ඛනිජ තෙල් වර්ජනයක්

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඛනිජ තෙල් වර්ජනයක්

    Oil_Transport.jpg

    ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්රවාහන ගාස්තුව වැඩි කරන ලෙස ඉල්ලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය වර්ජනයකට සැරසෙනවා. එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ තම ගැටඵවලට විසදුම් නොලැබුණහොත් සිකුරාදා සිට මෙම වර්ජනය දියත් කරන බවයි. මේ අතර, සැලසුම් කර ඇති පරිදි දුම්රිය වර්ජනය අද දිනයේ දියත් කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසනවා. අද පස්වරු 4ට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ වැටුප් ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්. වර්ජනය සඳහා වෘත්තීය සමිති 40ක පමණ සහය හිමි වන බවයි දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත කියා සිටියේ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දුම්රිය වර්ජනේ කිව්වෙ මගී ප්‍රවාහන කෝච්චි වල ? එතකොට හෙට කෝච්චි නැද්ද ? :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදුලිබල මන්ඩලය විසින් විධිමත් බාවයකින් සාදන ලද විදුලි ජනන සැලස්ම හැකි ඉක්මනින් අනුමත කොට ක්‍රියාවට නංවන්නේ නැතිනම් තමන් වැඩර්ජනයකට ඉදිරියේදී යොමු වන බවට පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති එස්.ඩී.නිශාන්ත මහතා කියා සිටියේය.

    මේ වන විට විදුලි ඉංජිනේරුවරුන් විසින් ක්‍රියාවට නංවා ඇති අකුරට වැඩ කිරීමේ තීරණය සම්බන්ධයෙන් පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ අදහස විමසීමේදී එහි සභාපතිවරයා මාධ්‍යට අදහස් දැක්වීමෙන් මේ බව කියා සිටි අතරම මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර සිටියේය.

    එහිදී සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ,

    ‘විදුලිබල මණ්ඩලය වසින් හදපු විධිමත් බාවයකින් ජනන ජනන සැලස්ම ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කල්මරමින් ඉන්නවා මේ විදුලි ජනන සැලසුම් පද්දතිය හදාගෙන ආවේ ඉංජිනේරු මහත්වරු ඒ පද්දතිය ගැන දන්නය අයතමයි කියන්නේ මේ දේ වෙන්න ඕන කියලා ඒක වෙන්නෙ නැති නිසා තමයි ඒ අය අකුරට වැඩ කරන්න තීරණය කරල තියෙන්නේ ඒ තීරණය සාධාරණයි කියල අපිත් හිතනවා ඒවගේ බලධාරීන් ඒ අය කියන දේ අහන්නැතුව කල්මරණවනම් ඉංජිනේරු මහත්වරු තවත් දැඩි ක්‍රියාමාර්ග ගනියි එහෙම වුනොත් පැය 24 පුරාම සේවයේ නිරත වෙන අපිත් අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා.

    දැන් අපේ රටේ ඉල්ලුමට සැපයුම දෙන්න බැරිව විදුලිබල මණ්ඩලය ඉන්නේ සැපයුම දෙන්න බැරි පාඩුව රුපියල් කොටි ගාණක් අපිට විදුලි ජනන ව්‍යාපෘති තවත් අත්‍යවශ්‍යයි දැනටමත් අපි පරක්කු වැඩියි දැන් ව්‍යාපෘතියක් ආරම්භ වුනත් අවසන් වෙන්න අවුරුදු පහකට වැඩිය යනවා යම් හෙයකින් නොරොච්චොලේ බලාගාරය අකරමන්‍ය වුනොත් රටට ලොකු පාඩුවක් වෙනවා ඒ නිසා දැනවත් බලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා පියවරක් ගිනියි කියල අපි හිතනවා.