කරුමයක් බන් මේක. අපේ ගෙවල් ළඟ ලොකු කලු ගලක් තියෙන කන්දක් තියෙනවා. රබර් හිටවලා තියෙන්නෙ. ඒකෙ අයිතිකාරයා දැනට අවුරුදු 20 කට කළින් (1999) සුද්දෙක්ට ඒ කන්ද බදු දුන්නා ගල් කඩන්න (අයිති මිනිහා ගමේ නෙමෙයි). සුද්දා ලොකු කෂර් එකක් හයි කරලා වැඩේ පටන් ගත්තා. ගමේ අය විරුද්ධ වුණා ගල් බෝර වලට ගෙවල් පුපුරපු නිසා බෝර දානවට.
පිකටින් පවා කළා. අන්තිමට ගමේ සල්ලි වියදම් කරන්න පුලුවන් තුන්දෙනෙක් වගේ සෙට් වෙලා, නඩු දැම්මා. නඩුවෙන් නඩු තීන්දුවක් දුන්නා පාලනයකට යටත්ව කරගෙන යන්න. මිනිස්සුන්ට අවාසි විධියට තමයි නඩු තීන්දුව හම්බ වුණෙත්.
පරිසර අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කැණිමේ ආයතන වලින් ඇවිත් පරීක්ෂණ කළා බොර වල බලපෑම ගැන. ඒ පරීක්ෂණ වාර්තාත් නඩු තීන්දුවට බලපාන්න ඇති. සුද්දා විකුණලා ගියා. සුද්දාගෙන් පස්සෙ සිංහල කිහිපදෙනෙක් ගල් කොරිය කරගෙන ගියා. දැන් කරන්නෙ ඇමතියෙක්ගෙ හිතවතෙක්. (නම් ගම් කියන්න බැහැ)
සමහර මිනිස්සුන්ට නඩු තීන්දුවෙන් පස්සෙ වන්දි දෙන්න තීන්දු වුණා ගෙවල් වලට වුණ අලාභෙට. කන්දෙ එක පැත්තක ගෙවල්. ඒ ගෙවල් වල ඔප්පු ගල් කොරියෙන් අරගෙන 3000/= ගානෙ දෙනවා මාසෙට තාමත්. ඒ මිනිස්සු 3000 ට පුරුදු වුණා.
වෙනම නිරීක්ෂක කමිටුව කියලා එකක් පිහිටව ගත්තා ගමේ මිනිස්සු ඉන්න, බොරවලවල් වල නඩු තීන්දුවෙන් නියමිත කරලා තියෙන නියමිත ගැඹුර තියෙනව ද බලන්න බොර පුපුරවන්න කළින්. නිරීක්ෂක කමිටුවෙන් බොර වලවල් බලන්න යන අයට යන වාරෙකට 300 ගානෙ ගෙවන්න තීන්දු කරලා තියෙනවා. ඒ වැඩේ ප්‍රායෝගික වුණේ නැහැ. මුල ටිකේ හොඳට කෙරුණත් පස්සෙ ගමේ දුප්පත් මිනිස්සුන්ට, ලෙඩ්ඩුන්ට දුන්නා ගිහින් බලලා 300 ගන්න.
ගෑණු ඉන්නවා කන්දට නැගලා බලන්නෙ නැහැ. 300 අරගෙන එනවා. ලෙඩට බෙහෙත් ගන්න කියයි. වවාගෙන කන්න ගියා. ප්‍රශ්නයක් ඇදීගෙන එනකොට මිනිස්සුන්ට සල්ලි දීලා කටවල් වහනවා. දැන් මේකෙ ඉන්න උන් සල්ලි ගන්න පුරුදුවෙලා ඒකෙන්.
හැමදාම මුල්වෙන කිහිපදෙනෙක් හිටියා. දැන් ඒ මිනිස්සු වයසයි. නඩු වලට වියදම් කරපු මිනිස්සුත් කළකිරිලා. කතා කරන්න කෙනෙක් නැහැ. කතා කරන්න යන උන්ට මොකක් හරි බාල්දියක් අදිනවා.
කන්දට ළඟමයි අපේ ගෙදර තියෙන්නෙත්. අපි සහ තව ගෙවල් කිහිපයක් විතරයි ආරම්භයේ ඉඳලා සල්ලි සතයක්වත් අරගෙන නැතුව තාමත් ඉන්නෙ. සල්ලි ගත්තොත් කතා කරන්න බැහැනෙ හදිස්සියකටවත්. අවස්ථාවාදී එවුන් ඉන්නෙ ගමේ. කිසිම එකමුතුවක් නැහැ.
ගමේ සමහරු ගල් කොරියෙ වැඩ. ඒකෙන් වාසිය ගන්නවා ගල් කොරිය. ගමේ මිනිස්සු විරුද්ධයි කියලා දැන් ටික කාලෙකට කළින් පෙස්සමක් අත්සන් කළා පාලනයක් නැතුව කරගෙන යන්න ගිහින්. ඇතුලෙ වැඩ කරන ගමේ උන් තව පෙස්සමක් අත්සන් කරලා ප්‍රාදේශීය ලේකම්ට යවලා, උන්ගෙ ජොබ් නැතිවෙනවා කියලා. ඔන්න තත්වෙ.
අවුරුදු 20 ක් ගල් කොරිය වැඩ. තවත් 20 කට විතර ගල් තියෙනවා ඒකෙ. අපේ ගෙවල් ඉවරයි. කිසිම රාජ්‍යය ආයතනයකින්, නිලධාරියෙක්ගෙන්, ගමේ මිනිස්සු කරපු කිසිම දේකින් වැඩක් වුණේ නැහැ මෙච්චර කාලයක්.
පරිසර අමාත්‍යාංශයෙන්ම එකපාරක් ඇවිත් බලලා වාර්තාවක් හදළා අත්සන් අරගෙන ගියා. රජයෙන් ආව කට්ටිය කිව්වෙ මේක A ශ්‍රේණියෙ ගල් වලක්, මේක මෙහෙම ගෙවල් වලට මෙච්චර ළඟින් කරගෙන යන්න තහනම්, මේක තහනම් කරනවා කියන්නෙ ලොකු වැඩක් කියලා. ඒ වගේම ඒ කෂර් එක මේ වගේ ගමක ගෙවල් වලට කිට්ටු තැනක හයි කරන්න බැහැලු පරිසර නීති අනුව. තනිකර නීති විරෝධීව වැඩ.
මහ රෑට වැඩ. ඉරිදා වැඩ ඇතුලෙ. ලොරි යනවා. මිනිස්සුන්ට කරදරයි. නඩු තීන්දුවෙ ඉරිදා, රෑට වැඩ බැහැ. බලපත්‍රයක් ගන්න ඕනි. ඒක දෙන්න Test blast කරන්න ඕනි නිරීක්ෂක කමිටුව සහ ඒ අදාළ රජයේ නිලධාරීන් එක්ක. අවුරුදු ගාණක් බලපත්‍ර නම් ගන්නවා. ගත්තා කියලා ආරංචි වෙනවා විතරයි. අර process මොනවත් නැහැ දැන්. පොලිසිය, ග්‍රාම සේවක ඔක්කොම අල්ලලා තියෙන්නෙ.
ගල් කුඩු වල ඩස්ට් එක යනවා වටේම. මිනිස්සු ලෙඩ වෙනවා. සෑහෙන පරිසරේටයි, මිනිස්සුන්ටයි වෙන අතුරු නරක ප්‍රතිඵල තියෙනවා. බෝර වලට අපේ ගෙදර හෙල්ලෙනවා. වීදුරු වයිබ්‍රෙට් වෙනවා. බිත්ති හොඳටම පුපුරලා. අපේ අම්මලා තාත්තලා, අනික් මිනිස්සු දුක්මහන්සියෙන් හදාගත්ත ගෙවල්. මුන් ඒවා කඩලා දාළා කුට්ටිය සාක්කුවෙ දාගෙන යන්න යනවා. මිනිහෙක් ගෙයක් දොරක් දුක් මහන්සිවෙලා හදාගන්නෙ නිදහසේ ජීවත් වෙන්නනෙ. අපිට වෙලා තියෙන්නෙ දුක් මහන්සියෙන් හදාගත්ත ගෙවල් දොරවල් පුපුරවලා, බිමට සමතලා කරලා දානකන් බලාගෙන ඉන්නයි. අවුරුදු 20 ක් ගිහින් තාමත් කිසිම වගකිවයුත්තෙක්ට පේන්නෙ නැහැ.
මේකට කරන්න පුලුවන් දෙයක් කියපල්ලා. අද නිවාඩුවක් දැම්මා. ගෙදර ඉන්නවත් බැහැ හෙල්ලෙනවා මුන් දාන බෝර වලට. මේ තියෙන්නෙ අපේ ගෙදර බිත්තියක් පුපුරලා තියෙන හැටි. මේක හදන්නෙ නැහැ.

ado