ගල් අරක්කු බෝතලයේ ඉතිහාසය...

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    වර්තමාන අයිතිය ගල් ඔය වැවිලි සමාගම සතුවුවත් මේ කර්මාන්ත ශාලාව අතීතයේ ලංකා සීනි සංයුක්ත මණ්ඩලයේ වත්කමක් ලෙස පැවතුණි.

    "අපේ මිනිස්සු ඔන්න ඉතින් කතා වෙන්නෙ කනවටත් වැඩිය බොන ජාති හින්දා මටත් හිතුන මේ බොන ජාති වල
    අතීතයට යන්න.

    ඉතින් මේ ගල් ඔය මිටියාවතේ අතීතයත් එක්කල බැදුන මේ බීම, කෙටියෙන්ම සිංහලෙන් කිව්වොත් හැමෝම දන්න ගල් බෝතලේ ගැන හොයන්න, මොකද්ද මේ කටවහරට හුරු ඉහලම පැලැන්තියෙ ඉදන් පීඩිත පන්තිය දක්වාම නම කිව් සැනිනින් අදුනන මේ "ගල් බෝතලේ"

    මේකෙ ඉතිහාසය 1956 වර්ශය දක්වා දිවෙන කතාවක් ගල් බෝතලේ වටා තියෙන බව මම හිතන්නෙ බොහෝ දෙනෙක් නොදන්නවාට සැකයක් නැහැ ඉතින් ඔන්න බලමු අතීත කතාව..

    වර්ෂ1956දී මහාමාන්‍ය ඩ් ඇස් සේනානායක මහත්තය පටන්ගත්තු ගල් ඔය ව්‍යාපාරය එක්ක බැදුනු බොහෝ ව්‍යාපෘති අතර වර්ෂ 1960 දී නිශ්පාදනය ආරම්භ කල ලංකා සීනි සංයුක්ත මණ්ඩලය, එක් දේශීය කරමාන්තයක්. ඒ හරහා බැදුනු සීනි නිශ්පාදනයෙන් ඉවත්වන මොලැසස් වල නිශ්පාදනයක් වන ඇල්කොහොල් එහෙමත් නැත්නම් ස්ප්‍රීතු එහි නිශ්පාදනාගාරය වන රාජ්‍ය ඉස්කාගාර සංස්ථාවට අනුබද්ද හිගුරාන ඉස්කාගාරයේ උපත ලැබූවක්
    එවකට පොල් රා වලින් පෙරාගත් ස්ප්‍රීතු වලින් අරක්කු නිශ්පාදනය කලත්, මේ නව නිශ්පාදනය එලි දැක්කෙ ගල් ඔය මිටියාවතේ නමින් ගල් කියන කොටසත් එකතු කරගන වෙලද ලකුන එහෙමත් නැත්නම් ලේබලය පොල් ගහක් යට නිදාගෙන ඉන්න කොටියෙක් දාලා ගල් අරක්කු නමින් රවුම් හැඩයේ බෝතලයක්.

    කොහොම උනත් අපේ මිනිස්සු ඕනිම තැනක කියන්න පුලුවන් විදිහට නම් වෙනස් කරන්න රුසියොනේ, මේ නම කෙටි කරලා ගල් කියන නම හදා ගෙන.

    එදා මෙදා තුර මේ සුප්‍රසිද්ධ නම ගෙනියනව
    දැනට මේ නම තියෙන අරක්කු බෝතලයක් වෙලදපොලේ නැතත් මේ පෙරලියක් කල නාමය නොසැලී තියෙනව. අද ලංකාවෙ ජනප්‍රිය වෙලද ආයතනයකට පවරා දීල නමේ වෙනසක් කලත් අතිවිශේෂ උනත් මිනිස්සු ඉල්ලන්නෙ ගල් බෝතලයක් කියල.අදටත් ජනප්‍රිය ගල් බෝතලේ උපත සිදු උනේ ඔන්න ඔහොමයි.

    මෙච්චර ජනප්‍රියවූ මේ බීමේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා බලන්නත් ඕනිනෙ. ලංකාවෙ මිනිස්සු අරක්කු ගදයි කිව්වෙ මේකද කියලත් හිතෙනව ගදක් ජනප්‍රිය වෙයිද
    නැහැනෙ..

    භාන්ඩයක් ජනප්‍රිය වෙන්න ඔනි වෙලදපොල සාධක බොහොමයක් තියෙනවනෙ. එහෙමනම් මේක මුදලත් එක්ක බැදිලා ඇති. ඒ කිව්වෙ, වෙලද පොල භාශාවෙන් කියනව නම් පහසු මිල හා විශිෂ්ට සේවාව වෙන්න ඇති.
    ඒ එක්කම එකෙන් ලැබෙන පසු දින ප්‍රතිපලත් නරකම නොවන සතුටු දායක තත්වයක ඇති.

    පරම්පරා තුන හතරක් පුරාවට ජනප්‍රියවූ
    මේ කට හුරුව තවත් කොතෙක් කල්
    ඉදිරියට යාවිද කියන ප්‍රශ්නාර්තයත් ඉතිරි කරමින් මගේ සටහන අවසන් කරන්නෙ, ගල් බෝතලයක් බොන ඕනිම වෙලාවක මේ සටහනත් මතකයට නැගේවි කියන විශ්වාසයත් එක්කල.

    IMG-3492.jpg


    images
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,653
    113
    East Blue (Goa Kingdom)
    bayila wada nha oya jarawa lanakwe thiyenne chanden yana uronta okun jarawa dena nisa wena kisoma reason ekak nha


    lankawe mun salli deel.hawapu neethiyen


    salli thibbata wena unta liquor hadana companies dannaa baha, mun set ekata witjarak ooro neethiyak dala monopoly ekak hadala deela

    pan pitith ehema
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    අරක්කු සහ ආතල්
    සුරාපානය පිළිබදව ඇත්තේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයකි. මේ අපූරු සොයාගැනීම කලේ කිසිවෙකුදැයි නිශ්චිතව සනාථ කල නොහැකි වුවත් එක් විකට කථාවක එන පරිදි මත්පැන් සොයාගෙන ඇත්තේ චියර්ස් (Cheers) නම් සුද්දෙකු විසිනි. බොහෝවිට සාදයක ඇරඹුම හෙවත් පළමු ෂොට් එක බොකු බඩවැල් කරා යැවීමට ප්‍රථම චියර්ස් යනුවෙන් මතක් කරන්නේ ඒ අනර්ඝ සොයා ගැනීම කල සුද්දාවය. මත්පැනින් සන්තර්පණය වන ජනතාව වූ කලී එතරම් කලගුණ දත් සුදී ජනතාවකි. මත්පැන්හි ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ගත හැකි එක් ප්‍රකට සිදුවීමක් බුද්ධ චරිතයේද වෙයි. ඒ රා පොවා බුදුන් වැඩි මගට යැව් නාලාගාරි හස්තියා පිළිබද කථාවයි. ඒ කථාවෙන්ද අපට ගම්‍ය වන්නේ මත්පැන් වලට වසර 2600 කටත් වඩා ඉතිහාසයක් ඇති බවකි. රා යනු පොල් ගසින් ලබාගන්නා ඵලයකි. මූලික අවස්ථාවේ මත්පැන් වර්ගයකි. ගසින් බාගත් වනම තෙලිජ්ජ ලෙස හදුන්වන මෙය මද වේලාවක් සුළගේ දැවටුනු පසු නියම පදමට එයි. මයියොක්කා හෝ ඌරුමස් කැබැල්ලක් හපමින් රා රස විදගත් උන් මේ ලියමන කියවන විටද පරිගණක තිරයට මුවා වී කෙළ ගිලිනවා විය යුතුය. කල්වේලා ගත ව ගිය පසු රා , විනාකිරි නම් සාඩම්බර නමකට හිමිකම් කියයි.

    තාක්ෂණයේ දියුණුව සමග රා නම් මුල් අවස්ථාවේ මත් පැන් තවත් දියුණු කරමින් සැර වැඩි මත්පැන් නිපදවීමට මත්ලෝලී නව නිපැයුම්කරුවන් තම සිත් මෙහෙයවූහ. රා බිවු පසු බඩ බුරුලට යන රා ඇලජික් මත්ලෝලීන්ට සිත් සේ නව නිපැයුම භාවිතා කල හැකි විය. බෝතලයක දමා සුළං නොවදින ලෙස සීල් කර ගණුදෙනුකරුවා සොයා ආ නිසාදෝ ඒවා සීල් අරක්කු නම් විය. ඒ අනුව විවිධ දැවයන්ගෙන් නිපදවූ පීප්පයන්හි මිශ්‍රනය පදම් කරමින් පදම් කල වසර ගණන අනුව මිළ වැඩි වන පරිදි මත්පැන් නිපදවූවා සේම විවිධ ධාන්‍ය වර්ග අනුසාරයෙන් සැර මත්පැන් නිපදවීමට යුරෝපා ජාතීන් කටයුතු කලෝය. ඒවා විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා ආදී සුඛෝපභෝගී නම් වලින් යුතු විය. මේ අතරතුර පොල්ගස් නැති අහිංසක ජපනා සහල් මගින් මත්පැන් නිපදවා ඒවාට සකේ කියා සුන්දර නමක් තැබුවෝය. රජයේ විභාගය ලියා සති දෙකේ පුහුණුවකින් පසු කොණ්ඩය කොටට කපාගෙන කොරියාවට පිටත් වූ අපේ කොල්ලන් අඩුවට තියෙන නිසාම දිනපතාම පාහේ පොඩි සොමියක් ගන්නේ සෝජු නම් මත්පැනට පින් සිදුවන්නටය.

    යම් යම් තත්ව පාලනයන් යටතේ උසස් ප්‍රමිතීන්ට අනුව පාරිභෝගිකයාට මේ නිෂ්පාදන ලබා දීමට අදාළ සමාගම් කටයුතු කරන නිසා සහ රජයට බදු ලෙස විශාල මුදලක් දොල පිදේනි දිය යුතු නිසා නිෂ්චිත මිළ මට්ටමකින් සීල් අරක්කු මිළ ආරම්භ වෙයි. මේ අතරින් ගල් හා පොල් මත්පැන් ලෝලී පොදු ජනතාවගේ හද ගැස්ම හදුනාගත් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන වෙයි. පොල් ගසින් පොල් අරක්කු උපදින විට ඔරිජිනල් ගල් අරක්කු ඉපදෙනුයේ සීදුවෙනි. එහෙත් ඔරිජිනල් ඕනෑම දෙයක් කොප්ප ගැසීම අපේ ඇත්තන්ට සිම්පොල් නිසා ප්‍රදේශයේ නම මුලට ඈදා වෙළද පොලට එන තවත් ගල් අරක්කු වර්ග ඈත පළාතක විනෝද සවාරියක් ගිය කල ඇස්පනාපිට දැකිය හැක. ඒවා පිටුපස අදෘෂ්‍යමාන දේශපාලන හස්තයන්ද ඇති බවක් කව්දෝ කිව්වා මතකය. මොණරා දෙස බලමින් සිනාසෙන ගල් බෝතලය ලෝක ආර්ථිකය තව දුරටත් මුහුණ දෙන දරුණු අවපාතය හමුවේ තනි මොණරෙකු පුදා මිළදී ගැනීමට නොහැකි වන බව දැන් දැන් සක්සුදක් සේ පැහැදිලිය.

    වෙනත් පාන වර්ග පානය කලා බිව්වා ලෙස උච්චාරණය කලත් එය අරක්කු සමග යෙදෙන විට ගැහුවා ලෙස වෙනස් වෙයි. ඒ අනුව මම පෙරේදා ගල් භාගයක් ගැහුවා, ගිය සතියෙ පොල් මදි වෙලා ගල් ගැහුවා ආදී අනුකාරයෙන් විවිධ හැඩතල ගනී. මෙවැනි විටෙක අරක්කු ගැන හාංකවිසියක් නොදන්නා සුදනෝ සහ කාන්තා පාර්ශවය සිතනුයේ අදාළ පුද්ගලයා දඩාවතේ ගිය බල්ලෙකුට ගඩොල් භාගයකින් ගැහුවා හෝ නිවසේ ආහාර පිසින්නට පොල් නොමැති වූ හෙයින් පොල් කඩා ගැනීමට පොල් ගසට ගල් ගැසූ කථාන්දරයකි.

    අපේ මුතුන් මිත්තන් ස්වභාවිකව නිපදවාගත් කිතුල්, තල්, පොල් ආදී රා විශේෂයකින් සන්තර්පණය වූ ඒ අතීතය වෙනස් වූයේ සිරිලංකාව බටහිර ජාතීන් විසින් යටත් කරගත් පසුව විය යුතුය. සීල් අරක්කු වල ඇති ගුණ සුවද හදුනාගත් මේ ජනතාවගෙන් පැවත එන පරපුර අදද හැන්දෑවට හැන්දෑවට මේ සුවදට ඉව අල්ලයි. මෙවැනි පුද්ගලයන්ට මගුල් ගෙයක් සුපිරිවන්නේ එහිදී ලබා දෙන අරක්කු වර්ගය අනුවය. මිළ අධික අරක්කු වර්ගයක් දුන්නොත් හත්පොලේ ගා ගෙන මගුල් ගෙදර යකා නටනා මෙවැනි ඇත්තන් පහුවදා ඒ සියල්ල අමතක කර ඊයෙ ගැහුවා රිදෙන්න යනුවෙන් පවසයි. මෙහිදී ගැහුවා ලෙස සංඛේතවත් කරන්නේද අපි මේ කථා කරනා මත්පැන් පානය කිරීම ගැනම බැව් සැළකුව මනාය. සත්‍ය ලෙසම රිදෙන්නේ සිය බිරිද හෝ මගුල්ගෙදරට සම්බන්ධ ඇත්තන් අතින් පයින් සැලකූ ඒවා බැව් වෙරිමත නිසාම අමතක වී ඇති සෙයකි. ඇතැම් මගුලක වෙරි මරගාතේ සුපිරි මත්පැන් හොරකම් කරන්නට ගොස් සිය පවුලේ සායමද යවාගෙන බත් වෙනුවට බඩ පුරා ගුටි බැට පූජාවට ලක් වූ අසරණයන් මම ඇතැම් විටෙක දැක ඇත්තෙමි. එවන් විටක අසරණ වන අහිංසක ඇඹේනිය සහ දරුවන් ගැන කියන්නට වදන් නැත. දිනපතා මත්පැනින් සන්තර්පණය වන පුද්ගලයන්ට පොදු ව්‍යවහාරයේදී බේබද්දා යන ගෞරව නාමය පට බැන්දත් මගුලක අරක්කු හොරකමේ ගොස් හසුවන මෙවැනි පුද්ගලයන්ටද ඒ නමම පටබැදේ.

    මගුල ඇත්තේ රාත්තිරියේ නම් අරක්කු හොරු අල්ලන්නට සැදී පැහැදී සිටීමට මනාලයාගේ මිතුරන්ට සිදුවන තරමට අප සමාජය දැන් බේබද්දන්ගෙන් පිරී පවතී. විවාහ මංගල්ලයන්හිදී මෙසේ පජාති වන සැමියන් පිටුපස බොහෝ විට ඔහුගේ බිරිද වෙයි. සාර්ථක මිනිසෙකු පිටුපස කාන්තාවක් වෙයි යන කියමන මෙහිදී මදක් වෙනස් වෙයි. ඇතැම් බිරියන් තම පුද්ගලික කර්තව්‍යයන් උදෙසා හෝ පවුලේ යැපීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති කල්හි සිය සැමියාට මත්පැන් පානය සපුරා තහනම් කරන අතර සැමියාගේ අදෝවැඩියාව හමුවේ එහෙනම් මගුල් ගෙදරකදි, පාටියකදී වගේ තැනකදි විතරක් පොඩ්ඩක් බොනවා යනුවෙන් පොඩි බුරුලක් ලබාදෙයි. ඉන් පසු අරක්කු ඇති එවන් පරිසරයකට ඉද හිට යාමට අවස්ථාව ලැබෙන මේ අසරණ සැමියන් තමා අවිවාහකයෙකුව සිටි කාලයේ කුරුල්ලෙකු මෙන් සොමියේ සිටි අතීතය මතක් කර කනමදයෙකු ලෙස ලිමිට් කපා ගහයි. එවැනි විටෙක එදෙස බලා සිටින ඇත්තන් සිතනුයේ මේ මිනිහා සතුටට බොනු ඇතැයි කියා වුවද මිනිහා බොන්නේ වාවාගනු බැරි දුක නිසා යනුවෙන් ඒ සිතුවිල්ල වෙනස් විය යුතුය.

    ධනයෙන්, නම්බු නාම ආදියෙන් උදම් නොවී නිරහංකාර පුද්ගලයා සැම විටම හිස පහත් කරන්නේ හරියට කිරි වදින විට වී කරලද බිමට නැමෙනා ආකාරයෙන් බවට කියමනක් ඇත. කියමන එසේ වුවද මගුල අස්සේ හිස සමග කරටියද පාත්වෙන මෙවැනි වර්ගයේ සැමියන් දෙස උපහාසයෙන් බලා බිරිදගේ යෙහෙලියන් ඒ බැව් ඇයට සැළකරන්නේ, අන්න ඔයාගෙ එක්කෙනාගෙ කන සාක්කුවේ හෝ අන්න ඔයාගෙ එක්කෙනාගෙ රතු කට්ට පැනලා යනුවෙනි. මෙහිදී කියවෙන රතු කට්ට ඇත්තේ කොතැනදැයි සිරා කොලුවා වන මට තවම නිනව්වක් නොමැත. හිස පහත් වුවද ඉහත කී නිරහංකාර කමක් ගැන මෙහිදී සදහනක් නැත. තත්වය තවත් දරුණු වුවහොත් කාපු බීපු දේ ශ්‍රී මුඛයෙන් නැවතත් පිටතට පැමිණෙන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී වමනය යනවා හෝ වමනය දමනවා ලෙස මේ ක්‍රියාව හැදින්වුවත් කුපාඩි කොල්ලන් අද මේ ක්‍රියාව හදුන්වන්නේ කබරයා දමනවා යනුවෙනි. මෙලෙස මා විදේශ ගත වන්නට පෙර පැවති විවාහ මංගල්ලයක් අතර තුර පුංචි පහේ කබරයෙක් අත හැරි මගේ ඥාතියෙකු උත්සවය අවසන් වීමෙන් පසු සිනාසුනේම නැත. නිතරම සිනාමුසුව සිටින මේ මනුස්සයාට මක්ක උනාදැයි ඥාතීන් විමසන විට ඔහුගේ ඉදිරි ඇන්දේ බොරු දත් දෙක කබරයා සමග චුත වී ඇති බව හිමිහිට පැවසුවේ විස්සෝප වෙමිනි. හෙතෙම බොරු දත් පැළදි බැව් මම මෙන්ම බොහෝ අයද දැන ගත්තේද එදිනය. කෙසේ හෝ කබරයා දැමූ ස්ථානය පිළිබද ගැඹුරු විමර්ෂණයක් කර නැති වූ වස්තුව සොයා දීමට ඔහුට හිතවත් රහස් පරීක්ෂක කණ්ඩායමක් සමත් වූ බැව් පසුව අනාවරණය විය.

    මගුල් අස්සේ සිදුවූ බොහෝ සිදුවීම් මගේ මතක ගබඩාවේ තැන්පත් වී ඇති නිසාම මගුල් ගැන කථා කරන විට කථා රැසක් මතකයට එයි. අතීතයේ අප සමග හොදින් කා බී ප්‍රීති වූ ළගම මිත්‍රයෙකු විය. නිසි කල වයස පැමිණි කල රූමත් සරසවි මානවිකාවක හා ප්‍රේමයෙන් වෙලුනු මේ හාදයා ඇගේ සියලු නීති රීති හිස් මුදුනින් පිළිගනිමින් අකමැත්තෙන් වුවද බීමට නැවතීම තැබුවෙහිය. තවත් කාලයක් ඇවෑමෙන් ඇය තම පාද පරිචාරිකාව ලෙස තෝරා පත්කරගෙන ඒ උත්සව ආදියෙන් පසු මිතුරන් විසින් පවත්වන කිසිදු මධුසාදයකට පැමිණීමෙන් වැළකී සිටියේය. එහෙත් ඇතැම් නිවාඩු දිනයක උදේ වරුවක ඉතා හදිසියෙන්, මචං අද උදේම වයිෆ් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගියා...බොන්න ආසයි බන්...කට්ටිය සැට් කරගෙන ඉක්මනට ටවුමට වරෙංකො...මම ඉන්නවා බලාගෙන යනුවෙන් දුරබණුවෙන් සැළ කරයි. මෙවැනි විටෙක මේකා ගැන උපදින අනුපමේය අනුකම්පාව නිසාම ක්ෂණිකව සූදානම් කරන මධු සාදයට නිවාඩු දින සිත් සේ නිදාගන්නට සිතූ අයවලුන් නිදි ඇදෙන් ඔසවාගෙන විත් මේසයේ හිදුවන්නට සිරාට සිදු වෙයි. කෙසේ හෝ කාලයකින් එළැඹෙන මේ අවස්ථාවෙන් විපුල ඵල ලබන පෙර කී මිතුරා ඇති පදම් බී නිවසට ගොස් ඇල වෙන්නේ හැන්දෑ කොරේ ඇඹේනිය කැදවාගෙන ඒමට නැවතත් නගරයට යාමට අවැසි නිසාය. ඒ ගමන පිටත් වන්නට පෙර පේර කොළ දෙක තුනක් හපා පැය කාලක් පමණ කාලයක් දත් මැද පෙර සූදානම් වුවද ඇතැම් දිනයක හොර අසුවෙයි. එවිට ඔහුගේ බිරිද පොරොන්දු කඩ කල තම සැමියා සමග කිපී ඔහුට මේ අපරාධය කල මිතුරන් වෙත දුරබණුවෙන් අමතයි. එවැනි ඇමතුම් ලද විටෙක මම කිසිවිටෙක නිවසේ හෝ බස්නාහිර පළාත තුල සිටියේ නැත. හැම විටම ලංකාවේ ඈත කොනක විනෝද චාරිකාවක නිරත වන බැව්ම පැවසුවෙමි.

    මේ අතරතුර දිනක් අපගේ තවත් කිට්ටු මිතුරෙකු තනි කමට තිත තබා යුග දිවියේ රහ බලන්නට තීරණය කළෙන් ඒ මංගල උත්සවයට අප සියල්ලන්ටම ආරාධනා කළේය. මේ මගුල පැවති ශාලාව තට්ටු දෙකකි. ඉහළ මාලය තනිකරම වෙන්කර තිබුනේ මධුසාදය සදහාය. ඒ සදහා මිතුරන් වෙත ඇරයුම් කිරීමට මනාලයා විසින් පත්කර සිටි නියෝජිතයා,බොනවා නම් උඩතට්ටුවට යන්න යැයි සෑම පිරිමියෙකුගේම කණට කොදුරමින් ගියහ. අපේ මේ බීමට තිත තැබූ අසරණයාගේ කනටද පෙර කිව් පණිවිඩය සන්නිවේදනය කරන විටම එය ශ්‍රවණය වූ ඔහුගේ බිරින්දෑද මිනිහා උනත් බඩු ෂුවර් නැති නිසා ඉහළ මහළට නැගුනාය. එදා ඒ මහලේ සිටි එකම කාන්තා පරාණය ඇය බැව් මට හොද හැටි මතකය. ඇගේ ආගමනය දුටු ඇතැම් මිතුරන් ඔහුට කෝචොක් එක දැම්මේ මචං උඹේ වයිෆ් බොන්න පටන් ගත්තේ කවදා ඉදන්දැයි ඇසීමෙනි. සිය බිරින්දෑ නිසා බීමට ඇති ලැදියාව අමාරුවෙන් වළකාගෙන කොකාකෝලා සහ ස්ප්‍රයිට් ආදී අවශේෂ පානයන්ගෙන් බඩ පුරවා ගත් ඔහු එදා පත්ව තිබූ අමාරුව වැනි අපහසුතාවකට කිසිදු ජීවී පරාණයක් ලක් නොවේවා යැයි මම අක්මාවෙන්ම පතමි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    මෙතෙක් වේලා මා කථා කලේ තත්වයෙන් උසස් යැයි සම්මත මත්පැන් පිළිබදවය. එහෙත් කය වෙහෙසා එදිනෙදා වේල සොයාගැනීමට වෙහෙසෙන සිරි ලංකාවේ අති මහත් වැඩ කරන ජනයාට ඒවා මිළදී ගන්නට මුදල් නැත. අමාරුවෙන් සොයාගත් දේ සීල් අරක්කු සදහා වැය කලොත් ගෙදර උන්ගේ බඩ වියත පිට කොන්දේ ඇලෙන නිසා මේ අය පානය කරන්නේ ගමේ බඩුය. සුදුවා, නැටුම් තෙල්, ඇති හිටියා, වෙල් ෆැන්ටා ආදී නොයෙක් නම් මේවාට පටබැදී ඇතිමුත් කවුරුත් දන්නා සුලභ නාමය කසිප්පු නම් වෙයි. කය වෙහෙසා වැඩකරන මේ මිනිසුන්ගේ අවශ්‍යතාව හොදින් දන්නා ඇත්තන් මේවා ඇළ ඉවුරක් හෝ බඩ වැටියක් අස්සේ සිට නිපදවන්නේ සිය රට දේ සිරි සැපදේ යන කියමනේ පිහිටමිනි. අතීතයේදී කජු ලෙලි, පොල් කටු හෝ දර භාවිතයෙන් කසිප්පු නිපදවන විට හොරා පොලිස් සෙල්ලමේ යෙදෙන පොලෝසියේ ඇත්තන්ට ඉහළට නගිනා දුම් කදෙන් කසිප්පු පොට් එක හදුනාගත හැකි නිසා කාලයේ ඇවෑමෙන් බල ශක්තිය ලෙස එල් පී ගෑස් එක් විය. දැන් එකදු දුම් රොටුවක් හෝ නැතිව වඩිය පෙරන්නට කසිප්පු මුදලාලිට හැකිය.

    කිසිදු තත්ව පාලනයක් හෝ ආරක්ෂාව පිළිබද ප්‍රමිතියක් නැති නිසාම කසිප්පු වලට ඇති හිටියා නම් විකට නාමයක්ද තිබේ. වරක් වැලිවේරිය ප්‍රදේශයේදී මේ බැව් සනාථ කරමින් 20 කට මදක් වැඩි සංඛ්‍යාවක් මරු වැළදගත් ඛේදවාචකයක් තවමත් මගේ මතකයේ තිබේ. බිරින්දෑ වරු විවිධය. ඇතැම්හු සුරාවට සම්පූර්ණයෙන් තිත තියන විට ඇතැම් කාන්තාවන් සිය සැමියා කසිප්පු පානය කරනවාට පමණක් විරුද්ධය. එවැනි තැනක සැමියන් නිවසටම කසිප්පු ගෙන යන්නේ කසිප්පු වෙත කොකා කෝලා එකතු කර ක්ෂණිකව සීල් අරක්කු නිපදවීමෙනි. ඒ කොකාකෝලා හේතුවෙන් වර්ණය වෙනස් වන නිසාවෙනි.

    කසිප්පු යන වදන ආදරේ වැඩි කමට ඇතැම්හු කසියා ලෙසද හදුන්වන අතර ඒවා නිතර පරිහරණය කරන අයවලුන් කෂ්ඨා ඩයල් ලෙස හදුන්වයි. මෙවැනි අඩු ආදායම් ලාභී අහිංසක මත්ලෝලීන්ට විස්කි, බ්‍රැන්ඩි, ආදී සුඛෝපභෝගී වර්ගයේ පිටරට මත්පැන් ලැබෙන්නේ ඉතාම කළාතුරකින් නිසාම ඒවා පරිහරණය කරන්නට ලැබුනු විටක සැර බාල කිරීමකින් තොරව ආශාව වැඩිකමටදෝ එක හුස්මට නිම කරන්නේ වටා පිටාවේ ඉන්නා උන්ට තමන් කෂ්ඨා ඩයල් බව හදුනාගැනීමට උදව් වෙමිනි.

    වරක් මගේ මිතුරෙකුගේ පියාගේ අභාවය හේතුවෙන් අවසන් කටයුතු කිරීම සදහා කනත්තේ සොහොන ඉදි කලේ මෙවැනි පිරිසකි. මේ මිතුරාගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම විදේශයන්හි සේවය කරන අය නිසාම අවසාන කටයුතු වලින් පසුව සොහොන ඉදිකිරීමට දායක වූ පිරිසට ඉස්තරම්ම වර්ගයේ විදේශීය විස්කි බෝතලයක් පිරිනැමුවේ අවශ්‍ය වුනොත් තව එකක් දෙන්නම් යනුවෙන් පවසමිනි. මේ පුද්ගලයන්ගේ දෙනෙත් බෝතලයේ කාන්තියෙන් බැබලුනු ආකාරය ඒ ආසන්නයේ සිටි මා හට මනාව දර්ශනය විය. අතින් අත යවමින් එකිනෙකා බෝතලයේ හැඩරුව බැලූ පසු වත්ත කොනට වන්නට පිහිටි ස්ථානයක මධු සාදය ඇරඹිනි. පෙර කී සහෝදරයන් මත්පැනෙහි සැර බාල කිරීමට සැන්ටිං ලබා දීමට ඉදිරිපත් වුවද මේ පිරිස එය ප්‍රතික්ෂේප කළෝය. මූඩිය කරකවා ඉවත් කර වීදුරුවට වත් කරගැනීමට උත්සාහ කලද මත්පැන් එන්නේ නැත. මේ අවස්ථාවේ ඔවුන් මේ ගැටළුව නිවැසියන්ට ඈතින් ඥාති වන පුද්ගලයෙකුට ඉදිරිපත් කරන අන්දම මම දුටිමි.

    අපේ පුතාලා නැත්නම් උඹලා මේ වගේ එකක් ගහයි...මේක බං සෑහෙන ගාණක්...යනුවෙන් පවසමින් පුරසාරම් දෙඩූ ඔහු යතුරක් උපයෝගී කර ගනිමින් බෝතලයේ කට ඇතුලතින් ඇති ආරක්ෂාකාරී ආවරණය ඉවත් කිරීමට උත්සාහ කර බැරිම තැන ගැටලුව මවෙත ඉදිරිපත් විය. බෝතලය තනි කෙලින් ඉහළට එසවූ පසු අමෘතය ලැබෙන බැව් මම ඔවුනට පෙන්වූ පසු පිටරට අරක්කු වීදුරුවට වැටෙන්නෙත් හරි අමුතු විදියට නේද බං යනුවෙන් එකෙකු තෙපලුවෙහිය. මද වේලාවක් ඇවෑමෙන් සැට් එකම ඔන්දස්පොට් වූ හෙයින් තවත් බෝතලයක අවශ්‍යතාව එහිදී පැනනැගුනේ නැත.

    කෂ්ඨා ඩයල් ලෙස අතැම්හු අවමන් කලද මරණයකදී හෝ හදිසි කරදරයකදී මහතුන් යැයි සමාජය සම්මත පුද්ගලයන් අහක බලාගන්නා විටෙක මේ මිනිසුන් තමන්ට හැකි පරිදි අදාළ පාර්ශවයන් වෙත උදව් කරනා බැව් ඔවුනට කරනා ගෞරවයක් ලෙස සටහන් කරමි. විශේෂයෙන් මරණයකදී කනත්තේ සිදු කල යුතු කාර්යයන් බොහොමයකට මේ මිනිසුන් ඉදිරිපත් වන්නේ අපේ ආරාධනයකින් හෝ තොරව බැව් කිරි අම්මාගේ මරණය අවස්ථාවේ මම පසක් කර ගත්තෙමි.

    උසස් පෙළ කරන අවධියේ අපේ පාසලේ අමද්‍යප සංගමයේ සභාපති තනතුර දැරූ මා මිතුරෙක් ඒ දිනවල අප වෙත බැණ වැදුනේ මත්පැනෙහි ආදීනව කියා දෙමිනි. එහෙත් මා ලංකාවෙන් පිටත් වන්නට පෙර පැවති සාදයකදී කාලයකට පසු ඔහු හමුවූයේ කට කපා සිටි වෙලාවකය.

    මොකෝ බං බීලා , උඹ අමද්‍යප සංගමේ සභාපති නේද ඒ කාලෙ?

    ඒ ඉස්සර බං...සුරාවෙහි රසයත් එහි ඇති අගයත් බොන සුදනෝ මිස නොබොන දුදනෝ නොදනිත් කියලා කථාවක් තියෙන්නෙ....අන්න ඒ වගේ තමා බං...බිව්වට පස්සෙ තමයි මට තේරුනේ මාර කික් කියලා....ඕක්......

    මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

    ප.ලි

    කවුරු කෙසේ කීවත් බීම හෝ නොබීම ඔබේ අයිතියකි. ඒ පිළිබද තීරණය ඔබ සතුය. මේ ලිපියෙන් මත්පැන් පානයට යම් පෙළඹවීමක් ඇති කිරීම මගේ උත්සාහය නොවන බැව් කාරුණිකව සළකන්න.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    ඉස්සර ගල් බිව්වෙ නෑ
    දැන් නම් බොනවා
    මොනා උනත් බිව්වම උදේට අමාරුවක් නෑ
     
    • Like
    Reactions: War Fighter