ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

ගනිතයේ ස්කන්දය සහ කාලය තියෙනවද ?

ප්‍රශ්නයක් මේකට හරි උත්තරේ දන්න කවුරු හරි ඉන්නවද ? මම ස්කන්ධය සහ කාලය යනුවෙන් අදහස් කලේ කිලෝග්‍රෑම් හෝ තප්පර නෙමේ. සහ මේකට ඔව්, ඔය සරල අනුවර්තී චලිතයේදි සාපේක්ශ ප්‍රවේගයේදි, සාපේක්ශ ත්වරනයේදි වස්තුන් වලට දෙන්නෙ මෙච්චරක් ස්කන්ධය තියෙනව. ඒක g නියතයෙන් වැඩිකලාම බර ලැබෙනව. ඉතිං ඒ කියන්නෙ ඒ නියතෙ ඇතුලෙ කාලයත් තියෙන නිසා ගනිතයේ මේ දෙකම තියෙනව කියල. මේ කියන්නෙ ඒ ගනිතය ගැන නෙමේ. කොටින්ම අපි ඇප්ලයිඩ් කියල කියන්නෙ තනිකරම බෞතික විද්යාවට. බෞතික විද්යාව කියන දේ ශුද්ද නෑ. නිව්ටන් නියම අද බොරු කියල ඔප්පු වෙලා ඉවරයි. නමුත් කෙල්වින් සාමිවරය නිව්ටන් නියමවලට පස්සෙ අයින්ස්ටයින්ගෙ නියම ඉදිරිපත් කරන්න කලින් කිව්වෙ මොකක්ද ? අපි දැන් බෞතික විද්යාවෙ සොයාගන්න තියෙන සේරම සොයාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නෙ මිනුම් (දිග කාලය ස්කන්දය වගේ දේවල්) වඩාත් සියුම්ව මනින්න විතරයි කියල.

ඒ කියන්නෙ මෙහෙම දෙයක්. අපි කිලෝග්‍රෑම් එකක් මැන්න කියමු. නමුත් එතන මිනුම හරිද ? ඔය කිලෝග්‍රෑම් එක තවත් සියුම්ව මැන්නාම මිලිග්‍රෑම් කිහිපයක වෙනසක් වෙන්න පුලුවන්. තවත් සියුම් කලාම මයික්‍රොග්‍රෑම් කිහිපයක් වෙනස් වෙන්න පුළුවන්. තවත් සියුම් කලාම නැනෝ ග්‍රෑම් දහස් ගානක් වෙනස් වෙන්න පුළුවන්. බෞතිකවිද්යාවෙ කිසිම මැනුමක් නිවැරදි නෑ. සියල්ලම හැකි තරම් සියුම් කරනවා මිසක් හරියටම මීටරයඉ හරියටම අඩියඉ හරියටම කිලෝග්‍රෑමයයි කියල කියන්න කිසිම දවසක බෑ. ඉතිං එහෙම මිනුම් අරං කරන පර්යේශන පටං ගන්න තැනම මිනුම වැරදියි. ලත් තැනම ලොප් කියන්නෙ. ඒ නිසා අද හොයාගන්න එක මිනුම් සියුම් කරද්දි හෙට අනිද්දා වෙනස් වෙලා. බෞතික විද්යාව හරියට ඔපරේටිං සිස්ටම් එක වගේ. 0 සහ 5 වොල්ටේජ් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුලුවන් අතරමැදියෙක් පමනයි.

නමුත් ඔයාල අහල තියෙනවද කවදාවත් ගනිතයේ හොයාගත්තු දෙයක් පස්සෙ දවසක බොරු වුනා කියල ? පයිතගරස් ප්‍රමේයය පයිතගරස් හොයාගත්ත. ඒක එදත් පාවිච්චි කලා අදත් පාවිච්චි කරනව හෙටත් එහෙමමයි. මොකද ගනිතයෙ කවදාවත් මිනුම් කියල දෙයක් නෑ. සේරම සාදාරනීකරනය කල්ල තියෙන්නෙ. කවදාවත් (x+y)^2 = x^2 + 2xy + y^2 කියන දේ ගනිතය කොච්චර දියුනු වුනත් බොරු වෙයිද ? මෙතෙක් කල් බොරු වුනාද ? නමුත් නිව්ටන් නියම. යම් යම් උපකල්පන මත මේ ශුද්ද වූ ගනිතය සැබෑ ලෝකයට ආදේශ කරන්න පාවිච්චි කරපු operating system එක අද බොරුලුනෙ. මෙතන බොරු කියන්නෙ වැඩක් ගන්න බෑ කියන එක නෙමෙ. වැඩක් ගත්තෑකි නමුත් එන උත්තර වැරදිඉ.

දිග ජ්යාමිතියෙදි සාදාරන දිගවල් සලකල ගනිතයේ බාවිත වෙනව. දැන් මගෙ ප්‍රශ්නෙ මේ වගේ ස්කන්දය කාලය බෞතික විද්යාව නමැති operating system එක නැතුව ශුද්ද ගනිතයේ සාදාරන ආකාරයකට බාවිතා වෙනවද ? මේ ගැන හොද අවබොදයක් තියෙන අය පැහැදිලි කරල දෙන්න.
 
ගුරු

Member
Sep 12, 2014
90
14

වර්තමානයේ අන්තර්ජාලයෙන් ගණිතයේ විද්‍යාවෙි ඉතිහාසය හා විකාශනය ගැන කරුණු විමසන අයකුට ඉන් දර්ශනය වන්නේ බටහිර විද්‍යාඥයන් නවීන විද්‍යාව බිහි කල අන්දමයි.ඒවායේ පෙරදිග විද්‍යාඥයන් ගැන විස්තර ඇත්තේම නැති තරම්ය. එම විස්තර සකසා ඇති බටහිර ජාතිකයන් එය වුවමනාවෙන්ම සිදු කර ඇත.තවත් වසර 100කින් 200කින් පසු 0,1,2,.. යන හින්දු අරාබි ඉලක්කම්වල හින්දු අරාබි වචනය ඉවත්වී ඒවා එංගලන්තයෙන් බිහිවූ ඉංග්‍රීසි ඉලක්කම් යැයි අන්තර්ජාලයේ හෝවෙනත් පොත්පත්වල සඳහන් විය හැකිය.එදාට අපේ රටෙ පමනක් නොව එම ඉලක්කම් බිහිවූ ඉන්දියාවේ ගුරුවරුන්ද පාසැල් ළමුන්ට එම ඉලක්කම් ඉංග්‍රීසි ඉලක්කම් ලෙස හදුන්වා දීම පුදුම විය යුතු කරුණක් නොවෙ.
0,1,2,.. පෙරදිග ඉලක්කම් වලට අද අපි "හින්දු අරාබි ඉලක්කම්" යන වචනය භාවිතා කලත් ඒවායේ නිර්මාතෘවරු හින්දුන්ය."අරාබි" කොටස අරාබීන් ඒවා බටහිරට ප්‍රවාහනය කිරීමේ ගමන් ගාස්තුවයි.දැනට ඇති ලිඛිත සාක්ෂි අනුව පැරණි පෙරදිග ගණිත විද්‍යාඥයන් බොහෝ දෙනෙකු සේවය කලේ රාජකීය ගණිතඥයන් ලෙසයි.වරහමිහිර,ආර්්‍යභට්ට,භාස්කර්,පරාශර එම පිරිසෙන් කිහිප දෙනෙකි.(මොවුන් ජ්‍යොතිෂ ආචාරීන් මිස ගණිත විද්‍යාඥයන් ලෙස පිළිගැනීමට අකමැති අය පයි අගයේ සංඛ්‍යාත්මක අගය ගණනය,පෘථිවියේ විශ්කම්භය ෙසෙද්ධාන්තික ගනනය,වෘත්තයක පරිධිය,වර්ගඵලය (2පයිආර්,පයිආර්වර්ගය) සූත්‍රවල අයිතිය ඇති ගණිතඥයන් ගැන සොයා බලන්න.)
පෙරදිග ගණිත ඉලක්කම් වල ආගමනයත් සමඟ එතෙක් නිසි සම්මතයක් නොමැතිව අවුල් වූ නූල් බෝලයක් මෙන් අක්‍රමවත්ව වල්බිහිවී තිබූ බටහිර ගණිතය නවීන විද්‍යාව බිහිවීමට සුදුසු මාර්ගයට පිවිසුනි.පෙරදිග ගණිත ඉලක්කම් නොලැබුනි නම් ආලෝක වර්ෂයක දිග ප්‍රමානය ඉලක්කමෙන් කොලයක ලියා ගත නොහැකිව බටහිර රටවල් ලොකු අමාරුවක වැටෙනු නිසැකය.පෙරදිග ඉලක්කම් සමඟ පැමිණි ශුන්‍යය හෙවත් බින්දුව පෙරදිගින් බටහිරට නොලැබෙන්නට අද නවීන විද්‍යාව කියා දෙයක් නොතිබෙන්නටත් ඉඩ තිබුනි.(යම් අයකු මෙය පිළිගැනීමට අකමැතිනම් රෙනේ ඩෙිකාර්ට්ස් විසින් ශුන්‍යය පාදක වූ ඛංඩාංක අක්‍ෂය හරහා ඛණ්ඩාංක ජ්‍යාමිතිය බිහි කල අයුරුත් එම ඛණ්ඩාංක ජ්‍යාමිතිය අනුව යමින් අයිසැක් නිවිටන් කලනයේ හා අනුකලනයේ ජ්‍යාමිතික විවරණය සිදුකල අයුරුත් විල්හෙල්ම් ලයිබිනීට්ස් ශුන්‍යය ආධාරයෙන් වෘද්ධිය,සීමාව හරහා කලනය හා අනුකලනයේ වීජ ගණිතමය විවරණය කල අයුරුත්,පරිඝනකය පාදක වන 0,1 තාර්කිකය ගැනත් සොයා බලන්න.සිතා බලන්න. )
 
Kasun.K

Member
Jul 22, 2015
188
15
0
ගුරු;18927856 said:

කිව්වට තරහ වෙන්න එපා ගනිතයේ බහිශ්කාරය ආර්යබට්ටල හොයාගත්තු ඒව ඒගොල්න්නගෙ නමුත් එක්කම උගන්නනව. විකිපීඩියා එකේ ආටිකල්ස් බලන්න. ආර්යබට්ට හෝ බහිශ්කාර සයින් වල අගය ආසන්නව ලැබෙන අනන්තයට යන ස්‍රේනියක් ඉදිරිපත් කල්ල තියෙනව ඒව පවා තියෙන්නෙ ඔවුන්ගෙම නම් වලිං. අනික මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගනිතය හෝ විද්යාව බටහිර උගන්නන විදිහ ගැන නෙමේ. ස්කන්දය සහ කාලය සාදාරනීකරනය කල්ල ශුද්ද ගනිතයේ බාවිතා වෙනවද කියන එක
 
Kasun.K

Member
Jul 22, 2015
188
15
0
නලින්ද සිල්ව ගෙන් අහපං මචං උ උත්තරයක් දෙයි

නලින්ද සිල්වගෙ දාර්ශනික පැහැදිලි කිරිම් වල සෑහෙන දේවල් තියෙනව ගන්න. දේශපාලන ලිපි ඇරෙන්න නලීන්ද සිල්වගෙ හැම ලිපියක්ම වගේ කියවනව. ඒත් මේ ප්‍රශ්නෙට උත්තරේ තිබුනෙ නෑ.
 
Kasun.K

Member
Jul 22, 2015
188
15
0
එලකිරි එකේ මෙ වගේ දේවල් ගැන හොදින් දන්න කවුරුවත් නැද්ද ? නැති වෙන්න විදිහක් නැ.
 
ගුරු

Member
Sep 12, 2014
90
14
0
කිව්වට තරහ වෙන්න එපා ගනිතයේ බහිශ්කාරය ආර්යබට්ටල හොයාගත්තු ඒව ඒගොල්න්නගෙ නමුත් එක්කම උගන්නනව. විකිපීඩියා එකේ ආටිකල්ස් බලන්න. ආර්යබට්ට හෝ බහිශ්කාර සයින් වල අගය ආසන්නව ලැබෙන අනන්තයට යන ස්‍රේනියක් ඉදිරිපත් කල්ල තියෙනව ඒව පවා තියෙන්නෙ ඔවුන්ගෙම නම් වලිං. අනික මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගනිතය හෝ විද්යාව බටහිර උගන්නන විදිහ ගැන නෙමේ. ස්කන්දය සහ කාලය සාදාරනීකරනය කල්ල ශුද්ද ගනිතයේ බාවිතා වෙනවද කියන එක

ඇත්ත.මට ඕනේ උනේ යමක් තේරුම් කරන්න.ඔබ එක තේරුම් අරන් නෑ.ස්කන්දය හා කාලයේත් ශ්‍රිජු සම්බන්දයක් නෑ.කාලය අවකාශය සමග සම්බන්දයි.
---------------------------------------------------------------------------------
කාලය
* "අඛන්ඩ පැවැත්ම පිළිබද සංකල්පය,පැවැත්මක සම්බන්ධතාවය හෙවත් මිම්ම."

* "පැවැත්මක නියමිතප්‍රමාණය,සමය,යුගය,අවධිය,කාලපරිච්ඡේදය,කාල සීමාව (තත්ත්පරය,විනාඩිය,පැය,දවස,මාසය,වර්ෂය ආදී වශයෙන්) "

අවකාශය
* "සජීවි අජීවි වස්තූන්ගෙන් පිටත් සෙසු හිස් තැන්"

*"වස්තූන් සහිත වූ හෝ රහිත වූ නිරන්තර ප්‍රවාහීවූ විශාල ලෙස පැතිරුණු අසීමාන්තික ප්‍රද්ශයයි.

ස්කන්දය
"ගුරුත්වාකර්ෂණ බලය මත යැපෙ"
----------------------------------

ශුද්ද ගණිතයේ සීමාව ප්‍රයෝගික බාවිතයේදී බවුතික විද්‍යාව වේ.
 
Kasun.K

Member
Jul 22, 2015
188
15
0
ගුරු;18927974 said:

කාලය අවකාශය සමග සම්බන්ද වෙන්නෙ බෞතික විද්යාවෙදි. ගනිතයේ අවකාශය කාලය යන දේවල් අදාල කරගන්නෑ. මට පෙන්නෙ මං අහපු ප්‍රශ්නෙ හරියටම තෙරුම් අරං නැ. ස්කන්දය කොහොමද බං ගුරුත්වාකර්ශනය මත යැපැන්නෙ ?

අන්තිම කෑල්ලට එකග වෙමි. ශුද්ද ගණිතයේ සීමාව ප්‍රයෝගික බාවිතයේදී බවුතික විද්‍යාව වේ.
මෙන්න මෙතන තමයි හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙත්. ශුද්ද ගනිතයේ නියම ප්‍රායෝගික කිරීමට හදන ඔපරෙටිං සිස්ටම් එක අවුල්.
 
පරණ ආචාරයවරු ශුද්ද ගණිතයේ නියම ඉදිරිපත් කලේ විද්‍යාවට නොවෙයි.ජ්‍යෝතිෂය සඳහායි.ජ්‍යෝතිෂය තුල නියම ඔපෙරටින් සිස්ටම් එක තියෙනවා.සුර්ය සිද්දාන්ත ගණිතයෙන් පටන් ගත්තොත් මං කියනදේ වැටහෙයි.(ඔබ විශ්වවිද්‍යාල අද්යපනයේ ෆුරියර් සිරිස් හරියට ගොඩදාගත් අයෙක් නම් ජ්‍යෝතිෂය පහසුවෙන් ඉගෙන ගතහැකියි)

පලාපල කියන දැන් ඉන්න ජ්‍යෝතිෂ හොරු ඕව දන්නේ නෑ
 
Kasun.K

Member
Jul 22, 2015
188
15
0
ගුරු;18928024 said:

ගනිතය බාවිතයෙන් අනාගතය කියන්න පුලුවන් කියන දෙ නම් විශ්වාස කරන්න අමාරුයි බං
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,095
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගනිතයේ ස්කන්දය සහ කාලය තියෙනවද ?

    ප්‍රශ්නයක් මේකට හරි උත්තරේ දන්න කවුරු හරි ඉන්නවද ? මම ස්කන්ධය සහ කාලය යනුවෙන් අදහස් කලේ කිලෝග්‍රෑම් හෝ තප්පර නෙමේ. සහ මේකට ඔව්, ඔය සරල අනුවර්තී චලිතයේදි සාපේක්ශ ප්‍රවේගයේදි, සාපේක්ශ ත්වරනයේදි වස්තුන් වලට දෙන්නෙ මෙච්චරක් ස්කන්ධය තියෙනව. ඒක g නියතයෙන් වැඩිකලාම බර ලැබෙනව. ඉතිං ඒ කියන්නෙ ඒ නියතෙ ඇතුලෙ කාලයත් තියෙන නිසා ගනිතයේ මේ දෙකම තියෙනව කියල. මේ කියන්නෙ ඒ ගනිතය ගැන නෙමේ. කොටින්ම අපි ඇප්ලයිඩ් කියල කියන්නෙ තනිකරම බෞතික විද්යාවට. බෞතික විද්යාව කියන දේ ශුද්ද නෑ. නිව්ටන් නියම අද බොරු කියල ඔප්පු වෙලා ඉවරයි. නමුත් කෙල්වින් සාමිවරය නිව්ටන් නියමවලට පස්සෙ අයින්ස්ටයින්ගෙ නියම ඉදිරිපත් කරන්න කලින් කිව්වෙ මොකක්ද ? අපි දැන් බෞතික විද්යාවෙ සොයාගන්න තියෙන සේරම සොයාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නෙ මිනුම් (දිග කාලය ස්කන්දය වගේ දේවල්) වඩාත් සියුම්ව මනින්න විතරයි කියල.

    ඒ කියන්නෙ මෙහෙම දෙයක්. අපි කිලෝග්‍රෑම් එකක් මැන්න කියමු. නමුත් එතන මිනුම හරිද ? ඔය කිලෝග්‍රෑම් එක තවත් සියුම්ව මැන්නාම මිලිග්‍රෑම් කිහිපයක වෙනසක් වෙන්න පුලුවන්. තවත් සියුම් කලාම මයික්‍රොග්‍රෑම් කිහිපයක් වෙනස් වෙන්න පුළුවන්. තවත් සියුම් කලාම නැනෝ ග්‍රෑම් දහස් ගානක් වෙනස් වෙන්න පුළුවන්. බෞතිකවිද්යාවෙ කිසිම මැනුමක් නිවැරදි නෑ. සියල්ලම හැකි තරම් සියුම් කරනවා මිසක් හරියටම මීටරයඉ හරියටම අඩියඉ හරියටම කිලෝග්‍රෑමයයි කියල කියන්න කිසිම දවසක බෑ. ඉතිං එහෙම මිනුම් අරං කරන පර්යේශන පටං ගන්න තැනම මිනුම වැරදියි. ලත් තැනම ලොප් කියන්නෙ. ඒ නිසා අද හොයාගන්න එක මිනුම් සියුම් කරද්දි හෙට අනිද්දා වෙනස් වෙලා. බෞතික විද්යාව හරියට ඔපරේටිං සිස්ටම් එක වගේ. 0 සහ 5 වොල්ටේජ් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුලුවන් අතරමැදියෙක් පමනයි.

    නමුත් ඔයාල අහල තියෙනවද කවදාවත් ගනිතයේ හොයාගත්තු දෙයක් පස්සෙ දවසක බොරු වුනා කියල ? පයිතගරස් ප්‍රමේයය පයිතගරස් හොයාගත්ත. ඒක එදත් පාවිච්චි කලා අදත් පාවිච්චි කරනව හෙටත් එහෙමමයි. මොකද ගනිතයෙ කවදාවත් මිනුම් කියල දෙයක් නෑ. සේරම සාදාරනීකරනය කල්ල තියෙන්නෙ. කවදාවත් (x+y)^2 = x^2 + 2xy + y^2 කියන දේ ගනිතය කොච්චර දියුනු වුනත් බොරු වෙයිද ? මෙතෙක් කල් බොරු වුනාද ? නමුත් නිව්ටන් නියම. යම් යම් උපකල්පන මත මේ ශුද්ද වූ ගනිතය සැබෑ ලෝකයට ආදේශ කරන්න පාවිච්චි කරපු operating system එක අද බොරුලුනෙ. මෙතන බොරු කියන්නෙ වැඩක් ගන්න බෑ කියන එක නෙමෙ. වැඩක් ගත්තෑකි නමුත් එන උත්තර වැරදිඉ.

    දිග ජ්යාමිතියෙදි සාදාරන දිගවල් සලකල ගනිතයේ බාවිත වෙනව. දැන් මගෙ ප්‍රශ්නෙ මේ වගේ ස්කන්දය කාලය බෞතික විද්යාව නමැති operating system එක නැතුව ශුද්ද ගනිතයේ සාදාරන ආකාරයකට බාවිතා වෙනවද ? මේ ගැන හොද අවබොදයක් තියෙන අය පැහැදිලි කරල දෙන්න.

    ශුද්ධ ගණිතයට කාලය / ස්කන්ධය අයිති නැහැ
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ගනිතය බාවිතයෙන් අනාගතය කියන්න පුලුවන් කියන දෙ නම් විශ්වාස කරන්න අමාරුයි බං

    මට සමාවෙයන් පුතා.ආයි මම උඹ වගේ උගත් අය කියන දෙයක් අහගෙන ඉන්නවා මිසක් කියල දෙන්න යන්නේ නෑ.(විස්වාස/අවිස්වාස කරන අය මුකුත් හරියට දන්නේ නෑ.හරියට දන්නා කෙනාට විස්වාස /අවිස්වාස කරන්න දෙයක් නෑ)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගණිතයේ වුනත් හැමදෙයක් ම ලස්සනට පිළිවෙලට නැහැ. උදාහරණයක් ඕනෙනම් ප්‍රාථමික සංඛයා විහිදීම බලන්න. අද වුනත් RSA reverse calculate කරන්න තරම් computers powerful නැහැ.
    Pi වල හරියටම අගයක් නැහැ. අපි දියුණු වෙනකොට precise ගණන් හදන්න තියෙන අවශ්‍යතාවය වැඩි වෙන්න වැඩි වෙන්න Pi වල අගය සියුම් ව ගණනය කරන්න වෙනවා.

    ගණිතයේ දී සහ භෞතික විද්‍යාවේදී දෙයක් අර්ථ දක්වන්නේ තවත් දෙයකට සාපේක්ෂව. අදත් අපි කිලෝග්‍රෑම් එකක් අර්ථ දක්වන්නේ තවත් දෙයකට සාපේක්ෂව.

    එත් දැන් ස්කන්ධය ඇතුළු මුලික මිනුම් 7 ම තවත් දෙයක් ආශ්‍රයෙන් අර්ථ දක්වල තියෙන්නේ. ඒ ගණනය කිරීම් සමහර විට වැරදි වෙන්න පුළුවන්. එත් එකට හේතුව භෞතික හේතු.
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    ශුද්ධ ගණිතයට කාලය / ස්කන්ධය අයිති නැහැ

    ඒ වුනට දිග අයිතියි. එතකොට මොකක්ද අයිති දෙවල් අයිති නැති දෙවල් තිරනය කරන සාදකෙ ?

    ගණිතයේ වුනත් හැමදෙයක් ම ලස්සනට පිළිවෙලට නැහැ. උදාහරණයක් ඕනෙනම් ප්‍රාථමික සංඛයා විහිදීම බලන්න. අද වුනත් RSA reverse calculate කරන්න තරම් computers powerful නැහැ.
    Pi වල හරියටම අගයක් නැහැ. අපි දියුණු වෙනකොට precise ගණන් හදන්න තියෙන අවශ්‍යතාවය වැඩි වෙන්න වැඩි වෙන්න Pi වල අගය සියුම් ව ගණනය කරන්න වෙනවා.

    ගණිතයේ දී සහ භෞතික විද්‍යාවේදී දෙයක් අර්ථ දක්වන්නේ තවත් දෙයකට සාපේක්ෂව. අදත් අපි කිලෝග්‍රෑම් එකක් අර්ථ දක්වන්නේ තවත් දෙයකට සාපේක්ෂව.

    එත් දැන් ස්කන්ධය ඇතුළු මුලික මිනුම් 7 ම තවත් දෙයක් ආශ්‍රයෙන් අර්ථ දක්වල තියෙන්නේ. ඒ ගණනය කිරීම් සමහර විට වැරදි වෙන්න පුළුවන්. එත් එකට හේතුව භෞතික හේතු.

    කිලෝග්‍රෑමය සියුම් කිරීම නම් ගණිතයට අයිති නෑ බං ඒ බෞතික විද්යාව. ඔව් පයි වල අගය නම් සියුම්ව හොයන්න වෙනව. ඒත් පයි නැතුව රවුමක ත්‍රිකොන ගහල ඒ ත්‍රිකොන උඩ තව ත්‍රිකොන ගහල ත්‍රිකොන වල වර්ගපලේ එන රටාව හදුනගෙන ඒක අනන්තයට යැව්වාම පයි නැතුවම වර්ගපලේ හරියටම එනව.