කෝටිපති පියා නිවසේ දිවිනහගෙන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.
    මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වෙම්බුවැව අංගම්මනගේ පදිංචිව සිටි ශානක දිසානායක (33) නමැති තිදරු පියකු බව කියයි.

    දෛනිකව හා මාස් පතා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් හා තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යමින් අදාළ තරුණ ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහදව සිටි අයකු බව පොලිසිය කියයි.

    මොහුගේ බිරිය ද ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබියදී එයින් ඇය පාඩු ලැබීමත් සමඟ සැමියාගේ එකඟතාව මත විදේශ රටක රැකියාවක් සඳහා මාස 7කට පෙර ගොස් ඇති බව කියයි.



    කෙසේ වෙතත් අදාළ තරුණ ව්‍යාපාරිකයා සියලු පහසුකම් සහිත දෙමහල් නිවෙසක් වෙම්බුවැව ප්‍රදේශයේ ඉදි කර තිබී ඇත. එහි ඔහු හා දරුවන් තිදෙනා පදිංචිව සිට ඇති බව ද කියයි. දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු ආණමඩුව නගරයේ පාසලක අධ්‍යාපන කටයුතු සඳහා යොමු කර සිට ඇත. සෑම දිනකම උදෑසන මෙම දරුවන් පාසල් බස් රථයට රැගෙන යන්නේත් නැවත දරුවන් පාසල නිම වී බස් රථයෙන් පැමිණි පසු රැගෙන ඒමට කටයුතු කර ඇත්තේත් මෙම ව්‍යාපාරිකයා විසින් බවත් පොලිසිය කියයි.

    ඊයේ දරුවන් රැගෙන ඒමට බස් රථය අසලට ඔහු නොපැමිණි නිසා දරුවන් පා ගමනින්ම නිවෙසට පැමිණ ඇත. නිවෙස විවෘතව තිබීම නිසා පියා සොයමින් නිවෙස පුරා ගමන් කරමින් සිටියදී සිය පියා උඩු මහලේ කාමරයක බාල්කයක ලණුවක් ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටියදී වැඩිමල් දරුවා විසින් දැක ඇති බව කියයි.



    ඉන්පසුව දරුවන් විලාප තැබීමත් සමඟ අසල්වැසියන් පැමිණ පොලිසියට දන්වා ඇති බවත් ඉන් පසුව සිරුර ඉවත් කර ඇති බවත් කියයි. ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පුත්තලම මූලික රෝහලට රැගෙන යෑමට සූදානම් කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. කෙසේ නමුත් මෙම තරුණ කෝටිපති ව්‍යාපාරිකයාගේ මිතුරන් පවසන්නේ මොහුට සියදිවි නසා ගැනීමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බවයි.

    හිරාන් ප්‍රියංකර ජයසිංහ
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ~ කෝටිපති (33).
    ~තිදරු පියකු බව කියයි.
    ~බිරිය විදේශ රටක.

    @Emios උබ ඉන්නවද?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,874
    4,210
    113
    මේකනම් වෙන්නත් පුලුවන්
    මෙහෙත් පොලියට දුන්න එවුන්ට ගොඩක් පොලුවැටුනා.
    පොලු තිබ්බ එවුන්ටත් සුගතියක වෙලා නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    :eek:කෝටිපති බිස්නස් කාරයෙක් ගෑණු කෙනාව රට රස්සාවකට යැව්වා කියලා ඔය ඇහුවමයි.අනික ළමයි ඉස්කෝලේ යන්නෙත් බස් එකේ..