්සු කතාවක් නෙ:P
    රෙපය දුන්නා:D

    හ්ම්ම්ම්......

    ඩෙවල් යකා;8675650 said:
    හො හොහ් හොහො හෝ.........! මරු කතාව.අපෙ අප්පුච්චටත් කියන්න ඕනේ මට කෝච්චියක් අරන් දෙන්න කියලා :rofl::rofl:

    thanks 4 comments all!