ගඳ පාලනයට අසමත් යහපාලනය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගඳ පාලනයට අසමත් යහපාලනය

    ගෝඨාභය සුරපුරයක් කල යහපාළුවන් දුගඳ පුරයක් කල බේරේ වැව ගැන ජනයාගේ මතය

    27NCuXI.png

    මේ දවස්වල දුම්රියෙන් මරදානත් කොටුවත් අතර ගමන් කරන බොහෝ දෙනෙක් විශාල අපහසුතාවකින් පීඩා විඳිති. මරදානත් කොටුවත් අතර දුම්රියෙන් ගමන් කිරීමේදී දුම්රිය මාර්ගයට යාබදව පිහිටි බේරේ වැව මාර්ගයෙන් හමන දැඩි දුගඳ එයට හේතුවයි. ඒ නිසාම සුවහසක් දුම්රිය මගීන්ට ඒ ප්‍රදේශය පසුකරන්නට සිදුවී ඇත්තේ නාසය වසාගෙන තම ආශ්වාසය පවා මොහොතකට අත්හිටුවමිනි. දුම්රියේ ගමන් කරන කුඩා දරුවන්, රෝගීන් සහ ගැබිනි මව්වරුන් ඒ දුගඳ හේතුවෙන් වැඩි අපහසුතාවකට ලක්වනවා කිවහොත් එය නිවැරදියි.
    “ මම උදේ හවස කෝචිචියේ යනවා. මෙතනින් යද්දි හුස්ම හිරවෙන්න එනවා. මේ ගඳ නැති කරන්න කවුරුහරි උනන්දු වෙනවා නම් ඒක දුම්රිය මගීන්ට කරන ලොකු සේවයක්” අපිත් එක්ක එහෙම කීවේ ගැබිනියක් වන ශිරෝමා. අත වූ ලේන්සුවෙන් නැහැය වසාගෙන සිටි ඇය ලොකු අපහසුතාවකින් පීඩා විඳිමින් සිටියාය. ඇය වගේම දුම්රිය මැදිරියේ සිටි තවත් බොහෝ දෙනෙක් තම අතින් සහ ලේන්සුවලින් නැහැය වසාගෙන සිටිනු අපි දුටුවෙමු.
    “නහයක් තියාගෙන නම් ඒ පැත්තෙන් යන්න බැහැ”
    තවත් කීප දෙනෙක්ම අපිට එසේ කීහ.
    බේරේ වැවෙන් හමන දුගඳ ප්‍රශ්නයක් වී ඇත්තේ දුම්රිය මගීන්ට පමණක් නොවේ. පාවෙන වෙළෙඳසල් පිහිටි ප්‍රදේශයටත් මේ දුගඳ හමා යයි
    “ අපිටත් ඒ ගඳෙන් ප්‍රශ්නයක් නැතුවාම නෙවෙයි. ඒ විදිහට ගඳ ගහනකොට මේ පැත්තේ ඉඳගෙන අපේ කඬේකට ඇවිත් කැමක් කන්නවත් මිනිස්සු කැමති වෙන්නේ නෑනේ. මොකද ගඳ කොහෙන් ආවත් ඒක හුළඟත් එක්ක මේ පැත්තටත් එනවානේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට මොකක්හරි විසඳුමක් දෙනවා නම් ඒක අපේ බිස්නස්වලටත් හොඳයි. ”
    පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ආපන ශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක් කීය.
    “ ෆ්ලෝටින් මාකට් එකේ අපි කාටත් දැන් ඉස්සර වගේ බිස්නස් සරු නැහැ. එහෙම එකේ මේ වගේ ප්‍රශ්නත් ආවම ඒකේ පාඩුවත් අපිටමයි.
    මම හිතන්නේ මේ ප්‍රශ්න සේරටම හේතුව ඉස්සර වගේ දැන් මේවායේ නඩත්තු කටයුතු හරියට ඉෂ්ට වෙන්නෙ නැති එකයි. මේවා ගැන මීට වඩා ඉක්මනින් වගකිව යුතු පුද්ගලයන් සහ ආයතන සොයා බලනවා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.”
    තවත් වෙළෙඳසල් හිමියෙක් ආවේගශීලීව කරුණු කීය. දුම්රිය මගීන්ට මෙන්ම තවත් බොහෝ දෙනකුට අපහසුතාවක් ගෙන දෙන ඒ දුගඳ පිළිබඳ තොරතුරු සොයා බැලීමට අපි අදහස් කළේ ඒ නිසාය.
    බොහෝදෙනකුට කරදයක් වුණු මේ දුගඳ හමන්නේ බේරේ වැවේ කොටසකිනි. එහි ජලයට මේ තරම් දුගඳක් එක්වීමට හේතු මොනවාදැයි අපි විමසා බැලුවෙමු. මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකුගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන බවයි. බේරේ වැවේ කානු පද්ධතියට වෙනත් ස්ථානවලින් ජලය බැහැර කරන කානු පද්ධති කිහිපයක්ම සම්බන්ධ වී තිබෙනවා. එම කානු පද්ධතිවලට විවිධාකාර අපද්‍රව්‍ය මුදා හැරෙනවා. කොළඹ ජාතික රෝහල සහ පෞද්ගලික රෝහල් මුදාහරින අපද්‍රව්‍ය, හෝටල් සහ ආපනශාලාවලින් මුදාහැරෙන අපද්‍රව්‍ය සහ ගරාජ්, වාහන සේවා ස්ථාන විසින් මුදාහරින රසායනික ඇතුළු අපද්‍රව්‍ය රැසක් ඒ අතර වෙනවා. ඒ අපද්‍රව්‍ය සියල්ල බේරේ වැවට කාන්දු වෙනවා. බේරේ වැවේ වතුර ගලාගෙන යන ස්වාභාවයක් නැහැ. එක තැන රැඳෙන එහි ජලයට පෙර කී අපද්‍රව්‍ය මුසුවීමෙන් එහි රසායනික සංයුතිය ඉහළ යාමක් සිදුවෙනවා. ඒ රසායනික ද්‍රව්‍යවල සාන්ද්‍රනය වැඩිවීම නිසයි මෙවැනි දුගඳ හමන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ. පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල බේරේ වැවේ කොටසටත් කෙසෙල්වත්ත ප්‍රදේශයේ කානු පද්ධතිවල අපද්‍රව්‍ය මුසුවීම නිසා ඒ ජලයත් අපිරිසිදු වෙනවා.
    මෙම තත්ත්වය වැළැක්වීම සඳහා විවිධ අපද්‍රව්‍ය බේරේ වැවට මුසුවීමේ තත්ත්වය වැළැක්වීම ප්‍රධාන විසඳුම බවත් එම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා අප සමග පැවසුවේය. එමෙන්ම ජලයේ රසායනික සාන්ද්‍රනය අඩුකිරීම සඳහා එයට ඔක්සිජන් ලැබෙන තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීමත් කළ යුතු බව ඔහු පැවසුවේය. එම ප්‍රධාන විසඳුම්වලින් බැහැරව මෙම දුගඳ නැති කිරීම අපහසු වන බවයි ඔහුගේ අදහසය.
    බේරේ වැවේ මෙම දුගඳ සම්බන්ධයෙන් වගකීම දරන ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතාගෙන් ද අපි මේ පිළිබඳව විමසුවෙමු.
    ඔහු පැවසුවේ මේ දිනවල පවතින අධික උණුසුම් තත්ත්වය සහ කාලගුණික වෙනස්කම් නිසා මෙවැනි දුගඳ හමන තත්ත්වයක් ඇති වී ඇති බවයි. ඊට අමතරව එම දුගඳට හේතු වී තිබෙන කරුණු කිහිපයක් පිළිබඳ සිය ආයතනය විශ්ලේෂණය කර තිබෙන බව ද ඒ මහතා පැවසුවේය. දැනට හඳුනාගෙන තිබෙන එම හේතු අතර කොළඹ මහරෝහලෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය ඇතුළු වෙනත් අපද්‍රව්‍ය බේරේ වැවට මුසුවන බව අනාවරණය වී තිබෙන බව ද සභාපතිවරයාගේ අදහසයි. එම නිසා බේරේ වැවට අපද්‍රව්‍ය මුදාහරින ආයතන සමග සාකච්ඡා කර එම තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.
    මෙම දුගඳ නැතිකිරීම සඳහා ගත හැකි කෙටිකාලීන ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඉන් නොනැවතී දිගුකාලීනව මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා පියවර ගනිමින් සිටින බවත් අසේල ඉද්දවෙල මහතා කීය. ඒ අනුව එම කරුණු පිළිබඳ තාක්ෂණික අංශයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව ඉතා ඉක්මනින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ද අසේල ඉද්දවෙල මහතා වැඩිදුරටත් කීය.
    කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය කල් මර මර බලා සිටිය හැකි තත්ත්වයක් නොවන බව අදාළ වගකිව යුතු බලධාරීන්ට මතක් කළ යුතුව තිබේ. ඒ, දිනපතා මරදානත් කොටුවත් අතර ප්‍රදේශය පසුකරමින් දුම්රියෙන් යන එන විශාල ජනකායකට මෙම දුගඳ විශාල ප්‍රශ්නයක් වී තිබෙන නිසාය. බේරේ ඇළට වෙනත් විවිධ අපද්‍රව්‍ය මුසුවීම එවැනි දුගඳක් ඇතිවීමට එක් හේතුවක් නම්, එම අපද්‍රව්‍ය හේතුවෙන් ඒ තුළ විවිධ වායු වර්ග නිෂ්පාදනය වීම ද සිදුවේ. එසේ නිපදවෙන වායු වර්ග මිනිස් ආඝ්‍රාණයට නුසුදුසු අහිතකර වායු වුවහොත්, දිනපතා එවැනි වායු සමග විනාඩි කිහිපයක් හෝ හුස්ම ගැනීමට සිදුවීම සෞඛ්‍යයට අහිතකර නොවේද? එසේ නම් මෙම දුගඳ සුළු කොට තකා නොසලකා හැරිය හැක්කක් නොවේ. දවසේම විඩාබර සිතේ ගතේ දරාගෙන සේවා නිමවා නිවස බලා යන්නට දුම්රියට ගොඩවන මගී ජනතාවට තවත් අතිරේක ප්‍රශ්නයක් එක් නොකර මේ දුගඳ නැති කිරීමට කඩිනම් පියවරක් ගත යුතුව තිබෙන බව අවධාරණය කළ යුතුය.



    www.medaperadiga.com
     
    • Like
    Reactions: kaushala1988

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    PHP:
    <iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fchinthakadm%2Fvideos%2F10209464363908876%2F&show_text=0&width=560" width="560" height="315" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true" allowFullScreen="true"></iframe>
     
    Last edited: