කෝපන්හේගන්, කාබන් සෘණ නගරයක් වීමට යයි

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    කෝපන්හේගන්, කාබන් සෘණ නගරයක් වීමට යයි

    ‘ඩෙන්මාර්කය’ යයි කියූ විට ඔබට සිහි වන්නේ කුමක්ද ?
    එහි රජ පවුල,… එය සීතල රටක් බව,… ස්කැන්ඩියානු රටක් බව,… රට පුරා ඇති පැරණි සහ නවතම සුළං මෝල්,… විවිධ චීස් වර්ග,… එහි සිටින බොහෝ ගවයන් සහ,… සතුටෙන් සිටින ජනතාව … වැනි දෑ සිහි කරනු ඇත.

    ඔවුන් අද දින තවත් ප්‍රසිද්ධියක් ලබා ගන්නේ, අන් රටවල් වලට සිතන්න වත් නොහැකි ඉලක්කයකට යෑමට උත්සාහ කිරීමෙනි. එනම් එහි අගනුවර වන, ‘කෝපන්හේගන් නගරය’ කාබන් සෘණ නගරයක් බවට පත් කිරීමෙනි.

    attachment.php

    දැන් ඊළඟට කෙනෙක් අහන්නේ, මේ කාබන් සෘණ වනවා යනු කුමක්ද සහ, එහි වටිනාකම කුමක් වේද යන්නය.
    හරිතාගාර වායු සහ එහි ආචරණය ගැන අප දනිමු. පේරාදෙණියේ මල් වත්තේ ඕකිඩ් වවා ඇති ‘ග්ලාස් හවූස්’ හෙවත් වීදුරු ගෙවල් ඔබ දැක තිබෙන්නට පුළුවන.

    ඒ ඕකිඩ් සඳහා අවශ්‍ය තෙතමනය මුල් වලින් ගන්නේ, ගස පෝච්චියට සවි වී ඇති තැනෙන් නොවේ. එනම් වාතයට නිරාවරණය වූ මුල් හෙවත් ‘ආකාසජ මුල්’’ වලිනි. එය වන්නට නම් අවට පරිසරයේ තෙතමනයක් තිබිය යුතුය.

    මේ සඳහා වාතයේ ඇති ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය රඳා ගැනීමට, එම ඕකිඩ් වවා ඇති කාමරය වීදුරු වලින් ආවරණය කර ඇත. එවිට වීදුරු හරහා ශාඛයට අවශ්‍ය ආලෝකය ලැබුණද, කාමරය ඇතුලේ ඇති තෙතමනය එහි ඇතුලේ සිර වේ. මෙය ඕකිඩ් වැවීමට වැදගත් කාරණයක් වුවද, දහදිය දමන හෙයින්, එවැනි තැනක මිනිසෙක්ට නම් ජීවත් වීම පහසුවක් නොවේ.

    වර්ෂාවක් ආරම්භයට පෙර අපට දහදිය දමනවා මෙනි.ඊට හේතුව වන්නේ වළාකුලෙන් වටව සිටින විට අවට පරිසරයේ තෙතමනය වැඩි වන නිසා සමේ ඇති දහදිය වාෂ්පීකරණය වීමට බාධා වීම වන නිසාය.

    attachment.php

    මෙකියන ‘Green house effect’ හෙවත් ‘හරිතාගාර ආචරණය’ අද අප සියල්ලන්ටම අත් විඳින්නට සිදුව ඇත්තේ වායු ගෝලයත් මහා පොළවත් අතර අපට ජීවත් වන්නට සිදු වී ඇති හෙයිනි. වායු ගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වත්ම, හිරු ගෙන් වැටෙන තාප ප්‍රමාණය වායු ගෝලය ඇතුලේ හිර වීම සිදුවේ. එනම් ඒ තාපය ලොවෙන් එලියට පරාවර්තනය වීම අඩු වීමක් වන හෙයිනි.

    මෙන්න මේ නිසා අද දින ලෝකයේ උෂ්ණත්වය වැඩි වීම සිදුවෙමින් පවතී. ලෝක උෂ්ණත්වය වැඩි වීම නිසා ඇතිවන අපමණ ප්‍රශ්ණ ගැන වෙනම සාකච්චා කල යුතු තරම් පෘතුල මාතෘකාවකි. එයින් සත්ව සංහතියට ඇති කරන ලද ප්‍රශ්ණ අපමණය. නගරයකින් පිටවන කාබන් ප්‍රමාණය, ඒ නගරයෙන් අවශෝෂණය කරන කාබන් ප්‍රමානයට වඩා අඩු නම් ඒ නගරය කාබන් සෘණ නගරයක් යයි කියයි.

    මෙසේ වායු ගෝලයේ කාබන් ප්‍රමාණය අඩු කිරීමට සංවේදී රටවල් 70ක් අතුරෙන් ‘කෝපන්හේගන් නගරයේ පාලකයන්’ කියා සිටින්නේ ඔවුන් මේ කාබන් සෘණ ඉලක්කයට අවුරුදු 7කින් ලඟා වන බවය. එහෙත් අනෙක් නගර කියා සිටින්නේ 2050 වසර ඒ ඉලක්කයට යා හැකි වේ ලෙසය.

    කෝපන්හේගන් නගරය මේ ඉලක්කයට යන්නට උත්සාහ කරන්නේ සුළං මෝල් සහ ප්‍රවාහනය සඳහා හැකිතාක් පදින බයිසිකල් භාවිතයට කිරීමෙනි. මේ ගැන එහි ජනතාවද බොහෝ දැනුවත් බව පෙනී යන එක් කාරණයක් වන්නේ එහි සිටින 600,000 ජනතාවට පාහේ පදින බයිසිකල තිබීමෙනි. ඊට අමතරව විදුළි වාහන භාවිතයෙනි.

    සීතල රටක් වන ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් නගරය උණුසුම් කිරීමට අවශ්‍ය වුවද එය කෙරෙන්නේද බල ශක්ති ජනකයන්ගේ අපතේ යන තාපයෙනි. නගරයේ එම බයිසිකල ධාවන සඳහා යෝග්‍ය මංතීරු වල දිග පමණක් කිලෝ මීටර් 375 කි ! කාබන් ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වැදගත් කරුණක් නම් ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමය.

    එසේම උණුසුම් දිනවල කෝපන්හේගන් නගරයේ ගොඩනැගිළි සිසිල් කිරීමට සීතල මුහුදු ජලය පොම්ප කෙරේ. 2017 වසරේ කෝපන්හේගන් නගරය විමෝචනය කල කාබන් ප්‍රමාණය, 2018 වසරේ 40%කින් අඩු කිරීමට හැකි වීම ජයග්‍රහණයක් බව නගරාධිපති කියයි. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සුළං මෝල් වලින් බල ශක්තිය ජනනය කිරීමය.

    2025 වසර වන විට සුළං මෝල් 360ක් සවි කෙරෙනු ඇත. එසේම ඒ කාලයේදී එහි ඇති ගල් අඟුරු බලාගාර ඉවත් කර ‘බයෝ මාස්’ ජනක යන්ත්‍ර භාවිතා කරනු ඇත. 2015 වසරේ පැරිසියේ පැවැත්වුණු ලෝක පරිසර සම්මේලනයේ එක් තීන්දුවක් වූයේ පූර්ව කාර්මික යුගයේ [Pre-industrial level] තිබී උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් 2කට වඩා ලෝක උෂ්ණත්වය වැඩි වීමට ඉඩ දිය යුතු නැති බවය.

    ඒ ඉලක්කය ලබා ගැනීමට විශාල නගරවලින් ඇති කෙරෙන කාබන් විමෝචනය අඩු කිරීම ඉතා වැදගත් වේ.
    දැන් අප මේ කාබන් සෘණ වීම ලංකාවට කෙසේ අදාළ වේදැයි බලමු. එහි ප්‍රසිද්ධ නගරයක බයිසිකලයක් පැද යාමට අවශ්‍ය මංතීරු තිබේද ? -නැත.

    අවම තාපයක් නිකුත් වෙන LED බල්බ භාවිතය ගැන සාමාන්‍ය මිනිසුනට අවබෝධයක් තිබේද? -නැත.
    කාබන් සෘණ වන විදුළි වාහන සඳහා විනිමය බදු සහ පාරේ ටොල් බදු ඉවත් කර තිබේද? -නැත.

    ඒ ආකාරයේ පුද්ගලික සහ පොදු වාහන ගැන පොදු ජනයා ප්‍රමාණවත් සේ දැනුවත් කරවීම මාධ්‍ය වලින් වන්නේද? -නැත.

    මුළු ලොවටම බලපාන මේ කාබන් විමෝචනය ගැන ලංකා පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා ඔබ අසා තිබේද ? -නැත.
    ලංකාවේ පරිසර අනාගතය ගැන කිසියම් නිශ්චිත සැළැස්මක් තිබේද -නැත.

    Reference>> lalithkrunaratna blg
     
    Attachments

    • Copenhagen-Kastellet-Windmill.jpg
      Copenhagen-Kastellet-Windmill.jpg
      68.1 KB · Views: 291
    • cover.jpg
      cover.jpg
      23.3 KB · Views: 281

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් කාබන් සෘණ කිව්වට බඩුවක් කැඩෙන්නත් කලිං විසික් කල්ල අලුත් ඒව ගන්නව. ඒව හදන්න ඕනෙ තරං හරිතාගාර වායු විමෝචනය කරන්න වෙනව. ඒව වැටෙන්නෙ කර්මාන්ත ශාලා තියෙන රටවල් වල ගිණුමට. මේ ක්‍රමේට පරිසරේ බේරගන්න බෑ :no: බොරුවට අපි අපිවම රවට්ටගන්න එක විතරයි කරන්නෙ.
     
    • Like
    Reactions: hiranlahiru2015

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    උන් කාබන් සෘණ කිව්වට බඩුවක් කැඩෙන්නත් කලිං විසික් කල්ල අලුත් ඒව ගන්නව. ඒව හදන්න ඕනෙ තරං හරිතාගාර වායු විමෝචනය කරන්න වෙනව. ඒව වැටෙන්නෙ කර්මාන්ත ශාලා තියෙන රටවල් වල ගිණුමට. මේ ක්‍රමේට පරිසරේ බේරගන්න බෑ :no: බොරුවට අපි අපිවම රවට්ටගන්න එක විතරයි කරන්නෙ.

    :yes:
     
    • Like
    Reactions: hiranlahiru2015

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,190
    113
    ආශ්චර්යමත් රටක
    උන් කාබන් සෘණ කිව්වට බඩුවක් කැඩෙන්නත් කලිං විසික් කල්ල අලුත් ඒව ගන්නව. ඒව හදන්න ඕනෙ තරං හරිතාගාර වායු විමෝචනය කරන්න වෙනව. ඒව වැටෙන්නෙ කර්මාන්ත ශාලා තියෙන රටවල් වල ගිණුමට. මේ ක්‍රමේට පරිසරේ බේරගන්න බෑ :no: බොරුවට අපි අපිවම රවට්ටගන්න එක විතරයි කරන්නෙ.

    eka ratakata witarak oka karanna ba.. :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Ay ban ev vehicles lankaawata genwanne boruwata eco frienly kiyla. nuclear reactants thiyena ratawala nm oowa successful. bt solar panel walin witharak ev vehicle charge kranawanm ok. bt lankaawe wenne anikane. lankaawata kranna puluwan deyak thmai puluwan tharam solar power equipments walata tax adu krana 1
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hamoma oka karanna gattot puluwan. ethakota oya uba kiypu badu hadillath adu karanna wenawa. ethakota badu wala milath wadiwenawa. kalin wage ikmanata wisik karala aluth ewa gannath ba..

    හැමෝම එහෙම කරන්න ගත්ත දාක මුලු ලෝකෙම මේ යන සංස්කෘතිය කඩාගෙන වැටෙනව. සේරම පදනම් වෙලා තියෙන්නෙ කෙලවරක් නැතුව ආර්ථිකය වර්ධනය කිරීම මත. ලෝකෙ උඩු යටිකුරු වෙන වෙනසක් නැතුව ඕක කරන්න බෑ :no:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන් කාබන් සෘණ කිව්වට බඩුවක් කැඩෙන්නත් කලිං විසික් කල්ල අලුත් ඒව ගන්නව. ඒව හදන්න ඕනෙ තරං හරිතාගාර වායු විමෝචනය කරන්න වෙනව. ඒව වැටෙන්නෙ කර්මාන්ත ශාලා තියෙන රටවල් වල ගිණුමට. මේ ක්‍රමේට පරිසරේ බේරගන්න බෑ :no: බොරුවට අපි අපිවම රවට්ටගන්න එක විතරයි කරන්නෙ.

    :yes::yes:
     
    eka nokarath be bn.