ගමසමග එකේ ගොඩක් වැදිලා තියෙන්නේ හොරුන්ට
කොහොමද එහෙම වෙන්නේ,
මෙච්චරකල් ගමේ මන්ත්‍රී, ඇමති ගහපු ගේම්, කොන්ත්‍රාත් අරන් වැඩ කුණු කරපු මුදලාලිලා
හොරෙන් සල්ලි ආණ්ඩුවෙන් පාස් කරගෙන ගමේ වැඩ නොකර සල්ලි පිල්ලි ගහපු එවුන් තමා ඇවිස්සිලා ඉන්නේ
උන් තමයි ලොකු ගේමක් ගහන්නේ ගමසමග එක අවුල් කියල.
අනික තමයි සමහර ගම් වල ඉන්න ජෙප්පෝ, උන් ගමේ පාරක් සුද්ද කරලා, මැටි ටිකක් ගොඩ ගහල මිනිස්සු ශේප් කරන් හිටිය එවුන්. උන්ට පහර වදිනවා. තියෙන 3 ඉක්මනට 0 වෙනවා වගේ නේ.
දේශපාලනේ පැත්තක තියල බැලුවොත් ජනාධිපති නොකළ යුතු දෙයක් වුනත් මෙහෙම වෙනකොට හොරු වැඩකරන්න පටන්ගන්නවා. පිල්ලි ගහන සල්ලි ඉතුරු වෙනවා.
ඉස්සර කාමර වල හිටපු අධ්‍යක්ෂකල, ලේකම්ලා අනිවාර්යෙන් ගමේ ඇවිදින්න වෙනවා.
මෙන්න මුන් සෙට් එක තමයි මේ ගමසමග එකට අකමැති.
දැන් ගොඩක් අය එක එක දේවල් කියයි හැබැයි ඇත්ත වටින්නේ මේ ගමේ ඉන්න එවුන්ට.