Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගඩාෆිගේ රත්රන් පිස්තෝලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිබියාව, ලෝක පුවත් සේවා සහ අපි

November 4, 2011 at 12:25 am | Lanka C News.

ලිබියාව, ලෝක පුවත් සේවා සහ අපි

හිටපු MI5 ඒජන්ත ඇනී මැෂොං මහත්මිය RT නම් රුසියන් රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ දී නැටෝ බෝම්බ ප්‍රහාරය විසින්, සැලකියයුතු මට්ටමේ ඉහළ ජීවන තත්වයක් තිබූ ලිබියාව අද ගල්යුගය දක්වා ආපසු තල්ලුකර ඇතැයි කීවාය.

ඇගේම වචන කියවමු:

“ඔවුන්ට නිදහස් අධ්‍යාපනයක් තිබුණි; නිදහස් සොඛෟ සේවාවක් තිබුණි; ඔවුන්ට රජයේ වියදමින් පිටරටවල දී අධ්‍යාපනය ලැබිය හැකි විය. විවාහ වන විට සැලකිය යුතු මුදලක් ඔවුන්ට ලැබුණි; (රජය ඩොලර් 50000 ක් පරිත්‍යාග කරයි) එබැවින් අප්‍රිකාවේ වෙනත් රටවල වැඩි අවධානයට ලිබියාව ලක්විය; දැන් නැටෝ සංවිධානයේ මානවවාදී මැදිහත්වීම නිසා එම රට සැබවින් ම ගල්යුගයට ම දක්කා ඇත. ඔවුන්ට ඉදිරියේ දී එම ආකාරයේ ජීවන මට්ටමක් නො ලැබී යයි. නව පරිවාස ආණ්ඩුව යටතේ ස්ත්‍රියට තිබුණු නිදහස නො ලැබී යාවි. ජාතික ධනය බටහිරට ඇදී යාවි. ලිබියාවේ තිබුණු ජීවන මට්ටම, අවපාතයට මූණදී සිටින අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ජීවන මට්ටමට වඩා තරමක් ඉහළ එකක් විය.“

මෙවන් ලිපියක් ලියන්නට මා කිසි සේත් ම සිතා නො සිටියත්, ලෝකයේ සියලු ප්‍රධාන ප්‍රවත් සේවා අමු මුසා පතුරවමින් සිටිනු දැක මෙ වැන්නක් නො ලියා සිටීම වැරැද්දකැයි හැඟුණු බැවින් ලියන්නට තීරණය කළෙමි. වෙසෙසින් ම මගේ ආධ්‍යාත්මික ගමන් සගයා පවා මේ සිද්ධියේ දී මා ඒකාධිපතියෙකුගේ පැත්ත ගනිතියි කියා සිටියේය. බටහිර ප්රචාරක මාධ්‍යය මුසාවට එතරම් ම දක්ෂය.

මේ වන විට, නැටෝ හමුදාව සහ නැටෝ කැරලි කරුවන් විසින් ලිබියාව “මුදාගෙන“ අවසානය!

දැනට මාස ගණනකට පෙර නැටෝව එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් බෝම්බ දමන්නට පටන්ගත් අතර මේ වන විට “සිවිල් ජනයා“ බේරාගැනීම පිණිස ලිබියාව පුරා 40,000 කට අධික වාරයක් බෝම්බ හෙළා ඇත. මේ බෝම්බ අතර depleted uranium හෙවත් silent killer නමින් හඳුන්වන රසියනිකය ද ඇතුළත් බව පසුගියදා හෙළිවිය. එය එතරම් පුදුම වන්නට දෙයක් නොවේ; පළමු ගල්ෆ් යුද්ධයේදී අමෙරිකාව එම දුබලකළ යුරේනියම් සහිත ආයුධ භාවිතා කළේය. ඒවා භාවිතා කළ සොල්දාදුවෝ තමන් පාවිච්චි කරන ආයුධයේ විනාකාරී බව නොදත්හ; පසුව ඔවුන්ට පිළිකා වළඳුණි. මෙම පුවත ප්‍රංශ රූපවාහිනියේ වරක් හෝ දෙවරක් කතාකළ අතර, පසුව හදිසියේ ම අදිසි අතකින් එය වැසී ගියේය.

1969 ලිබියා පාලනය කුමන්ත්රණයකින් බාරගත් කර්නල් ගඩාෆි පසුගිය දා “මානව හිමිකම් රැකෙන“ ආකාරයෙන් මරා දමන ලදි.(මෙ වැන්නක් අපේ රටේ සිදුවූවා නම් බ්‍රිතාන්‍ය මහත්වරුන් කෙසේ ක්රියාකරතිදැයි සිතාගත හැකිය!)

නව යටත්විජිතවාදය යන්න දැන් නැවත ඍජු යටත්විජිතවාදය බවට සම්පූර්ණයෙන් ම පරිවර්තනය වී අවසානය. අපේ රටේ මාක්ස්වාදීන්ට සහ පශ්චාත්නූතනවාදීන්ට ඉතිහාසය “නැවත කියවන්නට“ සිදුවේ!

බටහිර පුවත් සේවා සමස්තය ම මා තුළ ජුගුප්සාවක් උපදවයි! විකිලීක්ස් මගින් හෙළිවූයේ අල් ජසීරා සේවයේ ප්‍රධානියා සීඅයිඒ සමග සම්බන්ධ බවය. (එම හෙළිවීමෙන් පසු හේ ඉල්ලා අස්විය!) සීතල යුද්ධ සමයේ තිබුණාටත් වඩා අද ලෝකයේ ම ජනයා BBC, CNN, Aljazeera ඇතුළු බටහිර පුවත් සේවා මගින් අවාසනාවන්ත ආකාරයෙන් රවටනු ලැබේ. මේවා තුළ සේවය කරන්නන් තරම් මුසා පතුරුවන වෙනත් පිරිස් නැතැයි කීම කිසිසේත් ම අතිශයෝක්තියක් නොවේ.

උදාහරණ කීපයක් ගනිමු: රුමේනියාවේ කුමන්ත්‍රණය සිදුවන වෙලාවේ ප්‍රංශය ඇතුළු සියලු බටහිර රටවල පුවත් සේවා චවුචෙස්කු ජනාධිපති විසින් 60,000 ක් සිවිල් වැසියන් මරාදමා ඇතැයි ප්‍රචාරය කළේය. තිමිසොආරා නගරයේ වාහන අනතුරකින් මියගොස් සිටි කීප දෙනෙකුගේ මිනී ගොඩගෙන (සීත දේශගුණය තුළ මිනී නරක් නොවේ) මිනිසුන් පිරිසක් විසින් අඬ අඬා ඒවා රූපවාහිනී කැමරාවට යොමුකරන ලදි. (මෙම අමු මුසාව කොතරම් කාවැදී ඇද්ද යත් පාඔලෝ කොඑල්ලෝගේ අළුත්ම නවකතාවේ පවා තිමිසොආරා ඝාතනය ගැන සඳහන්වේ!) රුමේනියාවේ චවුචෙස්කු මරා දමා වසරකට පසුව ප්‍රංශයේ Le monde diplomatique (Le monde නොවේ!)පුවත්පත මගින් පමණක් රුමේනියාවේ සියලු සිදුවීම් වලින් මියගිය ගණන 60-70 ක් පමණක් බව හෙළිකරන ලදි.

කිසිම නමුබුකාර, වැදගත්, එමෙන් ම ලිවීමේ නිදහස අගයන පුවත් සේවයක් එම මුසාව නිවැරදි නො කළේය!

යුගෝස්ලාවියාව වැනසීම සඳහා ද ඒ ආකාරයෙන් මුසා ගොතන ලදි. සමහර පෙදෙස්වල සර්බියන් හමුදාවෙන් දූෂණය වූ ගැහැනුන් ගණන එම පෙදෙසේ කාන්තා ජනගහනය ඉක්මවා යන අවස්ථා ද විය. වරක් ක්රොඒසියාවේ සියලු ජනවර්ග එක්වී සාම පාගමනක් යමින් සිටිය දී එක්වරම මුහුණු වසාගත් පිරිසක් පැමිණ ඊට වෙඩි තැබූහ. ඒ සැණින් ම සර්බියන් වරුන්ට චෝදනා කරන්නට බටහිර සියලු රූපවාහිනී සේවා එකට එක්විය. කලකට පසුව හෙළිවූයේ එය සාමයට එරෙහි බටහිර කුමන්ත්‍රණයක් බවයි. වරක් ජනයා ගැවසි සුපර්-මාර්කට් එකකට මිසයිලයක් එල්ලවිය. ඒ සැණින් ම ප්‍රංශයේ TF1 සේවය එය ආයේ සර්බියෙන් පැත්තෙන් නො වන බව හෙළි කළ අතර, ඊට පසු පැයේ පටන් එය සර්බියන් වරුන්ගේ සාම විරෝධී ක්‍රියාවක් බවට දිගට ම ප්‍රචාරණය කරන ලදි.(එල්ටීටිය සාම ගිවිසුම් කැඩීම, අසරණයන් ඝාතනය කිරීම, ගිවිසුම පවතිද්දී ම දහස්වර එය උල්ලංඝනය කිරීම ආදිය ද බටහිර පුවත් සේවා විසින් සැඟවූ බව ප්‍රකට කරුණකි) රුතුකුරුසය සහ වෙනත් NGO යුගෝස්ලාවියාවේ සුළුජාතීන්ට ආයුධ සැපයූ බව ඉතා ප්‍රකට කරුණකි. වරක් ක්රොඒසියාවේ උපන් සර්බියන් කලාකාරිනියක් මට මෙසේ කීවාය: “සර්බියන් සහ සිංහල යන දෙජාතියට ම අත්වී තිබෙන්නේ එක ම ඉරණමක්!“ අවසානයේ කොසෝවාවේ මානව අයිතිවාසිකම් රකින්නට බෙල්ග්‍රේඩ් නගරයේ කාර් කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්ත ශාලාවලට නැටෝව විසින් බෝම්බ දමන ලදි. මගී දුම්රියකට බෝම්බ දමා සියගණනක් මරා දමන ලදි. ඒවා බොහොම සරලව Collateral damages නමින් හඳුන්වා අමතක කරන ලදි. කොසොවා ජනාධිපති බවට පත්වූ කුරිරු ත්රස්තවාදියා විසින් යටත් වූ සර්බියන් සොල්දාදුවන් 300 දෙනෙකු මරා ඔවුන්ගේ වකුගඩු විකිණූ බව හෙළිවූ අතර, ඊට එරෙහිව හේග් (ළමා!) උසාවියේ නඩු පැවරීමට වෑයමක් තිබුණත්, යුරෝ කොමිටිය ඊට එරෙහි වූ බව මෑත දී එකල යුරෝපා කොමිටියේ ඉතාලි ජාතික නඩු අධ්යක්ෂ වරිය හෙළිකළාය. (සලකන්න; ලංකාවේ එක වකුගඩුවක් හෝ එසේ විකුණුවා නම්, මානව හිමිකම් රැකීම පිණිස අපේ රට ආක්‍රමණය කරන්නට පවා ඉඩ තිබුණි!) පළමු ගල්ෆ් යුද්ධයේ දී යටත් වූ ඉරාක සොල්දාදුවන් 9000-10000 අතර ගණනක් ඇමරිකන් හමුදා මගින් කාන්තාරයේ පණපිටින් ම බුල්ඩෝසර් කර වළලා දැමූ බව ප්‍රකට කරුණකි.

ඉහත සඳහන් සියලු කරුණු සඳහන් කළේ ලිබියාව වඩා හොඳින් හඳුනාගත හැකි වීම පිණිසයි.

අපි නැවත ලිබියාවට එමු.

ගඩාෆි බලයට පත්වී ඉද්රිස් රජු යටතේ බටහිරට ඇදී ගිය තෙල් ධනය රටේ රඳවා ගන්නට කටයුතු යෙදීය. එතැන් පටන් බටහිර ඔහුට විරුද්ධ විය. වරක් රේගන් ජනපති ඔහු හැඳින්වූයේ Mad dog යනුවෙනි. එහෙත් එදා සීතල යුද සමය නිසා අද කරන ආකාරයේ ආක්‍රමණයක් කළ නො හැකි විය. ගෝත්‍ර 150 ක් පමණ ජීවත්වන රටක ඔහු සාමය රැකගත්තේ සියල්ලන්ට ම සාධාරණ ව සැලකූ නිසාය.

ඔහු යටතේ රජයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය නොමිලයේ සැපයුණු අතර, ඉගෙනීමට දක්ෂ ඔනෑම කෙනෙකුට රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා පිටරට යා හැකි විය. ඔහුට පිටරටේ දී නිවසකට සහ මෝටර්රියකට අයිතිවාසිකම ලැබුණි. ලිබියාවේ වෛද්‍ය සේවය බටහිර මට්ටමේ ම විය; එහෙත් අමෙරිකාවේ මෙන් ලෙඩාගේ පොකැට්ටුවේ ඇති මුදල බලා ප්‍රතිකාර කරන ක්‍රමයක් නො වීය. %20 අඩුව තිබූ සහක්ෂරතාව %90 දක්වා ඉහළ ගිය අතර, සංක්‍රමණික එඬේර ජනයා ඉගෙනීම කෙරෙහි එපමණ අවධානයක් වැය නො කරන බැවින් සියයට සියයක් ම එය නැංවිය නොහැකි විය. 2007-2008 පාසැල් වර්ෂයේ දී සරසවි අධ්‍යාපනයට ඇතුළු වූ කාන්තා ගණන පිරිමි ගණන ඉක්මවීය.

හිරේ දැමීමේ සංඛ්‍යාව අනුව රටවල්වල් අතරින් ලිබියාවට ලැබුණේ 61 වන ස්ථානයයි.( 61th on the International Incarceration Index) එහෙත් එම රටේ මානව අයිතීන් රකින්නට යන ඇමරිකාව එම ලැයිස්තුවේ පළමු වැනියාය! .(USA is the 1st on the International Incarceration Index) සැබවින් ම එක්සත් ජාතීන් විසින් ලිබියාව ඇගයීමේ විශේෂ වැඩසටහනක් එම ආක්‍රමණයට කලින් සංවිධානය කර තිබූ අතර, පහරදීම පටන්ගැනීමත් සමග එය හමස් පෙට්ටියට දමන ලදි.

ලිබියාව අප්‍රිකා මහාද්වීපයේ ඉහළ ම ඒක පුද්ගල ආදායම ඇති රට වන අතර, ජනගහනයෙන් %5 කටත් අඩු ප්‍රමාණයක් දුප්පත් වශයෙන් වර්ග කෙරුණත්, දුප්පත්කමේ මට්ටමට පහළින් සිටින ප්‍රමාණය ඕලන්දයේ එම ප්‍රමාණයට වඩා අඩුය. ආයු අපේක්ෂා කාලය වසර 75 ක් වන අතර, එය අප්‍රිකාවේ ඉහළ ම මට්ටම වෙයි; එසේ ම එය ලෝකයේ සාමාන්‍ය මට්ටමට %10 කට වැඩි වෙයි. ගිය වසරේ පටන් සියලු වැසියාට ම ඩොලර් 500 බැගින් රජය විසින් තෙල් ලාභය ඔවුන්ගේ ගිනුම්වල තැන්පත් කරන්නට පටන් ගැනුණි. (මුළු ජනගහනය දශ ලක්ෂ 6 කුත් පන්ලක්ෂයකි)

ලිබියාවේ පොලී ක්‍රමයක් නැති අතර බැංකුව රජයට අයත්ය. එයින් පොලී රහිත ණය ලබාගත හැකිය. මෙය බටහිර ධනය සූරාගන්නා බැංකු ක්‍රමයට හාත්පසින් ම වෙනස් ය. විදුලිය, ජලය නොමිලේ දෙන අතර, පැට්රල් ලාබම රට ලිබියාවයි.

මේ සියල්ලට ම වැඩි වැදගත් දෙය නම් ගඩාෆි ආගමික අන්තවාදියෙකු නො වීමයි. (ඒ වධකයෝ අල්ලාහ්හු අක්බර් කියමින් දස වද දෙමින් ගඩාෆි මරා දැමූහ!) අපේ වැල්ලවත්තේ ඤාණාභිවංස නායක හාමුදුරුවෝ ලිබියාවට වඩිද්දී රාහුල මාහිමියන්ගේ What the Buddha taught පිටපතක් ද රැගෙන ගියහ. එය ගඩාෆිට පිළිගන්වා ඒ පිළිබඳ විස්තර කී පසු, එම මොහොතේ ම ඔහු එය අරාබි බසට පෙරලන්නට උපදෙස් දුන්නේය. බොහෝ අරාබි රටවල සිදු නො වන අයුරින් සරසවියේ දී ගැහැනු පිරිමි දෙ පිරිස ම ලිබියාවේ දී එකට අධ්‍යාපනය ලැබූහ. (අද “නිදහස් ලිබියාවේ“ තත්වය වෙනස් වෙමින් පවතී!) එපමණක් නොව ලිබියාවේ ඒකවිවාහය (monogamy) දිරිමත් කරනු ලැබීය. අද එම තත්වය හාත්පසින් ම වෙනස් වෙමින් මුස්ලිම් ෂරියා නීතිය නීතිගත කරන්නට සැරසෙන ආකාරය දැකිය හැකිය.

කැරලි කාරයන් බිහි කරනු ලැබූ (එංගලන්තයේ රහස් සංවිධානය වසර ගණනක පටන් තෙල් ගවේෂක නිලධාරින්, ඉංජිනේරුවන් ලෙස ඔත්තු කාරයන් එහි යැවීය!) බෙන්ගසි නම් පෙදෙසේ ගඩාෆි විසින් ලෝකයේ ලොකු ම වාරි ඇල තනන ලද්දේ එම කාන්තාරයට දිය ගෙනයාම පිණිසයි. නැටෝ මානවවාදී බෝම්බවලින් එම ඇල ද වැනසී ඇතැයි කියති. (බෙන්ගාසි වාසී වැඩි පිරිස අපේ කොළඹ වැසියනට සමානය!)

ගඩාෆි තුන්වන ලෝකයේ හිතවතෙකි. විදේශ සංචිත හිඟවී ලංකාව ඉතා අසීරු තත්වයකට මුහුණදී සිටිය දී මුදලින් උපකාර කළේය. ඉදිරියටත් උපකාර කිරීමට බලාපොරොත්තු විය. බොහෝ ලාංකිකයනට එරටේ රැකියා ලැබුණි.

අප්‍රිකානු ජනයා අඳුරේ තබන තරමට බටහිරට වාසි සහගතය. ගඩාෆි අප්‍රිකානු මහාද්වීපයට සන්නිවේදන චන්ද්‍රිකාවක් මිලදී ගැනීමට IMF වෙතින් ණයක් ඉල්ලීය. (මීට කෙලින් ම අදාල නූනත් මෙම කරුණ කෙරෙහි ද ඔබගේ අවධානය යොමුවිය යුතුය: IMF ප්‍රධානියා ලබන වසරේ ප්‍රංශ ජනපති වරණයේ ජයග්‍රාහකයා වන්නට වැඩිම ජනප්‍රියත්වයකින් සිටියේය; හේ තුන්වන ලෝකයට හිතවත් කෙනෙකු වූ අතර, ප්‍රංශය, අමෙරිකා එ.ජ, ජර්මනිය, එංගලන්තය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට ණය දෙන්නට එපා කියද්දී ඔහු එම ණය අනුමත කළේය. ඔහුගේ ප්‍රතිපත්ති අ.එ.ජ යට අවාසි සහගතයැයි එරට ප්‍රධානියෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය; ඔය අතර ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනාව එල්ලවිය! අමෙරිකාවේ සිදුවූ එම ගනයේ පළමුවන සිද්ධියැයි සිතෙන පරිදි ඊට ප්‍රසිද්ධිය ලබාදී ගුවන් යානයට ම ගොස් ඔහු අත්අඩංගුවට ගන්නා ලදි. කුමන්ත්‍රණය සාර්ථක විය. ඔහුගේ ප්‍රතිරූපය විනාශ කරන ලදි; අනතුරුව, ඔහු සියලු ම චෝදනාවලින් නිදහස් විය, නිදහස්වීම පිළිබඳ ව එතරම් ප්‍රචාරයක් ලැබුණේ නැත.)එහෙත් වසර ගණනාවක් එම ණය දීම පැහැර හරිනු ලැබිණි. එහෙයින් ඔහු වැඩි මුදල ලිබියාවෙන් දී, සෙසු අප්‍රිකන් රටවලින් ද මුදල් ලබාගෙන චන්ද්‍රිකාවක් මිලදී ගත්තේය. එමගින් වසරකට බටහිරට ඇදීයන ඩොලර් දශලක්ෂ ගණනාවක් අප්‍රිකාවේ ප්‍රයෝජනයට යෙදිය හැකි විය. ගඩාෆි වැනසීමේ ආසන්න කුමන්ත්‍රණය එතැනින් ආරම්භ විය. ඊළඟට හෙතෙම දුප්පත් අප්‍රිකාව සමග බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කළේය. ඒ තෙල් වෙනුවට රත්තරන් හුවමාරුව උදෙසාය! ඒ වනවිට එංගලන්තයේ රත්තරං සංචිතය ලිබියාවේ සංචිතයට වඩා වැඩිවූයේ අඩකින් පමණි! හිරු නොබසින අධිරාජ්‍යයට හීන්දාඩිය දමන්නට විය! ‘එන පොට‘ හොඳ නැති බැවින් ගඩාෆි විනාශ කිරීමේ මෙහෙයුම වහාම ඇරඹුණි.

රුසියාවේ පුටින් ජනපති වී සිටියා නම් මෙම තත්වය තරමක් හෝ වෙනස් වන්නට ඉඩ තිබුණි. එරට ජනපති මෙදෙදේව් යම් පමණකට බටහිරට ගැතිව හෝ බටහිරට රැවටී හෝ සිටියේය. බෝම්බ දැමීම ආරම්භයේ දී ම පුටින් එය කුරුස යුද්ධයකැයි කීවේ ඔහු බටහිර ශිෂ්ටාචාරය හොඳින් හඳුනාගෙන සිටි බැවිණි. (තුන්වන ලෝකයේ වාසනාවකට ඔහු නැවත රුසියාවේ ජනපති වන බව කියැවේ)

නැටෝවට ලිබියාවට පහරදීමට කිසිම සාධාරණ හෙතුවක් නො වූ අතර, ඔවුහු පිරිසක් සංවිධානය කළහ. බටහිරට ගැති ඛටාර් වැනි රාජ්‍ය මීට කෙලින් ම මැදිහත් විය. (අද ඔක් 27 දා ඛටාර් රජය සිය හමුදාව ලිබියාවේ කැරැල්ලට සහභාගී වූ බව ප්‍රකාශයට පත්කළේය) ඔවුන් ප්‍රකාශ කළේ බෙන්ගසි නුවර අසරණ සිවිල් වැසියන්ට ගඩාෆි බෝම්බ දමන බවයි! එහෙත් රුසියානු මිලිටරි චන්ද්‍රිකාවේ සටහන්වූ දත්ත අනුව රුසියන් හමුදාව කීවේ ගුවනින් බෝම්බ දැමීමක් කිසිම ආකාරයක සිදු නොවූ බවයි. (වරක් බැටළු පැටියෙක් ඇලකින් වතුර බොමින් සිටියේය; එතැනට පැමිණි වෘකයෙක්: උඹ වතුර බොර කරනව, මං බොන්නෙ කොහොමද! කීය; එවිට බැටළු පැටවා රාලහාමි “මම බිව්වෙ ඔබ තුමා ඉන්නවාට පහළින්නෙ!“ කීය; තෝ ගිය අවුරුද්දෙ මං වතුර බොනකොට බොරකළා! “අනේ රාලහාමි මම ගිය අවුරුද්දෙ ඉපදිලාවත් නෑනෙ!“ බැටළු පැටවා කීය. එවිට වෘකයා: “ තොගෙ කඩ වැඩියි, මං තෝ කනව!“ කියමින් එම අසරණ පැටියා මරා කෑවේය.)ගඩාෆි කැරැල්ල සාකච්ඡාවෙන් විසඳන්නට කල්පනා කළ බැවින් දැඩි මර්දනයක් එක්වර ම දියත් නො කළේය. එය ප්‍රයෝජනයට ගත් බටහිර වඩා ඉක්මන් විය.

ඒ දිනවල ම බහරේන්හි ද කරැල්ලක් ඇතිවිය. එක මිනිසෙක් පොලීසිය වෙත හිනාවෙමින් යමක් කියන්නට ගියේය; අඩි පහක පමණ දුරක දී ඔහුට වෙඩි තබන ලදි. එරටේ සිය ගණනක් පිරිස මරා දමනු ලැබූහ. තත්වය තවත් උග්‍ර වෙද්දී අමෙරිකාව සෞදි අරාබියට උපදෙස් දී හමුදාව යවා එම සැබෑ කැරැල්ල කුරිරු අන්දමින් මර්දනය කරන ලදි. ඒ එතුමන්ලාගේ ප්රජාතන්ත්රවාදයයි!

නැටෝව ලිබියාව මත ඉවක් බවක් නැතිව බෝම්බ වැපිරුවේය. සරසවි, පාසැල්, රෝහල්, ගුවන්තොටුපළවල්, නිවාස ආදි සියල්ලට ම බෝම්බ හෙළිය. (ඉරාකයේ සියලු පාලම් පළමු ගල්ෆ් යුද්ධයේ දී ම වැනසූ ආකාරය අපේ මතකයට එයි; දියුණුව ‘සුදු අපට‘ පමණක් අයිති දෙයකැයි ඔවුන් සිතනවා වියහැකිය!)

නැටෝව බෝම්බ දමන අතර ලිබියාවේ අලනුවර දශ ලක්ෂ ගණන් ජනයා ඊට එරෙහිව පෙලපාලි ගියහ. දශ ලක්ෂ හය හමාරක ජනගහනයෙන් 17 ලක්ෂයක් අගෝස්තු මාසයේ ගඩාෆි සමග පෙලපාලියේ ගියහ! මෙහිදී ගඩාෆි අල් ජසීරා රූපවාහිනියට ආරාධනා කළේය; ඔවුහු ආහ; රූප ගතකළහ; ඒත් එය ප්‍රචාරය නො වීය. BBC, CNN, Aljazeera එක දිගට බොරු ප්‍රචාරය කළ අතර එම යෝධ පෙළපාලි ගැන වචනයක් හෝ නොකියන්නට වගබලා ගත්හ. ට්‍රිපොලි නගරයේ ජනගහනයෙන් %95 ක් පෙළපාලිවලට සම්බන්ධ වූ අතර, නේටෝ-කැරලි කරුවන්ට එහි කිසිම ජන බලයක් නැත. නගරය අල්ලාගත් බව ප්‍රකාශ කළ දා රෑ බෙංගාසිවලින් නැවකින් පිරිස ගෙන්වා චතුරශ්‍රයට රැස්කර එය රූගත කර ප්‍රචාරය කෙරුණි. BBC ඉංදියාවේ පිරිසක් පෙන්වමින් ඒ ලිබියන් ජනතාව බව කී අතර, එම බොරුව එදාම අතේ පත්තු විය! ඊස්රායලය ලෙබනනයට ගොස් පලස්තීනයන්ට පහර දී සිය ගණන් මැරූ විට BBC සිංහල සේවයෙන් ද එම අසරණ පලස්තීන ජනයා ත්රස්තවාදීන් ලෙස හඳුන්වනු ඇසුණි! එම පලස්තීන අසරණයන්ට ආධාර ඉල්ලා මුදල්ගෙවා දැන්වීමක් පළකිරීම පවා BBC විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

ලිබියාවේ ළමයින් සිය ගණනිනුත් වැඩිහිටියන් 20000 කට වැඩියෙනුත් (මෙම ගණන ඊට බෙහෙවින් වැඩිවිය හැකි බව ප්‍රංශ රූපවාහිනිය ම කීය) මරා දැමීමට එරෙහිව ප්‍රංශ නීතිඥයෝ ප්‍රංශයේ ජනපතිට එරෙහිව නඩු පැවරූහ. සමහර ප්‍රංශ රූපවාහිනී සේවා ළමා නිවාසයක 30 ක් පමණ දරුවන් මරා දැමීම පිළිබඳ ව වාර්තා චිත්‍රපට ද නිපද වූහ.(BBC නොවේ!)

නේටෝ කැරලිකරුවන්ට ලිබියාවේ ජන බලයක් නැත. සිය රට බෝම්බයෙන් වනසන්නට මග පෑදූ කැරලිකාරයන්ට එම ජනතාව කැමතිවෙතියි සිතනවා නම් ඒ සිහින දකින්නන් පමණකි. එම විනාශ වූ දේවල් ගොඩනැගීම ගැන කිසිදු කතාවක් නැතිව තෙල්ටික පමණක් ඔවුහු නිදහසේ බෙදා ගනිති. එම නිසා ම නේටෝවට දිගට ම එරටේ රැඳී සිටින්නට සිදුවෙයි. ජනතාව මුස්ලිම් අන්තවාදය තුළ හිරවෙමින් සිටිති. තවත් ඉරාකයක්, ඇෆ්ගනිස්තානයක් දැනට ම බිහිවී අවසානය!

මා දන්නා තරමින්, මෙම තොරතුරු සොයාබලා ලංකාවේ කිසිම සිංහල පුවත්පතක්, ජනතාව දැනුවත් නො කළේය! එය කණගාටුවට කාරණයකි. අමෙරිකාවේ හිටපු සෙනෙට් සභික වරියක් ලිබියාවට ගොස් සැබෑ තත්වය ජනතාවට කිවුවත් කිසිම රූපවාහිනී සේවාවක් එම පුවත් ප්‍රචාරය නො කළේය. එතුමිය සමග ගිය පිරිසේ එක් කෙනෙක් අමෙරිකාවේ කිසිම වෛද්‍ය පහසුකමක් ලබාගත නොහැකි කෝටි පහමාරක් සිටින අතර, ලිබියාවේ සියලු දෙනාට ම වෛද්‍ය පහසුකම් නොමිලයේ ලැබෙන ආකාරය පැහැදිලි කළේය.

තවත් එක් කරුණක් ගැන ඔබේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි: ජවිපෙ අන්තර්ජාල පුවත් පත වන Lanka Truth පැහැදිලි ලෙස ම නැටෝ බෝම්බ දැමීම අනුමත කළේය! මෙය නම් සැබවින් ම පුදුම සහගතය. සෝමවංශ අමරසිංහ මහතා එකල ලිබියානු තානාපති කාර්යාලය සමග සබඳතා පැවැත්වූ බව මගේ මතකයේ තිබේ; නමුත්, ගඩාෆි මහින්ද ජනපතිගේ රජයට ආධාරකළ නිසා හෝ ජවිපෙ ඇමරිකන් බහට කන්දෙන නිසා හෝ මෙම අසාධාරණ අධිරාජ්‍යවාදී ඍජු ආක්රමණයේ දී නැටෝවේ ක්‍රියාකලාපය ඉතා සැහැල්ලුවෙන් අනුමත කළේය. Lamkaenews, Lanka News Web වැනි ඒවා ඍජුව ම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ඔත්තු සංවිධාන මත යැපෙන බැවින් ඔවුන්ගේ ස්ථාවරය පහසුවෙන් වටහාගත හැකිය. එහෙත් ජවිපෙ එසේ කිරීම ප්‍රශ්නයක් නොවේද? ජවිපයේ මෙම නැටෝ පාක්ෂික, ඇමරිකන් ගැති ආකල්පය දුටු විජේවීර මහතාගේ ඇටකටු අප්‍රකට සොහොනේ සිට නළියන්නට ඇත!

නැටෝව නො වන්නට ඊනියා කැරලි කාරයන්ට කිසිසේත් ම දිනන්නට නො හැකිය. මෙය සැබවින් ම එරට ජනයා හඳුන්වන්නේ නැටෝ කැරැල්ල යනුවෙනි. ගෝත්‍රික වෛරය ද මෙහිදී නිදහසේ යොදා ගැනුණි. විශේෂයෙන් ම කලු ලිබියානුවන් බහුල ලෙස මෙම නේටෝ කැරලිකරුවන් විසින් මරා දමනු ලැබූහ.

- මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

(RT සහ චීන පුවත් සේවා ඇසුරිනි)

මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="chathupatiya, post: 11311096, member: 48903"] [SIZE="5"][COLOR="Blue"]ලිබියාව, ලෝක පුවත් සේවා සහ අපි November 4, 2011 at 12:25 am | Lanka C News. ලිබියාව, ලෝක පුවත් සේවා සහ අපි හිටපු MI5 ඒජන්ත ඇනී මැෂොං මහත්මිය RT නම් රුසියන් රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ දී නැටෝ බෝම්බ ප්‍රහාරය විසින්, සැලකියයුතු මට්ටමේ ඉහළ ජීවන තත්වයක් තිබූ ලිබියාව අද ගල්යුගය දක්වා ආපසු තල්ලුකර ඇතැයි කීවාය. ඇගේම වචන කියවමු: “ඔවුන්ට නිදහස් අධ්‍යාපනයක් තිබුණි; නිදහස් සොඛෟ සේවාවක් තිබුණි; ඔවුන්ට රජයේ වියදමින් පිටරටවල දී අධ්‍යාපනය ලැබිය හැකි විය. විවාහ වන විට සැලකිය යුතු මුදලක් ඔවුන්ට ලැබුණි; (රජය ඩොලර් 50000 ක් පරිත්‍යාග කරයි) එබැවින් අප්‍රිකාවේ වෙනත් රටවල වැඩි අවධානයට ලිබියාව ලක්විය; දැන් නැටෝ සංවිධානයේ මානවවාදී මැදිහත්වීම නිසා එම රට සැබවින් ම ගල්යුගයට ම දක්කා ඇත. ඔවුන්ට ඉදිරියේ දී එම ආකාරයේ ජීවන මට්ටමක් නො ලැබී යයි. නව පරිවාස ආණ්ඩුව යටතේ ස්ත්‍රියට තිබුණු නිදහස නො ලැබී යාවි. ජාතික ධනය බටහිරට ඇදී යාවි. ලිබියාවේ තිබුණු ජීවන මට්ටම, අවපාතයට මූණදී සිටින අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ජීවන මට්ටමට වඩා තරමක් ඉහළ එකක් විය.“ මෙවන් ලිපියක් ලියන්නට මා කිසි සේත් ම සිතා නො සිටියත්, ලෝකයේ සියලු ප්‍රධාන ප්‍රවත් සේවා අමු මුසා පතුරවමින් සිටිනු දැක මෙ වැන්නක් නො ලියා සිටීම වැරැද්දකැයි හැඟුණු බැවින් ලියන්නට තීරණය කළෙමි. වෙසෙසින් ම මගේ ආධ්‍යාත්මික ගමන් සගයා පවා මේ සිද්ධියේ දී මා ඒකාධිපතියෙකුගේ පැත්ත ගනිතියි කියා සිටියේය. බටහිර ප්රචාරක මාධ්‍යය මුසාවට එතරම් ම දක්ෂය. මේ වන විට, නැටෝ හමුදාව සහ නැටෝ කැරලි කරුවන් විසින් ලිබියාව “මුදාගෙන“ අවසානය! දැනට මාස ගණනකට පෙර නැටෝව එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් බෝම්බ දමන්නට පටන්ගත් අතර මේ වන විට “සිවිල් ජනයා“ බේරාගැනීම පිණිස ලිබියාව පුරා 40,000 කට අධික වාරයක් බෝම්බ හෙළා ඇත. මේ බෝම්බ අතර depleted uranium හෙවත් silent killer නමින් හඳුන්වන රසියනිකය ද ඇතුළත් බව පසුගියදා හෙළිවිය. එය එතරම් පුදුම වන්නට දෙයක් නොවේ; පළමු ගල්ෆ් යුද්ධයේදී අමෙරිකාව එම දුබලකළ යුරේනියම් සහිත ආයුධ භාවිතා කළේය. ඒවා භාවිතා කළ සොල්දාදුවෝ තමන් පාවිච්චි කරන ආයුධයේ විනාකාරී බව නොදත්හ; පසුව ඔවුන්ට පිළිකා වළඳුණි. මෙම පුවත ප්‍රංශ රූපවාහිනියේ වරක් හෝ දෙවරක් කතාකළ අතර, පසුව හදිසියේ ම අදිසි අතකින් එය වැසී ගියේය. 1969 ලිබියා පාලනය කුමන්ත්රණයකින් බාරගත් කර්නල් ගඩාෆි පසුගිය දා “මානව හිමිකම් රැකෙන“ ආකාරයෙන් මරා දමන ලදි.(මෙ වැන්නක් අපේ රටේ සිදුවූවා නම් බ්‍රිතාන්‍ය මහත්වරුන් කෙසේ ක්රියාකරතිදැයි සිතාගත හැකිය!) නව යටත්විජිතවාදය යන්න දැන් නැවත ඍජු යටත්විජිතවාදය බවට සම්පූර්ණයෙන් ම පරිවර්තනය වී අවසානය. අපේ රටේ මාක්ස්වාදීන්ට සහ පශ්චාත්නූතනවාදීන්ට ඉතිහාසය “නැවත කියවන්නට“ සිදුවේ! බටහිර පුවත් සේවා සමස්තය ම මා තුළ ජුගුප්සාවක් උපදවයි! විකිලීක්ස් මගින් හෙළිවූයේ අල් ජසීරා සේවයේ ප්‍රධානියා සීඅයිඒ සමග සම්බන්ධ බවය. (එම හෙළිවීමෙන් පසු හේ ඉල්ලා අස්විය!) සීතල යුද්ධ සමයේ තිබුණාටත් වඩා අද ලෝකයේ ම ජනයා BBC, CNN, Aljazeera ඇතුළු බටහිර පුවත් සේවා මගින් අවාසනාවන්ත ආකාරයෙන් රවටනු ලැබේ. මේවා තුළ සේවය කරන්නන් තරම් මුසා පතුරුවන වෙනත් පිරිස් නැතැයි කීම කිසිසේත් ම අතිශයෝක්තියක් නොවේ. උදාහරණ කීපයක් ගනිමු: රුමේනියාවේ කුමන්ත්‍රණය සිදුවන වෙලාවේ ප්‍රංශය ඇතුළු සියලු බටහිර රටවල පුවත් සේවා චවුචෙස්කු ජනාධිපති විසින් 60,000 ක් සිවිල් වැසියන් මරාදමා ඇතැයි ප්‍රචාරය කළේය. තිමිසොආරා නගරයේ වාහන අනතුරකින් මියගොස් සිටි කීප දෙනෙකුගේ මිනී ගොඩගෙන (සීත දේශගුණය තුළ මිනී නරක් නොවේ) මිනිසුන් පිරිසක් විසින් අඬ අඬා ඒවා රූපවාහිනී කැමරාවට යොමුකරන ලදි. (මෙම අමු මුසාව කොතරම් කාවැදී ඇද්ද යත් පාඔලෝ කොඑල්ලෝගේ අළුත්ම නවකතාවේ පවා තිමිසොආරා ඝාතනය ගැන සඳහන්වේ!) රුමේනියාවේ චවුචෙස්කු මරා දමා වසරකට පසුව ප්‍රංශයේ Le monde diplomatique (Le monde නොවේ!)පුවත්පත මගින් පමණක් රුමේනියාවේ සියලු සිදුවීම් වලින් මියගිය ගණන 60-70 ක් පමණක් බව හෙළිකරන ලදි. කිසිම නමුබුකාර, වැදගත්, එමෙන් ම ලිවීමේ නිදහස අගයන පුවත් සේවයක් එම මුසාව නිවැරදි නො කළේය! යුගෝස්ලාවියාව වැනසීම සඳහා ද ඒ ආකාරයෙන් මුසා ගොතන ලදි. සමහර පෙදෙස්වල සර්බියන් හමුදාවෙන් දූෂණය වූ ගැහැනුන් ගණන එම පෙදෙසේ කාන්තා ජනගහනය ඉක්මවා යන අවස්ථා ද විය. වරක් ක්රොඒසියාවේ සියලු ජනවර්ග එක්වී සාම පාගමනක් යමින් සිටිය දී එක්වරම මුහුණු වසාගත් පිරිසක් පැමිණ ඊට වෙඩි තැබූහ. ඒ සැණින් ම සර්බියන් වරුන්ට චෝදනා කරන්නට බටහිර සියලු රූපවාහිනී සේවා එකට එක්විය. කලකට පසුව හෙළිවූයේ එය සාමයට එරෙහි බටහිර කුමන්ත්‍රණයක් බවයි. වරක් ජනයා ගැවසි සුපර්-මාර්කට් එකකට මිසයිලයක් එල්ලවිය. ඒ සැණින් ම ප්‍රංශයේ TF1 සේවය එය ආයේ සර්බියෙන් පැත්තෙන් නො වන බව හෙළි කළ අතර, ඊට පසු පැයේ පටන් එය සර්බියන් වරුන්ගේ සාම විරෝධී ක්‍රියාවක් බවට දිගට ම ප්‍රචාරණය කරන ලදි.(එල්ටීටිය සාම ගිවිසුම් කැඩීම, අසරණයන් ඝාතනය කිරීම, ගිවිසුම පවතිද්දී ම දහස්වර එය උල්ලංඝනය කිරීම ආදිය ද බටහිර පුවත් සේවා විසින් සැඟවූ බව ප්‍රකට කරුණකි) රුතුකුරුසය සහ වෙනත් NGO යුගෝස්ලාවියාවේ සුළුජාතීන්ට ආයුධ සැපයූ බව ඉතා ප්‍රකට කරුණකි. වරක් ක්රොඒසියාවේ උපන් සර්බියන් කලාකාරිනියක් මට මෙසේ කීවාය: “සර්බියන් සහ සිංහල යන දෙජාතියට ම අත්වී තිබෙන්නේ එක ම ඉරණමක්!“ අවසානයේ කොසෝවාවේ මානව අයිතිවාසිකම් රකින්නට බෙල්ග්‍රේඩ් නගරයේ කාර් කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්ත ශාලාවලට නැටෝව විසින් බෝම්බ දමන ලදි. මගී දුම්රියකට බෝම්බ දමා සියගණනක් මරා දමන ලදි. ඒවා බොහොම සරලව Collateral damages නමින් හඳුන්වා අමතක කරන ලදි. කොසොවා ජනාධිපති බවට පත්වූ කුරිරු ත්රස්තවාදියා විසින් යටත් වූ සර්බියන් සොල්දාදුවන් 300 දෙනෙකු මරා ඔවුන්ගේ වකුගඩු විකිණූ බව හෙළිවූ අතර, ඊට එරෙහිව හේග් (ළමා!) උසාවියේ නඩු පැවරීමට වෑයමක් තිබුණත්, යුරෝ කොමිටිය ඊට එරෙහි වූ බව මෑත දී එකල යුරෝපා කොමිටියේ ඉතාලි ජාතික නඩු අධ්යක්ෂ වරිය හෙළිකළාය. (සලකන්න; ලංකාවේ එක වකුගඩුවක් හෝ එසේ විකුණුවා නම්, මානව හිමිකම් රැකීම පිණිස අපේ රට ආක්‍රමණය කරන්නට පවා ඉඩ තිබුණි!) පළමු ගල්ෆ් යුද්ධයේ දී යටත් වූ ඉරාක සොල්දාදුවන් 9000-10000 අතර ගණනක් ඇමරිකන් හමුදා මගින් කාන්තාරයේ පණපිටින් ම බුල්ඩෝසර් කර වළලා දැමූ බව ප්‍රකට කරුණකි. ඉහත සඳහන් සියලු කරුණු සඳහන් කළේ ලිබියාව වඩා හොඳින් හඳුනාගත හැකි වීම පිණිසයි. අපි නැවත ලිබියාවට එමු. ගඩාෆි බලයට පත්වී ඉද්රිස් රජු යටතේ බටහිරට ඇදී ගිය තෙල් ධනය රටේ රඳවා ගන්නට කටයුතු යෙදීය. එතැන් පටන් බටහිර ඔහුට විරුද්ධ විය. වරක් රේගන් ජනපති ඔහු හැඳින්වූයේ Mad dog යනුවෙනි. එහෙත් එදා සීතල යුද සමය නිසා අද කරන ආකාරයේ ආක්‍රමණයක් කළ නො හැකි විය. ගෝත්‍ර 150 ක් පමණ ජීවත්වන රටක ඔහු සාමය රැකගත්තේ සියල්ලන්ට ම සාධාරණ ව සැලකූ නිසාය. ඔහු යටතේ රජයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය නොමිලයේ සැපයුණු අතර, ඉගෙනීමට දක්ෂ ඔනෑම කෙනෙකුට රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා පිටරට යා හැකි විය. ඔහුට පිටරටේ දී නිවසකට සහ මෝටර්රියකට අයිතිවාසිකම ලැබුණි. ලිබියාවේ වෛද්‍ය සේවය බටහිර මට්ටමේ ම විය; එහෙත් අමෙරිකාවේ මෙන් ලෙඩාගේ පොකැට්ටුවේ ඇති මුදල බලා ප්‍රතිකාර කරන ක්‍රමයක් නො වීය. %20 අඩුව තිබූ සහක්ෂරතාව %90 දක්වා ඉහළ ගිය අතර, සංක්‍රමණික එඬේර ජනයා ඉගෙනීම කෙරෙහි එපමණ අවධානයක් වැය නො කරන බැවින් සියයට සියයක් ම එය නැංවිය නොහැකි විය. 2007-2008 පාසැල් වර්ෂයේ දී සරසවි අධ්‍යාපනයට ඇතුළු වූ කාන්තා ගණන පිරිමි ගණන ඉක්මවීය. හිරේ දැමීමේ සංඛ්‍යාව අනුව රටවල්වල් අතරින් ලිබියාවට ලැබුණේ 61 වන ස්ථානයයි.( 61th on the International Incarceration Index) එහෙත් එම රටේ මානව අයිතීන් රකින්නට යන ඇමරිකාව එම ලැයිස්තුවේ පළමු වැනියාය! .(USA is the 1st on the International Incarceration Index) සැබවින් ම එක්සත් ජාතීන් විසින් ලිබියාව ඇගයීමේ විශේෂ වැඩසටහනක් එම ආක්‍රමණයට කලින් සංවිධානය කර තිබූ අතර, පහරදීම පටන්ගැනීමත් සමග එය හමස් පෙට්ටියට දමන ලදි. ලිබියාව අප්‍රිකා මහාද්වීපයේ ඉහළ ම ඒක පුද්ගල ආදායම ඇති රට වන අතර, ජනගහනයෙන් %5 කටත් අඩු ප්‍රමාණයක් දුප්පත් වශයෙන් වර්ග කෙරුණත්, දුප්පත්කමේ මට්ටමට පහළින් සිටින ප්‍රමාණය ඕලන්දයේ එම ප්‍රමාණයට වඩා අඩුය. ආයු අපේක්ෂා කාලය වසර 75 ක් වන අතර, එය අප්‍රිකාවේ ඉහළ ම මට්ටම වෙයි; එසේ ම එය ලෝකයේ සාමාන්‍ය මට්ටමට %10 කට වැඩි වෙයි. ගිය වසරේ පටන් සියලු වැසියාට ම ඩොලර් 500 බැගින් රජය විසින් තෙල් ලාභය ඔවුන්ගේ ගිනුම්වල තැන්පත් කරන්නට පටන් ගැනුණි. (මුළු ජනගහනය දශ ලක්ෂ 6 කුත් පන්ලක්ෂයකි) ලිබියාවේ පොලී ක්‍රමයක් නැති අතර බැංකුව රජයට අයත්ය. එයින් පොලී රහිත ණය ලබාගත හැකිය. මෙය බටහිර ධනය සූරාගන්නා බැංකු ක්‍රමයට හාත්පසින් ම වෙනස් ය. විදුලිය, ජලය නොමිලේ දෙන අතර, පැට්රල් ලාබම රට ලිබියාවයි. මේ සියල්ලට ම වැඩි වැදගත් දෙය නම් ගඩාෆි ආගමික අන්තවාදියෙකු නො වීමයි. (ඒ වධකයෝ අල්ලාහ්හු අක්බර් කියමින් දස වද දෙමින් ගඩාෆි මරා දැමූහ!) අපේ වැල්ලවත්තේ ඤාණාභිවංස නායක හාමුදුරුවෝ ලිබියාවට වඩිද්දී රාහුල මාහිමියන්ගේ What the Buddha taught පිටපතක් ද රැගෙන ගියහ. එය ගඩාෆිට පිළිගන්වා ඒ පිළිබඳ විස්තර කී පසු, එම මොහොතේ ම ඔහු එය අරාබි බසට පෙරලන්නට උපදෙස් දුන්නේය. බොහෝ අරාබි රටවල සිදු නො වන අයුරින් සරසවියේ දී ගැහැනු පිරිමි දෙ පිරිස ම ලිබියාවේ දී එකට අධ්‍යාපනය ලැබූහ. (අද “නිදහස් ලිබියාවේ“ තත්වය වෙනස් වෙමින් පවතී!) එපමණක් නොව ලිබියාවේ ඒකවිවාහය (monogamy) දිරිමත් කරනු ලැබීය. අද එම තත්වය හාත්පසින් ම වෙනස් වෙමින් මුස්ලිම් ෂරියා නීතිය නීතිගත කරන්නට සැරසෙන ආකාරය දැකිය හැකිය. කැරලි කාරයන් බිහි කරනු ලැබූ (එංගලන්තයේ රහස් සංවිධානය වසර ගණනක පටන් තෙල් ගවේෂක නිලධාරින්, ඉංජිනේරුවන් ලෙස ඔත්තු කාරයන් එහි යැවීය!) බෙන්ගසි නම් පෙදෙසේ ගඩාෆි විසින් ලෝකයේ ලොකු ම වාරි ඇල තනන ලද්දේ එම කාන්තාරයට දිය ගෙනයාම පිණිසයි. නැටෝ මානවවාදී බෝම්බවලින් එම ඇල ද වැනසී ඇතැයි කියති. (බෙන්ගාසි වාසී වැඩි පිරිස අපේ කොළඹ වැසියනට සමානය!) ගඩාෆි තුන්වන ලෝකයේ හිතවතෙකි. විදේශ සංචිත හිඟවී ලංකාව ඉතා අසීරු තත්වයකට මුහුණදී සිටිය දී මුදලින් උපකාර කළේය. ඉදිරියටත් උපකාර කිරීමට බලාපොරොත්තු විය. බොහෝ ලාංකිකයනට එරටේ රැකියා ලැබුණි. අප්‍රිකානු ජනයා අඳුරේ තබන තරමට බටහිරට වාසි සහගතය. ගඩාෆි අප්‍රිකානු මහාද්වීපයට සන්නිවේදන චන්ද්‍රිකාවක් මිලදී ගැනීමට IMF වෙතින් ණයක් ඉල්ලීය. (මීට කෙලින් ම අදාල නූනත් මෙම කරුණ කෙරෙහි ද ඔබගේ අවධානය යොමුවිය යුතුය: IMF ප්‍රධානියා ලබන වසරේ ප්‍රංශ ජනපති වරණයේ ජයග්‍රාහකයා වන්නට වැඩිම ජනප්‍රියත්වයකින් සිටියේය; හේ තුන්වන ලෝකයට හිතවත් කෙනෙකු වූ අතර, ප්‍රංශය, අමෙරිකා එ.ජ, ජර්මනිය, එංගලන්තය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට ණය දෙන්නට එපා කියද්දී ඔහු එම ණය අනුමත කළේය. ඔහුගේ ප්‍රතිපත්ති අ.එ.ජ යට අවාසි සහගතයැයි එරට ප්‍රධානියෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය; ඔය අතර ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනාව එල්ලවිය! අමෙරිකාවේ සිදුවූ එම ගනයේ පළමුවන සිද්ධියැයි සිතෙන පරිදි ඊට ප්‍රසිද්ධිය ලබාදී ගුවන් යානයට ම ගොස් ඔහු අත්අඩංගුවට ගන්නා ලදි. කුමන්ත්‍රණය සාර්ථක විය. ඔහුගේ ප්‍රතිරූපය විනාශ කරන ලදි; අනතුරුව, ඔහු සියලු ම චෝදනාවලින් නිදහස් විය, නිදහස්වීම පිළිබඳ ව එතරම් ප්‍රචාරයක් ලැබුණේ නැත.)එහෙත් වසර ගණනාවක් එම ණය දීම පැහැර හරිනු ලැබිණි. එහෙයින් ඔහු වැඩි මුදල ලිබියාවෙන් දී, සෙසු අප්‍රිකන් රටවලින් ද මුදල් ලබාගෙන චන්ද්‍රිකාවක් මිලදී ගත්තේය. එමගින් වසරකට බටහිරට ඇදීයන ඩොලර් දශලක්ෂ ගණනාවක් අප්‍රිකාවේ ප්‍රයෝජනයට යෙදිය හැකි විය. ගඩාෆි වැනසීමේ ආසන්න කුමන්ත්‍රණය එතැනින් ආරම්භ විය. ඊළඟට හෙතෙම දුප්පත් අප්‍රිකාව සමග බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කළේය. ඒ තෙල් වෙනුවට රත්තරන් හුවමාරුව උදෙසාය! ඒ වනවිට එංගලන්තයේ රත්තරං සංචිතය ලිබියාවේ සංචිතයට වඩා වැඩිවූයේ අඩකින් පමණි! හිරු නොබසින අධිරාජ්‍යයට හීන්දාඩිය දමන්නට විය! ‘එන පොට‘ හොඳ නැති බැවින් ගඩාෆි විනාශ කිරීමේ මෙහෙයුම වහාම ඇරඹුණි. රුසියාවේ පුටින් ජනපති වී සිටියා නම් මෙම තත්වය තරමක් හෝ වෙනස් වන්නට ඉඩ තිබුණි. එරට ජනපති මෙදෙදේව් යම් පමණකට බටහිරට ගැතිව හෝ බටහිරට රැවටී හෝ සිටියේය. බෝම්බ දැමීම ආරම්භයේ දී ම පුටින් එය කුරුස යුද්ධයකැයි කීවේ ඔහු බටහිර ශිෂ්ටාචාරය හොඳින් හඳුනාගෙන සිටි බැවිණි. (තුන්වන ලෝකයේ වාසනාවකට ඔහු නැවත රුසියාවේ ජනපති වන බව කියැවේ) නැටෝවට ලිබියාවට පහරදීමට කිසිම සාධාරණ හෙතුවක් නො වූ අතර, ඔවුහු පිරිසක් සංවිධානය කළහ. බටහිරට ගැති ඛටාර් වැනි රාජ්‍ය මීට කෙලින් ම මැදිහත් විය. (අද ඔක් 27 දා ඛටාර් රජය සිය හමුදාව ලිබියාවේ කැරැල්ලට සහභාගී වූ බව ප්‍රකාශයට පත්කළේය) ඔවුන් ප්‍රකාශ කළේ බෙන්ගසි නුවර අසරණ සිවිල් වැසියන්ට ගඩාෆි බෝම්බ දමන බවයි! එහෙත් රුසියානු මිලිටරි චන්ද්‍රිකාවේ සටහන්වූ දත්ත අනුව රුසියන් හමුදාව කීවේ ගුවනින් බෝම්බ දැමීමක් කිසිම ආකාරයක සිදු නොවූ බවයි. (වරක් බැටළු පැටියෙක් ඇලකින් වතුර බොමින් සිටියේය; එතැනට පැමිණි වෘකයෙක්: උඹ වතුර බොර කරනව, මං බොන්නෙ කොහොමද! කීය; එවිට බැටළු පැටවා රාලහාමි “මම බිව්වෙ ඔබ තුමා ඉන්නවාට පහළින්නෙ!“ කීය; තෝ ගිය අවුරුද්දෙ මං වතුර බොනකොට බොරකළා! “අනේ රාලහාමි මම ගිය අවුරුද්දෙ ඉපදිලාවත් නෑනෙ!“ බැටළු පැටවා කීය. එවිට වෘකයා: “ තොගෙ කඩ වැඩියි, මං තෝ කනව!“ කියමින් එම අසරණ පැටියා මරා කෑවේය.)ගඩාෆි කැරැල්ල සාකච්ඡාවෙන් විසඳන්නට කල්පනා කළ බැවින් දැඩි මර්දනයක් එක්වර ම දියත් නො කළේය. එය ප්‍රයෝජනයට ගත් බටහිර වඩා ඉක්මන් විය. ඒ දිනවල ම බහරේන්හි ද කරැල්ලක් ඇතිවිය. එක මිනිසෙක් පොලීසිය වෙත හිනාවෙමින් යමක් කියන්නට ගියේය; අඩි පහක පමණ දුරක දී ඔහුට වෙඩි තබන ලදි. එරටේ සිය ගණනක් පිරිස මරා දමනු ලැබූහ. තත්වය තවත් උග්‍ර වෙද්දී අමෙරිකාව සෞදි අරාබියට උපදෙස් දී හමුදාව යවා එම සැබෑ කැරැල්ල කුරිරු අන්දමින් මර්දනය කරන ලදි. ඒ එතුමන්ලාගේ ප්රජාතන්ත්රවාදයයි! නැටෝව ලිබියාව මත ඉවක් බවක් නැතිව බෝම්බ වැපිරුවේය. සරසවි, පාසැල්, රෝහල්, ගුවන්තොටුපළවල්, නිවාස ආදි සියල්ලට ම බෝම්බ හෙළිය. (ඉරාකයේ සියලු පාලම් පළමු ගල්ෆ් යුද්ධයේ දී ම වැනසූ ආකාරය අපේ මතකයට එයි; දියුණුව ‘සුදු අපට‘ පමණක් අයිති දෙයකැයි ඔවුන් සිතනවා වියහැකිය!) නැටෝව බෝම්බ දමන අතර ලිබියාවේ අලනුවර දශ ලක්ෂ ගණන් ජනයා ඊට එරෙහිව පෙලපාලි ගියහ. දශ ලක්ෂ හය හමාරක ජනගහනයෙන් 17 ලක්ෂයක් අගෝස්තු මාසයේ ගඩාෆි සමග පෙලපාලියේ ගියහ! මෙහිදී ගඩාෆි අල් ජසීරා රූපවාහිනියට ආරාධනා කළේය; ඔවුහු ආහ; රූප ගතකළහ; ඒත් එය ප්‍රචාරය නො වීය. BBC, CNN, Aljazeera එක දිගට බොරු ප්‍රචාරය කළ අතර එම යෝධ පෙළපාලි ගැන වචනයක් හෝ නොකියන්නට වගබලා ගත්හ. ට්‍රිපොලි නගරයේ ජනගහනයෙන් %95 ක් පෙළපාලිවලට සම්බන්ධ වූ අතර, නේටෝ-කැරලි කරුවන්ට එහි කිසිම ජන බලයක් නැත. නගරය අල්ලාගත් බව ප්‍රකාශ කළ දා රෑ බෙංගාසිවලින් නැවකින් පිරිස ගෙන්වා චතුරශ්‍රයට රැස්කර එය රූගත කර ප්‍රචාරය කෙරුණි. BBC ඉංදියාවේ පිරිසක් පෙන්වමින් ඒ ලිබියන් ජනතාව බව කී අතර, එම බොරුව එදාම අතේ පත්තු විය! ඊස්රායලය ලෙබනනයට ගොස් පලස්තීනයන්ට පහර දී සිය ගණන් මැරූ විට BBC සිංහල සේවයෙන් ද එම අසරණ පලස්තීන ජනයා ත්රස්තවාදීන් ලෙස හඳුන්වනු ඇසුණි! එම පලස්තීන අසරණයන්ට ආධාර ඉල්ලා මුදල්ගෙවා දැන්වීමක් පළකිරීම පවා BBC විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ලිබියාවේ ළමයින් සිය ගණනිනුත් වැඩිහිටියන් 20000 කට වැඩියෙනුත් (මෙම ගණන ඊට බෙහෙවින් වැඩිවිය හැකි බව ප්‍රංශ රූපවාහිනිය ම කීය) මරා දැමීමට එරෙහිව ප්‍රංශ නීතිඥයෝ ප්‍රංශයේ ජනපතිට එරෙහිව නඩු පැවරූහ. සමහර ප්‍රංශ රූපවාහිනී සේවා ළමා නිවාසයක 30 ක් පමණ දරුවන් මරා දැමීම පිළිබඳ ව වාර්තා චිත්‍රපට ද නිපද වූහ.(BBC නොවේ!) නේටෝ කැරලිකරුවන්ට ලිබියාවේ ජන බලයක් නැත. සිය රට බෝම්බයෙන් වනසන්නට මග පෑදූ කැරලිකාරයන්ට එම ජනතාව කැමතිවෙතියි සිතනවා නම් ඒ සිහින දකින්නන් පමණකි. එම විනාශ වූ දේවල් ගොඩනැගීම ගැන කිසිදු කතාවක් නැතිව තෙල්ටික පමණක් ඔවුහු නිදහසේ බෙදා ගනිති. එම නිසා ම නේටෝවට දිගට ම එරටේ රැඳී සිටින්නට සිදුවෙයි. ජනතාව මුස්ලිම් අන්තවාදය තුළ හිරවෙමින් සිටිති. තවත් ඉරාකයක්, ඇෆ්ගනිස්තානයක් දැනට ම බිහිවී අවසානය! මා දන්නා තරමින්, මෙම තොරතුරු සොයාබලා ලංකාවේ කිසිම සිංහල පුවත්පතක්, ජනතාව දැනුවත් නො කළේය! එය කණගාටුවට කාරණයකි. අමෙරිකාවේ හිටපු සෙනෙට් සභික වරියක් ලිබියාවට ගොස් සැබෑ තත්වය ජනතාවට කිවුවත් කිසිම රූපවාහිනී සේවාවක් එම පුවත් ප්‍රචාරය නො කළේය. එතුමිය සමග ගිය පිරිසේ එක් කෙනෙක් අමෙරිකාවේ කිසිම වෛද්‍ය පහසුකමක් ලබාගත නොහැකි කෝටි පහමාරක් සිටින අතර, ලිබියාවේ සියලු දෙනාට ම වෛද්‍ය පහසුකම් නොමිලයේ ලැබෙන ආකාරය පැහැදිලි කළේය. තවත් එක් කරුණක් ගැන ඔබේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි: ජවිපෙ අන්තර්ජාල පුවත් පත වන Lanka Truth පැහැදිලි ලෙස ම නැටෝ බෝම්බ දැමීම අනුමත කළේය! මෙය නම් සැබවින් ම පුදුම සහගතය. සෝමවංශ අමරසිංහ මහතා එකල ලිබියානු තානාපති කාර්යාලය සමග සබඳතා පැවැත්වූ බව මගේ මතකයේ තිබේ; නමුත්, ගඩාෆි මහින්ද ජනපතිගේ රජයට ආධාරකළ නිසා හෝ ජවිපෙ ඇමරිකන් බහට කන්දෙන නිසා හෝ මෙම අසාධාරණ අධිරාජ්‍යවාදී ඍජු ආක්රමණයේ දී නැටෝවේ ක්‍රියාකලාපය ඉතා සැහැල්ලුවෙන් අනුමත කළේය. Lamkaenews, Lanka News Web වැනි ඒවා ඍජුව ම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ඔත්තු සංවිධාන මත යැපෙන බැවින් ඔවුන්ගේ ස්ථාවරය පහසුවෙන් වටහාගත හැකිය. එහෙත් ජවිපෙ එසේ කිරීම ප්‍රශ්නයක් නොවේද? ජවිපයේ මෙම නැටෝ පාක්ෂික, ඇමරිකන් ගැති ආකල්පය දුටු විජේවීර මහතාගේ ඇටකටු අප්‍රකට සොහොනේ සිට නළියන්නට ඇත! නැටෝව නො වන්නට ඊනියා කැරලි කාරයන්ට කිසිසේත් ම දිනන්නට නො හැකිය. මෙය සැබවින් ම එරට ජනයා හඳුන්වන්නේ නැටෝ කැරැල්ල යනුවෙනි. ගෝත්‍රික වෛරය ද මෙහිදී නිදහසේ යොදා ගැනුණි. විශේෂයෙන් ම කලු ලිබියානුවන් බහුල ලෙස මෙම නේටෝ කැරලිකරුවන් විසින් මරා දමනු ලැබූහ. - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි (RT සහ චීන පුවත් සේවා ඇසුරිනි) [/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom