"ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්‍යාත්මක විග්‍රහය, සමාජ ආර්ථික හා ආධ්‍යාත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කරන්නට මෙම ලිපියෙන් අදහස් කරන්නෙමු.

    “ගබ්සාව : දරු ගැබ හෙළීම, පහ කිරීම, විනාශ වීම, විනාශ කිරීම.
    ගබ්සා කරනවා : දරු ගැබ නසනවා” (සරසවි සිංහල-සිංහල ශබ්ද කෝෂය – 483 වැනි පිටුව)
    “ගබ්සාව : දරු ගැබ දිය වී යාම හෝ දිය කරවීම, කලලය නැති කිරීම” (නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය – 387 වැනි පිටුව)

    මෙම මාතෘකාවට අදාළ පුවත්පත් වාර්තා කිහිපයක් දෙස ඔබගේ අවධානය පළමු ව යොමු කරවන්නට කැමැත්තෙමු.
    2014 මාර්තු 31 වැනි සඳුදා ‘ලංකාදීප’ පුවත්පතේ පහත සඳහන් වාර්තාව හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු මහතා විසින් සකස් කොට පළ කොට තිබිණි.
    “14 වියැති සිසුවියගේ මරණයට හේතුව හොර ගබ්සාවක්”
    “අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුන්දලම පොලිසියට නියෝග”
    “හන්දි රුදාවෙන් රෝගී ව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය 14 වියැති සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ඉකුත් 27 වැනි දා පස්වරු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම දැරියගේ මරණය සිදු ව ඇත්තේ කිසියම් නීති විරෝධී ගබ්සාවක ප්‍රතිඵලයකින් බව අනාවරණය විය.”

    මෙම පුවත්පත් තොරතුරු ඉදිරිපත් කරන්නේ ගබ්සාව පිළිබඳව ඇති සමාජ ප්‍රශ්නයේ බරපතළකම අවබෝධ කර ගැනීම පිණිසය. කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය කරුක්ෂි අරඹෙපොළ මහත්මිය විසින් පවත්වන ලද පර්යේෂණයක වාර්තාවක් 2014 මාර්තු 30 වැනි දින ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පතේ පළ කර තිබුණි. එහි අඩංගු කරුණු සංක්ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

    1. අනවසර ගබ්සා මධ්‍යස්ථානයන් හි කටයුතු කරන්නන් නිසි වෘත්තීමය පුහුණුවක් ලැබුවන් නොවේ. ගබ්සාව කර ගැනීමට එන උදවියගේ සමාජ ආර්ථික තරාතිරම මෙන්ම ගබ්සාව කර ගැනීමට ඇති අවශ්‍යතාවේ දැඩි කම පදනම් කර ගෙන ගාස්තුව තීන්දු වේ.

    2. අනවසර ගබ්සා මධ්‍යස්ථානයන්ගෙන් සේවා ලබා ගන්නන් පසුපස පොලීසිය හෝ රහස් පොලීසිය හෝ ලෙසින් වෙස් ගත් කල්ලි ලුහුබැඳ ගොස් කර ගත් නීති විරෝධී ක්‍රියාව පිළිබඳ ව නීතිමය පියවර ගන්නා බව මෙන්ම අත්අඩංගුවට ගන්නා බව ද තර්ජනය කොට විශාල මුදල් ප්‍රමාණයන් බලහත්කාරයෙන් ලබා ගැනීම බොහෝ විට සිදුවන්නකි. මෙම කල්ලි වලට ගබ්සා කර ගත් අයගේ තොරතුරු ලබා දෙන්නේ ගබ්සා මධ්‍යස්ථානය මගින් මෙන්ම තමන් ගමන් ගත් ත්‍රී වීලර් රියදුරන් මගින්ය. ලබා ගන්නා මුදලින් කොටසක් තොරතුරු සැපයුවන්ට දෙනු ලැබේ.

    3. ගබ්සා කර ගැනීමට පැමිණෙන්නන්ගෙන් බහුතරයක් විවාහක කාන්තාවන් ය. ආර්ථික දුෂ්කරතාවන්, සැමියාගෙන් හෝ තම සහකරුගෙන් හෝ ආර්ථික උපකාරයන් නොලැබීම, දරු ගැබක් දැරීමට වයස වැඩි බව, අවසන් වරට ලැබූ දරුවා හා මෙම දරු ගැබ අතර කෙටි කාල පරතරය වැනි කරුණු ගබ්සා කර ගැනීමට පැමිණෙන්නන් දක්වන හේතුන්ය.

    4. අවිවාහක දරු ගැබක් දරන්නියකගේ තත්වය මෙයට බොහෝ වෙනස්ය. අවිවාහක තත්ත්වයෙන් ලබන දරු ප්‍රසුතිය සමාජ අපකීර්තියක් ලෙස සැලකීම අපගේ සමාජ සම්ප්‍රදාය වී ඇති හෙයින් මෙවැන්නන් බොහෝ විට තමන්ගේ සදාචාර විරෝධී ක්‍රියාව වසන් කර ගැනීමට නීති විරෝධී ගබ්සාවක් සිදු කර ගැනීමට පෙලඹීම සිදු වේ.

    ඉහතින් උපුටා දැක් වූ 4 වැනි කරුණට අදාළ වාර්තාවක් 2013 අගෝස්තු 16 වැනි සිකුරාදා ‘මව්බිම’ පුවත්පතේ දක්නට තිබුණි.
    ‘ලංකාවේ දිනකට 1,40,000 ක් අනාචාරයේ හැසිරෙනවා’
    ‘සමලිංගිකයින් 10% කින් වැඩි වෙලා’
    ‘සමීක්ෂණයකින් හෙළි වෙයි’
    “ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් එක් ලක්ෂ හතළිස් දහසක් අභිසරුලියන් සමඟ සහ අනියම් සබඳතා මත අනාරක්ෂිත ලිංගික සබඳතා වල යෙදෙන බව සමීක්ෂණයක දී හෙළි වී තිබේ. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධාන වල සහය මත සමාජ සමීක්ෂණයක දී මේ බව හෙළි වී ඇති බවය”.

    2012 ජුනි මස 17 දින ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ සවිස්තරාත්මක වාර්තාව කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.
    “දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව ලංකාවේ සමාජ ප‍්‍රශ්න ප‍්‍රමාණය වැඩි වෙමින් පවතී. ඒ අතර ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර හා අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය, සිය දිවි නසා ගැනීම, දරිද්‍රතාව, ගණිකා වෘත්තිය, ගබ්සාව වැනි සමාජ ප‍්‍රශ්න රැසකි.

    මෙම සමාජ ප‍්‍රශ්න අතුරින් ගබ්සාව හැර අනෙකුත් සමාජ ප‍්‍රශ්න පිළිබඳව බොහෝ විද්වතුන් නිරන්තරයෙන් විවෘත සංවාද කරති. නමුත් ගබ්සාව පිළිබඳ විවෘතව කතා කරන්නන් වත්මන් සමාජයේ විරලය.

    සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නැති කිරීම ආගමික, සදාචාරාත්මක සහ නීතිමය වශයෙන් ද බොහෝ සමාජ ව්‍යුහයන් තුළ ප‍්‍රතික්‍ෂේප කරති. එසේ වුව ද එවැනි දරු උපත් සිදු වීම මගින් කාන්තාවකට සිදු විය හැකි සෞඛ්‍යමය ගැටලූ හා සමාජ ගර්හාව වැනි හේතු පිළිබඳව සමාජය තුළ කතිකාවක් දක්නට ලැබෙන්නේ නැත.
    කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය විසින් ගබ්සාව පිළිබඳ ව සිදු කරන ලද පර්යේෂණයන් හි දත්ත පදනම් කොට ගෙන මෙම ලිපිය සැකසේ.

    “ගබ්සාව යන ප‍්‍රශ්නය තුළ අප ගබ්සාව හඳුනා ගන්නා කොටස් දෙකක් දැක්විය හැකිය. එය ස්වාභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙනි. ස්වාභාවික ගබ්සාව නීත්‍යනුකූල වෛද්‍යවරුන් විසින් සිදු කරති. දරු ගැබ නිසා මවගේ ජීවිතයට හානියක් වේ නම් යන පදනම මත එවැනි ගබ්සාවක් සිදු කරනු ලබයි. ඒ සඳහා නීතිමය අවසරය ලබා දී තිබේ. එමෙන්ම ස්වාභාවික ගබ්සාව මවගේ ශරීරයේ ඇති රෝගී තත්ත්වයක් හේතු කොට ගෙන ස්වභාවයෙන්ම සිදු වීමට ද හැකිය.

    අද නීති විරෝධී ගබ්සාව සමාජයට ප‍්‍රශ්නයක් වී තිබේ. එය ප‍්‍රශ්නයක් බවට පත් ව තිබෙන්නේ ගබ්සා කිරීම ලංකාව වැනි ඇතැම් රටවල නීති විරෝධී තත්ත්වයක් ලෙස පවතින බැවිනි. නිල නොලත් වාර්තා වලට අනුව දිනකට 800-1000 ත් අතර ප‍්‍රමාණයක් නීති විරෝධී ගබ්සා සිදු වේ. ගබ්සාව පිළිබඳව පළමු පර්යේෂණය සිදු කරන ලද්දේ 1998 දීය. එයින් හෙළිදරව් වූ කරුණක් නම්, ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප‍්‍රමාණය 3,75,000කට ආසන්න වන බවයි. නමුත් ලක්‍ෂ තුන ඉක්මවා ප‍්‍රමාණයක් ගබ්සා සිදු වීම බරපතළ අර්බුදයක් බවට පත් ව ඇත. ගණනය කිරීම මගින් දක්නට ලැබෙන ප‍්‍රශ්නය මෙය වුවත් මින් එහා ගිය සමාජ ප‍්‍රශ්න රැසක් නීති විරෝධී ගබ්සාව නිසා දැකිය හැකිය නැතහොත් සිදු විය හැකිය.

    වෛද්‍යවරුන්ගේ හිපොක‍්‍රටිස් දිවුරුම තුළ කිසිදු අවස්ථාවක වෛද්‍යවරයෙක් ගබ්සාවකට සහභාගි නොවිය යුතුයි යන්න සදහන් වේ. එය තව දුරටත් පැහැදිලි කිරීමේ දී තම රටේ ගබ්සාවන් කිරීම සඳහා අවසර දෙන්නේ නම් පමණක් එය කළ හැකි බව ඔස්ලෝ ප‍්‍රකාශනයේ දක්වා තිබේ.

    ආසියාතික රටවල ලිංගිකත්වය සම්බන්ධයෙන් නොයෙකුත් වාරණයන් දක්නට ලැබේ. ලිංගිකත්වය යනු ස්වාභාවික පේ‍්‍රරණයකි. ආහාර, විවේකය, නින්ද වැනි දේ සමගම අපට තිබෙන ස්වාභාවික පේ‍්‍රරණය ලිංගිකත්වයයි. මෙහි දී වඩා වැදගත් වන කාරණය නම් මෙම පේ‍්‍රරණය හේතුවෙන් සමාජ ප‍්‍රගමනයක් සිදු වීමයි. අපේ සමාජය තුළ මෙකී පේ‍්‍රරණය පිළිබඳව විවෘත සාකච්ඡාවන් දක්නට නොලැබේ.

    සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ද ජීවේනේද්‍රිය පද්ධතියේ සියල්ල පිළිබඳව විවෘත සාකච්ඡාවන් සිදු කෙරුණ ද ලිංගික ප‍්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා දීමක් සිදු නොවේ. අනවශ්‍ය ලිංගික එක් වීමක දී ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ‍්‍රිත රෝග, ඒවාට ප‍්‍රතිකර්ම කිරීම, ඒඞ්ස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම පිළිබඳව සාකච්ඡාවන් මගින් විසඳුම් දක්නට නොලැබීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

    මෙහි තවත් පැතිකඩක් ලෙස අපගේ ගැහැනු දරුවන්ව නිරන්තරයෙන්ම දැනුවත් කළ යුතුය. එයින් ලිංගික අපයෝජනය බොහෝ දුරට වළක්වා ගත හැකිය. කන්‍යාභාවය පිළිබඳ සමාජ ආකල්ප යන පර්යේෂණය තුළින් කන්‍යාභාවය හඳුනා ගැනීම, කන්‍යාවිය යනු කවුද වැනි දෑ සාකච්ඡාවට බඳුන් කළ අතර එහි තවත් පැතිකඩක් ලෙස ගබ්සා කිරීම පිළිබඳව අධ්‍යයනයෙහි වැදගත්කම මෙහි දී පෙන්වා දිය හැකිය. ලංකාවේ ගබ්සාවන්ගේ ස්වභාවය සලකා බැලීමේ දී වැඩි වශයෙන් ගබ්සා කිරීමට පැමිණෙන්නේ විවාහක වයසේ සිටින කාන්තාවන් වන අතර ඔවුන්ගේ වයස් පරතරය 24-30ත් අතර වේ. පොදුවේ එම වයස් මට්ටම 20 – 40 ත් අතර වේ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    මෙහි දී විවාහක කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වීමට විවිධ හේතු බලපානු ලැබේ. දරුවන් තිදෙනකුට වඩා වැඩි මව්වරුන් බහුලව ගබ්සා කිරීමට යොමු වෙති. මේ කෙරෙහි බලපාන හේතු දක්නට ලැබේ. එනම් දරුවන් අතර විශාල වයස් පරතරයක් පැවතීම, දරුවන් ඒ තුළින් සමාජයේ ලැජ්ජාවට බඳුන් වේ යැයි සිතීම එම කරුණු ලෙස පෙන්වා දිය හැකිය. අඩු පරතරයකින් යුතු දරුවන් සිටින විට දී ද නොදැනුවත්භාවය නිසා කාන්තාවන් පවුල් සැලසුම් ක‍්‍රමයක් බවට ගබ්සාව භාවිතයට ගනු හඳුනා ගත හැකිය.

    ආර්ථික අපහසුතාවන් ද ගබ්සාව කෙරෙහි යොමු වීමට බලපාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. අසීමිත අවශ්‍යතා හේතු කොට ගෙන මිනිසුන් ආර්ථික අපහසුතාවට ලක් වෙති. මෙවැනි තත්ත්වයන් යටතේ කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වන ප‍්‍රමාණය වැඩිය. එමෙන්ම රැකියාවේ පවතින අර්බුදකාරි තත්ත්වයන් හේතු කොට ගෙන ද ගබ්සාව කෙරෙහි යොමු වෙති. නිවාඩු නොමැති වීම, ඇතැම් රැකියා සඳහා විවාහක හා දරුවන් සිටින කාන්තාවන් සේවයට නොගැනීම, සේවා කාලය පිළිබඳ ප‍්‍රශ්න, වැටුප් රහිත නිවාඩු වැනි හේතු ද මේ සඳහා යොමු වීම කෙරෙහි මූලික වෙයි.

    ඇතැම් අවස්ථා වල රෝගී තත්ත්වයන් නිසාවෙන් ද ගබ්සා කිරීම් කෙරෙහි යොමු වේ. විශේෂයෙන්ම හතිය, පිළිකා, හෘදයාබාධ වැනි තත්ත්වයන් යටතේ ඇති වන මානසික කඩා වැටීම් හේතු කොට ගෙන ගබ්සා කිරීම් වෙත කාන්තාවන් පෙලඹෙනු දැක ගත හැකිය. අවිවාහක මාතෘත්වය ව්‍යාභිචාරය වැනි දේ අප සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් වන අතර එවැනි දෝෂ දර්ශනයන්ගෙන් පලා යාම උදෙසා ගබ්සාව උපයෝගි කර ගනු ලබන බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ගබ්සා කිරීම ආකාර කිහිපයකින් සිදු කෙරේ. කලලය විනාශ කිරීම සඳහා ගර්භාෂ සංකෝචනය කරවන ඖෂධ, බඩ විරේක කරවන බෙහෙත්, ඍජුවම කලලයට හානි පැමිණ වීම, උපකරණ භාවිතය ආදී උපක‍්‍රමයන් ගබ්සා කිරීම සඳහා භාවිත කෙරේ. මීට අමතරව ඇතැම් අවස්ථා වල ගර්භාෂය තුළ දී කලලය විනාශ කොට ස්වාභාවික ප‍්‍රසූතිය මගින් ද දරු ගැබ විනාශ කරනු ලැබේ.

    අතීතයට සාපේක්‍ෂව වර්තමානය වන විට ගබ්සා කිරීමේ ක‍්‍රමවේද වෙනසකට ලක් ව තිබේ. මීට දශකයකට පමණ පෙර නීති විරෝධී ගබ්සාවක් සඳහා අය කරන ලද්දේ රුපියල් 800ක පමණ මුදලකි. අද වන විට ගබ්සා කිරීමේ ස්වභාවය මත මෙම මුදල රුපියල් 10,000ක් 20,000 සිට 50,000 හා ඊටත් අධික මුදලක් දක්වා වර්ධනය වී තිබේ. ඇතැම් නීති විරෝධී ගබ්සා ආයතන වල ගබ්සා කිරීම් සඳහා පැමිණෙන කාන්තාවන්ට නේවාසික ප‍්‍රතිකාර සඳහා ද අවකාශය උදා කර දී තිබෙනු හඳුනා ගත හැකිය. එමෙන්ම දරු ගැබෙ හි කාලය වැඩි වන විට ඒ සඳහා අය කරන මුදල ද ඉහළ යන අතර ම එවැනි තත්ත්වයක පසු වන කාන්තාවකගේ ජීවිතය සම්බන්ධයෙන් පවතින අවදානම ද වැඩි වන බව පිළි ගත යුතුය.

    අනාරක්‍ෂිත ගබ්සා කිරීම් නිසාවෙන් විවිධ අතුරු ඵලයන්ට ගොදුරු වීමට සිදු වේ. විවිධ රෝගී තත්ත්වයන්ට ලක් විය හැකි අතර අධික රුධිර වහනය නිසා මිය යාම වැනි භයානක තත්ත්වයන් ද ඇති විය හැකිය. අනාරක්‍ෂිත ගබ්සා කිරීම් නිසා මාතෘ මරණ ප‍්‍රමාණය 10%ත් 13%ත් අතර පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ප‍්‍රජනන පද්ධතිය ආශ‍්‍රිත රෝග ඇති වීම, ගර්භාෂය තුවාල වීම, මානසික අසහනය, දීර්ඝකාලීන වමනය වැනි අතුරු ඵලයන්ට මෙන්ම එවැනි අතුරු ආබාධ ප‍්‍රතිකාර සඳහා යොමු වීමට පවතින නොහැකියාව, අධික බිය සහ ලැජ්ජාව, භාවිත කරන ලද ඖෂධ පිළිබඳ ඇති වන අනිසි බිය හේතු කොට ගෙන මානසික කම්පනය වැනි ගැටලූකාරි තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු විය හැකිය.

    මෙවැනි තත්ත්වයන් නිසාවෙන් කාන්තාවන්ට සිදු වන අපහසුතාවන් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුය. ගබ්සාව වැනි සමාජ ප‍්‍රශ්නයක් තුළින් කාන්තාවන් අවාසි සහගත තත්ත්වයන්ට ගොදුරු වන්නා සේම ව්‍යාජ වෛද්‍යවරුන් මෙවැනි සමාජ ගැටලූ තුළින් ප‍්‍රතිලාභයන් අත්පත් කර ගැනීම කනගාටුවට කරුණක් වෙයි.

    දරු ගැබක් යනු පිරිමියා හා ගැහැනිය යන පාර්ශ්වයන් දෙකක එකතුවකින් නිර්මාණය වන්නකි. නමුත් ගබ්සාවක් වැනි තත්ත්වයක දී ඒ සඳහා මුහුණ දීමට සිදු වන්නේ කාන්තා පාර්ශ්වයට පමණි. මෙය එක්තරා අයුරකින් කාන්තා හිංසනයේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරන බව ද පැවසිය හැකිය. කෙසේ නමුදු ගබ්සා කිරීම වැනි තත්ත්වයක අවදානම් සහගත බව කාන්තාවන් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් ද දැනුවත් වීම වැදගත්ය.

    ගබ්සා කිරීම පිළිබඳ නිශ්චිත විසඳුමකට කාලය එළඹ තිබේ. මෙමගින් අර්ථවත් කෙරෙනුයේ ගබ්සාව නීති ගත කළ යුතුය යන්න නොවේ. කාන්තාවන්ට ඒ සඳහා යම් යම් සීමාවන් යටතේ හෝ නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්තාව ලබා දිය යුතුය. ලංකාවේ උපත් පාලනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් ඉතා හොඳ මට්ටමක පවතිනු හඳුනා ගත හැකිය. ජනගහන වර්ධන වේගය 1% වැනි අවම මට්ටමක පවතිනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. ගබ්සාව වැනි තත්ත්වයන් කෙරෙහි කාන්තාවන් යොමු වනුයේ ඔවුන් තුළ ඒ පිළිබඳ පවතින නොසැලකිලිමත්භාවය නිසාය.

    අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ගබ්සාව කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නේ විවාහක කාන්තාවන්ය. අවිවාහක හා ලිංගික අපයෝජනයන්ට ලක් වන කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු ව ඇත්තේ ඉතාම අවම ප‍්‍රමාණයකිනි. මේ නිසා විවාහක පාර්ශ්වයන් අතර මේ පිළිබඳ මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය.

    ගබ්සා කිරීම වැළැක්විය යුතු අතර ඒ සඳහා පාදක වන අවස්ථාවන් ද වැළැක්විය යුතුය. මේ සඳහා විවිධ ක‍්‍රියා මාර්ගයන්ට යොමු විය හැකිය. ලිංගිකත්වය හා ප‍්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහි දී මූලික වේ. පාසල් අධ්‍යාපනය තුළ ද විෂය සමගාමී මට්ටමින් මෙම දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම මේ සම්බන්ධ උපදේශන සේවා විධමත් කළ යුතු වෙයි. පවුල් සැලසුම් ක‍්‍රම විධිමත් කළ යුතු අතර ජනමාධ්‍ය මගින් ද මේ සඳහා සුවිශාල දායකත්වයන් ලබා ගත හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ට නිසි ගෞරවයන් ලබා දීමටත්, රැක බලා ගැනීමටත් අවැසිය යන හැඟීම මිනිසුන් තුළ ජනිත කිරීම වැදගත්ය.”

    ඉහතින් උපුටා දැක්වුයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය විසින් ගබ්සාව පිළිබඳ ව සිදු කරන ලද පර්යේෂණයන් හි දත්ත පදනම් කොට ගෙන 2012 ජුනි මස 17 දින ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ වාර්තාවකි.

    පුවත්පත් හි පළ කර තිබු ඉහතින් උපුටා දක්වන ලද වාර්තා අනුව අපට එළඹිය හැකි කරුණු කිහිපයක් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් සඳහන් කර ඇත්තෙමු.

    1. ඉහතින් උපුටා දක්වන ලද පුවත්පත් වාර්තා අපට හඬ නගා පවසන්නේ අති බරපතළ සමාජයීය මෙන්ම සදාචාරය පිළිබඳ අර්බුදයකට අප රට මුහුණ පා ඇති තත්ත්වයක් නොවේද? මේ පිළිබඳව සමාජ වගකීම් දරන පාර්ශවයන් සියල්ලම පාහේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කිරීම අදහාගත නොහැකි ප්‍රහේලිකාවක් බවට පත්ව ඇත.

    2. ලිංගිකත්වය යනු ස්වාභාවික පේ‍්‍රරණයකි. වැඩිවියට පත් වීම නොහොත් ලිංගික හෝමෝන මෝරා සක්‍රීය වීම සමග ලිංගික ක්‍රියාවේ නියැළීමේ ස්වාභාවික ආශාවක් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇති වේ. සාරධර්ම රකින සෑම සමාජයක් ම ස්ත්‍රී පුරුෂ ලිංගික ක්‍රියාවලියට අනුමැතිය ලබා දෙන්නේ නීත්‍යනුකුල විවාහ බන්ධනයකින් පමණි. හෝමෝන මෝරා සක්‍රීය වීම සාමාන්‍ය වශයෙන් අවුරුදු 12 පමණ වන විට සිදු විය හැක. ස්ත්‍රියකට මෙම තත්ත්වය අවුරුදු 9 වැනි වයසක දී වුව ද ඇති විය හැක. ලිංගික ක්‍රියාවේ නියැළීම විවාහයෙන් පසුව පමණක් අනුමත නම් වැඩිවියට පත් වූ වයසේ සිට විවාහය දක්වා ඇති කාල පරාසය තුළ ඔහුගේ හෝ ඇයගේ සිත තුළ මතු වන ලිංගික උත්තේජනය පිළිබඳව කටයුතු කරන්නේ කෙලෙසද?

    3. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ජීවේනේද්‍රිය පද්ධතියේ සියල්ල පිළිබඳව විවෘත සාකච්ඡාවන් සිදු කෙරුණ ද ලිංගික ප‍්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා දීමක් සිදු නොවේ. අනවශ්‍ය ලිංගික එක් වීමක දී ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ‍්‍රිත රෝග, ඒවාට ප‍්‍රතිකර්ම කිරීම, ඒඞ්ස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම ආදිය පිළිබඳව සාකච්ඡාවන් හා විසඳුම් දක්නට නොලැබීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

    4. කැලණිය විශ්ව විද්‍යාලය මගින් පවත් වන ලද සමීක්ෂණයේ අඩංගු තොරතුරු අනුව හෙළිදරවු වන කරුණු අති භයානකය. සමස්ත වාර්ෂික දරු උත්පත්තිය 375,000 වන අතර වාර්ෂික ගබ්සා සිදුවන ප්‍රමාණය 300,000 ඉක්ම වන බව සඳහන් කිරීමෙන් අප සමාජය ඉදිරියේදී මුහුණ පෑ හැකි ගැටලු කිහිපයක් ඇත. පසු ගිය කාල වකවානුවේදී අපට නිතර අසන්නට ලැබුණු චෝදනාවක් වුයේ මෙරට මුස්ලිම් ජනගහනය 2032 දී සිංහල ජනගහනය ඉක්ම වන බවයි. මෙම පදනම් විරහිත චෝදනාව පිළිබඳව අප වෙත ප්‍රශ්නයක් යොමු වී ඇති හෙයින් ‘ඉස්ලාම් පිළිබඳ ප්‍රශ්න හා පැහැදිලි කිරීම්’ යන මාතෘකාව යටතේ මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙම ගබ්සා මධ්‍යස්ථානයන්ගෙන් සේවා ලබා ගන්නට යන මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව ඉතාම අල්පය. සිංහල ජනගහනයේ වෙනසක් වීමට මෙම ගබ්සා මධ්‍යස්ථාන කෙතෙක් දුරට ඉවහල් වන්නේද යන්න පිළිබඳව මුස්ලිම් වරුන්ට චෝදනා නගන සංවිධාන කුමක් කර ඇත් දැයි අසන්නට කැමැත්තෙමු. ගබ්සාව මිනිස් ඝාතනයකි. මෙම ලිපියේ අවසානයට උපන් හැටියේ සිදු කරනු ලබන බිලිඳු ඝාතන පිළිබඳ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ අදහස් උපුටා දක්වා ඇත්තෙමු. ගව ඝාතන නතර කරන්නැයි ජීවිත පුදති. තවත් පිරිසක් ජීවිත පුදන්නට සුදානමින් සිටිති. මහ පොළොව කම්පා කරවන තරමින් සිදු වන මෙවන් හා අනෙකුත් මිනිස් ඝාතන පිළිබඳව මෙම පිරිස් මුනිවත රකිති. මේ පිළිබඳව පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමි පාදයන් ගේ “ගැටලු තැන්” ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

    “කෘෂිකර්මයට මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලබ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපායන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසා දීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයන්ය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් හෝ බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිල දී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානය ද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණ ඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැලඳී නැත.”
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    2014 මාර්තු 31 වැනි සඳුදා ලංකාදීප පුවත්පතෙහි හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු මහතා විසින් “14 වියැති සිසුවියගේ මරණයට හේතුව හොර ගබ්සාවක්” යන ශීර්ෂය යටතේ පළ කොට තිබු වාර්තාව අපට කරුණු කිහිපයක් හෙළිදරවු කරන්නකි. අවුරුදු 14 වැනි විය පමණ වන විට හෝ ඉන් පෙරාතුවම ලිංගික ක්‍රියාවලියට අවතීර්ණ වී ඇති බව මෙමගින් හෙළි වන පළමු කාරණයයි. සමාජ සම්මතය අනුව ලිංගික ක්‍රියාවලිය ව්වාහයෙන් ආරම්භ විය යුතු වන අතර මෙහිදී අසම්මත සම්බන්ධතාවකින් සදාචාර හා සාරධර්ම පද්ධතීන් වලට පටහැණි ලෙස ක්‍රියා කිරීම තුළින් මනුෂ්‍ය ඝාතන දෙකක් සඳහා මග විවෘත කර දී ඇත. මෙම තත්ත්වය වෙනස් කිරීමට ගත හැකි ක්‍රියා මාර්ගයන් කුමක්ද? මෙවන් අවස්ථාවන්හි දී ගබ්සාව නීත්‍යනුකුල කරනවාට වඩා ගත හැකි ක්‍රියාමාර්ගයන් කිහිපයක් ඇත. ගබ්සාව නීත්‍යනුකුල කිරීම සැබැවින්ම පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වනවා නොඅනුමානය. මෙයට එක් විසඳුමක් මෙරටේ ක්‍රියාත්මක උඩරට විවාහ හා දික්කසාද නීතියෙන් ලබා ගත හැක. ඒ පිළිබඳ විස්තර පහතින් දී ඇත්තෙමු.

    5. ‘දිනමිණ’ පුවත්පතේ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා “අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ” යන මාතෘකාව යටතේ පළ වූ ප්‍රවෘත්තිය දෙසට අපගේ අවධානය යොමු කරමු.

    “දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශ වල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනා වලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත් වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශව වල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකි වූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහ වීමේ ඉඩ ප්‍රස්තා අහුරා ඇතැයි ද ඒ මහතා කීය”.

    මෙම ප්‍රවෘත්තියෙන් හෙළිදරවු වන කරුණු විමසා බලමු.

    1. දැනට බාලවයස්කාර ලිංගික අපචාර වැඩි වෙමින් පවතී. මෙයට විසඳුම ඇත්තේ විවාහ සංස්ථාව තුළ බව ඇමැති වරයා දකී.

    2. අඩු වයසින් නීත්‍යනුකූල විවාහ බන්ධනයකට ඇතුළත් වීමෙන් මෙම තත්වය වෙනස් කළ හැකිය යන අපේක්ෂාව. සමාජ සදාචාරය මෙ මගින් සුරැකෙයි යන බලාපොරොත්තුව.

    3. විවාහයට අදාළ අවම වයස අපගේ නීති පද්ධතියේ ඇති අතර උපරිම වයස පිළිබඳ සඳහනක් කිසිදු තැනක සඳහන් වී නොමැත.

    “උඩරට විවාහ හා දික්කසාද නීතිය”.

    උඩරට නීතිය බලපාන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදු වන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියා පදිංචි කළ හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල් පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහ වීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැනු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)

    6. උඩරට විවාහ නීතිය සැකසීමේදී ස්ත්‍රියගේ අවම වයස අවුරුදු 12 බවට තීන්දු කරන්නට ඇත්තේ ශ්‍රී ලාංකේය කාන්තාවකගේ වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි. විසි එක් වන සියවසේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ස්ත්‍රියකගේ විවාහය සඳහා වූ නීත්‍යනුකූල අවම වයස වන්නේ අවුරුදු 13 ය. ජීව හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ග්‍රීෂ්ම කලාපීය දරුවන් ශීතල කලාපයන් හි දරුවන්ට වඩා අඩු වයසින් වැඩිවියට පත් වන බවයි. මේ පිළිබඳව කරුණාකර පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස කරුණු විමසා බලන්න.
    http://www.sos.nh.gov/Publications/MARRIAGE.PDF
    ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙවව්පියන්ගේ එකඟතාව හා විනිශ්චය කරුවෙකුගේ අනුමැතිය ඇති ව සිදු වන විවාහයක් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් නොමැත. මේ පිළිබඳ තොරතුරු පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස ලබා ගත හැක.
    http://www.cdph.ca.gov/…/doc…/marriage%20ceremony%20info.pdf
    වැඩිවියට පත්වීම යනු ලිංගික හෝමෝනයන්ගේ ක්‍රියාකාරිත්වය ආරම්භ වීමය. මෙවන් තත්වයක් තුළ අප රටේ පවතින වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන උඩරට විවාහ හා දික්කසාද නීතිය සකස් කර ඇති ආකාරයට එම වයස් සීමාව මුළු රටටම බලපවත්වන අයුරින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව මෙමගින් සාධාරණීය වන බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි.

    විවාහය දිරි ගන්වන එකම දහම ඉස්ලාමයයි. ඉස්ලාමීය විවාහයක් නීත්‍යනුකූල වීමට අවශ්‍ය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.

    1. මනමාලිය වැඩිවියට පත් වී සිටිය යුතුය
    2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිදු බලපෑමකින් තොරව ලබා ගත යුතුය
    3. මනමාලයා විසින් ‘මහර්’ නම් වූ විවාහ තෑග්ගක් මනමාලියට ලබා දිය යුතුය
    4. මනමාලියගේ පියා හෝ නීත්‍යනුකූල භාරකරුවෙකු සිටිය යුතුය.
    5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර පිළි ගත් සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.
    ඉහත කරුණු මගින් විවාහය පහසු කර ඇති අතර සදාචාර විරෝධී ලිංගික සබඳතාවන් වළක්වා ගැනීමටත් එමගින් සිදු විය හැකි අනවශ්‍ය ගැබ් ගැනීම් මෙන්ම නීති විරෝධී ගබ්සා වලට යොමු වීමේ තත්ත්වයන් ද මෙමගින් වැළකී යනු ඇත.
    දිනපතා පුවත්පත් මගින් වාර්තා වන තොරතුරුවලට අනුව වර්තමාන සමාජය දැඩි සදාචාර සෝදාපාළුවකට ලක් වී ඇති බව පැහැදිලිව දකින්නට ඇති සත්‍යයකි. සදාචාරය සත්ව ලෝකයේ මිනිසාට පමණක් උරුම සුවිශේෂී ලක්ෂණයකි.සදාචාරය මිනිසාගෙන් ගිලිහී යෑම යනු ඔහු මිනිසත්කමින් දුරස්ථ වී තිරිසන් ලෝකයේ අනෙකුත් සාමාජිකයින් හා සම තත්ත්වයට පත් වීම සනිටුහන් කරවන්නකි. සදාචාර විරෝධී හැසිරීම් බොහෝ විට අසම්මත ලිංගික සම්බන්ධතාවන්ට හේතු වන අතර මෙමගින් ගැබ් ගැනීමක් සිදු වුවහොත් ගබ්සා කර ගැනීමට පෙලඹීම බොහෝ විට සිදු වෙයි. එහෙයින් සාරධර්ම වර්ධනය පිළිබඳව සමාජයේ විශේෂ අවධානය යොමු විය යුතු ව ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර සාරධර්ම වර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සංවර ඇඳුම පිළිබඳව දැනුවත් කිරීම අනවශ්‍ය ස්ත්‍රී පුරුෂ සමාගමය සීමා කිරීම මෙන්ම පාසැල් විෂය නිර්දේශයට සාරධර්ම පිළිබඳ කරුණු ඇතුළත් කිරීම සිදු විය යුතු බව අපගේ මතයයි. මුහම්මද් නබි තුමාණන් වරෙක පවසා සිටියේ එතුමා පැමිණියේ “සාරධර්ම පරිපුර්ණත්වයට පත් කිරීම” සඳහා බවය. මෙම වැදගත් ප්‍රකාශනයෙන් ඉස්ලාමයේ වැදගත්ම පරමාර්ථය කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    තරුණ වියේ සදාචාරාත්මක ජීවිතය සඳහා ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අති මහත් යහ විපාකයන් සහතික කොට ඇත.
    විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයා ව ඔවුන්ගේ මෙලොව ක්‍රියාකාරකම් පිළිබඳව විනිශ්චය සඳහා ලොව අවසන් වූවායින් පසු මළවුන්ගෙන් නැගිටු වන එම භයානක කිසිදු සෙවණක් නොමැති දිනයේ මිනිසුන්ගෙන් කොටස් හතකට සෙවණ ලබා දෙන බව මුහම්මද් ධර්ම දුතයානන් පවසා සිටි බව බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයේ (1වෙළුම : 629) වාර්තා කොට ඇත. එම කණ්ඩායම් හත නම් 1. යුක්ති ගරුක පාලකයා 2. අල්ලාහ් ව අවංක ලෙස නැමදුම් කිරීමෙහි කුඩා කල සිට නියැලුණු තරුණයා 3. මස්ජිදය සමග බැඳී (සලාතය මස්ජිදයේ සාමුහිකව ඉටු කරමින්) කටයුතු කළ අය 4. අල්ලාහ් වෙනුවෙන් එකිනෙකා ප්‍රිය කරන එමෙන්ම අල්ලාහ් වෙනුවෙන් හමු වී වෙන් වී යන දෙදෙනෙකු 5. උසස් පවුලක අලංකාර ස්ත්‍රියක් අනිසි ලිංගික සබඳතාවකට තමන්ට ඇරයුම් කළ අවස්ථාවක තමන් අල්ලාහ් ට බිය වන්නෙමියි පවසා එම ආරාධනය ප්‍රතික්ෂේප කළ පුද්ගලයා 6. දකුණතින් දෙන දානමය දෑ තමන්ගේ වමතට නොදැනෙන අයුරින් ඉතා රහසිගත අයුරින් දන් දෙන්නා 7. හුදකලාව අල්ලාහ් මෙනෙහි කර ඒ හේතුවෙන් තමන්ගේ දෑස් කඳුළු වලින් පිරී ගිය පුද්ගලයා.

    සාරධර්ම පිරි ආගමානුකුල දිවි පෙවෙතක් ගෙවන තාරුණ්‍යයට ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ලැබෙන ශ්‍රේෂ්ඨ යහ විපාක මෙම හදීසය තුළින් අවබෝධ කර ගත හැකි වනු ඇත. මෙම කරුණට අදාළ එමෙන්ම මිනිසාගේ මෙලොව ජීවිතය සාරධර්ම සපිරි එකක් බවට පත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන තවත් නබි වදන් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

    “මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පැවසුහ.කරුණු පහකට පෙර කරුණු පහක් ග්‍රහණය කර ගන්න. මහලු වියට පෙර තරුණ කාලය, ගිලන් වන්නට පෙර යහ සුවෙන් සිටිනා කාලය, දුගී බවට පෙර වත්පොහොසත්කම, කාර්ය බහුලත්වයට පෙර විවේකය, මරණයට පෙර ඔබගේ ජීවිතය” (තිර්මිදි 1337).

    “මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පැවසුහ. මරණින් මතු ලොව විනිශ්චය දිනයේදී කරුණු පහක් පිළිබඳව ප්‍රශ්න කරණු ලබන තුරු ආදම්ගේ දරුවන්ට තම දෙපා සොලවන්නට නොහැකි වනු ඇත. එම කරුණු පහ නම් 1. කුමන ක්‍රියාවන් සඳහා තම ජීවිතය ගත කළේද? 2. තමන්ගේ තරුණ විය ගත කළේ කුමන ක්‍රියාවන් සඳහාද? 3. තමන්ගේ ධනය උපයා ගත්තේ කෙලෙසද? එම ධනය කුමක් සඳහා වැය කළේද? තමන්ගේ දැනුම කෙලෙස උපයෝගී කර ගත්තේද?” (තිර්මිදි 1360).

    මෙම නබි වදනෙහි එක් වැදගත් කරුණක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කර වන්නට කැමැත්තෙමු. පළමුව මුළු ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරනු ලබන අතර තාරුණ්‍යය එයට අඩංගු වුවත් තාරුණ්‍යය පිළිබඳව වෙනමම ප්‍රශ්න කරනු ලැබීම සඳහන් කර තිබීමේ සුවිශේෂී කරුණකි.

    ගබ්සාව පිළිබඳ ඉස්ලාමීය මතය

    ඉස්ලාමය මිනිස් ජීවිතය අනුල්ලංඝනීය බව පිළිගනී.
    “යමෙක් තවත් අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5:32)

    “(ඝාතනය කිරීමට) අල්ලාහ් තහනම් කළ ආත්මය (මිනිස් ජීවිත) යුක්තියෙන් තොරව ඝාතනය නොකරවූ” (අල් කුර්ආන් 17:33)

    “දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා ඝාතනය නොකරවූ. ඔවුන්ටත් නුඹලාටත් ජීවන සම්පත් ලබා දෙනුයේ අපමය. සැබැවින්ම ඔවුන්ව ඝාතනය කිරීම මහත් වූ පාපයක් වන්නේය.” (අල් කුර්ආන් 17:31)

    ඉස්ලාමය සිය දිවි නසා ගැනීමද තහනම් කොට ඇත.

    “නුඹලා නුඹලාවම ඝාතනය කර නොගනිවූ. සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි පරම කරුණාභාරිත වන්නේය.” (අල් කුර්ආන් 4:29)

    ඉහත අල් කුර්ආන් වැකි සියල්ලම මිනිස් ජීවිතයේ අනුල්ලංඝනීයත්වය සහතික කරන ඉගැන්වීම් වන අතර ජීවිතය හා මරණය දෙවිඳුන්ගේ නීතිය මත සිදු විය යුතු බව තවදුරටත් පැහැදිලි කරයි.

    ගබ්සාව පිළිබඳව ඉස්ලාමීය විද්වතුන්ගේ විග්‍රහ කිරීම් හා මතයන් කිහිපයක් පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
    “කලලයට මාස හතරක් සපිරෙන්නට පෙරාතුව කිසිසේත්ම වැළැක්විය නොහැකි හේතුවක් මත පමණක් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ගබ්සාවක් කිරීමට අනුමැතිය ඇත. කලලයට අල්ලාහ් විසින් ජීවය ලබා දෙන්නේ එයට මාස හතරක් සපිරීමෙන් පසුවය. එසේ ජීවී තත්ත්වයට කලලය පත්වුවායින් පසු ගබ්සාවක් කිරීමට අනුමැතියක් පොදු වශයෙන් නොමැත. අල්ලාහ් සර්වඥානීය.” (“Gift to a Muslim Physician” Page 284-285 by Ash-Sheikh Murshid Mulffar)
    අසම්මත ලිංගික සබඳතාවන් හා ලිංගික බලහත්කාරකම් ආදියෙන් ඇති වන ගැබ් ගැනීම් මෙන්ම විකලාංගික කලලයන් ගබ්සා කර වීමට නීති සම්පාදනය කරන්නට වර්තමාන ඉස්ලාම් නොවන සමාජයන් කටයුතු කරමින් සිටියි. මෙම කාරණා පිළිබඳව ඇති යථාර්ථයන් පහතින් සාකච්ඡා කරන්නට අදහස් කරන්නෙමු.

    අසම්මත ලිංගික සබඳතාවන්

    අද ගැහැනු ළමයෙකු හෙට දවසේ මාතෘත්වයේ උදාර ගෞරවයට උරුමකම් කියන්නියකි. මාතෘත්වයේ උදාර ගෞරවයට උරුමකම් කියන්නට නම් ඇයගේ චරිතය නොකැළැල් හා පිරිසිදු එකක් විය යුතු වෙයි. මෙය පිරිමි දරුවන්ට ද එකසේ අදාළ පිළිවෙතකි. පුර්ව විවාහ ලිංගික ක්‍රියාකාරකම් මගින් වඩාත් අසීරුතාවන්ට පත්වන්නේ පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන්ය. සිතේ හැඟීම් වලට වහල් වන්නට තරම් අප බොළඳ නැතැයි යමෙකු පවසන්නට ඉඩ ඇත. නමුත් ලෝක යථාර්ථය හා මනුෂ්‍යයාගේ ස්වභාවිකත්වය පිළිබඳ මනා අවබෝධයෙන් සමාජ සදාචාරය ආරක්ෂා කිරීමේ අරමුණින් ඉස්ලාමය නිදහසේ ස්ත්‍රී පුරුෂ සමාගම පවත්වාගෙන යාම පිළිබඳව සීමාවන් පනවා ඇත්තේ සැමගේ යහපත පිණිසය. විනාශයක් ඇති කර ගෙන මුළු ජීවිත කාලයම දුකින් ගත කරනවාට වඩා විනාශයේ මං අහුරා මනුෂ්‍ය වර්ගයාට යහපත් හා සතුට සපිරි ජීවිතයකට මග පෙන්වීම ඉස්ලාමයේ පිළිවෙතයි.

    මිනිසා තුළ ඇති වන ප්‍රේරණයන් (instinct) අතුරින් වඩාත් බලගතු වන්නේ ලිංගික ප්‍රේරණය බව කිසිදු සැකයක් නොමැත. මෙම ප්‍රේරණය මගින් ඇති වන ලිංගික උත්තේජනයේ ක්ෂණික ඉලක්කය වන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙකු සමග ලිංගික සමාගමයේ යෙදීමය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ලිංගික සම්බන්ධතාවේ අනුමැතිය ඉස්ලාමීය පිළිවෙත අනුව සිදු කෙරෙන විවාහ බන්ධනයක් මත පදනම් වී ඇත. එහෙයින් පුර්ව විවාහ ලිංගික සම්බන්ධතාව ඉස්ලාමය සහමුලින්ම තහනම් කොට ඇත. ඉහතින් ලංකාදීප පුවත්පතේ පළ වූ වයස 14 ක තරුණියක් ගබ්සාවක් කර ගැනීමට ගොස් නුපන් කළලය මෙන්ම ඇගේ ජීවිතය ද විනාශ වීමට හේතු වුයේ පුර්ව විවාහ අසම්මත ලිංගික සබඳතාවක් නිසාය. ඉස්ලාමය මෙවන් සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගනිමින් සාරධර්ම සපිරි සදාචාර සම්පන්න සමාජයක් ගොඩ නැගීම සඳහා කැප වී සිටියි.

    ලිංගික අපචාරය හේතුවෙන් ගැබ් ගැනීමේදී මෙම පාපයට සම්බන්ධ නැති කළලය විනාශ කොට එයට දඬුවම් දීම ඉස්ලාමීය පිළිවෙත නොවේ. ලෝක සම්මත යුක්ති ධර්මයට ද කිසිසේත්ම එකඟතාවක් ඇති ක්‍රියාවක් නොවේ. ලෝක සම්මත යුක්ති ධර්මය යනු සැබැවින්ම ඉස්ලාමීය පිළිවෙතයි.

    “මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමාණන් කෙරෙහි විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) පවසා සිටියේ විවාහ වීමට හැකියාවක් ඇත්තන් විවාහ විය යුතු බවය. මෙසේ කිරීමෙන් අන් ස්ත්‍රීන් දෙස අනවශ්‍ය ලෙස බැලීමෙන් තමන්ව වළක්වා ගැනීමට හැකි වන අතර අසම්මත ලිංගික සම්බන්ධතාවන්ගෙන් තමන්ගේ ලිංගේන්ද්‍රිය ආරක්ෂා කර ගැනීමට ද උපකාරී වනු ඇත යන්නය. උපවාසය හේතුවෙන් ලිංගික උත්තේජනය පාලනය කර ගැනීමට හැකි වන හෙයින් විවාහ වීමට හැකියාවක් නොමැත්තන් ඉස්ලාමීය උපවාසය (සෞමය) කළ යුතු යැයි උපදෙස් දෙන ලදී.” (බුහාරි 3:129).

    මේ පිළිබඳව ඇති ඉස්ලාමීය විද්වතුන්ගේ විග්‍රහය හා මතය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
    “ගබ්සා කර ගැනීම සඳහා ගැබ් ගැනීම සිදු වී ඇත්තේ ලිංගික අපචාරය හේතුවෙන් යන්න පිළි ගත හැකි සාධකයක් ලෙස ඉස්ලාමය නොසලකයි. ලිංගික අපචාරය හා ඒ සඳහා යොමු කරවන සියල්ල ඉස්ලාමය පිළිකුල් සහගතව හෙළා දැක ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳව අති උතුම් වූ අල්ලාහ්ගේ වදන කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
    “නුඹලා (ලිංගික) අපචාරයට සමීප නොවවූ.සැබැවින්ම එය අවමන් ගෙන දෙන්නක් හා පාපතර මාර්ගයක්ද වන්නේය.” (අල් කුර්ආනය 17:32).

    මෙම බරපතළ අපරාධය පිළිබඳව වැරදිකරුවන් වන අයට දඬුවම් ඉස්ලාමීය ඉගැන්වීම් හි අන්තර්ගතය. දුරාචාරී හැසිරීම් වලින් අන් අයව වළක්වා ගැනීමේ සාධකයක් ලෙස ද මෙම දඬුවම් ක්‍රියා කරයි. අසම්මත ලිංගික සබඳතාවකින් ඇති වන ගැබ් ගැනීම් පිළිබඳ විසදුම ගබ්සාව ලෙස ඉස්ලාමය නොසලකයි.” (“Gift to a Muslim Physician” Page 286-290 by Ash-Sheikh Murshid Mulffar)
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ස්ත්‍රී දුෂණය

    ස්ත්‍රී දුෂණය යනු ස්ත්‍රියගේ කැමැත්ත හෝ අනුමැතියෙන් තොරව බලහත්කාරකමින් තමන්ගේ නීත්‍යනුකුල බිරිය නොවන ස්ත්‍රියක් සමග ලිංගික සංසර්ගයේ යෙදීමය. මෙය බරපතළ අපරාධයක් හා පාපයක් ලෙස ඉස්ලාමය සලකයි. ඉස්ලාමීය පිළිවෙත තුළ පිටස්තර පිරිමින්ගේ සිත් තුළ ලිංගික අවධි වීමක් සිදු නොවන අයුරින් ඇඳුම් අඳින්නටත් තමන් නිවසින් බැහැර ව දුර බැහැර ස්ථානයක ගමන් කරන්නේ නම් ස්ත්‍රියට නීත්‍යනුකුලව විවාහ වීමට අනුමැතියක් නොමැති පිරිමියෙකුගේ රැකවරණය ඇති ව ගමන් කළ යුතු බව කියන ‘මහ්රම්’ සංකල්පය ඉස්ලාමීය ඉගැන්වීම් හි ඇතුළත් කොට ඇත. ඉස්ලාම් විරෝධීන් විසින් බොස්නියා හි සිදු කළ සමුහ ස්ත්‍රී දුෂණ ක්‍රියාවන් හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් අති බරපතළ ගැටලු රාශියකට මුහුණ දුන්හ. එවන් තත්ත්වයක් ය‍ටතේ මාස හතර ඉක්මවීමට ප්‍රථම ගබ්සා කර ගැනීමට පක්ෂපාතීව යුරෝපීය ඉස්ලාමීය විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

    ගබ්සාව අනුමත අනෙකුත් අවස්ථාවන්

    වෘත්තීමය වශයෙන් පිළි ගත් නිපුණතාවන් ඇති හා තමන්ට විශ්වාසය තැබිය හැකි වෛද්‍ය උපදෙස් මත කලලයට මාස හතර සපිරෙන්නට පෙර බරපතළ හානිකර තත්ත්වයක් ඇති විට ගබ්සාවක් කර ගැනීමට අවසරය ඇති බව ඉස්ලාමීය විද්වතුන් බහුතරයකගේ මතය වී ඇත.

    1. ඉපදීමෙන් පසු ජීවත් වීම පිළබඳව බරපතළ අසාමාන්‍යත්වයක් හා ආබාධිත තත්ත්වයක් කලලයට ඇති බව ඔප්පු වන්නේ නම් ගබ්සාවක් කර ගැනීම.

    2. කලලය වැඩීම හේතුවෙන් මවට ජීවිත තර්ජනයක් ඇති විට.

    උපන් විගස දරුවන් මරා දැමීම

    ගබ්සාවට වඩා භයානක සමාජ පිළිලයක් බවට පත් ව ඇත්තේ උපන් හැටියේ බිළින්දන් මරා දැමීමේ කෲර ක්‍රියාවයි. මෙම සමාජ ප්‍රශ්නය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත් වන ලද සම්මුඛ සාකච්ඡාවේ වාර්තාව 2013 ඔබ්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි?’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණි. එම වාර්තාවෙන් උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.

    ‘ලෝක ළමා දිනය සමරන්නට මුළු රටම සුදානම් වී සිටියදී ඊට දින තුනකට පෙර බදුලු වැසියන්ට දක්නට ලැබුණේ ඉතා දුක්බර දසුනකි. බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ගුවන් පාලමේ පඩියක් මත තිබුණේ මළ සිරුරකි. මේ කිරිකැටියා රෙදි කඩකින් ඔතා තිබුණි. හිමිදිරි පාන්දරම මේ ඛේදජනක දසුන දැක තිබුණේ මෙම පාලම මතින් ගමන් කළ ගම් වැසියෙකි. බිලිඳු සිරුර උපන් හැටියේ පිරිමි දරුවෙකුගේය. බදුල්ල පොලිසියට ලැබුණු දුරකථන පණිවිඩයක් අනුව බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළහ.

    බදුල්ල මහේස්ත්‍රාත් වරිය එම ස්ථානයට පැමිණ බිලිඳු මළ සිරුර පරීක්ෂා කර එය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරවීමටත් වැඩි දුර පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනීමටත් නියෝග කළාය. එම නියෝගය ලැබී පැය කිහිපයක් ගත වෙද්දී බදුල්ල පොලිසියට තවත් තොරතුරක් ලැබුණි. ඒ හාලිඇල ක්වීන්ස් ටව්න් වත්තේ ගැබිනියක් ව සිටි කාන්තාවක් පිළිබඳවය. එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුයේ වෙනත් බිලිඳු විපතක් ගැනය. අවිවාහක කාන්හාවක් වූ ඇය බිහි කළ දරුවා උපන් හැටියේ වළ දමා තිබිණි. උපන් හැටියේ බිලිඳා ඝාතනය කර හෝ නොකර ගෝනි කැබැල්ලක ඔතා වළ දමා තිබුණේ ඇගේ නිවසේ මුළුතැන් ගේ ආසන්නයේ පිහිටි කෙසෙල් පඳුරක් යටය.

    උපන් හැටියේ දරුවන් ඝාතනය කරන සිද්ධීන් පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අසන්නට ලැබිණ. අම්මලා තම කුසින්ම බිහි කළ දරුවන් මෙසේ ඝාතනය කරන්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට විසඳුම් සොයා දීම අද දවසේ සමාජ වගකීමකි. අපි මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගෙන් විමසුවෙමු.

    “වර්තමාන සමාජයේ අද තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි විවාහ සංස්ථාව බලවත් අර්බුදයකට ලක් වී තිබීම. ඒකට සමාජ විද්‍යාත්මකව ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. විවාහයට අද ලැබිල තියෙන්නෙ ආර්ථික වටිනාකමක්. මේ නිසා විවාහ වීමේ වයස් සීමාව ක්‍රමයෙන් කල් යමින් තිබෙනවා. වර්තමානයේ සමාජය තුළ විවාහ වීමේ සීමාව පිරිමියෙකුගේ අවුරුදු 31 – 33 දක්වාත් කාන්තාවකගේ විවාහ වයස් සීමාව අවුරුදු 31 – 32 දක්වා වූ කාල පරාසයකටත් ගමන් කරලා තියෙනවා. නමුත් විවිධ හේතුන් නිසා විවාහයට ඇතුළත් වීම ප්‍රමාද වීම අනියම් ආකාරයකට සමාජයේ වෙනත් ගැටලු වලට හේතු වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් විවාහ වීමේ වයස් සීමා කල් යන්නේ අධ්‍යාපන හා ආර්ථික හේතු මත. නමුත් පුද්ගලයෙකුගේ කායික හා ලිංගික අවශ්‍යතා කල් දාන්න බැහැ. මෙහි අනියම් ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ අද සමාජය තුළ අනියම් ලිංගික සම්බන්ධතා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව කරණ කොට ගෙන බොහෝ අවස්ථා වල මෙවැනි ඛේදවාචකයන්ට සමාජය ලක් වෙන බව පැහැදිලිවම පේනවා.”

    ඉහතින් උපුටා දැක් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ 2013 ඔබ්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණු වාර්තාවෙන් කොටසකි. සමාජ ප්‍රශ්න ඇති වන්නට පෙර එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමේ ඉගැන්වීම් හා මග පෙන්වීම් අන්තර්ගත වී ඇත්තේ ඉස්ලාමය තුළ පමණි. එහෙයින් ඉස්ලාමයේ යහ ඉගැන්වීම් පිළිපදිමින් සාමය සතුට සපිරි මෙලොව ජීවිතයක් ගොඩ නගා ගන්නට කටයුතු කරමු. එම යහ ජීවිතය මනුෂ්‍ය වර්ගයාට මරණින් මතු ජීවිතයේ දී අල්ලාහ් අබියස ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට සහතික වශයෙන්ම ඉවහල් වනු ඇත.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්ලාමය මිනිස් ජීවිතය අනුල්ලංඝනීය බව පිළිගනී.
    “යමෙක් තවත් අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5:32)
     
    • Haha
    • Like
    Reactions: hi.dushan and Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    me halla aduma gane tho wath kiyewwada?
    මේවා ශෙයා කලාම තමයි බර්කත් ලැබෙන්නෙ, තොපි කියෙව්වත් නැතත් මට මොකෝ

    ඉස්ලාමය මිනිස් ජීවිතය අනුල්ලංඝනීය බව පිළිගනී.
    “යමෙක් තවත් අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5:32)
    හම්මට කෆීල්, අල්හම්දුලිල්ලාහ්
    ------ Post added on Oct 10, 2024 at 7:07 PM
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,994
    113
    මන් හිතන්නෙ බැරුව ඇති ගොඩක් තැන් වල ඉන්නේ පඩි පෙල වගේ ලමයි
    හෑල්ල නන් කියෙව්වේ නෑ XD
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,273
    8,411
    113
    @Gingy machan islam agama anuwa ube magula valid na neda. E nisa islam agama anuwa ube wife anacharaye hasireemak neda wenne? oka pawakda? Me gana vistharayak diyanko.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    @Gingy machan islam agama anuwa ube magula valid na neda. E nisa islam agama anuwa ube wife anacharaye hasireemak neda wenne? oka pawakda? Me gana vistharayak diyanko.
    නීතියටම බලනව නම් මිනිහට ගෑණි බලන්න වෙන්නෙ බැන්දට පස්සෙ :) එච්චර එක්ස්ට්‍රීම් යන අයත් ඉන්නව. ශරියා නීතියට අනුකූල කාති උසාවියකින් බලය තියෙන කසාද සහතිකයකින් තමයි බැඳල ඉන්නෙ ආගමේ විදියට නම්. (ඊට කලින් රෝම ලන්දේසි විදියට බැන්දා). ඉතින් දැන් නම් අනුකූලයි. සිංහල විදියටත් කුමර බඹසර, කුමරි බඹසර තියෙනවා නේද? ඒවා ඉතින් නීති වලට වඩා රීති.ඒකයි කසාදෙනීත්‍යානුකූල බවයි අතර සම්බන්ධයක්නෑ මම දන්න තරමින්

    අන්‍යාගමිකයෙක් බඳින එකයි අන්‍යාගමික හැරීම, අන්‍යාගමිකයෙක් ආගමානුකූලව බඳින එකයි දෙකක්.ඕක ඉතින් පවක්ද කියන එක නම් ඩිබේටබල්. මැරිලම තමයි බලන්න වෙන්නෙ. ගෑණියි මමයි හොඳ හිතකින් බැන්ද නිසා සහ අපි ඔයිට වඩා පව් කොහොමත් කරල තියෙන නිසා. විනිශ්‍යය දවසෙදි කසාදෙට නම් ඩිස්කවුන්ට් එකක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා
     
    • Like
    Reactions: Jihadi john

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    1731060788270.jpeg
     
    • Like
    Reactions: Gingy

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    උඹේ හෑල්ල නන් කියෙව්වේ නෑ , පුළුවන් නම් සමරියක් දාපන්කෝ

    මම දන්නා තරමට නම් ගබ්සාව ඉස්ලාමයේ හැටියට පවක් ,

    හැබැයි

    සමහර වලාවට අල්ලා හිතනවා ඇති අල්ලාගේ අනුගාමිකයන් වැඩි වෙනකොට අල්ලා අදහන්නේ නැති අයට උන්ගෙන් කරදරයක් කියලා අන්න එහෙම වෙලාවට අල්ලාගේ අනුගාමිකයන් මරලා දානවට අල්ලා කැමති ඇති ,

    අල්ලාට හිතුනා ගාසා තිරේ සමතලා කරලා දාලා 40000ක් විතර අල්ලාගේ අනුගාමිකයන්ව මරලා දාන්න ඕන කියලා ඉතින් ඒ වැඩේ ඊශ්‍රායලය ලවුවා කෙරෙවුවා වගේ අල්ලට ඕන වෙලා ඇති ලේබලනේ ඉන්න අල්ලාගේ අනුගාමිකයන් අති බහුතරයක් ඊශ්‍රායලය ලවුවා සමූල ඝාතනය කරලා දාන්න ,

    නැත්නම් මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ

    අල්ලගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ

    ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ?
     
    • Like
    Reactions: Gingy