ගංජා ආතල්

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,366
    2,414
    113
    😜
    කටුස්සෙක් ගමනක් යද්දි දැක්කලු වඳුරෙක් ගහක් උඩට වෙලා ෂැපේ ආතල් එකේ ඉන්නවා.

    කටුස්සා ඒ ගමන වඳුරගෙන් අහනවා...

    "වඳුරු මචෝ... උඹ කොහොමද මෙහෙම දවසෙම සතුටින් නට නටා ඉන්නේ." කියල
    වඳුරත් ලෝභ නැතිව උගේ රහස කිව්වලු...
    "මෙහෙමයි මචං... මෙන්න මේවා තමයි ගංජා සූස්ති කියන්නේ... මේකෙන් දුම් උගුරක් ඇද්දම දවසම ඉතින් ෂැපේ තමයි." කියල

    කටුස්සටත් හිතුනලු මේ අත්දැකීම විඳින්න
    වඳුරට කිව්ව සැනින් ඔතලා දුන්නලු එකක් ඉඳා ගහපන් කියලා.......
    ඒක ගහපු සැණින් කටුස්සට දරුණු වතුර තිබහක් ඇවිත් වඳුරගෙන් වතුර ඉල්ලනවා.....
    "සොරි මචෝ... මං ගෙනාව වතුර ඉවරයි. අන්න අර වැවේ නම් වතුර තියෙනවා. ගිහින් බීපන්කෝ ..." කියනවා
    කටුස්සත් වැවට ගිහින් වතුර බොනවලු. වැවේ හිටපු කිඹුලා

    ⁣අඩේ වෙනදා මං ඉන්නවා දැක්කම නැට්ට පස්සෙ ගහගෙන දුවන එකා අද මොකෑ මේ ගාණක්වත් නැතිව වතුර බොන්නේ. කිඹුලට හෙනම අවුල් ගිහිං. වතුර බොන කටුස්සා ළඟට ගිය කිඹුලා ...

    "ඒයි... උඹට මං ඉන්නවා දැකලා බය නැද්ද යකෝ
    ;&%$$##$$..." ආදි වශයෙන් තගක් දැම්මලු.
    (හීනි හිනාවක් දාපු... )කටුස්සා මෙහෙම කිව්වලු
    "පිස්සුදෝයි. මං බය වුනේ ඉස්සර. අර වඳුරා ගාව තියෙනවා ටොප් බඩුවක්. ආන් ඒක ගැහුවම ආය ඉතින් ගෑණිටවත් බය වෙන් නෑ..."

    අප්පට සිරි කියලා හිතුව කිඹුලා වඳුරා ගාව තියෙන ටොප් බඩුව මොකක්ද බලන්න ගහ පැත්තට ගියාලු.
    වඳුරා පොඩි ඇලට් එකක් දාගෙන ඉදල තියනවා ...

    කිඹුලා පහල ඉඳන් කෑ ගැහුවලු...

    "යාළුවේ... යාළුවේ... වඳුරු යාළුවේ..." කියල

    ෂැපට මත්වෙලා ගහ උඩ හිටපු වඳුරා පල්ලෙහා බලලා....

    "බුදු සන්තෝ පිස්සු හැදනවා. තෝ ඔච්චර වතුර බිව්වද යකෝව්. " කිව්වලු...😂😂

    උපුටා ගැනීමකි මුහුණු පොතෙන්