පසුගිය සතියේ වැඩියෙන්ම කතා බහට ලක්වූ සිදුවීම වුයේ සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා කොළඹ අලුත්කඩේ උසාවියේ අංක 05 අධිකරණ ශාලාවේදී වෙඩි තබා මරා දැමීමයි.
ඝාතනය සිදු කරන ලද වෙඩික්කරු යැයි විමර්ශකයන් විසින් හඳුනාගත් 27 හැවිරිදි මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි හෙවත් 'කමාන්ඩෝ සමිඳු' නැමැත්තා පුත්තලමේදී අත්අඩංගුවට පත්විය. ඔහු දැනට රැඳවුම් නියෝග මත රඳවා තවදුරටත් ප්‍රශ්න කරන අතර ඝාතනය සඳහා ඔහුට ගිනි අවිය ලබා දුන්නේ යයි සැක කරන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි හෙවත් 'කුඩු සුද්දී' නම් 25 හැවිරිදි කාන්තාව තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබේ.
මෙම රිවෝල්වරය ඉෂාරා සෙව්වන්දි විසින් අධිකරණ භුමිය තුළට ගෙන විත් ඇත්තේ 'අපරාධ නඩු විධාන සංග්‍රහය' නම් නීති පොතේ පිටු පිස්තෝලය හැඩයට කපා ඉවත්කර ඒ තුළ සඟවාගෙන බව සාක්ෂි තුළින් අනාවරණය වී ඇත. ආයුධය මෙලෙස සඟවා ගෙන ඒම සඳහා සැකකාරියට උදව් කර ඇත්තේ ඇයගේ සහෝදරයා බව විමර්ශනයේදී හෙලිවී තිබේ.
1) ඝාතනය සැලසුම් කිරීම 2) ඝාතනය සිදු කිරීම 3) නිරුපද්‍රිතව පැනයාම 4) සාක්ෂි අතුරුදන් කිරීම
මෙම ඝාතනයේදී පහත දැක්වෙන බුද්ධි තොරතුරු ඝාතනය සැළසුම් කළ අපරාධකරුවන්ට ලැබුනේ කාගෙන්ද හා කෙසේ දැයි විමර්ශකයින් දැඩි අවධානයක් යොමු කළ යුතුය.
1) ගණේමුල්ල සංජීව උසාවියට ඉදිරිපත් කරන දිනය හා ස්ථානය
2) ඔහුට ලබා දෙන ආරක්ෂාවේ ප්‍රමාණය
3) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 09 අධිකරණ ශාලාවට ඔහු රැගෙන ගොස් නැවත ඔහු අංක 05 ශාලාවට ගෙන එන බවට තොරතුරු
4) අංක 09 ශාලාවේ මහේස්ත්‍රාත්වරයා නිවාඩු ගොස් ඇති බවට වූ තොරතුර
5) සංජීවට වෙඩි තබන ස්ථානය වූ අංක 05 අධිකරණ ශාලාව තුළ ආරක්ෂක තත්ත්වය හා එහි තුළ ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් සිටින්නේද යන්න
6) ඝාතනයෙන් පසු නිරුපද්‍රිතව පැන යාමේදී ප්‍රති ප්‍රහාරයක් සිදු නොවන බවට සහතිකයක් ආරක්ෂක අංශ විසින් ලබා දී තිබුනේද යන්න
7) ඝාතනය සඳහා පෙර පුහුණුවීම කළේ නම් ඒ සඳහා කිසියම් අධිකරණ සේවකයෙකු උපකාර කළේද යන්න
8) මෙවැනි ඝාතන සඳහා භාවිතා කරන ජනප්‍රිය අවිය වන 9mm ස්වයංක්‍රීය අවියක් වෙනුවට 0.38 රිවෝල්වරයක් භාවිත කළේ ඇයිද යන්න.
9) පොත තුළ සඟවාගෙන එන ගිනි අවිය වෙඩික්කරු විසින් සිය ඉණෙහි සඟවා ගැනීමේ සුදුසුම ස්ථානය ලෙසට නීතිඥයින්ගේ විවේකාගාරය දුටුවේ කෙසේද යන්න
සංජීව ඝාතනයෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශය (Colombo Crime Division) යටතට පරීක්ෂණ භාර විය. CCD ය විසින් ඝාතනය සිදුකළ වෙඩික්කරු ඇතුළු මෙම අපරාධයට සම්බන්ධ බාහිර සිවිල් පුද්ගලයන් සියල්ල අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දැනටමත් එදින සංජීවට ආරක්ෂාව සැපයූ STF නිළධාරීන්ගෙන් හා බන්ධනාගාර නිළධාරීන්ගෙන් සාක්ෂි ලබාගෙන ඇත. ඔවුන්ගේ දුරකතනද CCD භාරයට ගෙන තිබේ. මෙම විමර්ශන වල ප්‍රගතිය ඉදිරියේදී දැනගත හැක.
මෙම නිළධාරීන්ගෙන් කිසිවකු හෝ පිරිසක්, ඩුබායිහි සිටින ශ්‍රී ලංකා පාතාල සාමාජිකයින් හා මෙම ඝාතනයට පෙර හා පසුව සබඳතා පවත්වා තිබේදැයි පරීක්ෂා කළ යුතුය. එසේම පසුගිය කාලයේදී මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධයෙන් නම් ඈඳුණු STF නිළධාරීන් හා මෙම නිළධාරීන් අතර මෙම ඝාතනය සිදුවීමට පෙර හා පසුව කිසියම් සබඳතාවක් තිබුණේද යන්නත් විමර්ශනය කළ යුතුය. එහෙත් එය 'හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්' බඳු වේවිදැයි දැන්ම උපකල්පනය කළ නොහැකි ය.
ඝාතනය සිදු කරන ලද වෙඩික්කරු යැයි විමර්ශකයන් විසින් හඳුනාගත් 27 හැවිරිදි මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි හෙවත් 'කමාන්ඩෝ සමිඳු' නැමැත්තා පුත්තලමේදී අත්අඩංගුවට පත්විය. ඔහු දැනට රැඳවුම් නියෝග මත රඳවා තවදුරටත් ප්‍රශ්න කරන අතර ඝාතනය සඳහා ඔහුට ගිනි අවිය ලබා දුන්නේ යයි සැක කරන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි හෙවත් 'කුඩු සුද්දී' නම් 25 හැවිරිදි කාන්තාව තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබේ.
ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත්වී සිටින අය ..
මේ වනවිට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින ඉෂාරා සෙව්වන්දිගේ මව, සහෝදරයා, වෙඩික්කරු පුත්තලම දක්වා ප්‍රවාහනය කළ වෑන් රථයේ රියදුරු ,වෑන් රථය ලබාදුන් අතුරුගිරිය පොලීසියේ කොස්තාපල් වරයෙකු, පිස්තෝලය ළඟ තබාගෙන ඉෂාරා සෙව්වන්දිට ලබා දුන් පුද්ගලයා, ඉෂාරා හා කමාන්ඩෝ සමිඳුව ඝාතනයෙන් පසු ත්‍රිරෝද රථයකින් මීගමුව දක්වා ප්‍රවාහනය කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හා ඉෂාරා සෙව්වන්දි හා සබඳතාවයක් පැවැත්වූ මීගමුව පොලිසියේ කොස්තාපල්වරයෙකු හා ඉෂාරා සෙව්වන්දි හට දුරකථන සිම්පතක් ලබා දුන්නේ යයි විමර්ශන වලදී හෙළිවූ හිටපු නාවික සෙබළෙක් හා තවත් අයෙක් ඇතුළු 13 දෙනෙක් මේ වනවිට පොලිස් විමර්ශකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඝාතනයට යොදා ගත් 0.38 රිවෝල්වර් ගිනි අවිය...
ඝාතනයට යොදා ගත් ගිනි අවිය 0.38 රිවෝල්වර් අවියකි. එම අවිය දැනට අත්අඩංගුවේ සිටින දමිඳු ලක්ෂාන් නම් 22 හැවිරිදි ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සතුව තිබී ඝාතනයට පෙර දෙවන සැකකාරිය වෙත ලැබෙන්නට සළස්වා ඇත.මෙම රිවෝල්වරය ඉෂාරා සෙව්වන්දි විසින් අධිකරණ භුමිය තුළට ගෙන විත් ඇත්තේ 'අපරාධ නඩු විධාන සංග්‍රහය' නම් නීති පොතේ පිටු පිස්තෝලය හැඩයට කපා ඉවත්කර ඒ තුළ සඟවාගෙන බව සාක්ෂි තුළින් අනාවරණය වී ඇත. ආයුධය මෙලෙස සඟවා ගෙන ඒම සඳහා සැකකාරියට උදව් කර ඇත්තේ ඇයගේ සහෝදරයා බව විමර්ශනයේදී හෙලිවී තිබේ.
ඝාතනය මෙහෙය වූ අය…
විමර්ශකයන් හා විවිධ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව ගම්පහ ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර පවතින දිගු කාලීන විරසකයක ප්රතිඵලයකි. මෙහි ප්‍රධාන සැකකරුවන් වන්නේ 'කෙසෙල්බද්දර පද්මේ' නම් ඩුබායිහි ජීවත්වන අයෙකි. ඔහු මෙම සංජීව මරා දැමීම මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිටින කමාන්ඩෝ සලින්ද නම් තවත් අයෙකු හරහාය. කෙසෙල්බද්දර පද්මේ තම පියා මැරූ පලිය ගැනීම සඳහා ගණේමුල්ල සංජීව මෙසේ මරා දැමු බව පැවසේ.ඝාතනය ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධි තොරතුරු ලැබුනේ කාගෙන්ද ?
ඉතාමත් ආරක්ෂිත කලාපයක් වන අළුත්කඩේ උසාවි භුමිය තුළ විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂා කළ විශේෂ සැකකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම වෙඩික්කරු හා දෙවන සැකකාරිය ඇතුළු දැනට අත්අඩංගුවේ සිටින අය හරහා පමණක් කළේ යයි සිතිය නොහැකිය. මෙවැනි පරිසරයක මෙවන් ආරක්ෂිත පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා ඉතා වැදගත්ම සාධකය වන්නේ අභ්‍යන්තර බුද්ධි තොරතුරු ලබා ගැනීමය. මෙවැනි ඝාතනයක් සිදු කරන අය ක්‍රියාත්මක වන්නේ මෙසේය.1) ඝාතනය සැලසුම් කිරීම 2) ඝාතනය සිදු කිරීම 3) නිරුපද්‍රිතව පැනයාම 4) සාක්ෂි අතුරුදන් කිරීම
මෙම ඝාතනයේදී පහත දැක්වෙන බුද්ධි තොරතුරු ඝාතනය සැළසුම් කළ අපරාධකරුවන්ට ලැබුනේ කාගෙන්ද හා කෙසේ දැයි විමර්ශකයින් දැඩි අවධානයක් යොමු කළ යුතුය.
1) ගණේමුල්ල සංජීව උසාවියට ඉදිරිපත් කරන දිනය හා ස්ථානය
2) ඔහුට ලබා දෙන ආරක්ෂාවේ ප්‍රමාණය
3) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 09 අධිකරණ ශාලාවට ඔහු රැගෙන ගොස් නැවත ඔහු අංක 05 ශාලාවට ගෙන එන බවට තොරතුරු
4) අංක 09 ශාලාවේ මහේස්ත්‍රාත්වරයා නිවාඩු ගොස් ඇති බවට වූ තොරතුර
5) සංජීවට වෙඩි තබන ස්ථානය වූ අංක 05 අධිකරණ ශාලාව තුළ ආරක්ෂක තත්ත්වය හා එහි තුළ ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් සිටින්නේද යන්න
6) ඝාතනයෙන් පසු නිරුපද්‍රිතව පැන යාමේදී ප්‍රති ප්‍රහාරයක් සිදු නොවන බවට සහතිකයක් ආරක්ෂක අංශ විසින් ලබා දී තිබුනේද යන්න
7) ඝාතනය සඳහා පෙර පුහුණුවීම කළේ නම් ඒ සඳහා කිසියම් අධිකරණ සේවකයෙකු උපකාර කළේද යන්න
8) මෙවැනි ඝාතන සඳහා භාවිතා කරන ජනප්‍රිය අවිය වන 9mm ස්වයංක්‍රීය අවියක් වෙනුවට 0.38 රිවෝල්වරයක් භාවිත කළේ ඇයිද යන්න.
9) පොත තුළ සඟවාගෙන එන ගිනි අවිය වෙඩික්කරු විසින් සිය ඉණෙහි සඟවා ගැනීමේ සුදුසුම ස්ථානය ලෙසට නීතිඥයින්ගේ විවේකාගාරය දුටුවේ කෙසේද යන්න
ඝාතකයන්ට ඇතුලෙන් තොරතුරු දුන්නේ කව්ද?
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා බුද්ධි තොරතුරු ලබා දුන්නේ ඔහු රඳවා සිටි බුස්ස බන්ධනාගාර නිළධාරීන් හෝ ඔහුට ආරක්ෂාව සැපයූ විශේෂ කාර්ය බලකා නිළධාරීන් හෝ අළුත්කඩේ අධිකරණයේ සිටි කිසියම් පුද්ගලයෙකු හෝ යම් පිරිසක් විසින් බව නිසැකය. මෙම තොරතුරු හෙළි කර ගැනීම දුරකථන විශ්ලේෂණ වාර්තා හරහා කළ යුතුවේ. එහෙත් මේ සඳහා විමර්ශකයන්ට යම් කාලයක් ගතවනු ඇත.සංජීව ඝාතනයෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශය (Colombo Crime Division) යටතට පරීක්ෂණ භාර විය. CCD ය විසින් ඝාතනය සිදුකළ වෙඩික්කරු ඇතුළු මෙම අපරාධයට සම්බන්ධ බාහිර සිවිල් පුද්ගලයන් සියල්ල අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දැනටමත් එදින සංජීවට ආරක්ෂාව සැපයූ STF නිළධාරීන්ගෙන් හා බන්ධනාගාර නිළධාරීන්ගෙන් සාක්ෂි ලබාගෙන ඇත. ඔවුන්ගේ දුරකතනද CCD භාරයට ගෙන තිබේ. මෙම විමර්ශන වල ප්‍රගතිය ඉදිරියේදී දැනගත හැක.