ලොව වටා විවිධ රාජ්‍යන් තම රටේ අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කියා පෑමට නොයෙක් වූ ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ අතරින් ස්වීඩන රජයේ Swedish Institute Scholarships for Global Professionals (SISGP) නැමති වැඩසටහන හා එකසත් ජාතීන්ගේ තිරසර සංවර්ධන (sustainable development ) වැඩසටහන අනුබද්ධිතව ලෝකයේ අඩු හා මැදි අදායම් සහිත රටවල් 42 ක ශිෂ්‍යන් 350කට පමණ මෙම SI ශිෂ්‍යත්වය පිරිනමයි. වසර 2030 තිරසර සවර්ධන ඉලක්ක සඳහා ලෝකය පුරා වෘතිය සුදුසුකම් හා නායකත්ව කුසලතා ඇති පිරිසක් බිහි කර ගැනීම මෙහි අරමුණයි . ලොව විශිෂ්ඨ පුද්ගලයන් හා සොයාගැනීම් සඳහා ස්වීඩන් රජයෙන් නොබෙල් ත්‍යාගය පිරිනමන්නා සේම මෙම පූර්ණ ශිෂ්‍යත්ව අධ්‍යාපන අවස්ථාවද ඔවුන් ලොවට දෙන දායාදයකි.
ශ්‍රී ලාංකික සිසුන්ද මෙම ශිෂ්‍යත්වය අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
ශිෂ්‍යත්වයේ මුල්‍යමය ප්රතිලාභ අතර ;
1. පාඨමාලාවේ මුළු වියදම ( Course fee ) .
2. මාසික ජීවන වියදම -10000 SEK (1 SEK = 21 LKR )
3. ශිෂ්‍යාගේ ගුවන් ටිකට් පත් දීමනාව - 15000 SEK
වසර දෙකක ශාස්ත්‍රපති පාඨමාලාවක් (Master Degree ) සලකා බැලූ කල මෙම දීමනා වල වටිනා කම රු. මිලියන 10කට වඩා වැඩිය. මීට අමතරව ශිෂ්‍යයා හට පූර්ණ රක්ෂණාවරණයක් සහ පාඨමාලාවෙන් පසුව ලොව වටා රටවල් 140ක පමණ විහිදී ඇති 15000කට අධික වූ SI ශිෂ්‍යත්ව ලාභීන්ගේ ආදී ශිෂ්‍ය ජාලයේ සාමාජිකත්වය හිමි වෙයි. විවිධ ක්ෂේත්‍ර වල වෘර්තිකයක් දැන අඳින ගැනීමට මෙම සාමාජිකත්වය කදිම තෝතැන්නකි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට සුදුසුකම් ලබන්නේ කා හටද? කෙසේද ?
1. ස්වීඩන විශ්ව විද්‍යාලයක Autumn semester (September Intake) උපාධි පාඨමාලාවකට සුදුසුකම් ලැබූවෙකු විය යුතුයි.
2. එම පාඨමාලාව වසර 1කට වැඩ වැඩි පූර්ණ කාලීන ශාස්ත්‍රපති (Master degree ) උපාධියක් සඳහා විය යුතුයි.( සැ .යු. Bachelor degree සඳහා සුදුසුකම් ලැබුවන්ට මෙම ශිෂ්‍යත්වය හිමි නොවේ)
3. කුමන හෝ ක්ෂේත්රයක අවම වශයෙන් වසර දෙකකවත් රැකියා පලපුරුද්දක් තිබිය යුතුයි. ( 3000 Working hours ) . මෙය වෘතිකයන් සඳහා වූ
ශිෂ්‍යත්වයක් නිසා විශ්ව විද්‍යාලයකින් ප්‍රථම උපාධි ලබා ගත් විගස මේ සඳහා අයදුම් කිරීමට නොහැක.
4. නායකත්ව කුසලතා , සමාජ සේවා කටයුතු , ජාත්‍යන්තර සුබසාධන ආයතන සමග කටයුතු කරන්නන් හට සහ sustainable development සඳහා දායක වෙන කිසයම් වූ වැඩසටහන් ( උදා . Energy , Environment/water preservation ,innovations , Education and Healthcare development etc .) හා සම්බන්ධ අයදුම් කරුවන් හට ශිෂ්‍යත්වය හිමි වීමේ වැඩි සම්භාවිතාවයක් ඇත. අවම වශයෙන් පැය 1000 ක් වත් මෙවැනි අමතර කුසලතා ලබා තිබිය යුතුයි.
5. තම මූලික උපාධිය ( Bacholer degree) පන්ති සාමාර්ථ (2nd upper or higher ) සහිතව සමත් වී තිබීම , IELTS වැනි භාෂා ප්‍රවීණතා විභාග සමත් වී තිබීම මෙහිදී අත්‍යාවශ්‍ය ලෙස දක්වා නැතත් සමහර තෝරා ගැනීම් සඳහා අමතර අගය එකතු කිරීම් ලෙස පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලාංකික අයදුම් කරුවෙක්නම් මුලිකව වසර 3ක දේශීය විශ්ව විද්‍යාල උපාධියක් හෝ විදේශීය උපාධියක් නම් එය 180 ETCS අගයකට සමාන විය යුතුයි. ඉහත කී පරිදි යම් වෘත්තියක නියලන්නෙකු විය යුතුමයි. සියලු ලිය කියවිලි සහ තොරතුරු 100% සත්‍ය විය යුතුයි. යම් වැරදි තොරතුරක් ශිෂ්‍යත්වය නොලැබී යාමේ සිට කෙදිනකවත් ස්වීඩනයට ඇතුල් වීමට නොහැකි වීම දක්වා බල පෑ හැකියි. 2019 සහ 2020 වර්ෂ වල ශ්‍රී ලාංකික ශිෂ්‍යන් 8 දෙනා බැගින් මේ ශිෂ්‍යත්වය ලබා ගැනීමට වරම් ලබා ඇත (see the attachment ) .
මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ මුලික පියවර ලෙස ඔබට සුදුසු ස්වීඩන් විශ්ව විද්‍යාලයක Master degree පාඨමාලාවකට අයදුම් කළ යුතුය. සෑම වසරකම ඔක්තෝබර් 15 සිට ඊලග වසරේ ජනවාරි 15 දක්වා මේ සඳහා අයදුම්පත් විවෘතව පවතී.එකවර පාඨමාලා 4කට අයදුම් කල හැකි අතර අයදුම් පත් ගාස්තුව 900 SEK (≃18500 LKR) වේ . SI ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් විවෘත වන්නේ සෑම වසරකම පෙබරවාරි මස මැද බාගයේය දින 10ක කාලසීමාවකටය.එම අයදුම්පත් සඳහා කිසිදු අයකිරීමක් නොමැත. ඔබ විශ්වවිද්‍යාල පාඨමාලාවට සුදුසුකම් ලබා ඇතිද යන්න එම වසරේ අප්‍රේල් මස මුල් සතියෙත් , SI ශිෂ්‍යත්වය හිමි වී ඇත්ද යන්න අප්‍රේල් මස අග සතියේත් දැනුම් දෙනු ලබයි. ඒ අනුව ශිෂ්‍යත්ව ලැබූ පිරිසට ස්වීඩන Student resident permit ඍජුවම අයදුම් කල හැකිය. තව දුරටත් අනිකුත් ශිෂ්‍යන්ට විශ්වවිද්‍යාල වල ගාස්තු සහන (Fee waivers ) ශිෂ්‍යත්ව අයදුම් කල හැක. අනෙකුත් සිසුන්ට කැමතිනම් මුදල් ගෙවා පාඨමාලව හැදෑරීමට හෝ වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කල හැක.
ලොව සමෘධිමත්ම රාජ්‍යක ඉහළම පෙළේ විශ්ව විද්‍යාලයක නොමිලේ සියලු පහසුකම් සහිතව ඉගෙනුම ලැබීමට කෙනෙකුට් හැකියාව දක්ෂතාවය මෙන්ම වාසනා ගුණයත් තිබිය යුතු වන්නේමය.
ඉහත කරුණු ගැන සියලු තොරතුරු පහත නිල වෙබ් අඩවි මගින් ලබාගත හැක.
1. ස්වීඩන් විශ්ව විද්‍යාල පාඨමාලා තොරතුරු - https://studyinsweden.se/
2. SI ශිෂ්‍යත්ව වැඩසටහන - https://si.se/.../swedish-institute-scholarships-for.../

ස්තුතියි !!!
Last edited:
Salli gewala enawa itin 