ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්ෂේත්රයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්‍යාත්මක විග්‍රහය, සමාජ ආර්ථික හා ආධ්‍යාත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කරන්නට මෙම ලිපියෙන් අදහස් කරන්නෙමු.
“ගබ්සාව : දරු ගැබ හෙළීම, පහ කිරීම, විනාශ වීම, විනාශ කිරීම.
ගබ්සා කරනවා : දරු ගැබ නසනවා” (සරසවි සිංහල-සිංහල ශබ්ද කෝෂය – 483 වැනි පිටුව)
“ගබ්සාව : දරු ගැබ දිය වී යාම හෝ දිය කරවීම, කලලය නැති කිරීම” (නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය – 387 වැනි පිටුව)
මෙම මාතෘකාවට අදාළ පුවත්පත් වාර්තා කිහිපයක් දෙස ඔබගේ අවධානය පළමු ව යොමු කරවන්නට කැමැත්තෙමු.
2014 මාර්තු 31 වැනි සඳුදා ‘ලංකාදීප’ පුවත්පතේ පහත සඳහන් වාර්තාව හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු මහතා විසින් සකස් කොට පළ කොට තිබිණි.
“14 වියැති සිසුවියගේ මරණයට හේතුව හොර ගබ්සාවක්”
“අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුන්දලම පොලිසියට නියෝග”
“හන්දි රුදාවෙන් රෝගී ව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය 14 වියැති සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ඉකුත් 27 වැනි දා පස්වරු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම දැරියගේ මරණය සිදු ව ඇත්තේ කිසියම් නීති විරෝධී ගබ්සාවක ප්‍රතිඵලයකින් බව අනාවරණය විය.”
මෙම පුවත්පත් තොරතුරු ඉදිරිපත් කරන්නේ ගබ්සාව පිළිබඳව ඇති සමාජ ප්රශ්නයේ බරපතළකම අවබෝධ කර ගැනීම පිණිසය. කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය කරුක්ෂි අරඹෙපොළ මහත්මිය විසින් පවත්වන ලද පර්යේෂණයක වාර්තාවක් 2014 මාර්තු 30 වැනි දින ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පතේ පළ කර තිබුණි. එහි අඩංගු කරුණු සංක්ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.
1. අනවසර ගබ්සා මධ්‍යස්ථානයන් හි කටයුතු කරන්නන් නිසි වෘත්තීමය පුහුණුවක් ලැබුවන් නොවේ. ගබ්සාව කර ගැනීමට එන උදවියගේ සමාජ ආර්ථික තරාතිරම මෙන්ම ගබ්සාව කර ගැනීමට ඇති අවශ්‍යතාවේ දැඩි කම පදනම් කර ගෙන ගාස්තුව තීන්දු වේ.
2. අනවසර ගබ්සා මධ්‍යස්ථානයන්ගෙන් සේවා ලබා ගන්නන් පසුපස පොලීසිය හෝ රහස් පොලීසිය හෝ ලෙසින් වෙස් ගත් කල්ලි ලුහුබැඳ ගොස් කර ගත් නීති විරෝධී ක්‍රියාව පිළිබඳ ව නීතිමය පියවර ගන්නා බව මෙන්ම අත්අඩංගුවට ගන්නා බව ද තර්ජනය කොට විශාල මුදල් ප්‍රමාණයන් බලහත්කාරයෙන් ලබා ගැනීම බොහෝ විට සිදුවන්නකි. මෙම කල්ලි වලට ගබ්සා කර ගත් අයගේ තොරතුරු ලබා දෙන්නේ ගබ්සා මධ්‍යස්ථානය මගින් මෙන්ම තමන් ගමන් ගත් ත්‍රී වීලර් රියදුරන් මගින්ය. ලබා ගන්නා මුදලින් කොටසක් තොරතුරු සැපයුවන්ට දෙනු ලැබේ.
3. ගබ්සා කර ගැනීමට පැමිණෙන්නන්ගෙන් බහුතරයක් විවාහක කාන්තාවන් ය. ආර්ථික දුෂ්කරතාවන්, සැමියාගෙන් හෝ තම සහකරුගෙන් හෝ ආර්ථික උපකාරයන් නොලැබීම, දරු ගැබක් දැරීමට වයස වැඩි බව, අවසන් වරට ලැබූ දරුවා හා මෙම දරු ගැබ අතර කෙටි කාල පරතරය වැනි කරුණු ගබ්සා කර ගැනීමට පැමිණෙන්නන් දක්වන හේතුන්ය.
4. අවිවාහක දරු ගැබක් දරන්නියකගේ තත්වය මෙයට බොහෝ වෙනස්ය. අවිවාහක තත්ත්වයෙන් ලබන දරු ප්‍රසුතිය සමාජ අපකීර්තියක් ලෙස සැලකීම අපගේ සමාජ සම්ප්රදාය වී ඇති හෙයින් මෙවැන්නන් බොහෝ විට තමන්ගේ සදාචාර විරෝධී ක්‍රියාව වසන් කර ගැනීමට නීති විරෝධී ගබ්සාවක් සිදු කර ගැනීමට පෙලඹීම සිදු වේ.
ඉහතින් උපුටා දැක් වූ 4 වැනි කරුණට අදාළ වාර්තාවක් 2013 අගෝස්තු 16 වැනි සිකුරාදා ‘මව්බිම’ පුවත්පතේ දක්නට තිබුණි.
‘ලංකාවේ දිනකට 1,40,000 ක් අනාචාරයේ හැසිරෙනවා’
‘සමලිංගිකයින් 10% කින් වැඩි වෙලා’
‘සමීක්ෂණයකින් හෙළි වෙයි’
“ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් එක් ලක්ෂ හතළිස් දහසක් අභිසරුලියන් සමඟ සහ අනියම් සබඳතා මත අනාරක්ෂිත ලිංගික සබඳතා වල යෙදෙන බව සමීක්ෂණයක දී හෙළි වී තිබේ. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධාන වල සහය මත සමාජ සමීක්ෂණයක දී මේ බව හෙළි වී ඇති බවය”.
2012 ජුනි මස 17 දින ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ සවිස්තරාත්මක වාර්තාව කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.
“දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ සමාජ ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙමින් පවතී. ඒ අතර ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය, සිය දිවි නසා ගැනීම, දරිද්‍රතාව, ගණිකා වෘත්තිය, ගබ්සාව වැනි සමාජ ප්‍රශ්න රැසකි.
මෙම සමාජ ප්‍රශ්න අතුරින් ගබ්සාව හැර අනෙකුත් සමාජ ප්‍රශ්න පිළිබඳව බොහෝ විද්වතුන් නිරන්තරයෙන් විවෘත සංවාද කරති. නමුත් ගබ්සාව පිළිබඳ විවෘතව කතා කරන්නන් වත්මන් සමාජයේ විරලය.
සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නැති කිරීම ආගමික, සදාචාරාත්මක සහ නීතිමය වශයෙන් ද බොහෝ සමාජ ව්‍යුහයන් තුළ ප්‍රතික්ෂේප කරති. එසේ වුව ද එවැනි දරු උපත් සිදු වීම මගින් කාන්තාවකට සිදු විය හැකි සෞඛ්‍යමය ගැටලූ හා සමාජ ගර්හාව වැනි හේතු පිළිබඳව සමාජය තුළ කතිකාවක් දක්නට ලැබෙන්නේ නැත.
කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය විසින් ගබ්සාව පිළිබඳ ව සිදු කරන ලද පර්යේෂණයන් හි දත්ත පදනම් කොට ගෙන මෙම ලිපිය සැකසේ.
“ගබ්සාව යන ප්රශ්නය තුළ අප ගබ්සාව හඳුනා ගන්නා කොටස් දෙකක් දැක්විය හැකිය. එය ස්වාභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙනි. ස්වාභාවික ගබ්සාව නීත්‍යනුකූල වෛද්‍යවරුන් විසින් සිදු කරති. දරු ගැබ නිසා මවගේ ජීවිතයට හානියක් වේ නම් යන පදනම මත එවැනි ගබ්සාවක් සිදු කරනු ලබයි. ඒ සඳහා නීතිමය අවසරය ලබා දී තිබේ. එමෙන්ම ස්වාභාවික ගබ්සාව මවගේ ශරීරයේ ඇති රෝගී තත්ත්වයක් හේතු කොට ගෙන ස්වභාවයෙන්ම සිදු වීමට ද හැකිය.
අද නීති විරෝධී ගබ්සාව සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. එය ප්‍රශ්නයක් බවට පත් ව තිබෙන්නේ ගබ්සා කිරීම ලංකාව වැනි ඇතැම් රටවල නීති විරෝධී තත්ත්වයක් ලෙස පවතින බැවිනි. නිල නොලත් වාර්තා වලට අනුව දිනකට 800-1000 ත් අතර ප්‍රමාණයක් නීති විරෝධී ගබ්සා සිදු වේ. ගබ්සාව පිළිබඳව පළමු පර්යේෂණය සිදු කරන ලද්දේ 1998 දීය. එයින් හෙළිදරව් වූ කරුණක් නම්, ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප්‍රමාණය 3,75,000කට ආසන්න වන බවයි. නමුත් ලක්ෂ තුන ඉක්මවා ප්‍රමාණයක් ගබ්සා සිදු වීම බරපතළ අර්බුදයක් බවට පත් ව ඇත. ගණනය කිරීම මගින් දක්නට ලැබෙන ප්රශ්නය මෙය වුවත් මින් එහා ගිය සමාජ ප්‍රශ්න රැසක් නීති විරෝධී ගබ්සාව නිසා දැකිය හැකිය නැතහොත් සිදු විය හැකිය.
වෛද්‍යවරුන්ගේ හිපොක්රටිස් දිවුරුම තුළ කිසිදු අවස්ථාවක වෛද්‍යවරයෙක් ගබ්සාවකට සහභාගි නොවිය යුතුයි යන්න සදහන් වේ. එය තව දුරටත් පැහැදිලි කිරීමේ දී තම රටේ ගබ්සාවන් කිරීම සඳහා අවසර දෙන්නේ නම් පමණක් එය කළ හැකි බව ඔස්ලෝ ප්රකාශනයේ දක්වා තිබේ.
ආසියාතික රටවල ලිංගිකත්වය සම්බන්ධයෙන් නොයෙකුත් වාරණයන් දක්නට ලැබේ. ලිංගිකත්වය යනු ස්වාභාවික පේ‍්‍රරණයකි. ආහාර, විවේකය, නින්ද වැනි දේ සමගම අපට තිබෙන ස්වාභාවික පේ‍්‍රරණය ලිංගිකත්වයයි. මෙහි දී වඩා වැදගත් වන කාරණය නම් මෙම පේ‍්‍රරණය හේතුවෙන් සමාජ ප්රගමනයක් සිදු වීමයි. අපේ සමාජය තුළ මෙකී පේ‍්‍රරණය පිළිබඳව විවෘත සාකච්ඡාවන් දක්නට නොලැබේ.
සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ද ජීවේනේද්‍රිය පද්ධතියේ සියල්ල පිළිබඳව විවෘත සාකච්ඡාවන් සිදු කෙරුණ ද ලිංගික ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා දීමක් සිදු නොවේ. අනවශ්‍ය ලිංගික එක් වීමක දී ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ්‍රිත රෝග, ඒවාට ප්‍රතිකර්ම කිරීම, ඒඞ්ස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම පිළිබඳව සාකච්ඡාවන් මගින් විසඳුම් දක්නට නොලැබීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙහි තවත් පැතිකඩක් ලෙස අපගේ ගැහැනු දරුවන්ව නිරන්තරයෙන්ම දැනුවත් කළ යුතුය. එයින් ලිංගික අපයෝජනය බොහෝ දුරට වළක්වා ගත හැකිය. කන්‍යාභාවය පිළිබඳ සමාජ ආකල්ප යන පර්යේෂණය තුළින් කන්‍යාභාවය හඳුනා ගැනීම, කන්‍යාවිය යනු කවුද වැනි දෑ සාකච්ඡාවට බඳුන් කළ අතර එහි තවත් පැතිකඩක් ලෙස ගබ්සා කිරීම පිළිබඳව අධ්‍යයනයෙහි වැදගත්කම මෙහි දී පෙන්වා දිය හැකිය. ලංකාවේ ගබ්සාවන්ගේ ස්වභාවය සලකා බැලීමේ දී වැඩි වශයෙන් ගබ්සා කිරීමට පැමිණෙන්නේ විවාහක වයසේ සිටින කාන්තාවන් වන අතර ඔවුන්ගේ වයස් පරතරය 24-30ත් අතර වේ. පොදුවේ එම වයස් මට්ටම 20 – 40 ත් අතර වේ.

එච්චර එක්ස්ට්‍රීම් යන අයත් ඉන්නව. ශරියා නීතියට අනුකූල කාති උසාවියකින් බලය තියෙන කසාද සහතිකයකින් තමයි බැඳල ඉන්නෙ ආගමේ විදියට නම්. (ඊට කලින් රෝම ලන්දේසි විදියට බැන්දා). ඉතින් දැන් නම් අනුකූලයි. සිංහල විදියටත් කුමර බඹසර, කුමරි බඹසර තියෙනවා නේද? ඒවා ඉතින් නීති වලට වඩා රීති.ඒකයි කසාදෙනීත්යානුකූල බවයි අතර සම්බන්ධයක්නෑ මම දන්න තරමින්