මහ බැංකු බැඳුම්කරය පිළිබඳ වාර්ථා දෙකක් ඉදිරිපත් වීම නිසා ආණ්ඩුව ඇතුලේ යලි පිපිරීමක් සිදුව ඇති බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයෙන් සැකසූ වාර්ථාවට අත්සන් තබන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්ව සිටින කෝප් මන්ත්‍රීවරුන්ට බලපෑම් සිදු කිරීම නිසා මේ උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එජාපය සැකසූ වාර්ථාවට අත්සන් කිරීම මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇති නිසා, එජාපය ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මන්ත්‍රී වරුන්ට දැඩි වාග් ප්‍රහාර හා ඇනුම් පද එල්ල කරන බවත් වාර්ථා වේ. ආණ්ඩුවට එක් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්, ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් අසා ඇත්තේ, ” ඕවත් අහගෙන රෙදි ඇදගෙනද තවත් ඉන්නේ?” යනුවෙනුයි..
බැඳුම් කර වාර්තාව, විසර්ජන පණත, අයවැය වැනි ප්‍රභල කාරණා කිහිපයක් නිසා මේ වන විට ආණ්ඩුවේ සමබරතාවය ගිලිහී යමින් තිබේ.
slnewslanka.com