ගරු ජනාදිපතිතුමනි. ඇඳිරි නීතිය එකවර ඉවත් &#34

3States

Member
May 5, 2018
13
0
1
ගරු ජනාදිපතිතුමනි. ඇඳිරි නීතිය එකවර ඉවත් &#34

ගරු ජනාදිපතිතුමනි.

ඇඳිරි නීතිය එකවර ඉවත් කරන්න එපා!

#නිවසක එක් අයෙක් ට ආහාර මිලදීගන්න පිටවෙන්න බලපත්‍රයක් දෙන්න. බෙහෙත් ගන්න යද්දි අන්ක දෙනව වගේ අන්ක ලබාදීමක් සහ පැය 2ක පමන ප්‍රමානවත් කාලයක් ඒ පතිකාවෙ සදහන් කරන්න. අත්‍යවශ ආහාර ද්‍රවය හිගයකින් අඩුව ලබාගත හැකි ස්තානත් ඒ පත්‍රිකාවෙ සදහන් කරන්න.
#අනිවාර්යෙන් ඒ අවසර පත්‍රය ගෙන යායුතු බවත් අනෙක් පිලිපැදිය යුතු කරුනුත් අඩන්ගු පත්‍රිකාවක් බෙදා දෙන්න.
#එක ප්‍රදේශයක මිනිස්සු ඔක්කොටම එකම වෙලාව නොදී, වෙනස් වෙලාවන් ලබාදී ජනතාව තද බද තරගයකට යොමුවීම වලක්වන්න.
#මේ පින්තූරෙ වගේ විශාල ඉටි බෑග් කිහිපයක් ද ලබාදෙන්න.

(මේ සීමා නිසා සහ මුදල් නැතිකම හෝ වෙනත් සාදාරන හේතු මත යම් කෙනෙකුට අතයාවශ්‍ය භාන්ඩ ලබා ගැනීමට නොහැකි උනොත් ඒ බව දන්වා අත්‍යවශ්‍ය් භාන්ඩ සහ ඖශද ආදිය වත් සපයා දෙන්න පොදු සහ ප්‍රාදේශීය දුරකතන අන්කයක් ඒ පත්‍රිකාවෙ සදහන් කරන්න.)

මෙය නොකලොත් විය හැකි දේ බොහෝයි.
#අදික තදබදය පොරාකෑම ගැටුම් සොරකම් මන්කොලාකෑම්, පොලිසියට සහ අදාල අන්ශවලට පාලනය අපහසු වීම
#බැන්කු වල තදබදය සහ අකර්මන්‍ය වීම
#කාඩ් පත් වලින් එක වර කෙරෙන අදික ගනුදෙනු ප්‍රමානය නිසා ප්‍රමාද වීම, අකර්මන්‍ය වීම.
#මහමග අනතුරු, තදබදය සහ පාර්කින් ප්‍රශ්න
#භාන්ඩ විශාල ලෙස රෑස්කර ගැනීම නිසා නෙක් අය අසරන වීම
#එකවර භානඩ සැපයුම අපහසුව අඩපන වීම..

මේ තත්වයන් සලකා , ඒවා වලකවගන්න ඉහත යෝජනා හෝ වඩා සුදුසු ක්‍රමයක් පිලිවෙල කර ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමි.

පත්‍ත්‍රිකා ගහන්න බෙදන්න වෙලා අඩු නම්, අඩුම ගානෙ පිට වෙන කෙනාගෙ ජාතික හැදුනුම්පතේ අවසාන අන්කය ( හෝ සුදුසු අන්කයක් ) මත පිටවිය හැකි කාල සීමා කාන්ඩ කිහිපයක් වෙන් කරන්න. මේ අනුව කිහිප ගුනයකින් ඉහත ප්‍රශ්න අඩු වෙයි.

(සියල්ලෝම මේ ඉල්ලීම නිසි තැන් වලට හැකි පමන යොමු කරන්න)