ගම්මිරිස්

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    upload free photo
    උද්භිද විද්‍යාවට අනුව Piper nigrum ලෙසින් හඳුන්වන ගම්මිරිස් විවිධ වූ ඖෂධ වට්ටෝරු සඳහා කුළුබඩුවක් ලෙස ද භාවිතයට ගැනේ. ආයුර්වේදයට අනුව ගම්මිරිස් හඳුන්වනු ලබන්නේ තීක්ෂණ සහ ඌෂ්ණ ගුණ සහිත කුළුබඩුවක් ලෙසයි. ගම්මිරිස් ගිනියම් සහිතය. ගිනියම් ගුණය ඇතත් ගම්මිරිස් කෑමෙන් දැඩි අගුණයක් නොදැනෙන්නේ එය බොහෝවිට සුළු ප්‍රමාණයක් අනුභව කරනා නිසාය.

    ගම්මිරිස් සුළු ප්‍රමාණයක් ආහාරයට එක්කළ විට බඩගිනි ඇතිවේ. මෙය සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම, කැස්ස වැනි රෝග සඳහා ඉතා ගුණදායක වේ.

    විශේෂයෙන් මස්, මාළු පිසිනා විට ගම්මිරිස් එකතු කරගැනීමෙන් අධික ප්‍රෝටීන්, අධික මේදය තුනී කර ආහාර දිරවීම පහසු කරයි. එමෙන්ම එවැනි ආහාරයක් ගත්විට උදරයේ ඇතිවන වාතය පිරීම, ආහාර උගුරට ඒම වැනි අපහසුතා නැති කර ශරීරයට සැහැල්ලුවක් ලබාදේ. ආහාර මාර්ගයේ චලනය වැඩිකර ආහාර බර අඩු කරයි.

    එමෙන්ම රාත්‍රී කාලයේදී ගනු ලබන ආහාර දිරවීම ප්‍රමාද කරනා විට ගම්මිරිස් එයට හොඳ ඔසුවකි. ගම්මිරිස්වල පවතින තීක්ෂණ ගුණය නිසා රෝගීන්ගේ රුධිර ගමන ශක්තිමත් කරයි. විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන අම්ල ගතිය ගම්මිරිස්වලින් නැතිකර දමයි.

    ගම්මිරිස්වල ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගත වේ. ගම්මිරිස් ආහාරයට ගත්විට මේදය ග්‍රෑම් 6, කෙඳි ග්‍රෑ 2ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1ක්, සෝඩියම් මිලිග්‍රෑම් 3, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 4ක් අඩංගු වේ. මීට අමතරව පොටෑසියම්, ඛනිජ ලවන, විටමින්, සින්ක්, මැග්නීසියම්, මැංගනීස්, යකඩ, කැල්සියම් අඩංගු වේ. විශේෂයෙන් නිර්මාංශ අය ගම්මිරිස් අනිවාර්යයෙන්ම තමන්ගේ ආහාරයට එකතු කරගත යුතුයි.

    මානසික ආතතිය දුරු කිරීමට, මුත්‍රා පිටකිරීමේ අපහසුතාවයන්ට, ලිංගික බෙලහීනතාවයට, ඔසප් චක්‍ර දෝෂ ඇතිවිට, ශරීරය ඉදිමුම අඩු කිරීමට ද ගම්මිරිස් ගුණදායක වේ.

    ශරීරයේ විවිධ අවස්ථාවල එක්රුස්වන අපද්‍රව්‍ය මළ කොටස් බැහැර කිරීමට ගම්මිරිස් උපකාරී වේ. මෙහි ප්‍රතිඔක්සිකාරක ද අන්තර්ගත වේ.

    උගුරු බැරැණ්ඩිය, මුඛ දුර්ගන්ධය සහ අත්වල නහර පෑදීම ආදී අවස්ථාවලදී ගම්මිරිස් ඉතා ගුණදායක ඖෂධයකි. ගම්මිරිස් තම්බාගත් උණු වතුරට ලුණු ස්වල්පයක් එක්කර කට සේදීමද සුදුසු වේ. අර්ශස් රෝගීන්ගේ ගුද මාර්ගයේ ඇතිවන වේදනාවන්ට ගම්මිරිස් හොඳ ඔසුවකි. අධික සෙම් සහිත අවස්ථාවලදී ගම්මිරිස් කුඩු ස්වල්පයක් මී පැණි සමඟ කලවම් කර දිවේ ගෑම සෙම් පිටවීම පහසු කරයි.

    එමෙන්ම ඉරුවාරදය මෙන්ම ඇතිවන හිසේ කැක්කුම් අවස්ථාවලදී බගම්මිරිස්

    එමෙන්ම ඉරුවාරදය මෙන්ම ඇතිවන හිසේ කැක්කුම් අවස්ථාවලදී බොහෝ විට ගම්මිරිස් අඩංගු ආලේපයන් නළලේ ආලේප කරන්න.
    වේදනා නාශකයක් ලෙස ද ගම්මිරිස් හැඳින්විය හැක. මේ නිසා ගම්මිරිස්, සුදු ලූනු තැම්බූ වතුර පානය කිරීමද ඉතා ගුණදායක වේ .

    විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
    නිමාලි සොලොහොකාර
    කුරැණෑගල ආයුර්වේද රෝහල.