ගරුක කර්ම

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ආනන්තරීය අකුසලයක් කරපු කෙනෙකුට අයෙ ධ්‍යාන ලබාගන්ඩ බැරිද, ගරුක කර්මයක් වෙන නියත මිත්‍යාදෘෂ්ටිය තිබ්බ එකම කෙනෙක් විතරයි පහුගිය කල්ප 91ටම සුගතිගාමි වෙලා තියෙන්නෙ කියල බණකට කීව, ඒ කියන්නෙ එයාගෙ ගරුක අකුසලෙ ඊළඟ භවේ විපාක දීල නැද්ද, ගරුක කර්මයක් අනිවාර්යෙන්ම ඊළඟ ආත්මෙ විපාක දෙනවද..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සියළු සංස්කාරයෝ අනිත්‍යය, අප්‍රමාදී වෙන්න (ඕකෙම තියෙනවා පැහැදිලි කිරීම. කුසල්/ අකුසල් දෙකම අනිත්‍යයි.) ඉතිරි ටික කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් නේද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආනන්තරීය අකුසලයක් කරපු කෙනෙකුට අයෙ ධ්‍යාන ලබාගන්ඩ බැරිද, ගරුක කර්මයක් වෙන නියත මිත්‍යාදෘෂ්ටිය තිබ්බ එකම කෙනෙක් විතරයි පහුගිය කල්ප 91ටම සුගතිගාමි වෙලා තියෙන්නෙ කියල බණකට කීව, ඒ කියන්නෙ එයාගෙ ගරුක අකුසලෙ ඊළඟ භවේ විපාක දීල නැද්ද, ගරුක කර්මයක් අනිවාර්යෙන්ම ඊළඟ ආත්මෙ විපාක දෙනවද..

    na mcn mugalan hamduruwo ananthareeya papa karmayak karane eth maha rahath thathweta path unane e kathwedith kynwa mcn pahu giya athma wala karau akusala karma ape passen enwa kyl eken wenne apita sahenna uthsaha krna wenwa wade lesi na kyna diyana labaganna ba kyna eka neme

    hithanna angulimala kochchcra paw krada haabi rahath una

    hethuwa thama dadi weerya mcn
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    දේවදත්තත් දැන් අවීචියේ හිටියට ඉස්සරහට පසේ බුදු කෙනෙක් වෙනවා කියනවනෙ
     
    • Like
    Reactions: Mohowk

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම හිතන්නේ, ආනන්තරීය කර්මයක් කරපු කෙනෙක්ට නැවත ධ්‍යාන ලබා ගැනීමේ හැකියාවක් නෑ. අජාසත් රජතුමාට සෝවාන් භාවයට පත්වීමට හැකියාව තිබුණත් ස්වකීය පියාව ඝාතනය කළ නිසා ඒ අවස්ථාව මග හැරුණනේ.

    ගරුක කර්ම ලෙස හදුන් වන්නේ බලවත් කුසල හෝ අකුසල කර්ම. කුසල් ගණයට අයත් ගරුක කර්ම තමයි ධ්‍යාන හා මාර්ගඵල උපදවා ගැනීම.අකුසල් ගණයට අයිති ගරුක කර්ම තමයි ආනන්තරිය පාප කර්ම හා නියත මිථ්‍යාදෘෂ්ටිය. ගරුක කර්ම විපාක දෙන කාලය අනුව "උපපජ්ජ වේදනීය" ලෙස හදුන්වනවා. ඒ කියන්නේ ඊළග භවයේදි අනිවාර්යයෙන්ම විපාක දෙන කර්ම. කෙනෙක් නියත මිථ්‍යාදෘෂ්ටියක සිටියදී මරණයට පත් වුණොත් ඔහුගේ ඊළග භවය දුගතිගාමී විය යුතුමයි. හැබැයි කෙනෙක් නියත මිථ්‍යාදෘෂ්ටියක ජීවත් වෙමින් ඉදියත් මරණයට පෙර මිථ්‍යාදෘෂ්ටිය අතහැරියොත් ඔහුට සුගතිගාමී වීමේ හැකියාවක් තියෙනවා. සමහර විට ඔය කියන තැනත්තා මිථ්‍යාදෘෂ්ටිය හැර දමන්න ඇති ඔහුගේ මරණයට පෙර. නියතමිථ්‍යාදෘෂ්ටිය අත් නොහරින්නේ නම් එය ආනන්තරිය පාප කර්මයටත් වඩා දරුණු විය හැකි නිසා ඒ බදු කෙනෙක් සුගතිගාමි වෙයි කියලා හිතන්න බෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ භවයෙදි බෑ
    ඊළග භවයෙ උපදින්නෙ අවීචියෙ
    සතර අපායෙන් ගොඩ ආවම පුලුවන්