ගංගාරාම~විහාරයේ~සේයාරුවක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගංගාරාම~විහාරයේ~සේයාරුවක්

    බ්‍රිතාන්‍යයේ ‘සෙලෙබ්‍රිටි කෘසස්‘ ආයතනය සංවිධානය කරනු ලැබූ ‘ස්මාර්ට් ෆෝනයකින් ගත් හොඳම ඡායාරූපය‘ තරගාවලියෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරයේ සේයාරුවක් සමත්ව තිබේ.

    article-2521889-1A06A7F600000578-809_634x718.jpg


    මෙම සේයාරුව ගෙන ඇත්තේ චීන ජාතික සෝ කින්ග්ය. ඇය ලංකාවේ සංචාරයකට පැමිණි අතරවාරයේදී ගංගාරාම විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවකදී මෙම ඡායාරූපය ගෙන ඇත්තීය.

    ‘මට මතකයි මම ඡායාරූපය ගත්ත හැටි. එදා පන්සල බෞද්ධ කොඩි වලින් සරසලයි තිබුණේ.බලන්න හරිම ලස්සනයි.ඒත් ඒ සේරම ඇතුළත් වෙන විදියට ඡායාරූපය ගන්න එක තමයි අමාරු වුනේ.පසුව මම ගෙදර ඇවිල්ලා මම ශ්‍රී ලංකාවේ දී ගත් ඡායාරූප බැලූවා. මේ ඡායාරූපය තමයි ඒවා අතරින් හොඳම එක විදියට මගේ සිත දිනා ගත්තේ‘ ඇය කියන්නීය.

    ඇය මෙම ඡායාරූපය තරගාවලියට ඇතුළත් කර ඇති අතර ඡායාරූප විශේෂඥයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක ඒකමතික තීන්දුව ලැබ එය ජයග්‍රහණය කර ඇත.

    තරගාවලියට ඡායාරූප දහස් ගණනක් ලැබී තිබුණු බව සදහන්ය.

    http://www.dailymail.co.uk/travel/a...-competition-picks-Sri-Lanka-shot-winner.html
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^