ගම්පහ ව්‍යාපාරික හමුව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගම්පහ ප්‍රදේශයේ සිටින ව්‍යාපාරිකයන්ගේ හමුවක් ඊයේ සන්ධ්‍යාවේ පැවැත්වුණේ ගණේමුල්ලේ දී.

    රටේ ඉන්න ලොකුම සම්පත මේ ව්‍යාපාරිකයෝ. ධනය ජනිත කරන්නේ ඔවුන්. රැකියා බිහි කරන්නේ ඔවුන්.

    ගොඩනැගීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර මේ කාලයේ අපහසුතාවට පත් වෙලා. ඉදිකිරීම් ක්ෂේත්‍රය 20% දක්වා හැකිලීම තුල ඔවුන්ගේ වෙළඳපොළ කුඩා වෙලා. මේ නිසා විශාල රැකියා ප්‍රමාණයක් තර්ජනයට ලක් වෙලා. ව්‍යාපාර වල ආදායම් බිඳ වැටිලා.

    අපි ඔවුන්ට ආර්ථිකයේ ස්වභාවය සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි කළා. අපේ මූලික දේශනය පැවැත්වූයේ LB Finance සමාගමේ ඉහළ කළමනාකරුවෙකු වෙන බිමල් පෙරේරා විසින්. අනතුරුව මා විසින් නූතන යුගයේ අප ගමන් කරමින් සිටින ඓතිහාසික මංසන්ධිය පිළිබඳව දැනුවත් කලා.

    ඔවුන්ට වටිනාම දේශනය කලේ Tharuka Ranaweera විසින්. ඒ මේ කාලය තුල ක්‍රමිකව නිශ්පාදන ක්‍රියාවලියකට යෑමත්, රිස්ක් අවම කරගෙන ව්‍යාපාර පවත්වා ගෙන යෑමත් සම්බන්ධයෙන්.

    අනතුරුව පැවැති සාදය ටිකක් රෑ වෙනකම්ම ඇදී ගොස් සතුටු සාමිචියෙන් කෙළවර උනා.

    මෙය සංවිධානය කළ ලලිත් මහතා ඇතුළු ව්‍යාපාරික පිරිසට බොහෝම ස්තුතියි.

    අපි වතුර නැති කාලෙට මඩේ හැංඟිලා ඉන්න ලූලන් වගේ මේ අමාරු කාලය ගෙවා ගමු. ගමන දුරයි. ඔබට පුළුවන්.

    ජයවේවා.

    පැතුම් කර්නර්