ගඟක් අතුරුදන්

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ගඟක් අතුරුදන්

    ලොව රටවල් කිහිපයක අතුරුදන් වු ගංඟා පිළිබඳ අසා ඇතත් ශ්‍රී ලංකාවේද එවැනි ගංඟාවක් තිබෙන බව ඔබ නෙදන්නවා විය හැකියි.

    එහෙත් ලං‍කාවේ රත්නපුර ප්‍රදේශයෙන් ද එලෙස අතුරුදන් වන ගංඟාවක් හමු වී තිබේ.

    ශ්‍රි ලංකාවේ බො‍හෝ ගංඟා ඇරඹෙන ශ්‍රී පාද රක්ෂිතයෙන් උපත ලබන ඉඳුරුව ගඟ කළු ගඟ පෝෂණය කරන ප්‍රධාන ජල ධාරාවකි.

    රත්නපුර ගිලීමලේ ඉඳුරු ගඟ රක්ෂිතය තුළ ඉඳුරු ගඟ නිහඬව ගලා බසින්නේ, ශ්‍රී ලංකාවේ සුවිශේෂි භූ පිහිටීමක් පිළිබඳව සාක්ෂි සපයමිනි.

    ඉදුරුව රක්ෂිතය හරහා චමත්කාර ජනක දසුන් මවමින් ගලා බසින ඉඳුරුව ගඟ එක්තරා ස්ථානයකදී අතුරුන් වෙයි.

    එතැන් සිට පොළවට ගිලා බසින ගංඟාවේ ගමන් මග යෙදී ඇත්තේ පොළව අභ්‍යන්තරයෙනි.

    ඉඳුරුව ගඟ යළි පොළව මතුපිටින් දැකගත හැකි වන්නේ,මීටර් 300ක් පමණ දුරකින් පසුවයි.
    වියළි කාලයේ පමණක් දැකගත හැකි මෙම සුවිශේෂි ස්ථානය ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ උමං අතුර ලෙසයි.ගංඟාව පොළව තුළට ගලා බසින එම කුහරය දැඩි ගැඹුරකින් යුක්ත බව ද ඔවුහු පවසති.
    නිසි ගවේෂණයකට ලක්ව නොමැත උමං අතුරෙන් ගිලෙන්නාවු ඉඳුරුව ගඟ පොළොව තුළ නිර්මාණය කරන්නේ, කුමන පරිසර තත්ත්වයක් දැයි, තවමත් අභිරහසකි.


    මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවනම් මෙතන පෝස්ට් කරන්න
     
    • Like
    Reactions: Kasunrock619