ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ

    col-gan.jpg


    මරිජුවානා නීත්‍යානුකූලව අලෙවි කරන පළමු ප‍්‍රාන්තය බවට ඇමරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තය පත්ව තිබේ. ජනවාරි මස 1වනදා උදෑසන 8ට මෙම අලෙවිසැල් විවෘත කරන ලද අතර නීත්‍යානුකූලව මරිජුවානා මිලදී ගන්නා පළමු පාරිභෝගිකයන් බවට පත්වීම සඳහා ඇතැම් පුද්ගලයන් අළුයම් 1සිට වෙළඳසැල් අසල පෙළ ගැසී සිටි බව වාර්තා වේ.

    මේ වන විට ප‍්‍රාන්තය පුරා අලෙවිසැල් 30ක් පමණ විවෘත කර ඇති අතර වෙළඳසැලකින් එක් අයෙකු වෙත නිකුත් කළ හැක්කේ මරිජුවානා අවුන්සයක ප‍්‍රමාණයක් පමණි. කොලරාඩෝ ප‍්‍රාන්තවාසියෙකු නොවන පාරිභෝගිකයන් සඳහා නිකුත් කරන සීමාව අවුන්ස 1/4ක් ලෙස සටහන් කර තිබේ.

    කෙසේවෙතත් අලෙවිසැල් කිහිපයක් මගින් පාරිභෝගිකයන්ට ඊට වඩා මිලදී ගත හැකි නමුදු ප‍්‍රාන්ත නීතියට අනුව ළඟ තබාගත හැක්කේ අවුන්සයක් පමණක් බව වාර්තා වේ.

    ප‍්‍රාන්ත බලධාරීන් පවසන්නේ ඩොලර් මිලියන 578ක් වටිනකා මරිජුවානා අලෙවි කිරීම මගින් ඩොලර් මිලියන 67ක බදු ආදායම් උපයාගැනීමට සැලසුම් කර ඇති බවයි. ඉන් ඩොලර් මිලියන 27.5ක් ප‍්‍රාන්තයේ පාසල් ගොඩනැගීම සඳහා වැය කිරීමට නියමිතය.

    පසුගිය මස වන විට කොලරාඩෝහි වෙළඳසැල් 130ක් පමණ මරිජුවානා අලෙවිය සඳහා බලපත් ලබාගෙන ඇති අතර තවත් 200ක් පමණ ප‍්‍රාන්තයේ මරිජුවානා නීති අංශයේ අවසරය ලබාගෙන තිබේ.

    සාමාන්‍ය භාණ්ඩයකට පැණවෙන 2.9%ක විකුණුම් බද්ද වෙනුවට මරිජුවානා සඳහා වන බදු ප‍්‍රතිශතය 25%කි. ඇතැම් පාරිභෝගිකයන් පවසා ඇත්තේ පළමු දිනයේ මිලට ගැනීම් වලින් ලැබූ බිල්පත රාමු කර සිහිවටනයක් ලෙස තබාගන්නා බවයි.

    කෙසේවෙතත් ෆෙඩරල් නීතියට අනුව මරිජුවානා වගාකිරීම, ළඟ තබාගැනීම සහ භාවිතා කිරීම තහනම් වන අතර නීති පද්ධති දෙක අතර පරස්පරය කුමන තත්වයක් ඇති කරයිද යන්න විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබේ. වොෂින්ටන් ප‍්‍රාන්තයද මරිජුවානා අලෙවිසැල් මේ වසර තුළදී විවෘත කිරීමට සූදානමින් සිටී.




    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg


    image.adapt.960.high.jpg










    :D:D:D:D
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    bump

    මේක දැකලා අපේ ලොක්කොත් ඕක නීතිගත කරයිද දන්නෙ නෑ :cool::rofl:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඉන් ඩොලර් මිලියන 27.5ක් ප‍්‍රාන්තයේ පාසල් ගොඩනැගීම සඳහා වැය කිරීමට නියමිතය.

    අපරාදේ බන් මේ සල්ලි ටිකත් දාලා තව ගංජා ගෙනෙල්ලා විකුනන්ඩ තියෙන්නෙ :P
    ප‍්‍රාන්තෙ කොල්ලො ඔක්කොම ඉස්කෝලෙ යයි එතකොට :lol: