කෝවිඩ්19: ඉන්දියාවේ ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති: ආදාහනාගාරවල පෝලිම්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    _118067363_gettyimages-1232313856.jpg


    කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින අතරේ ඉන්දියානු ජනතාව ඖෂධ සහ ඔක්සිජන් සපයා ගැනීමට වෙහෙසෙමින් සිටිති.
    ලොව වැඩි වශයෙන්ම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී.

    එසේම දිල්ලිය ඇතුළු බොහෝ නගරයන්හි වැසියන්ට කෝවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතට ප්‍රතිඵල ලැබෙන්නේ පැය 48-72 ත් අතර කාලයකට පසුවය.

    ඖෂධ සොයා කළු කඩ දෙසට​


    'Remdesivir' සහ 'Tocilizumab' යන ඖෂධ සොයා ගැනීමට උපකාර කරන්නැයි ඉල්ලා සමාජ ජාල ඔස්සේ බැගෑපත් වන අයුරු මේ දිනවල ඉන්දියාවේ දැකිය හැක.
    ඉහත කී ඖෂධද්වයේ ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායි ද යන්න ලොව පුරා විවාදයට තුඩු දී ඇතත් එම ඖෂධ හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඉන්දියාව ඇතුළු ඇතැම් රටවල් අනුමැතිය ලබා දී තිබේ.

    'Remdesivir' නමැති වෛරස් මර්දන ඖෂධය ඉන්දියාව පුරා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන අතර ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඉන්දියාව එම ඖෂධය අපනයනය කිරීම තහනම් කර ඇතත් රට තුළ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම ඖෂධ නිෂ්පාදකයන්ට දුෂ්කර කටයුත්තක් වී තිබේ. පසුගිය සති තුන තුළ ඉන්දියාවෙන් දිනකට 150,000 ඉක්මවා කොරෝනා වෛරස් රෝගීන් වාර්තා විය.
    සැපයුමේ පවතින හිඟය, දිල්ලිය සහ තවත් නගර ගණනාවක අදාළ ඖෂධ කළු කඩ අලෙවියට මග පාදා ඇති බව බීබීසි විසින් සොයා ගනු ලැබීය. දිල්ලි නගරයේ කළු කඩ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් තිදෙනෙකුවත් සම්බන්ධ කර ගැනීමට බීබීසියට හැකි වූ අතර 'Remdesivir' මිලිග්‍රෑම් 100 ක කුප්පියක් ඉන්දීය රුපියල් 24,000 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 62,000 පමණ) බැගින් අලෙවි කිරීමට ඔවුහු එකඟ වූහ. එය වෙළෙඳපොළේ සාමාන්‍ය මිල මෙන් පස් ගුණයකි. එක් රෝගියෙකුට මිලිග්‍රෑම් 100 මාත්‍රා 6 ක් ලබා දිය යුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල රෝගීන්ට මාත්‍රා 8 ක් දක්වා ප්‍රමාණයක් දීමට සිදු වෙතැයි වෛද්‍යවරු පවසති.
    මධ්‍යම පාන්තික පවුලකට පවා එය විශාල මුදලකි.

    සාමාන්‍යයෙන් 'ආතරයිටීස්' (සන්ධි ඉදිමීම) සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කෙරෙන 'Tocilizumab' ජීවිත බේරා ගැනීමට යොදා ගත හැකි බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඉන්දියාවේ වෙළෙඳපොළවලින් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වී ඇත.
    සමස්ත ඉන්දීය රසායන සහ ඖෂධ සංගමයේ මහා ලේකම් රජීව් සිංගල් කියා සිටියේ ඖෂධ සොයා දෙන්නැයි ඉල්ලා තමා වෙත දිවා රෑ දුරකථන ඇමතුම් ලැබෙන බවය.
    "තත්ත්වය ඉතාම නරකයි. මට, මගේම පවුලේ අයටවත් බෙහෙත් හොයා ගන්න බැහැ,"
    "කළු කඩ ජාවාරම්කාරයින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි උත්සාහ කරනවා. ඒත් මේ 'සිස්ටම්' එකේ සිදුරු ඇති බව මම පිළිගන්නවා," යනුවෙන් ඔහු පැවසීය.

    ඔක්සිජන්, එක්ස්-රේ සහ කෝවිඩ් පරීක්ෂණ​


    _118069547_ace8d515-3c31-42b5-a35c-9e36fa1f7fb0.jpg


    ප්‍රතිකාර වශයෙන් ලබා දෙන ඔක්සිජන්වලට ඇති ඉල්ලුම ද ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම ඉහළ ගොස් තිබේ. සැපයුම් හිඟය හේතුවෙන් බොහෝ රෝහල්, ඒ වෙත පැමිණෙන රෝගීන් යළි හරවා යවනු ලබයි.

    කුඩා නගරවල තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. රෝහල් ඇඳක් සොයා ගත නොහැකි වූ විට තම නිවෙස් තුළදීම ඔක්සිජන් සිලින්ඩර් සපයා ගන්නා ලෙස වෛද්‍යවරු රෝගීන්ට උපදෙස් ලබා දෙති.

    කොරෝනා වෛරසය ආසාදනය වූ සිය පියාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ නමුත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට පැය අටක් ගත වූ බව උතුරු ඉන්දියාවේ කුඩා නගරයක පදිංචිකරුවෙකු බීබීසියට පැවසීය. ඒ සඳහා ඔහුට පැය හතරක ගමනක යෙදී වෙනත් නගරයකට යෑමට සිදු වූ බව ද ඔහු කියා සිටියේය.

    පුද්ගලික පරීක්ෂණාගාර විසින් පපුවේ එක්ස්-රේ සහ සීටී ස්කෑන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීම කුඩා නගරවල වෙසෙන රෝගීන් මුහුණ පා සිටින තවත් ප්‍රධානතම ගැටලුවකි. රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතියක් තිබේ දැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරු බොහෝවිට මෙවැනි පරීක්ෂණ නිර්දේශ කරති.

    සිරුරු ආදාහනය දිවා රෑ​


    _118069545_mediaitem118066114.jpg


    කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත් නගරවල ආදාහනාගාර දිවා රෑ විවෘතව පවතී. ඇතැම් අවස්ථාවල මළ සිරුරු ආදාහනය කිරීම සඳහා ඥාතීන්ට පැය ගණනාවක් රැඳී සිටීමට සිදු වේ. නොනැවතී, දිවා රෑ සිරුරු පිළිස්සීම නිසා බටහිර ඉන්දියාවේ සුරාත් නගරයේ ආදාහනාගාරයක උඳුන අභ්‍යන්තරයේ ලෝහමය සැකිල්ල දියවීමට පටන් ගෙන තිබුණු බව මෑත වාර්තා විය.

    මැදියම් රැයේදී ලක්නව් නගරය තුළ චිතක දැල්වෙමින් තිබෙන අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.

    ආදාහනාගාර සේවකයින් බොහෝ දෙනෙක් විවේකයක් නොලබා වැඩ කරති. මේ වන විට ඔවුන් ද විඩාවට පත්ව සිටිති.මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිව තිබුණා නේදැයි යන්න ඉන්දියාවේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

    "පළමු රැල්ලෙන් අපි පාඩමක් ඉගෙන ගත්තේ නෑ. දෙවෙනි රැල්ලක් එමින් තිබෙන බව අපි දැන සිටියා. බෙහෙත්, ඇඳන් සහ ඔක්සිජන් හිඟය වගේ අවාසනාවන්ත දේවල් වළක්වා ගැනීමට අපි සැලසුම් කළේ නෑ. යනුවෙන් වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ලලිත් කාන්ට් පැවසීය.
    "ඒ තබා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීපු අනෙක් රටවලින්වත් අපි පාඩම් ඉගෙන ගත්තේ නැහැ,"


    (බීබීසී නිවුස්හි විකාස් පාන්ඩේ දිල්ලි සිට ගෙන ආ වාර්තාවක් ඇසුරෙනි)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අපෙත් PCR කලොත් අයිත් අහුවෙනවා.
    මිනිස්සු පරිස්සන් වෙන්නෙත් නැෑඅණ්ඩුවට තෙරුමක් නැ
    ඉන්දියන් කාරයො චීන තායිවන් ගැන කියවනවා
    අපේ උන් චීන පෝට්සිටි ගැන කියවනවා
    දුප්පත් මිනිස්සු විදවනවා. කරුමතමා මචන්.
    අපේ pcr දවස් 3-4 පරක්කූඊ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ආයේ මොනරල්ලක් වත් ලංකාවට එන්නේ නැ ..නිකන් මිනිස්සු බය කරන්න එපා everything's under control ඕවට ප්‍රෙස් තිය තිය කියවන්න වෙලාවක් නැ ...ඉන්දියාවට ඕක ආශීර්වාදයක් කරගන්නවා බලපලකෝ ...
     
    • Like
    Reactions: SLBlackKnight

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඉන්දියාව ගැන බයියො දාල තියෙන්නෙ..උඹට ඉංග්‍රීසි වගේම සිංහලත් බැරිද?😅
    ඇයි මේ ටිගර් වෙලා හදිසියේ තොප්පිය දාගෙන දඟලන්නේ 🤩🤩🤩
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    දකුණු ආසියාවම ඔය විදියට බිද වැටෙනවා ශින් ජින් පින් දුන්න ගේමේ අන්ඩලයින් ලෙයර් එක ෆයර් වෙන්නේ දැන් . #නොනවතිනරැල්ල
     
    • Like
    Reactions: SLBlackKnight

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    දකුණු ආසියාවම ඔය විදියට බිද වැටෙනවා ශින් ජින් පින් දුන්න ගේමේ අන්ඩලයින් ලෙයර් එක ෆයර් වෙන්නේ දැන් . #නොනවතිනරැල්ල
    Indiawata dunna adenna
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ආයේ මොනරල්ලක් වත් ලංකාවට එන්නේ නැ ..නිකන් මිනිස්සු බය කරන්න එපා everything's under control ඕවට ප්‍රෙස් තිය තිය කියවන්න වෙලාවක් නැ ...ඉන්දියාවට ඕක ආශීර්වාදයක් කරගන්නවා බලපලකෝ ...

    wenna puluwan. kohomath China apith ekka fit ne.
    Oka nikan ma eliyata apu ekak nemeyi ne. #chinavirus
     
    • Like
    Reactions: SLBlackKnight

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉන්දියාවෙ අය කොවිඩ් කියල එකක් තිබ්බද කියන එක මතකනෑ වගේ ආටිෆිශල් විදිහට හැසිරෙන්න ගත්ත ඒත් වෛරස් එක්ක බොරු බෑ කියල දැන් පේනවා.
    අපේ අයත් අවුරුද්දට තැන්තැන් වල රැස් උනේ ඒවගේ හිතලයි. ඉදිරි මාසෙ ලෙඩ්ඩු ගාන ඉහලයන්න අවදානමක් එනව ඒවගේ පිස්සු නැටුවම. හෝලි උස්සවෙන් පස්සෙ ඉන්දියාව උඩු යටිකුරු උනා.