ගමක සිරිය...🙋❤️

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සීනි, තේ කොළ ඉල්ලද්දි
    මෙහෙම ඔතල දීල සබන් කැටේ
    බාගයක් ඉල්ලද්දි කපන්න වෙනම
    කම්බියක් නැත්තම් නූලක්
    කඩේ තිබ්බ කාලෙ මතක අය ඉන්නවද?

    ඔය බඩු ඔතන ලණු ඉස්සර
    මට මතකය් අපේ කුස්සියේ වෙනම
    තිබ්බ කම්බියක දාල ගොඩක්.
    ගේන ගේන බඩු වල නූල් ඒකට දාන්නෙ.

    දැන් එහෙම නෑ...

    මට ඒ දේවල් මතක මම පොඩි
    කාලෙ ඉදන් අච්චි සීය ලග හිටිය නිසා..
    සීය තමා ගේන්නෙ බඩු..
    පාන් කාල 3.50ට තිබ්බ කාලෙ.
    ඉස්සර පාන් අමුවෙන් කන්නෙ.
    අද කාලෙ වගේ නෙමේ රස..


    438094021_468537092513782_4269516969732187206_n.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇඟිලි, පනා එහෙමත් මතකද යාලූ....
    රස කර කර කෑවා අපි නං කඩ චෝරූ....
    මතකය තාම එහෙමයි ඇඳි රූ පොකුරූ...
    බුල්ටෝ වාගෙ ඇද කා හැකි මතු රුසිරූ....

    ඔය බඩු ඔතන ලනු ටික නම් මතක ඇතී...
    සිල්ලර කොයි එකත් දෙනවා ගොටුවේ එතී...
    පොලිතින් කුමකටද හැමදෙය පරිසර ෆ්‍රෙන්ඩ්ලී...
    ඒ කාලෙට යා හැකිද නැවතත්, සිතුවිලි පමනී....
     
    • Like
    • Love
    Reactions: netudara and kinkon