කෝටිපතියෙක් වෙන්න..පළවෙනි පියවර මෙන්න

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    කෝටිපතියෙක් වෙන්න..පළවෙනි පියවර මෙන්න

    ඕනම කෙනෙක් කැමතියි කෝටිපතියෙක් වෙන්න. එහෙම නැති කෙනෙක් ඉන්නවනම් ඒ ආධ්‍යාත්මක සුවය උදෙසා කටයුතු කරන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ හැරෙන්න අනිත් හැමෝටම අවශ්‍ය සල්ලිකාරයෙක් වෙන්න. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, තමන්ට කැමති විදිහට දේවල් ලඟාකරගෙන තෘප්තියෙන් ජීවත් වෙන්න.

    ජීවිතේ තෘප්තිය කියන්නේ සල්ලි නොවෙන්න පුළුවන්, ඒත් සල්ලි නැතිවෙලාවට ඔබට දැනෙන අතෘප්තිදායක හැඟීම් සමුදාය නිසා ඕනම කෙනෙක් කැමතියි සල්ලිකාරයෙක් වෙන්න. සමහරු පෝසත් වෙන්න මාර්ගය කියන වැඩසටහන්, පුහුණුවලට සහභාගී වෙනවා. ඒකේ වරදක් නෑ, ඒත් ඒ වෙනුවෙන් අනවශ්‍ය වියදම් කරනවට වඩා කරන්න බොහෝ දේ තියනවා.

    බොහොමයක් අය පොහොසත් වෙන්න උත්සහ කරන්නේ හරිම වේගයෙන්, ඒකටනම් ඉතින් ලොතරැයියක් වත් ඇදෙන්න ඕන. එහෙම නැතිව පොහොසත් වෙන්න ඕනනම් ධනයෙන්, ඒකට හෙමින් සීරුවේ උපක්‍රමශීලීව ඉවසීමෙන් යන්න ඕන ගමනක් තියනවා. මේ කතාකරන්න හදන්නේ අන්න ඒ ගමනේ පළමු පියවර ගැනයි.

    අලුතින් ඔබට ධනය හොයලා පෝසතෙක් වෙන්න කලින් ඔබේ ලඟ තියන ධනය ඔබට පරිස්සම් කරගන්න වෙනවා, ඒ වගේම ඔබ ලඟ තියන ධනය පාවිච්චි කරලා ධනය වර්ධනය කරන ආකාරය එහෙම නැත්නම් ධනය මවන ආකාරය ඔබට ඉගනගන්න වෙනවා. මුලින් කතාකරමු අපි ඔබ ලඟ තියන ධනය පරිස්සම් කරගන්න විදිහ. ඒකෙත් වැදගත්ම එක දෙයක් ගැන අපි කතා කරමු.

    සාමාන්‍යෙයෙන් මේ දවස්වල රුපියල් 5 කට 10 කට කඩේකින් මිලට ගන්න පුළුවන් ටොෆියක් වගේ දෙයක් තමයි. ඒ තරමටම ඒ මුදල් ප්‍රමාණයන්ගේ වටිනාකම පහත වැටිලා. ඒ නිසාම බොහෝවිට අපි ඒ මුදල් ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඉතුරු සල්ලි අමතක කිරීම, සල්ලි එහෙ මෙහෙ දැමීම, භාණ්ඩ දෙකක් අතරේ රුපියල් 5 ක 10 ක වෙනසක් තියෙද්දි නොසලකාම මිල වැඩි දේ මිලට ගැනීම වගේ දේ අපි සිදු කරනවා.

    බලන්න මෙහෙම රු 10 ගානේ සතියකට ඔබ අවස්ථා විස්සකදි ගණන් ගන්නේ නැතිව ඒ මුදල් අතෑරලා දැම්මොත් ඔබට නොදැනීම රුපියල් 200 ක් ඔබට අහිමිවෙලා, එහෙම මාසයක් ගතවුනාම ඔබට නොදැනීම රුපියල් 800ක් අහිමිවෙලා. අවුරුද්දකදි රුපියල් 9600 ක් ඔබට අහිමිවෙනවා. දැන් පේනවා නේද මේකේ බරපතලකම. ඔබ කෝටිපතියෙක් වෙන්න කල්පනා කරන අතරේ නොදැනීම ඔබ තවත් දුප්පතෙක් බවට පත්වෙන වැඩපිළිවෙලක් ඔබම සකස් කරගන්නවා. ඒ නිසා ඔබ මෙහෙම අතාරින පොඩි පොඩි සල්ලි පරිස්සම් කරගන්න කාලේ ඇවිත්. ඒක පුංචි කැටයකින් පටන් අරගෙන පුද්ගලික ගිණුමක් දක්වා භාවිතා කරලා පරිස්සම් කරගන්න පුළුවන්. පොඩි සල්ලි එකතුවෙන ප්‍රමාණය මාසේ ගාණේ පොතේ දැම්මත් කමක් නෑ.

    අනිත් එක තමයි තමන්ගේ ලඟ තියන මුදලින් මුදල් මැවීම. අපි හිතමු ඔබ දැන් පොඩි සල්ලි කැටයක දාලා එකතු කරන්න පටන් අරගෙන තියනවා. ගමනක් ගිහින් ආවම අතේ ඉතිරිවෙන පොඩි සල්ලි සේරම කැටේට දානවා, කැටේට දාන පුරුද්ද නිසාම කැටේ පුරවන්න හිතාගෙන හරි පරිස්සමින් ඉතුරු සල්ලි ඉල්ලගන්න, පොඩි පොඩි මිල ලාභ ගැන හිතන්න, පොඩි සල්ලි නැතිකර නොගන්න ඔබ පුරුදු වෙනවා ටික දවසකින්. අපි හිතමු ඔබ මෙහෙම මාසෙකට කැටේට රුපියල් 1500 ක් ඉතිරි කරනවා කියලා.

    ඒ කියන්නේ අවුරුද්දක් ගතවෙද්දි ඔබ නොදැනීම රුපියල් 18000ක් ඉතිරි කරලා. අවුරුද්දක් ගතවුනාම මේ රුපියල් 18000 පොතේ ඉතිරිකරලා නිකන් ඉන්න එපා. ඔබ දන්නවා ඇති ආර්ථික විද්‍යාෙව් සංකල්පයක් තියනවා මුදල් මැවීම කියලා. ඒ කියන්නේ ඕනම මුදල් ප්‍රමාණයක් සංසරණයේදී එයට අගයක් එකතුවීම නිසා එක මුදල් ප්‍රමාණයක් භාවිතා කරලා ඊට වඩා වැඩි අගයක් බිහිකරන්න පුළුවන්. බැංකු පොලිය, ආයෝජන ලාභ වගේ දේවල් වලින් පුළුවන් මෙහෙම මුදල් මවන්න.

    එතකොට අපි හිතමු ඔබේ මේ රුපියල් 18000 ක මුදල ඔබේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමේ තැන්පත් කරලා මුදල් ඉවත් කරගැනීමක් නොකර තියාගත්තොත් ඊළඟ අවුරුද්ද ඉවරවෙද්දි ඒ මුදලට 4% කට වගේ පොලියක් එකතුවෙලා රුපියල් 18720 ක් වගේ මුදලක් බැංකු පොතේ ඉතිරි වෙන්න පුළුවන්. ඊටත් එහා ගිහින් ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි මේ රුපියල් 18000 සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමෙන් ඉවත් කරගෙන ස්ථාවර තැන්පතුවක රඳවන එක. එතනදි සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක මේ දවස්වල 8% - 10% වගේ වාර්ෂික පොලියක් ලබාදෙනවා. එහෙම අවුරුද්දක් ගතවුනාම ඔබේ රුපියල් 18000ට තවත් රුපියල් 1800 ක පොලියක් ලැබිලා ඔබේ තැන්පතුව රුපියල් 19800 ක් වෙන්න පුළුවන්.

    ඒ වගේම ඔබ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් ඔබට 12%-15% වගේ ස්ථාවර තැන්පතු පොලියක් ලැබෙන්න පුළුවන්. එහෙම ස්ථාවර තැන්පතුවක ඔබේ මුදල් රැඳෙව්වොත් කිසිම අවදානමක් නැතිවම ඔබට අවුරුද්දක් අවසානයේ රුපියල් 2400 ක වගේ පොලියක් එක්ක ඔබේ තැන්පතු මුදල් රුපියල් 20400 දක්වා වැඩි කරගන්න පුළුවන්. ඒ මුළු මුදල තවත් අවුරුදු 5ක් එම ස්ථාවර තැන්පතුවේම තිබුණොත් පොලී අනුපාතය වෙනස් වෙන්නේ නෑ කියලා උපකල්පනය කරලා අපි බැලුවත් මුල් අවුරුද්දට 3060 දෙවනි අවුරුද්දට 3516ක්, තුන්වෙනි අවුරුද්දට 4046 හතරවෙනි අවුරුද්දට 4653 ක් සහ පස්වෙනි අවුරුද්දට 5351 විදිහට ලැබෙනවා. ඒ කියන්නේ පස්වෙනි අවුරුද්ද අන්තිමේ ඔබේ ස්ථාවර තැන්පතු ගිනුමේ ඔබේ නමින් රුපියල් 41026 ක් තිබේවි.

    දැන් පේනවා නේද මේ මුදල් මැවීමේ යාන්ත්‍රණයට පුළුවන් ඔබටත් නොදැනී ඔබ හිමින් හිමින් ධනවතෙක් කරන්න. ඒක නිසා මේ කරුණු දෙක ගැන අවධානයෙන් වැඩකලේ නැත්නම් කවදාවත් ඔබට කෝටිපතියෙක් වෙන්න බැහැ. අහම්බෙන් හරි එහෙම වුනත් ඔබට වැඩි දවසක් යන්න කලින් හිඟන්නෙක් වෙන්න වෙනවා. මේ මූල්‍ය විනය පවත්වාගැනීම තමයි පොහොසතෙක් වීමේ පලවෙනි මාර්ගය.

    උපුටා ගැනීම - www.her.lk
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    එතකොට අපි හිතමු ඔබේ මේ රුපියල් 18000 ක මුදල ඔබේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමේ තැන්පත් කරලා මුදල් ඉවත් කරගැනීමක් නොකර තියාගත්තොත් ඊළඟ අවුරුද්ද ඉවරවෙද්දි ඒ මුදලට 4% කට වගේ පොලියක් එකතුවෙලා රුපියල් 18720 ක් වගේ මුදලක් බැංකු පොතේ ඉතිරි වෙන්න පුළුවන්. ඊටත් එහා ගිහින් ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි මේ රුපියල් 18000 සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමෙන් ඉවත් කරගෙන ස්ථාවර තැන්පතුවක රඳවන එක. එතනදි සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක මේ දවස්වල 8% - 10% වගේ වාර්ෂික පොලියක් ලබාදෙනවා. එහෙම අවුරුද්දක් ගතවුනාම ඔබේ රුපියල් 18000ට තවත් රුපියල් 1800 ක පොලියක් ලැබිලා ඔබේ තැන්පතුව රුපියල් 19800 ක් වෙන්න පුළුවන්.

    ඒ වගේම ඔබ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් ඔබට 12%-15% වගේ ස්ථාවර තැන්පතු පොලියක් ලැබෙන්න පුළුවන්. එහෙම ස්ථාවර තැන්පතුවක ඔබේ මුදල් රැඳෙව්වොත් කිසිම අවදානමක් නැතිවම ඔබට අවුරුද්දක් අවසානයේ රුපියල් 2400 ක වගේ පොලියක් එක්ක ඔබේ තැන්පතු මුදල් රුපියල් 20400 දක්වා වැඩි කරගන්න පුළුවන්. ඒ මුළු මුදල තවත් අවුරුදු 5ක් එම ස්ථාවර තැන්පතුවේම තිබුණොත් පොලී අනුපාතය වෙනස් වෙන්නේ නෑ කියලා උපකල්පනය කරලා අපි බැලුවත් මුල් අවුරුද්දට 3060 දෙවනි අවුරුද්දට 3516ක්, තුන්වෙනි අවුරුද්දට 4046 හතරවෙනි අවුරුද්දට 4653 ක් සහ පස්වෙනි අවුරුද්දට 5351 විදිහට ලැබෙනවා. ඒ කියන්නේ පස්වෙනි අවුරුද්ද අන්තිමේ ඔබේ ස්ථාවර තැන්පතු ගිනුමේ ඔබේ නමින් රුපියල් 41026 ක් තිබේවි.

    Can not agree with this, this is not an investment
    the depreciation rate is high than the interest rate
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    dan oya tika karala kotipathoyek wena hati kiyahanko.salli ithuru karan inna eka tharam moda wadak na thawath 10% -15%.salli ithuru karanna oni yam deyak patan gannai.banku wala danna nemei.