ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වටා එක් වීමට මුස්&#3517

gonas

Banned
Sep 28, 2011
549
41
0
ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වටා එක් වීමට මුස්&#3517

ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වටා එක් වීමට මුස්ලිම් ප‍්‍රජාව සූදානම්

බිස්මිල්ලාහ් හිර්රහ්මාන් නිර්රහීම් (පරම දයාබර වූද, කරුණාබර වූද, අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි.)
අද නූතන ශ්‍රී ලංකා ජන සමාජයේ ඉතා ප‍්‍රචලිතව ඇති ගැටලූව නම්, ”ඉස්ලාම් ආගමේ ශීඝ‍්‍ර වර්ධනයයි. මේ තුළින් අනාගත බෞද්ධ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අතිවිශාලය. එම නිසා වහාම මේ පිළිබඳ බෞද්ධ ජනයා දැනුවත් කළ යුතුයි. මෙයට පිළියම් කළ යුතුයි.” යන අදහස ඉතා වේගයෙන් පැතිර යමින් පවතියි. මේ සඳහා ඇතැම් බෞද්ධ ජන සංවිධාන විසින් භාවිත කරන කරුණු පිළිබඳ අප මධ්‍යස්ථව අවධානය කර බැලීම වටී යයි සිතමි.
සමහර බෞද්ධයින්ගේ චෝදනා පත‍්‍රයේ ඇති වැකි කිහිපයක් මෙසේය.
1. මැලේසියාව, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය වගේ වීමට ශ්‍රී ලංකාවට ඉඩ දිය නොහැකිය.
2. ඉස්ලාම් දහමට බෞද්ධයින් හරවා ගැනීම වහාම නැවැත්විය යුතුයි.
3. මුස්ලිම් ජනතාවගේ නොමනා හැසිරීම නිසා විශේෂයෙන් බෞද්ධයන්ට වන පීඩාව නතර කළ යුතුයි.
4. මුස්ලිම් පල්ලි (දේවස්ථාන) නමින් බංකර් ඉදිකිරීම.
5. හලාල් ලේබලයක් යටතේ බෞද්ධයන්ටත් හලාල් මාංශ කොටස් අනුබව කරවීමට උත්සාහ ගැනීම.
6. හලාල් ලේබලය ලබාදීම මගින් ලබාගන්නා අතිවිශාල මුදල් කන්දරාවක් ත‍්‍රස්තවාදීන්ට ලබාදීම.
7. උලමාවරු බැංකු මූල්‍යායතන වැනි පොලිය මත යැපෙන ආයතන වලට හලාල් සහතිකය ලබාදී විශාල වශයෙන් මුදල් ලබාදීම යනාදියයි.
මෙයින් අංක 1 ට ඇති බෞද්ධ රටවල් බලය යොදා ඉස්ලාම් රටවල් බවට හරවා ගැනීම යන චෝදනාව දෙසට අවධානය යොමු කරමු.
මෙම චෝදනාව අතිශයින් හද තිගැස්සෙන සුළුය. මෙම චෝදනාවෙන් ගම්‍ය වන අරුත ඉතා ගැඹුරුය. බරපතළය. මෙහි ඇති වචනාර්ථය දෙස බලන්න. ඇෆ්ගනිස්ථානය බුදුන් උපන් මහා භාරතය (පාකිස්ථානය, ඉන්දියාව, කාෂ්මීරය, බංග්ලාදේශය යන රටවල්) මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල් සුළු පටු රටවල් නොවේ. මේවා ලොව පිහිටි බලගතු රාජ්‍යයන්ය. එම රාජ්‍යයන් වලටම මෙම කලදසාව අත්වී නම් ශ්‍රී ලංකාව ගැන කියනු කවරේද? යන ප‍්‍රශ්නය ඉබේම හදවත් තුළ නැගෙන්නේය. මේ නිසා ඇති වන බිය, ත‍්‍රාසය සාධාරණය. මේ තුළින් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ක්‍රෝධයක් සැකමුසු බවක් ඇති වීම ස්වභාවිකය.
අද ශ්‍රී ලංකාව මුස්ලිම් අරාබි ලෝකය හා ඇති සබැඳියාව ඉතාමත් වැඩිය. සෑම ගමක්ම සෑම පවුලක්ම මැදපෙරදිග හා සම්බන්ධව පවතී. මේ අනුසාරයෙන් මෙම ප‍්‍රශ්නයට හිත යොමු කරන අහිංසක ගැමි කාන්තාව ”බුදු අම්මෝ ! අච්චරට මෙච්චර නම්, මෙච්චරට කොච්චරක් වෙයිද? කියා හිස අත ගසා ගන්නවා ඇත.
මෙම චෝදනාව අද ඊයේ නොව ලලිත් ඇතුලත්මුදලි මහතා අමාත්‍ය ධුරය දරන කාලයේ (70 දශකයේ අග භාගයේ) සිට නැගෙන්නකි. එතුමා නිතර නගන ප‍්‍රශ්නයක් වූයේ ශ්‍රී ලංකාවටත්, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ වීමට ඉඩ දිය හැකිද? යන්නයි. මෙම චෝදනා එක එල්ලේ අප හට ප‍්‍රතික්ෂේප කළ නොහැක. එය අප පිළිගත යුතුය. ඔව් ! එය අපි පිළිගන්නෙමු.ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව කලක් දැඩිව බුද්ධ ධර්මය අදහන්නටත් ඉන් පසු එයින් මිදෙන්නටත් හේතු කාරක වූයේ කුමක්ද? යන්න අප හදාරා බැලිය යුතුය.
අප කවුරුත් දන්නා පරිදි බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 1000 කට පමණ පසුව මුහම්මද්තුමා උප්පතිය ලැබුවේ. එම කාලය වන විට මෙම ප‍්‍රදේශ චීන වෙළෙඳුන්ගේ ආදිපත්‍යයට යටත්ව ඔවුන්ගේ සූරාකෑම්වලට ජනතාව පත්වී සිටියහ. ගොවීන්ගේ නිෂ්පාදන වලට නියම මිලක් නොලැබිණි. හදිසි ආපදාවකදී වුවත් ජනතාවට ණයට බඩුවක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් විය. විකුණු බඩුවක් අනවශ්‍ය නම් එය ආපසු දී මුදල් ලබා ගත නොහැකි තත්ත්වයක් විය. ගිනි පොලිය මගින් පීඩිතයින්ගේ ශ‍්‍රමය සූරා කෑමකට ලක්වෙමින් තිබිණ. සිදු නොවිය යුතුවක් මෙන්ම රාජ්‍ය පාලනයද වෙළඳුන්ගේ පැත්ත ගෙන තිබුණි. සූරාකෑම් ඉහවහා ගොස් තිබුණි. බුද්ධ ධර්මය දියාරුව, නාම මාත‍්‍රිකව පමණක් පැවතියේය.
මේ කාලයේ මෙම ප‍්‍රදේශවල සැරිසරන අරාබි වෙළඳුන් අලූත් ඉස්ලාමීය නීතිය මත අලූත් විනයක් මත වෙළහෙළඳාම් කිරීමට පටන්ගෙන තිබුණි. ඔවුහු අසරණ ගොවීන්ගේ නිෂ්පාදනවලට නියම මිලක් ලබා දුන්නෝය. විකිණූ පසු අනවශ්‍ය බඩු නැවත කිසිදු අය කිරීමකින් තොරව භාරගත්හ. විකුණන භාණ්ඩවල යම් අඩුපාඩුවක් වී නම් එයද පෙන්වා දී ගනුදෙනු කළහ. මෙම අරාබි වෙළඳුන් පෙන්නුම් කළ වාණිජ නීති හා විනය එම රට වැසියන්ගේ සිත් තදින්ම ඇද ගැනුණි. ඔවුහු අරාබි වෙළඳුන් වටා ඒකරාශී වීමට පටන් ගත්තෝය. චීන ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර බලා සිිටිද්දීම කඩාවැටීමකට ලක්විය. චීන්නු කරුණු සොයා බැලූවහ. තම ව්‍යාපාර කඩාවැටීමට හේතුව සොයා ගත්හ. ඒ අරාබීන් අදහස අලූත් ආගමත් ඔවුන් අනුගමනය කරන පොලී රහිත ව්‍යාපාරික ක‍්‍රමයක් බව පසක්කර ගත්හ. ඔවුන් (චීන්නු) කුමන්ත‍්‍රණය කරන්නට වූහ. වහාම රටේ රජු හමුවී සිදුවෙමින් පවතින ව්‍යසනය විස්තර කර රජුද තම අදහසට නතුකර ගත්හ. කොයි රටේත්, කොයි කාලයේත් මහා ප‍්‍රමාණයේ ව්‍යාපාරිකයින් එම රටේ රාජ්‍ය පාලකයින් නතුකර ගැනීම ස්වභාවිකය. මේ අනුව රජු විසින් සියලූම අරාබි ජාතික වෙළඳුන් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.
අනවසරයෙන් වෙළඳාම් කිරීම, වංචා සහගත ගනුදෙනු කිරීම, රටේ ආරක්ෂාවට තර්ජනයක් වීම වැනි අසත්‍ය චෝදනා යටතේ නඩු පැවරුණි. නඩු විභාග කොට සියලූම අරාබි ජාතිකයන් හිසගසා මරා දැමීමට රජු විසින් නියෝග කරන ලදී.
මේ අසාධාරණ නියෝගය දැන ගත් රටවැසියන් රජුට හා චීන වෙළඳුන්ට එරෙහිව නැගී සිටියහ. මහජන නැගිටීම ඉදිරියේ රජු අසරණ විය. චීන වෙළන්දෝ පලා ගියහ. සියලූම අරාබි වෙළඳුන් නිදහස් වී පැමිණ මහජනයා සමග උරෙනුර ගැටී සහයෝගයෙන් ව්‍යාපාරවල නිරතවන්නට පටන් ගත්හ. නියම නායකත්වයක් නොමැතිව සිටි ඇෆ්ගනිස්ථාන්, මැලේසියන්, ඉන්දුනීසියන් ජනතාව ඉස්ලාම් ජීවිතයට ඇබ්බැහි වන්නට පටන් ගත්හ.
මෙම රටවල්වල ඉතිහාසය මෙසේ සටහන් වී ඇත. කිසිම අවස්ථාවක බෞද්ධ ජනතාවට විරුද්ධව කිසිම යුද්ධයක් මේ රටවල පැවැත්වී නැති බව එම රටවල ඉතිහාසය හදාරන්නන්ට බලාගත හැකිය.
මුස්ලිම්වරුන්හට රටේ බලය හිමි වුවද ඔවුන් කිසිවිටෙක එම රටවල්වල පැවති ආගමක් අතුගා දැමීමක් කෙරෙහි තම අවධානය යොමු කළේ නැත. එයට හොඳම සාක්ෂිය වශයෙන් අදටත් අරාබිකරයේ රටවල්වල, අප‍්‍රිකානු රටවල්වල සහ ආසියාතික රටවල ඉතිරිවී ඇති ඓතිහාසික සළකුණු වන යුදෙව් පල්ලි, කිතුණු දේවස්ථාන, බෞද්ධ දාගැබ් සඳහන් කළ හැකිය.
”බර්මියන්” බුද්ධ ප‍්‍රතිමාවන්ද එයට සාක්ෂිය. ඉස්ලාම් දහම පහළ වූ ආසන්න වර්ෂ වලදීම ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීයකරණය විය. ඉන් පසු එම ඉස්ලාමීය රාජ්‍යයේ රජවරුන් වූයේ ”ඉබ්බ‍්‍රාහිම් අද්හම්” වැනි මුස්ලිම් සෘෂිවරුන්ය. ඔවුහු කිසිවිටෙක බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දැමීමට හෝ මුලින් අතුගා දැමීමට උත්සුක නොවූහ. ඔවුහු ඒවා ගරු කටයුතු ලෙස ආරක්ෂා කළෝය. ඉස්ලාම් ධර්මයද, ශුද්ධ වූ කුර්ආනයද, මොහම්මද් තුමාද දේශනා කළේ අන්‍යාගමිකයන්ට ගරු කරන ලෙසය. එම නිසාය මෑතක් වනතෙක්ම එම ප‍්‍රතිමා ආරක්ෂා වූයේය.
මෙහිදී අප සිහියට නංවාගත යුතු කරුණක් නම් මෙම ප‍්‍රතිමාවන් වසර 1000 ක් පමණ ආරක්ෂා කළේ මුස්ලිම්වරුන් විසින් බවය.
”බර්මියන්” බුද්ධ ප‍්‍රතිමාවන්ද එයට සාක්ෂිය. ඉස්ලාම් දහම පහළ වූ ආසන්න වර්ෂ වලදීම ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීයකරණය විය. ඉන් පසු එම ඉස්ලාමීය රාජ්‍යයේ රජවරුන් වූයේ ”ඉබ්බ‍්‍රාහිම් අද්හම්” වැනි මුස්ලිම් සෘෂිවරුන්ය. ඔවුහු කිසිවිටෙක බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දැමීමට හෝ මුලින් අතුගා දැමීමට උත්සුක නොවූහ. ඔවුහු ඒවා ගරු කටයුතු ලෙස ආරක්ෂා කළෝය. ඉස්ලාම් ධර්මයද, ශුද්ධ වූ කුර්ආනයද, මොහම්මද් තුමාද දේශනා කළේ අන්‍යාගමිකයන්ට ගරු කරන ලෙසය. එම නිසාය මෑතක් වනතෙක්ම එම ප‍්‍රතිමා ආරක්ෂා වූයේය.
මෙහිදී අප සිහියට නංවාගත යුතු කරුණක් නම් මෙම ප‍්‍රතිමාවන් වසර 1000 ක් පමණ ආරක්ෂා කළේ මුස්ලිම්වරුන් විසින් බවය
අවුරුදු එක්දහස් ගණනක් සෘෂිවරුන් වන් වූ ඉස්ලාමීය මුණිවරුන්ගේ පාලනය යටතේ තිබූ කාලයේත් ආරක්ෂා කරන ලද මෙම ප‍්‍රතිමා හිටි හැටියේම ඉස්ලාමයට විරුද්ධ දේවල් ලෙස සළකන්නට ”තෙලෙයිබාන්” වරුනට සිදුවූයේ ඇයිද යන්න පිළිබඳ අප සිතා බැලිය යුතුය. කරුණ ඉතා පැහැදිලිය. ඉස්ලාමයෙන් උද්ධාමයට පත්වූ මුස්ලිම් තරුණ සිත් නොමගට යවා, ඔවුන් ආගමික උන්මත්තකයන් බවට පත් කරවූයේ කවුරුන්ද? ඒ යම් කිසිවකු නොව යුරෝපීය අන්තවාදී වංචාකාරී අධිරාජ්‍යවාදීන් බව සක්සුදක් සේ පැහැදිලිය.
”මොරොක්කෝ” නම් අරාබි රාජ්‍යයේ සිදුවූ කැරැුල්ලක් හේතුවෙන් එහි එම කැරැුල්ලට නායකත්වය දුන් ”ෂෙයික් ජෙමාල්දීන්” (හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මැතිඳුන්ගේ මී මුත්තා” නම් රජ කුමරා හා ඔහුගේ පිරිස අල්ලා නැව් ගතකර එම රටින් පිටුවහල් කර හරින ලදී. ඔවුන්ගේ ගොඩබැසීමට තෝරා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාදීපයයි. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ රජවරු ඇතුළු රදළ ප‍්‍රභූ ජනතාව හා පැවති හොඳ හිත හා සම්බන්ධකම් පදනම් කරගෙනය. මෙරට ප‍්‍රභූ ජනතාව ඒ විදේශීය අමුත්තන් සාදරයෙන් පිළිගෙන මෙහි පදිංචි වීමටද සියලූ පහසුකම් සලසා දෙන ලදී. ඒ කොතෙක් දුරටද යත් ඔවුන් හට බින්නබැසීමට, කුලකාන්තාවන් පවා ලබාදෙමිනි. මේ කාලයේ ඉඩම් පිළිබඳ අයිතිය හිමි වූයේ රජුට සහ පන්සලටය. එම නිසා පන්සලෙන් සහ රජුගෙන් මේ විදේශීය අමුත්තන්ට නිර්ලෝභීව ඉඩම් පරිත්‍යාග කෙරුණි මේ නිසාම ”යෝනකයින්” නොහොත් මොරොක්කෝවේ සිට පැමිණි ”මරක්කලයින්” සෑම විටම තම රජයටත් පන්සලටත් පක්ෂපාතීව කටයුතු කළහ.
ඉස්ලාමය මේ කාලපරිච්ඡේදයේ ආසියාවේ මෙන්ම අප‍්‍රිකාවේද ඉතාමත් ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබුණේය. යුරෝපයේ තුර්කිය නම් රටේ සිට ආසියාවේ සෑම රටක්ම සහ අප‍්‍රිකානු මහද්වීපයේ සෑම රටකම වාගේ ඉස්ලාම් හඬ රැව්පිලි රැව් දෙන්නට විය.
නමුත් ශ්‍රී ලංකාව? ශ්‍රී ලංකාවේ බුදු දහම රඳාපැවතියේ ථෙරවාදී බුද්ධ ධර්මය මතය. එවකට වැඩ විසූ භික්ෂූන් වහන්සේලා ඉතාමත් කටුක දුෂ්කර ක‍්‍රියාවල නිරත වෙමින් බුදුදහම ආරක්ෂා කළෝය. (මෙහිදී මා විසින් දුෂ්කර ක‍්‍රියා ලෙස හඳුන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ කැපවීමය.) බුද්ධාගම ආරක්ෂා කිරීමේ පරම කාර්යය භාර වී තිබුණේ භික්ෂූන් හටය. සාමාන්‍ය ජනයා රාජකාරී ගොවිතැන්, වෙළහෙළඳාම් වැනි ගිහි කටයුතුවල නියලෙද්දී භික්ෂූන් තම සියලූම ආශාවන් මර්දනය කරමින් සියලූ සුඛෝපභෝගී ජීවිත ප‍්‍රතික්ෂේප කරමින් තම ළමා, තරුණ, වැඩිමහල්, මහලූ යන කාලයන් ධර්මය වෙනුවෙන්ම කැප කරමින් ධර්මය ආරක්ෂා කරන්නට වූහ.
ඔවුන්ගේ අවධානය රාජ්‍ය පාලනය කෙරෙහි යොමු නොවීය. වතු පිටි ඉඩ කඩම් ඉපයීම කෙරෙහි යොමු නොවීය. රාජ්‍ය පාලකයා කවරෙකු වුවත් (සමහර අවස්ථාවල හින්දු, ඕලන්දයින්ද, පෘතුගීසීන්ද, ඉංග‍්‍රීසීන් ද රාජ්‍ය පාලකයෝ වූහ.) ධර්මය ආරක්ෂා කරන්නට ඇප කැප වී ක‍්‍රියා කළහ.
ඇතැම් අවස්ථාවල දී පරදේසක්කාර ඕලන්ද, පෘතුගීසීන් රජුට පවා අල්ලස් දීමට ඉදිරිපත් වූවෝය.
එවකට වෙළඳාම් කටයුතු රජු විසින් මුස්ලිම් වෙළඳුන්ට පවරා දී තිබුණේය. මේ බව දුටු පෘතුගීසීන් රජු බැහැදැක ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු තමන් හට පවරා දෙන ලෙසත්, ලාභයෙන් කොටසක් රජුටද ලබාදිය හැකි බවත් පවසා රජුට ද අල්ලස් දීමට සූදානම් වූහ. එම අවස්ථාවන් වල රජුන් පවසා සිටියේ ”මා රටේ ප‍්‍රධාන රාජ්‍ය පාලකයා මිස වෙළෙන්දෙක් නොවන බවයි.”
රජුන්ට අල්ලස් දීමට ඉදිරිපත් වූ මොවුන් රජුන්ටත් ඉහළින් සිටි සංඝ නායකයන් වහන්සේලාට එවන් යෝජනාවක් නොකළායැයි සිතිය හැකිද? මුතු මැණික්, යාන වාහන ඇතුළු විදේශීය භාණ්ඩද ඔවුන් යෝජනා කරන්නට ඇති බව අප හට උපකල්පනය කරන්නට හැකිය. අද මෙන් නොව එදා සංඝයා වහන්සේලා ඒ සියල්ල අලූයම ලූ කෙළ පිඩක් මෙන් පිළිකුලෙන් ප‍්‍රතික්ෂේප කරන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය. ඔවුන් (සංඝයා* මුළු වෙරම යොදා ධර්මය ආරක්ෂා කර ගත්තෝය.
රජුන්ට අල්ලස් දීමට කළ උත්සාහයන් පරාජය වූ කල වෙළඳ යුද්ධයෙන් ජයගැනීම පිණිස පෘතුගීසීන් මුස්ලිම් ජාතිකයින් සමූල ඝාතනය කිරීමට උත්සාහ කළෝය.
වෙළඳාමට පමණක් හිත යොමු කරමින් සිටි මුස්ලිම්වරුන් පෘතුගීසීන්ගේ මේ හදිසි ප‍්‍රහාරය හමුවේ අසරණ වූවෝය. මුහුදුකරයේ වෙරළබඩ ජීවත් වූ මුස්ලිම්වරු රට තුළට පැන ගියෝය. පංසල්වල ආරක්ෂාව පතා සිටියහ. ඔවුන්ව ආදරයෙන් පිළිගත් සිංහල ජනතාව ප‍්‍රමුඛ ගමේ පන්සල ඔවුන් හට සියලූ ආරක්ෂාව සහිතව විසීමට අවස්ථාව ලබාදුන්හ. පෘතුගීසීන්ගෙන් මේ රටේ පාලන බලය ලබාගත් ඉංග‍්‍රීසීන් ඔවුන්ගේ පාලන උපක‍්‍රම යොදා ගනිමින් මෙම රට අවුරුදු 450 ක් පමණ පාලනය කළහ.
ඈත අතීතයේ පටන් ඉන්දියානු, යුරෝපීය වශයෙන් වූ සෑම විදේශීය ආක‍්‍රමණයකදීම මුස්ලිම් ප‍්‍රජාව සිංහලයන්ගේ පැත්තටම සිට තම යුතුකම මැනවින් ඉටු කළහ.
කොටින්ම කියතොත් උතුවන්කන්දේ සූර සරදියෙල් නම් වූ ඒ එඩිතර සිංහලයාගේ දකුණත වශයෙන් එඩිතරව තම ජීවිත පූජාවෙන් සටන් කළේද ”මොහොමඞ් ලෙබ්බේ මරික්කාර්” නොහොත් ”මම්මලේ මරික්කාර්” නම් වූ යෝනකයාය.
මෙම කාලයේදී ඉංග‍්‍රීසීන් ශ්‍රී ලාංකිකයින් කොටස් වශයෙන් බෙදා පාලනය කළහ. බෙදා වෙන් කර පාලනය කිරීම ඉංග‍්‍රීසීන්ගේ මූලික සිද්ධාන්තයකි. සිංහල බෞද්ධයින්ව උඩරට, පහත රට කියාද, ද්‍රවිඩ ජනතාව යාපනය, මඩකලපුව කියාද සිංහල, මුස්ලිම් දෙමළ යනුවෙන් ද කුල ගෝත‍්‍ර අනුව බෙදා වෙන් කළ තැබූහ. මේ වෙන් කිරීමට තවත් උප්පරවැට්ටියක් වශයෙන් දේශපාලන පක්ෂ ක‍්‍රමය හඳුන්වාදෙනු ලැබීය. මේ දේශපාලන පක්ෂ ක‍්‍රමය නිසා ගමේ සභ්‍යත්වය, සදාචාරය, සමගිය, සුන්නද්ධූලී බවට පත්විය.
කොටි ත‍්‍රස්තවාදය
කොටි ප‍්‍රශ්නයේදී උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව සහමුලින්ම සිටියේ සිංහල ජනතාව සමගය. ඔවුන් හට සිංහල භාෂාව එක වචනයක් කතා කිරීමට නොහැකි වූවත් සිංහල හෝඩියේ එක් අකුරක් හඳුනා ගන්නට නොහැකි වුවත් ඔවුන් සිටියේ සිංහලයින් සමගය. ඒ ඔවුන් සිංහලයන්ගේ හද ගැස්ම හඳුනාගෙන තිබූ බැවින්ය. එම නිසාය තම ජීවිත පූජාවෙන් සිංහල රට ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ. ඔවුන් එදා කළ පරිත්‍යාගය සුළුපටු නොවේ. නැගෙනහිර සෑම හමුදා කඳවුරක්ම පිහිටා තිබුණේ මුස්ලිම් ජනයා ජීවත්වූ ගම්මාන වලය. ජීවිත දහස් ගණනින්ද වතුපිටි වස්තුව කෝටි ප‍්‍රකෝටි ගණනින්ද අහිමිකර ගනිමින් රට වෙනුවෙන් ඔවුහු පෙනී සිටියෝය. උතුරු නැගෙනහිර කිරි දරුවාගේ පටන් අන්ත මහල්ලා දක්වා ජීවිතයෙන් වන්දි ගෙවූහ. උතුරු නැගෙනහිර ඒ ජනතාව වෙඬරු පිඩක් මෙන් හඳුනාගෙන සිටි ඒ සිංහල හදවත් අද කළු ගල් බවට පරිවර්තනය කිරීමට සිංහල ප‍්‍රභූ ජනතාව ඉඩදී බලා සිටිනවාද යන ප‍්‍රශ්නය සිංහලයා ඉදිරියේ අද මතුවී ඇත.
ජිනීවා වලදී යුරෝපීයන් අමානුෂික අපට පහර දීමට සූදානම් වූ විට, අපගේ ලොකු අයියා වශයෙන් අප මහඟු ආදර භක්තියෙන් සළකන ඉන්දියාවද යුරෝපීයන් සමග එකට අත්වැල් බැඳ ගනිද්දී ඇමරිකාවේ සුරතලූන් වශයෙන් සිටි මුස්ලිම් අරාබි රටවල් ශ්‍රී ලංකාවේ පැත්ත ගැනීම ඇත්ත වශයෙන්ම හද පණගන්වන සුළුය. ඔවුන් කළ මේ උපකාරයේ වටිනාකම මෙතෙක් යැයි කියා නිම කළ නොහැක. නමුත්,
අවාසනාවන්ත ඛේදජනක සිද්ධිය වන්නේ රිසානා නෆීක් බේරා ගන්නට බැරි වූ අරාබිකාරයෝ අපව බේරාගන්නේ කෙසේද? කියා පිරිසක් ප‍්‍රශ්න කිරීමය. රට වෙනුවෙන් කෙනෙක් කරන ඉතා සුළු උපකාරයක් අගය කිරීම ඉතාමත්ම උසස් ගතිගුණයක් බව පැවසීමට කැමැත්තෙමු.
අද ලෝකයේ කිසි රටකට දෙවැනි නොවන පරිදි මෙරට මුසල්මානුවන්ට නිදහස හා අයිතිය ලැබී ඇති බව පවසන්නේ ඉතා ආඩම්බරයෙනි. එහි ප‍්‍රශංසාව මෙරට සිංහල ජනතාව ප‍්‍රධාන මහා සංඝයා වහන්සේලාට බව දැඩි භක්තියකින් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
එවන් ඉතා යහපත් සම්බන්ධතාවක් අනාදිමත් කලක සිට පවත්වාගෙන ආ සහෝදරයින් දෙපිරිසක් අතර අනවශ්‍ය ආකාරයට චෝදනාවන් ගොනුකර, සිත් බේද බින්න කරවීම අතිශ්‍යයින්ම කනගාටුදායක ක‍්‍රියාවකි.
මේවා ශීලාචාර තැන්පත් මනසක් ඇති අය විසින් නොකරන දේවල්ය. මේවාට උඩගෙඩි දෙන්නන්ගේ උප්පත්තියද හලාල් දැයි? විමසිය යුතුව ඇත.
මෙම අකරතැබ්බයන්ගෙන් මුස්ලිම් සහෝදරයන් බේරා ගැනීමේ අයිතිය ඇත්තේ උගත් බුද්ධිමත් සිංහල සහෝදරයන්ටය. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේද ඔවුන්මය.
මේ අර්බුද සියල්ලටම මුල දේශපාලන පක්ෂ ක‍්‍රමයයි. මෙම ඊනියා දේශපාලන පක්ෂ ක‍්‍රමය බිහිවීමට පෙර ගමට නායකත්වය දුන්නේ ගමේ පන්සලයි. ගමේ පන්සල වටා සියලූම ආගමිකයන්, ජාතිකයන් එක්රොක් වී සිටියහ. එම නිසා ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් වශයෙන් අප කරන ආයාචනය නම් ”ගරුතර සංඝයා වහන්ස, ගම වෙනුවෙන්, රට වෙනුවෙන් පෙරමුණ ගන්න. ඔබ වටා එක් වීමට ඔබේ නායකත්වය පිළිගැනීමට මුස්ලිම් ප‍්‍රජාව සූදානම්”


-මොහමඞ් මුනව්වර් අෆ්ලල් – අංක 19, ඉස්නාපුල පාර, දර්ගා නගරය./LD-
 
Last edited:

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඒ පාර ආපහු පරණ ක්‍රමේටම එන්නද හදන්නේ?????

    පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා අපි දන්නවා....!!!!
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඒ පාර ආපහු පරණ ක්‍රමේටම එන්නද හදන්නේ?????

    පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා අපි දන්නවා....!!!!
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ඒ පාර ආපහු පරණ ක්‍රමේටම එන්නද හදන්නේ?????

    පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා අපි දන්නවා....!!!!
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    65
    0
    ඒ පාර ආපහු පරණ ක්‍රමේටම එන්නද හදන්නේ?????

    පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා අපි දන්නවා....!!!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඒ පාර ආපහු පරණ ක්‍රමේටම එන්නද හදන්නේ?????

    පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා අපි දන්නවා....!!!!

    (උපුටා ගැනීම jmai007 ගෙනි)
     
    Jun 19, 2013
    437
    104
    0

    යම් කිසි දෙයක් අපේ දෙපතුලට යටින් භයානක විදියට සිද්ධ වෙන බව මට එදා දැනෙන්න ගත්ත...
    සිංහලුනි, අවදියෙන් ඉදපල්ලා... මුස්ලිම් හැතිකරේ අපේ කොන කපල යනකන් බලා නොඉඳ තම ජාතිය වෙනුවෙන් යමක් කරපල්ලා...​
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    past Arab poor people. No way to earn. Oil was not discovered at past time. So they have become very poor. No any religion. Because before thinking any religion , they have to fulfill their hunger. So what Arabs did. They looted ships of other countrys. And they sold their women as sex slaves. After suffering every poverty , they could find oil in the sand ground with the help of western country. That is not the help of Allah . That is the help of western countries. Then Arabi got good time. They became rich people by oil. They should be grateful to western country for finding oil. not to Allah. Then they tried to spread islam to the world by oil money.