ඉන්දියාවේ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී ලොව මෙතෙක් සොයාගත් විශාලත ම ගර්භාෂ ගෙඩිය ඉවත් කළ බව වෛද්‍යවරු පිරිසක් කියති. රාත්තල් 30ක් (කිලෝ ග්‍රෑම් 15යි ග්‍රෑම් 600ක්) බරැති මෙම ගෙඩිය අඟල් 21ක විශ්කම්භයකින් යුතුය.
ලතා නමැති 52 හැවිරිදි කාන්තාවකගේ ගර්භාෂයෙන් මේ ගෙඩිය ඉවත්කැර ඇත්තේ චෙන්නායි නගරයේ වෛද්‍යවරු විසිනි.
මෙම කාන්තාව හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් හා අධික විඩාවෙන් පෙළෙමින් සිටි මේ කාන්තාවගේ ගර්භාෂයේ මෙවන් විශාල ගෙඩියක් ඇතැයි අදහසක් තිබුණේ නැත. වෛද්‍යවරු පවසන්නේ එය පත්තක්කා ගෙඩියක් තරම් විශාල බවයි.
ඇයගේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම හේතුවෙන් චෙන්නායි කුමාරන් රෝහලට ඇතුලත් කැර ඇත. ඇය පරීක්ෂාකළ වෛද්‍යවරු කියා ඇත්තේ මේ කාන්තාව ලේ හිගකමින් පෙළෙන බවයි. ගෙඩිය හටගෙන ඇත්තේ ගර්භාෂයෙන් පිටත බැවින් ඒ හේතුවෙන් ඇගේ ශරීරයට පීඩනයක් ඇති වූයේ නැත.
මේ රෝහලේ ප්‍රසව හා නාරිරෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය මානි මේකලායි පැවසුවේ තමන් ඇතුළු කණ්ඩායම මේ ගෙඩිය දැක තැතිගත් බවයි. ඇය වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍ය විද්‍යාවේ ව්‍යවහාරයන්ට අනුව මේ තත්ත්වය හඳුන්වන්නේ සුපිරි ෆයිබ්‍රොයිඩ් ලෙසයි. මෙම ගෙඩිය හමුවීමට පෙර ලොව විශාලත ම ගර්භාෂ ගෙඩිය වූයේ රාත්තල් 21 ක් බරැති ගෙඩියකි. එය අප්‍රිකාවෙන් හමුවී තිබිණි.
වෛද්‍ය මෙකලායි මෙසේ පවසයි.
‘‘ ගර්භාෂ ගෙඩියක් කියන්නේ කාන්තාවන්ට සාමාන්‍ය පොදු රෝගී තත්ත්වයක්. නමුත් මේ ගෙඩිය ඉතා අසාමාන්‍ය ලෙස විශාලව වැඩී තිබුණා. ඊස්ට්‍රජන් හෝර්මෝනය අධිකවීම හේතුවෙන් මෙවැනි ගෙඩි හටගන්නවා. “