ඛනිජ තෙල් සමාගමෙන් ’’ඕටී’’ වාර්තාවක්

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    තව බදු ගෙවමු.

    ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 19 දෙනකුට පසුගිය 2021 වර්ෂයේදී ඔවුන්ගේ මූලික වැටුප මෙන් සියයට 300කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අතිකාල වැඩ සඳහා සැබෑ අවශ්‍යතා නොමැති අවස්ථාවවලදී පවා සේවකයන් විශාල පිරිසකට මෙලෙස රුපියල් කෝටි ගණනක අතිකාල ගෙවීම ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

    තවද සේවකයන් 210 දෙනකු සිය මූලික වැටුප මෙන් සියයට දෙසීයකට වැඩි අතිකාල දීමනාද සේවකයන් 988 දෙනකු තම මූලික වැටුපෙන් සියයට සීයකට වඩා අතිකාල දීමනාද සේවකයන්1335 දෙනකු (සමාගමේ 2638ක්වූ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි පිරිසක්) සියයට 75 කට වැඩි අතිකාල දීමනාද 2021 වර්ෂයේදී ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

    මේ අතර ණය ආපසු අය කර ගැනීමේ හැකියාව සමාලෝචනය නොකර තව තවත් ණය ගැනීමට සේවකයන් දිරිමත් කර තිබූ බව පෙන්වා දෙන විගණන වාර්තාව සේවකයන්ට ලබා දී ඇති කාර්යමණ්ඩල ණය අය කර ගැනීමේ පදනමක් ලෙස ඔවුනට අතිකාල වැඩ සඳහා මෙසේ වැඩි අවස්ථා දී තිබූ බවද සඳහන් කරයි.

    මේ අතර ඉන්ධන බෙදා හැරීමේ අවශ්‍යතාවලින් සියයට අසූවක්ම පෞද්ගලික බවුසර් යොදාගෙන සම්පූර්ණ කර තිබූ හෙයින් සමාගමට අයත් බවුසර වලින් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් එනම් සමස්ත බවුසර් ධාරිතාවෙන් සියයට පනහක්ම අක්‍රියව පැවතුණු බවවිගණන නිලධාරීහු පෙන්වා දෙති.

    ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අරමුදල් ආර්ථිකමය වශයෙන් හා කාර්යක්ෂමව යෙදවීමට නම් සමාගමට හිමි බවුසර් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව විගණන නිලධාරීහු නිර්දේශ කර ඇත

    මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2021 වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

    https://www.lankadeepa.lk/news/ඛනිජ-තෙල්-සමාගමෙන්-’’ඕටී’’-වාර්තාවක්/101-644617
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අපෝ කමක් නෑ. Private අයගේ ටැක්ස් එක තව ටිකක් වැඩි කරන්න තියෙන්නේ. අපි ඔය ගාන ගෙවන්නම්. අපෙන් ගන්න ටැක්ස් කෙලින්ම මේ කාලකන්නි ගේ bank account වලට යවන්න විදියක් හැදුවා නම් gov එකටත් ලේසි.:angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මරු තියරි ලකේ පංකාවෙ තියෙන්නෙ. 😆😆

    දැන් මුන්ට පෙන්නන්න ඕන ඕටී ගත්ත එකා වැරදියි කියලා. ඕටී කරන්න දෙන එක නෙවෙයි. ඕටී කරන්න දුන්නා නං ඒකට ගෙවන්න ඕන. ගෙවන්න බැරි නං ඕටී කරන්න දෙන්න එපා කියන්න ඕන අදාළ ලොක්කන්ට.
     
    • Like
    Reactions: Draco Malfoy

    Similar threads