Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ගල් අරක්කු බෝතලයේ ඉතිහාසය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරක්කු සහ ආතල්

සුරාපානය පිළිබදව ඇත්තේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයකි. මේ අපූරු සොයාගැනීම කලේ කිසිවෙකුදැයි නිශ්චිතව සනාථ කල නොහැකි වුවත් එක් විකට කථාවක එන පරිදි මත්පැන් සොයාගෙන ඇත්තේ චියර්ස් (Cheers) නම් සුද්දෙකු විසිනි. බොහෝවිට සාදයක ඇරඹුම හෙවත් පළමු ෂොට් එක බොකු බඩවැල් කරා යැවීමට ප්‍රථම චියර්ස් යනුවෙන් මතක් කරන්නේ ඒ අනර්ඝ සොයා ගැනීම කල සුද්දාවය. මත්පැනින් සන්තර්පණය වන ජනතාව වූ කලී එතරම් කලගුණ දත් සුදී ජනතාවකි. මත්පැන්හි ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ගත හැකි එක් ප්‍රකට සිදුවීමක් බුද්ධ චරිතයේද වෙයි. ඒ රා පොවා බුදුන් වැඩි මගට යැව් නාලාගාරි හස්තියා පිළිබද කථාවයි. ඒ කථාවෙන්ද අපට ගම්‍ය වන්නේ මත්පැන් වලට වසර 2600 කටත් වඩා ඉතිහාසයක් ඇති බවකි. රා යනු පොල් ගසින් ලබාගන්නා ඵලයකි. මූලික අවස්ථාවේ මත්පැන් වර්ගයකි. ගසින් බාගත් වනම තෙලිජ්ජ ලෙස හදුන්වන මෙය මද වේලාවක් සුළගේ දැවටුනු පසු නියම පදමට එයි. මයියොක්කා හෝ ඌරුමස් කැබැල්ලක් හපමින් රා රස විදගත් උන් මේ ලියමන කියවන විටද පරිගණක තිරයට මුවා වී කෙළ ගිලිනවා විය යුතුය. කල්වේලා ගත ව ගිය පසු රා , විනාකිරි නම් සාඩම්බර නමකට හිමිකම් කියයි.

තාක්ෂණයේ දියුණුව සමග රා නම් මුල් අවස්ථාවේ මත් පැන් තවත් දියුණු කරමින් සැර වැඩි මත්පැන් නිපදවීමට මත්ලෝලී නව නිපැයුම්කරුවන් තම සිත් මෙහෙයවූහ. රා බිවු පසු බඩ බුරුලට යන රා ඇලජික් මත්ලෝලීන්ට සිත් සේ නව නිපැයුම භාවිතා කල හැකි විය. බෝතලයක දමා සුළං නොවදින ලෙස සීල් කර ගණුදෙනුකරුවා සොයා ආ නිසාදෝ ඒවා සීල් අරක්කු නම් විය. ඒ අනුව විවිධ දැවයන්ගෙන් නිපදවූ පීප්පයන්හි මිශ්‍රනය පදම් කරමින් පදම් කල වසර ගණන අනුව මිළ වැඩි වන පරිදි මත්පැන් නිපදවූවා සේම විවිධ ධාන්‍ය වර්ග අනුසාරයෙන් සැර මත්පැන් නිපදවීමට යුරෝපා ජාතීන් කටයුතු කලෝය. ඒවා විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා ආදී සුඛෝපභෝගී නම් වලින් යුතු විය. මේ අතරතුර පොල්ගස් නැති අහිංසක ජපනා සහල් මගින් මත්පැන් නිපදවා ඒවාට සකේ කියා සුන්දර නමක් තැබුවෝය. රජයේ විභාගය ලියා සති දෙකේ පුහුණුවකින් පසු කොණ්ඩය කොටට කපාගෙන කොරියාවට පිටත් වූ අපේ කොල්ලන් අඩුවට තියෙන නිසාම දිනපතාම පාහේ පොඩි සොමියක් ගන්නේ සෝජු නම් මත්පැනට පින් සිදුවන්නටය.

යම් යම් තත්ව පාලනයන් යටතේ උසස් ප්‍රමිතීන්ට අනුව පාරිභෝගිකයාට මේ නිෂ්පාදන ලබා දීමට අදාළ සමාගම් කටයුතු කරන නිසා සහ රජයට බදු ලෙස විශාල මුදලක් දොල පිදේනි දිය යුතු නිසා නිෂ්චිත මිළ මට්ටමකින් සීල් අරක්කු මිළ ආරම්භ වෙයි. මේ අතරින් ගල් හා පොල් මත්පැන් ලෝලී පොදු ජනතාවගේ හද ගැස්ම හදුනාගත් ප්රමුඛ පෙළේ නිෂ්පාදන වෙයි. පොල් ගසින් පොල් අරක්කු උපදින විට ඔරිජිනල් ගල් අරක්කු ඉපදෙනුයේ සීදුවෙනි. එහෙත් ඔරිජිනල් ඕනෑම දෙයක් කොප්ප ගැසීම අපේ ඇත්තන්ට සිම්පොල් නිසා ප්‍රදේශයේ නම මුලට ඈදා වෙළද පොලට එන තවත් ගල් අරක්කු වර්ග ඈත පළාතක විනෝද සවාරියක් ගිය කල ඇස්පනාපිට දැකිය හැක. ඒවා පිටුපස අදෘෂ්‍යමාන දේශපාලන හස්තයන්ද ඇති බවක් කව්දෝ කිව්වා මතකය. මොණරා දෙස බලමින් සිනාසෙන ගල් බෝතලය ලෝක ආර්ථිකය තව දුරටත් මුහුණ දෙන දරුණු අවපාතය හමුවේ තනි මොණරෙකු පුදා මිළදී ගැනීමට නොහැකි වන බව දැන් දැන් සක්සුදක් සේ පැහැදිලිය.

වෙනත් පාන වර්ග පානය කලා බිව්වා ලෙස උච්චාරණය කලත් එය අරක්කු සමග යෙදෙන විට ගැහුවා ලෙස වෙනස් වෙයි. ඒ අනුව මම පෙරේදා ගල් භාගයක් ගැහුවා, ගිය සතියෙ පොල් මදි වෙලා ගල් ගැහුවා ආදී අනුකාරයෙන් විවිධ හැඩතල ගනී. මෙවැනි විටෙක අරක්කු ගැන හාංකවිසියක් නොදන්නා සුදනෝ සහ කාන්තා පාර්ශවය සිතනුයේ අදාළ පුද්ගලයා දඩාවතේ ගිය බල්ලෙකුට ගඩොල් භාගයකින් ගැහුවා හෝ නිවසේ ආහාර පිසින්නට පොල් නොමැති වූ හෙයින් පොල් කඩා ගැනීමට පොල් ගසට ගල් ගැසූ කථාන්දරයකි.

අපේ මුතුන් මිත්තන් ස්වභාවිකව නිපදවාගත් කිතුල්, තල්, පොල් ආදී රා විශේෂයකින් සන්තර්පණය වූ ඒ අතීතය වෙනස් වූයේ සිරිලංකාව බටහිර ජාතීන් විසින් යටත් කරගත් පසුව විය යුතුය. සීල් අරක්කු වල ඇති ගුණ සුවද හදුනාගත් මේ ජනතාවගෙන් පැවත එන පරපුර අදද හැන්දෑවට හැන්දෑවට මේ සුවදට ඉව අල්ලයි. මෙවැනි පුද්ගලයන්ට මගුල් ගෙයක් සුපිරිවන්නේ එහිදී ලබා දෙන අරක්කු වර්ගය අනුවය. මිළ අධික අරක්කු වර්ගයක් දුන්නොත් හත්පොලේ ගා ගෙන මගුල් ගෙදර යකා නටනා මෙවැනි ඇත්තන් පහුවදා ඒ සියල්ල අමතක කර ඊයෙ ගැහුවා රිදෙන්න යනුවෙන් පවසයි. මෙහිදී ගැහුවා ලෙස සංඛේතවත් කරන්නේද අපි මේ කථා කරනා මත්පැන් පානය කිරීම ගැනම බැව් සැළකුව මනාය. සත්‍ය ලෙසම රිදෙන්නේ සිය බිරිද හෝ මගුල්ගෙදරට සම්බන්ධ ඇත්තන් අතින් පයින් සැලකූ ඒවා බැව් වෙරිමත නිසාම අමතක වී ඇති සෙයකි. ඇතැම් මගුලක වෙරි මරගාතේ සුපිරි මත්පැන් හොරකම් කරන්නට ගොස් සිය පවුලේ සායමද යවාගෙන බත් වෙනුවට බඩ පුරා ගුටි බැට පූජාවට ලක් වූ අසරණයන් මම ඇතැම් විටෙක දැක ඇත්තෙමි. එවන් විටක අසරණ වන අහිංසක ඇඹේනිය සහ දරුවන් ගැන කියන්නට වදන් නැත. දිනපතා මත්පැනින් සන්තර්පණය වන පුද්ගලයන්ට පොදු ව්‍යවහාරයේදී බේබද්දා යන ගෞරව නාමය පට බැන්දත් මගුලක අරක්කු හොරකමේ ගොස් හසුවන මෙවැනි පුද්ගලයන්ටද ඒ නමම පටබැදේ.

මගුල ඇත්තේ රාත්තිරියේ නම් අරක්කු හොරු අල්ලන්නට සැදී පැහැදී සිටීමට මනාලයාගේ මිතුරන්ට සිදුවන තරමට අප සමාජය දැන් බේබද්දන්ගෙන් පිරී පවතී. විවාහ මංගල්ලයන්හිදී මෙසේ පජාති වන සැමියන් පිටුපස බොහෝ විට ඔහුගේ බිරිද වෙයි. සාර්ථක මිනිසෙකු පිටුපස කාන්තාවක් වෙයි යන කියමන මෙහිදී මදක් වෙනස් වෙයි. ඇතැම් බිරියන් තම පුද්ගලික කර්තව්‍යයන් උදෙසා හෝ පවුලේ යැපීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති කල්හි සිය සැමියාට මත්පැන් පානය සපුරා තහනම් කරන අතර සැමියාගේ අදෝවැඩියාව හමුවේ එහෙනම් මගුල් ගෙදරකදි, පාටියකදී වගේ තැනකදි විතරක් පොඩ්ඩක් බොනවා යනුවෙන් පොඩි බුරුලක් ලබාදෙයි. ඉන් පසු අරක්කු ඇති එවන් පරිසරයකට ඉද හිට යාමට අවස්ථාව ලැබෙන මේ අසරණ සැමියන් තමා අවිවාහකයෙකුව සිටි කාලයේ කුරුල්ලෙකු මෙන් සොමියේ සිටි අතීතය මතක් කර කනමදයෙකු ලෙස ලිමිට් කපා ගහයි. එවැනි විටෙක එදෙස බලා සිටින ඇත්තන් සිතනුයේ මේ මිනිහා සතුටට බොනු ඇතැයි කියා වුවද මිනිහා බොන්නේ වාවාගනු බැරි දුක නිසා යනුවෙන් ඒ සිතුවිල්ල වෙනස් විය යුතුය.

ධනයෙන්, නම්බු නාම ආදියෙන් උදම් නොවී නිරහංකාර පුද්ගලයා සැම විටම හිස පහත් කරන්නේ හරියට කිරි වදින විට වී කරලද බිමට නැමෙනා ආකාරයෙන් බවට කියමනක් ඇත. කියමන එසේ වුවද මගුල අස්සේ හිස සමග කරටියද පාත්වෙන මෙවැනි වර්ගයේ සැමියන් දෙස උපහාසයෙන් බලා බිරිදගේ යෙහෙලියන් ඒ බැව් ඇයට සැළකරන්නේ, අන්න ඔයාගෙ එක්කෙනාගෙ කන සාක්කුවේ හෝ අන්න ඔයාගෙ එක්කෙනාගෙ රතු කට්ට පැනලා යනුවෙනි. මෙහිදී කියවෙන රතු කට්ට ඇත්තේ කොතැනදැයි සිරා කොලුවා වන මට තවම නිනව්වක් නොමැත. හිස පහත් වුවද ඉහත කී නිරහංකාර කමක් ගැන මෙහිදී සදහනක් නැත. තත්වය තවත් දරුණු වුවහොත් කාපු බීපු දේ ශ්‍රී මුඛයෙන් නැවතත් පිටතට පැමිණෙන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී වමනය යනවා හෝ වමනය දමනවා ලෙස මේ ක්‍රියාව හැදින්වුවත් කුපාඩි කොල්ලන් අද මේ ක්‍රියාව හදුන්වන්නේ කබරයා දමනවා යනුවෙනි. මෙලෙස මා විදේශ ගත වන්නට පෙර පැවති විවාහ මංගල්ලයක් අතර තුර පුංචි පහේ කබරයෙක් අත හැරි මගේ ඥාතියෙකු උත්සවය අවසන් වීමෙන් පසු සිනාසුනේම නැත. නිතරම සිනාමුසුව සිටින මේ මනුස්සයාට මක්ක උනාදැයි ඥාතීන් විමසන විට ඔහුගේ ඉදිරි ඇන්දේ බොරු දත් දෙක කබරයා සමග චුත වී ඇති බව හිමිහිට පැවසුවේ විස්සෝප වෙමිනි. හෙතෙම බොරු දත් පැළදි බැව් මම මෙන්ම බොහෝ අයද දැන ගත්තේද එදිනය. කෙසේ හෝ කබරයා දැමූ ස්ථානය පිළිබද ගැඹුරු විමර්ෂණයක් කර නැති වූ වස්තුව සොයා දීමට ඔහුට හිතවත් රහස් පරීක්ෂක කණ්ඩායමක් සමත් වූ බැව් පසුව අනාවරණය විය.

මගුල් අස්සේ සිදුවූ බොහෝ සිදුවීම් මගේ මතක ගබඩාවේ තැන්පත් වී ඇති නිසාම මගුල් ගැන කථා කරන විට කථා රැසක් මතකයට එයි. අතීතයේ අප සමග හොදින් කා බී ප්‍රීති වූ ළගම මිත්‍රයෙකු විය. නිසි කල වයස පැමිණි කල රූමත් සරසවි මානවිකාවක හා ප්‍රේමයෙන් වෙලුනු මේ හාදයා ඇගේ සියලු නීති රීති හිස් මුදුනින් පිළිගනිමින් අකමැත්තෙන් වුවද බීමට නැවතීම තැබුවෙහිය. තවත් කාලයක් ඇවෑමෙන් ඇය තම පාද පරිචාරිකාව ලෙස තෝරා පත්කරගෙන ඒ උත්සව ආදියෙන් පසු මිතුරන් විසින් පවත්වන කිසිදු මධුසාදයකට පැමිණීමෙන් වැළකී සිටියේය. එහෙත් ඇතැම් නිවාඩු දිනයක උදේ වරුවක ඉතා හදිසියෙන්, මචං අද උදේම වයිෆ් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගියා...බොන්න ආසයි බන්...කට්ටිය සැට් කරගෙන ඉක්මනට ටවුමට වරෙංකො...මම ඉන්නවා බලාගෙන යනුවෙන් දුරබණුවෙන් සැළ කරයි. මෙවැනි විටෙක මේකා ගැන උපදින අනුපමේය අනුකම්පාව නිසාම ක්ෂණිකව සූදානම් කරන මධු සාදයට නිවාඩු දින සිත් සේ නිදාගන්නට සිතූ අයවලුන් නිදි ඇදෙන් ඔසවාගෙන විත් මේසයේ හිදුවන්නට සිරාට සිදු වෙයි. කෙසේ හෝ කාලයකින් එළැඹෙන මේ අවස්ථාවෙන් විපුල ඵල ලබන පෙර කී මිතුරා ඇති පදම් බී නිවසට ගොස් ඇල වෙන්නේ හැන්දෑ කොරේ ඇඹේනිය කැදවාගෙන ඒමට නැවතත් නගරයට යාමට අවැසි නිසාය. ඒ ගමන පිටත් වන්නට පෙර පේර කොළ දෙක තුනක් හපා පැය කාලක් පමණ කාලයක් දත් මැද පෙර සූදානම් වුවද ඇතැම් දිනයක හොර අසුවෙයි. එවිට ඔහුගේ බිරිද පොරොන්දු කඩ කල තම සැමියා සමග කිපී ඔහුට මේ අපරාධය කල මිතුරන් වෙත දුරබණුවෙන් අමතයි. එවැනි ඇමතුම් ලද විටෙක මම කිසිවිටෙක නිවසේ හෝ බස්නාහිර පළාත තුල සිටියේ නැත. හැම විටම ලංකාවේ ඈත කොනක විනෝද චාරිකාවක නිරත වන බැව්ම පැවසුවෙමි.

මේ අතරතුර දිනක් අපගේ තවත් කිට්ටු මිතුරෙකු තනි කමට තිත තබා යුග දිවියේ රහ බලන්නට තීරණය කළෙන් ඒ මංගල උත්සවයට අප සියල්ලන්ටම ආරාධනා කළේය. මේ මගුල පැවති ශාලාව තට්ටු දෙකකි. ඉහළ මාලය තනිකරම වෙන්කර තිබුනේ මධුසාදය සදහාය. ඒ සදහා මිතුරන් වෙත ඇරයුම් කිරීමට මනාලයා විසින් පත්කර සිටි නියෝජිතයා,බොනවා නම් උඩතට්ටුවට යන්න යැයි සෑම පිරිමියෙකුගේම කණට කොදුරමින් ගියහ. අපේ මේ බීමට තිත තැබූ අසරණයාගේ කනටද පෙර කිව් පණිවිඩය සන්නිවේදනය කරන විටම එය ශ්‍රවණය වූ ඔහුගේ බිරින්දෑද මිනිහා උනත් බඩු ෂුවර් නැති නිසා ඉහළ මහළට නැගුනාය. එදා ඒ මහලේ සිටි එකම කාන්තා පරාණය ඇය බැව් මට හොද හැටි මතකය. ඇගේ ආගමනය දුටු ඇතැම් මිතුරන් ඔහුට කෝචොක් එක දැම්මේ මචං උඹේ වයිෆ් බොන්න පටන් ගත්තේ කවදා ඉදන්දැයි ඇසීමෙනි. සිය බිරින්දෑ නිසා බීමට ඇති ලැදියාව අමාරුවෙන් වළකාගෙන කොකාකෝලා සහ ස්ප්‍රයිට් ආදී අවශේෂ පානයන්ගෙන් බඩ පුරවා ගත් ඔහු එදා පත්ව තිබූ අමාරුව වැනි අපහසුතාවකට කිසිදු ජීවී පරාණයක් ලක් නොවේවා යැයි මම අක්මාවෙන්ම පතමි.

[QUOTE="todd2231048, post: 31065263, member: 96568"] අරක්කු සහ ආතල් සුරාපානය පිළිබදව ඇත්තේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයකි. මේ අපූරු සොයාගැනීම කලේ කිසිවෙකුදැයි නිශ්චිතව සනාථ කල නොහැකි වුවත් එක් විකට කථාවක එන පරිදි මත්පැන් සොයාගෙන ඇත්තේ චියර්ස් (Cheers) නම් සුද්දෙකු විසිනි. බොහෝවිට සාදයක ඇරඹුම හෙවත් පළමු ෂොට් එක බොකු බඩවැල් කරා යැවීමට ප්‍රථම චියර්ස් යනුවෙන් මතක් කරන්නේ ඒ අනර්ඝ සොයා ගැනීම කල සුද්දාවය. මත්පැනින් සන්තර්පණය වන ජනතාව වූ කලී එතරම් කලගුණ දත් සුදී ජනතාවකි. මත්පැන්හි ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ගත හැකි එක් ප්‍රකට සිදුවීමක් බුද්ධ චරිතයේද වෙයි. ඒ රා පොවා බුදුන් වැඩි මගට යැව් නාලාගාරි හස්තියා පිළිබද කථාවයි. ඒ කථාවෙන්ද අපට ගම්‍ය වන්නේ මත්පැන් වලට වසර 2600 කටත් වඩා ඉතිහාසයක් ඇති බවකි. රා යනු පොල් ගසින් ලබාගන්නා ඵලයකි. මූලික අවස්ථාවේ මත්පැන් වර්ගයකි. ගසින් බාගත් වනම තෙලිජ්ජ ලෙස හදුන්වන මෙය මද වේලාවක් සුළගේ දැවටුනු පසු නියම පදමට එයි. මයියොක්කා හෝ ඌරුමස් කැබැල්ලක් හපමින් රා රස විදගත් උන් මේ ලියමන කියවන විටද පරිගණක තිරයට මුවා වී කෙළ ගිලිනවා විය යුතුය. කල්වේලා ගත ව ගිය පසු රා , විනාකිරි නම් සාඩම්බර නමකට හිමිකම් කියයි. තාක්ෂණයේ දියුණුව සමග රා නම් මුල් අවස්ථාවේ මත් පැන් තවත් දියුණු කරමින් සැර වැඩි මත්පැන් නිපදවීමට මත්ලෝලී නව නිපැයුම්කරුවන් තම සිත් මෙහෙයවූහ. රා බිවු පසු බඩ බුරුලට යන රා ඇලජික් මත්ලෝලීන්ට සිත් සේ නව නිපැයුම භාවිතා කල හැකි විය. බෝතලයක දමා සුළං නොවදින ලෙස සීල් කර ගණුදෙනුකරුවා සොයා ආ නිසාදෝ ඒවා සීල් අරක්කු නම් විය. ඒ අනුව විවිධ දැවයන්ගෙන් නිපදවූ පීප්පයන්හි මිශ්‍රනය පදම් කරමින් පදම් කල වසර ගණන අනුව මිළ වැඩි වන පරිදි මත්පැන් නිපදවූවා සේම විවිධ ධාන්‍ය වර්ග අනුසාරයෙන් සැර මත්පැන් නිපදවීමට යුරෝපා ජාතීන් කටයුතු කලෝය. ඒවා විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා ආදී සුඛෝපභෝගී නම් වලින් යුතු විය. මේ අතරතුර පොල්ගස් නැති අහිංසක ජපනා සහල් මගින් මත්පැන් නිපදවා ඒවාට සකේ කියා සුන්දර නමක් තැබුවෝය. රජයේ විභාගය ලියා සති දෙකේ පුහුණුවකින් පසු කොණ්ඩය කොටට කපාගෙන කොරියාවට පිටත් වූ අපේ කොල්ලන් අඩුවට තියෙන නිසාම දිනපතාම පාහේ පොඩි සොමියක් ගන්නේ සෝජු නම් මත්පැනට පින් සිදුවන්නටය. යම් යම් තත්ව පාලනයන් යටතේ උසස් ප්‍රමිතීන්ට අනුව පාරිභෝගිකයාට මේ නිෂ්පාදන ලබා දීමට අදාළ සමාගම් කටයුතු කරන නිසා සහ රජයට බදු ලෙස විශාල මුදලක් දොල පිදේනි දිය යුතු නිසා නිෂ්චිත මිළ මට්ටමකින් සීල් අරක්කු මිළ ආරම්භ වෙයි. මේ අතරින් ගල් හා පොල් මත්පැන් ලෝලී පොදු ජනතාවගේ හද ගැස්ම හදුනාගත් ප්රමුඛ පෙළේ නිෂ්පාදන වෙයි. පොල් ගසින් පොල් අරක්කු උපදින විට ඔරිජිනල් ගල් අරක්කු ඉපදෙනුයේ සීදුවෙනි. එහෙත් ඔරිජිනල් ඕනෑම දෙයක් කොප්ප ගැසීම අපේ ඇත්තන්ට සිම්පොල් නිසා ප්‍රදේශයේ නම මුලට ඈදා වෙළද පොලට එන තවත් ගල් අරක්කු වර්ග ඈත පළාතක විනෝද සවාරියක් ගිය කල ඇස්පනාපිට දැකිය හැක. ඒවා පිටුපස අදෘෂ්‍යමාන දේශපාලන හස්තයන්ද ඇති බවක් කව්දෝ කිව්වා මතකය. මොණරා දෙස බලමින් සිනාසෙන ගල් බෝතලය ලෝක ආර්ථිකය තව දුරටත් මුහුණ දෙන දරුණු අවපාතය හමුවේ තනි මොණරෙකු පුදා මිළදී ගැනීමට නොහැකි වන බව දැන් දැන් සක්සුදක් සේ පැහැදිලිය. වෙනත් පාන වර්ග පානය කලා බිව්වා ලෙස උච්චාරණය කලත් එය අරක්කු සමග යෙදෙන විට ගැහුවා ලෙස වෙනස් වෙයි. ඒ අනුව මම පෙරේදා ගල් භාගයක් ගැහුවා, ගිය සතියෙ පොල් මදි වෙලා ගල් ගැහුවා ආදී අනුකාරයෙන් විවිධ හැඩතල ගනී. මෙවැනි විටෙක අරක්කු ගැන හාංකවිසියක් නොදන්නා සුදනෝ සහ කාන්තා පාර්ශවය සිතනුයේ අදාළ පුද්ගලයා දඩාවතේ ගිය බල්ලෙකුට ගඩොල් භාගයකින් ගැහුවා හෝ නිවසේ ආහාර පිසින්නට පොල් නොමැති වූ හෙයින් පොල් කඩා ගැනීමට පොල් ගසට ගල් ගැසූ කථාන්දරයකි. අපේ මුතුන් මිත්තන් ස්වභාවිකව නිපදවාගත් කිතුල්, තල්, පොල් ආදී රා විශේෂයකින් සන්තර්පණය වූ ඒ අතීතය වෙනස් වූයේ සිරිලංකාව බටහිර ජාතීන් විසින් යටත් කරගත් පසුව විය යුතුය. සීල් අරක්කු වල ඇති ගුණ සුවද හදුනාගත් මේ ජනතාවගෙන් පැවත එන පරපුර අදද හැන්දෑවට හැන්දෑවට මේ සුවදට ඉව අල්ලයි. මෙවැනි පුද්ගලයන්ට මගුල් ගෙයක් සුපිරිවන්නේ එහිදී ලබා දෙන අරක්කු වර්ගය අනුවය. මිළ අධික අරක්කු වර්ගයක් දුන්නොත් හත්පොලේ ගා ගෙන මගුල් ගෙදර යකා නටනා මෙවැනි ඇත්තන් පහුවදා ඒ සියල්ල අමතක කර ඊයෙ ගැහුවා රිදෙන්න යනුවෙන් පවසයි. මෙහිදී ගැහුවා ලෙස සංඛේතවත් කරන්නේද අපි මේ කථා කරනා මත්පැන් පානය කිරීම ගැනම බැව් සැළකුව මනාය. සත්‍ය ලෙසම රිදෙන්නේ සිය බිරිද හෝ මගුල්ගෙදරට සම්බන්ධ ඇත්තන් අතින් පයින් සැලකූ ඒවා බැව් වෙරිමත නිසාම අමතක වී ඇති සෙයකි. ඇතැම් මගුලක වෙරි මරගාතේ සුපිරි මත්පැන් හොරකම් කරන්නට ගොස් සිය පවුලේ සායමද යවාගෙන බත් වෙනුවට බඩ පුරා ගුටි බැට පූජාවට ලක් වූ අසරණයන් මම ඇතැම් විටෙක දැක ඇත්තෙමි. එවන් විටක අසරණ වන අහිංසක ඇඹේනිය සහ දරුවන් ගැන කියන්නට වදන් නැත. දිනපතා මත්පැනින් සන්තර්පණය වන පුද්ගලයන්ට පොදු ව්‍යවහාරයේදී බේබද්දා යන ගෞරව නාමය පට බැන්දත් මගුලක අරක්කු හොරකමේ ගොස් හසුවන මෙවැනි පුද්ගලයන්ටද ඒ නමම පටබැදේ. මගුල ඇත්තේ රාත්තිරියේ නම් අරක්කු හොරු අල්ලන්නට සැදී පැහැදී සිටීමට මනාලයාගේ මිතුරන්ට සිදුවන තරමට අප සමාජය දැන් බේබද්දන්ගෙන් පිරී පවතී. විවාහ මංගල්ලයන්හිදී මෙසේ පජාති වන සැමියන් පිටුපස බොහෝ විට ඔහුගේ බිරිද වෙයි. සාර්ථක මිනිසෙකු පිටුපස කාන්තාවක් වෙයි යන කියමන මෙහිදී මදක් වෙනස් වෙයි. ඇතැම් බිරියන් තම පුද්ගලික කර්තව්‍යයන් උදෙසා හෝ පවුලේ යැපීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති කල්හි සිය සැමියාට මත්පැන් පානය සපුරා තහනම් කරන අතර සැමියාගේ අදෝවැඩියාව හමුවේ එහෙනම් මගුල් ගෙදරකදි, පාටියකදී වගේ තැනකදි විතරක් පොඩ්ඩක් බොනවා යනුවෙන් පොඩි බුරුලක් ලබාදෙයි. ඉන් පසු අරක්කු ඇති එවන් පරිසරයකට ඉද හිට යාමට අවස්ථාව ලැබෙන මේ අසරණ සැමියන් තමා අවිවාහකයෙකුව සිටි කාලයේ කුරුල්ලෙකු මෙන් සොමියේ සිටි අතීතය මතක් කර කනමදයෙකු ලෙස ලිමිට් කපා ගහයි. එවැනි විටෙක එදෙස බලා සිටින ඇත්තන් සිතනුයේ මේ මිනිහා සතුටට බොනු ඇතැයි කියා වුවද මිනිහා බොන්නේ වාවාගනු බැරි දුක නිසා යනුවෙන් ඒ සිතුවිල්ල වෙනස් විය යුතුය. ධනයෙන්, නම්බු නාම ආදියෙන් උදම් නොවී නිරහංකාර පුද්ගලයා සැම විටම හිස පහත් කරන්නේ හරියට කිරි වදින විට වී කරලද බිමට නැමෙනා ආකාරයෙන් බවට කියමනක් ඇත. කියමන එසේ වුවද මගුල අස්සේ හිස සමග කරටියද පාත්වෙන මෙවැනි වර්ගයේ සැමියන් දෙස උපහාසයෙන් බලා බිරිදගේ යෙහෙලියන් ඒ බැව් ඇයට සැළකරන්නේ, අන්න ඔයාගෙ එක්කෙනාගෙ කන සාක්කුවේ හෝ අන්න ඔයාගෙ එක්කෙනාගෙ රතු කට්ට පැනලා යනුවෙනි. මෙහිදී කියවෙන රතු කට්ට ඇත්තේ කොතැනදැයි සිරා කොලුවා වන මට තවම නිනව්වක් නොමැත. හිස පහත් වුවද ඉහත කී නිරහංකාර කමක් ගැන මෙහිදී සදහනක් නැත. තත්වය තවත් දරුණු වුවහොත් කාපු බීපු දේ ශ්‍රී මුඛයෙන් නැවතත් පිටතට පැමිණෙන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී වමනය යනවා හෝ වමනය දමනවා ලෙස මේ ක්‍රියාව හැදින්වුවත් කුපාඩි කොල්ලන් අද මේ ක්‍රියාව හදුන්වන්නේ කබරයා දමනවා යනුවෙනි. මෙලෙස මා විදේශ ගත වන්නට පෙර පැවති විවාහ මංගල්ලයක් අතර තුර පුංචි පහේ කබරයෙක් අත හැරි මගේ ඥාතියෙකු උත්සවය අවසන් වීමෙන් පසු සිනාසුනේම නැත. නිතරම සිනාමුසුව සිටින මේ මනුස්සයාට මක්ක උනාදැයි ඥාතීන් විමසන විට ඔහුගේ ඉදිරි ඇන්දේ බොරු දත් දෙක කබරයා සමග චුත වී ඇති බව හිමිහිට පැවසුවේ විස්සෝප වෙමිනි. හෙතෙම බොරු දත් පැළදි බැව් මම මෙන්ම බොහෝ අයද දැන ගත්තේද එදිනය. කෙසේ හෝ කබරයා දැමූ ස්ථානය පිළිබද ගැඹුරු විමර්ෂණයක් කර නැති වූ වස්තුව සොයා දීමට ඔහුට හිතවත් රහස් පරීක්ෂක කණ්ඩායමක් සමත් වූ බැව් පසුව අනාවරණය විය. මගුල් අස්සේ සිදුවූ බොහෝ සිදුවීම් මගේ මතක ගබඩාවේ තැන්පත් වී ඇති නිසාම මගුල් ගැන කථා කරන විට කථා රැසක් මතකයට එයි. අතීතයේ අප සමග හොදින් කා බී ප්‍රීති වූ ළගම මිත්‍රයෙකු විය. නිසි කල වයස පැමිණි කල රූමත් සරසවි මානවිකාවක හා ප්‍රේමයෙන් වෙලුනු මේ හාදයා ඇගේ සියලු නීති රීති හිස් මුදුනින් පිළිගනිමින් අකමැත්තෙන් වුවද බීමට නැවතීම තැබුවෙහිය. තවත් කාලයක් ඇවෑමෙන් ඇය තම පාද පරිචාරිකාව ලෙස තෝරා පත්කරගෙන ඒ උත්සව ආදියෙන් පසු මිතුරන් විසින් පවත්වන කිසිදු මධුසාදයකට පැමිණීමෙන් වැළකී සිටියේය. එහෙත් ඇතැම් නිවාඩු දිනයක උදේ වරුවක ඉතා හදිසියෙන්, මචං අද උදේම වයිෆ් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගියා...බොන්න ආසයි බන්...කට්ටිය සැට් කරගෙන ඉක්මනට ටවුමට වරෙංකො...මම ඉන්නවා බලාගෙන යනුවෙන් දුරබණුවෙන් සැළ කරයි. මෙවැනි විටෙක මේකා ගැන උපදින අනුපමේය අනුකම්පාව නිසාම ක්ෂණිකව සූදානම් කරන මධු සාදයට නිවාඩු දින සිත් සේ නිදාගන්නට සිතූ අයවලුන් නිදි ඇදෙන් ඔසවාගෙන විත් මේසයේ හිදුවන්නට සිරාට සිදු වෙයි. කෙසේ හෝ කාලයකින් එළැඹෙන මේ අවස්ථාවෙන් විපුල ඵල ලබන පෙර කී මිතුරා ඇති පදම් බී නිවසට ගොස් ඇල වෙන්නේ හැන්දෑ කොරේ ඇඹේනිය කැදවාගෙන ඒමට නැවතත් නගරයට යාමට අවැසි නිසාය. ඒ ගමන පිටත් වන්නට පෙර පේර කොළ දෙක තුනක් හපා පැය කාලක් පමණ කාලයක් දත් මැද පෙර සූදානම් වුවද ඇතැම් දිනයක හොර අසුවෙයි. එවිට ඔහුගේ බිරිද පොරොන්දු කඩ කල තම සැමියා සමග කිපී ඔහුට මේ අපරාධය කල මිතුරන් වෙත දුරබණුවෙන් අමතයි. එවැනි ඇමතුම් ලද විටෙක මම කිසිවිටෙක නිවසේ හෝ බස්නාහිර පළාත තුල සිටියේ නැත. හැම විටම ලංකාවේ ඈත කොනක විනෝද චාරිකාවක නිරත වන බැව්ම පැවසුවෙමි. මේ අතරතුර දිනක් අපගේ තවත් කිට්ටු මිතුරෙකු තනි කමට තිත තබා යුග දිවියේ රහ බලන්නට තීරණය කළෙන් ඒ මංගල උත්සවයට අප සියල්ලන්ටම ආරාධනා කළේය. මේ මගුල පැවති ශාලාව තට්ටු දෙකකි. ඉහළ මාලය තනිකරම වෙන්කර තිබුනේ මධුසාදය සදහාය. ඒ සදහා මිතුරන් වෙත ඇරයුම් කිරීමට මනාලයා විසින් පත්කර සිටි නියෝජිතයා,බොනවා නම් උඩතට්ටුවට යන්න යැයි සෑම පිරිමියෙකුගේම කණට කොදුරමින් ගියහ. අපේ මේ බීමට තිත තැබූ අසරණයාගේ කනටද පෙර කිව් පණිවිඩය සන්නිවේදනය කරන විටම එය ශ්‍රවණය වූ ඔහුගේ බිරින්දෑද මිනිහා උනත් බඩු ෂුවර් නැති නිසා ඉහළ මහළට නැගුනාය. එදා ඒ මහලේ සිටි එකම කාන්තා පරාණය ඇය බැව් මට හොද හැටි මතකය. ඇගේ ආගමනය දුටු ඇතැම් මිතුරන් ඔහුට කෝචොක් එක දැම්මේ මචං උඹේ වයිෆ් බොන්න පටන් ගත්තේ කවදා ඉදන්දැයි ඇසීමෙනි. සිය බිරින්දෑ නිසා බීමට ඇති ලැදියාව අමාරුවෙන් වළකාගෙන කොකාකෝලා සහ ස්ප්‍රයිට් ආදී අවශේෂ පානයන්ගෙන් බඩ පුරවා ගත් ඔහු එදා පත්ව තිබූ අමාරුව වැනි අපහසුතාවකට කිසිදු ජීවී පරාණයක් ලක් නොවේවා යැයි මම අක්මාවෙන්ම පතමි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom