ගල්ටික් බණ්ඩා සහ රජාගෙ (නො)තේරවිල්ල

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ගල්ටික් බණ්ඩා සහ රජාගෙ (නො)තේරවිල්ල

    Donkey%20With%20Z%20In%20Back%20OMARI.jpg


    චුට්ටං දූපතක ඉන්න රජ්ජුරු කෙනෙක් එංගලන්තෙ ගියා සමුළුවකට. ඕං ඒ සැරේනං පස් මහ බැලුං බලලා බලලා චාන්ස් එකක් වැදුනා රැජිණව හම්බවෙන්ට. චුට්ටං රජ්ජුරුවො ඕං අහපි එළිසබෙත් රැජිණගෙන්...

    "මේ තරං හොඳට ඔබතුමිය මේ රට පාලනය කරන්නෙ කොහොමද?" කියලා.

    රැජිණ කිවුවා. "සිම්පල්නෙ... ! මම හොඳට මොළේ තියන ඇමතිවරුයි උපදේශකයොයි මගෙ වටේට තියගෙන ඉන්නෙ" කියලා.

    චුට්ටං රජා කුතුහලෙන් ඇහුවා.
    "ඉතිං ඒ අයට මොළේ තියේද කියලා දැන ගන්නෙ කොහොමද?" කියලා.

    "මං අහනවා පොඩි තේරවිල්ලක් එයාලගෙන්."

    ඉන් පස්ස්සෙ රැජින කෝල් එකක් අරං නියෝග කළා, "ඔය ඩේවිඩ් කැමරන් ට එන්න කියන්න." කියලා.

    කැමරන් මේ සුටුස් ගාද්දි ආවා.

    "කැමරන් මෙන්න මේ තේරවිල්ල තෝරන්න බලන්න. ඔයාගෙ දෙමව්පියන්ට ළමයෙක් ඉන්නවා. එයා ඔයාගෙ සහෝදරියෙකුත් නෙමෙයි. එයා ඔයාගෙ සහෝදරයෙකුත් නෙමෙයි. එහෙනං ඒ කවුද?"

    "හරි පහසුයි. ඒ මමයි රැජිණියනි." කැමරන් උත්තර දුන්නා.

    "දැක්ක නේද?" රැජිණ ඇහුවා.

    *****

    රජා එයාගෙ චුට්ටං රටට ආව ගමන් කළේ, මේ දවස් වල ස්ටාර් එක වෙලා ඉන්න බණ්ඩා ඇමතියට එන්න කියාපු එක. උඩ පැන පැන බණ්ඩත් ආවයි කියමුකෝ.
    "බණ්ඩෝ, මං තේරවිල්ලක් කියන්ඩයි යන්නෙ. බොලාගෙ දෙමව්පියන්ට ළමයෙක් ඉන්නවා. එයා බොලාගෙ සහෝදරියෙකුත් නෙමෙයි. එයා බොලාගෙ සහෝදරයෙකුත් නෙමෙයි. එහෙනං ඒ කවුද?"

    ඒක ඇහුව ගමන් බණ්ඩව ගල්ටික් වුනා. ඉසඩ් අකුරක් හිරවෙලා ඇදුම් කකා තිබ්බ පස්ස රත් වුනා. බණ්ඩා කෙස් කකා උත්තරේ කල්පනා කළත් මෙලෝ ඉසඩ් අකුරක් ඔලුවට ආවෙ බණ්ඩගෙ නෙමේ. බණ්ඩා මෙහෙම කිවුවා.

    "ඔව් රජතුමෝ. එහෙම ළමයෙක් ඉන්නව නම් අපි ඒ ළමයව හොයන්ඩ උවමනායි. ඒත්.... මේ... මේ...."


    රජා නොදන්නවයෑ ඉතිං මැට්ටගෙ මෝලෙ තරම. ඕං රජා කියාපි...

    "එහෙනං, බණ්ඩට මං වෙලාව දෙන්නං. දැං ගිහිං කල්පනා කරලා හෙට උදේම ඇවිල්ල කියනවා හොඳයි..."


    වාක්කිය ඉවර වෙන සැණින් බණ්ඩා මාරු.

    ගිහිං කැඳෙවුවා අමාත්‍යාංශෙ මීටිමක්. බණ්ඩා දැං හදන්නෙ උපදේසකයංට තේරවිල්ල දාල උත්තරය හොයන්ට.

    මුලින්ම ඇහුවෙ නවන- රත්නගෙන්. නවන- රත්න නව නවා උණ විකාරෙන් අරවා මේවා කියද්දි බණ්ඩා අනික් අයගෙන් ඇහුවා. සිතිජයෙං මෙහා තියන ඔල්මොරොන්දං සේරම කිවුවා මිසක් කවුරුවත් උත්තරයක් නං කිවුවෙ නෑ.

    ඉන් පස්සෙ, බණ්ඩා හුළං ගිය බැලුමක් වගේ කුඩේ කුඩු වෙලා හෙට උදෙන්ම ජොබ් එකට බඩු හමබවෙන බව හිත හිතා යන්ඩ ගියා.

    *****

    බණ්ඩා පහුවදා, උදෙන් මාළිගාවට ගියා.
    ඉතිං නං කෙළි හමාරයි කියා හිත හිතා යන බණ්ඩට පිළිකන්නෙ දොර ළඟදි බන්දුවා හම්බවුනා.

    බණ්ඩා බන්දුගෙන් උදව් ඉල්ලුවා තේරවිල්ලට.

    "බන්දුවො උඹේ සාත්තරෙං මෙන්න මේක විසඳලා දියං. නැත්නං ඉවරයි මං. උඹේ දෙමව්පියන්ට ළමයෙක් ඉන්නවා. එයා උඹේ සහෝදරියෙකුත් නෙමෙයි. එයා උඹේ සහෝදරයෙකුත් නෙමෙයි. එහෙනං ඒ කවුද?""


    බන්දු පන්දුව බලලා ඇහැ පොඩි කරලා ඔලුව කසලා කියාපි.
    "අය්යො සිම්පල්නෙ බං. ඒ මම නේ"

    (බන්දු හරි දස්සයා- මොළේ ඇති අස්පයා!)බණ්ඩා බන්දුට උම්ම එකක් දීලා එක පිම්මෙ දිව්වා රජාගෙ ඇතුළ් කුටියට.
    යද්දි රජා රොටි කනවා.

    "කෝ කෝ හොයා ගත්තද උත්තරේ"
    "අනේ ඔව් රජතුමනි"
    "කියනව බලන්න."
    "ඒ ළමයා තමා බන්දු ස්වාමීනි"


    රජාට මල් වරුසාවක් පැන්නා. කකා ඉන්න රොටියෙන් බණ්ඩට ගැහුවා. අඩි පොළේ හප්පලා මෙහෙම කිවුවා.

    "වැරදියි. වැරදියි. බොල බූරුවෝ. ඒ ළමයා තමා ඩේවිඩ් කැමරන්."

    රජාගෙ සද්දෙට මැකෝ පැනලා ගියා.

    (නැවත කියන ලද පරණ කතාවකි.)
    Iwarayi.jpg