ගල් ප්‍රශ්ණයක්!

Muthu_Ra

Member
Feb 11, 2019
13
8
3
Interlock ගල් අතරින් smooth සහ rough වර්ග දෙක අතර වෙනස්කම් මොනවාද?
ඒ දෙකෙන් වැඩියේ හොද මොකක්ද? විශේශයෙන්ම පෙනුම අතින්...


lUCqeeSFKDl0viD69K1zPXCPCwce_F_eEmchBKMDKrgiEcgbJVJ8N2LvK7o7UewNorSF0cGXHHECRRp1vD-kv24
U9yO1eXVbogteOmw-2pj4oAfrD3yo5qweNndSvGwSw-V9X170TF-pnxMFRbedFvUWTEzvDXxoSKthpP_Xu15GjRYqPR6bA
 

Muthu_Ra

Member
Feb 11, 2019
13
8
3
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් පොඩි විස්තරයක් කියනවාද?
ලොකු උදව්වක්!!
 

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    මන් දන්න විදිහට ස්මූත් එක හදන්න වතුර වැඩි පුර දානවා වේලෙන කම්ම අච්චුව ඇතුලේ තියනවා,
    අනික වතුර අඩුවෙන් දාලා එවලේම අච්චුවෙන් ගලවනවා.
    ඔය දේකටම දාන සිමෙන්ති වැලි ගල් එහේම වෙනස් වේන්නේ එක එක්කේනා දාන ප්‍රමාන අනුවා තමා.

    පාවිච්චි යේදිනම් එක එක්කේනාගේ කැමැත්ත තමා,
    මුහුනත රලු උනාම ලෙස්සනවා අඩු නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    ඔව්ව නම් ගෙවල් වල හදතහැකි. පාදෙනියගෙන් අහන්න දෙයක් නෑ. දැන් ගල් අච්චුවක් 110ක්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වැඩේ ෆිනිෂ් කරාට පස්සේ smooth එකේ හොද ලස්සනක් තියනවා rough එකට වඩා. අනික smooth එකේදී දාන රටා කැපිල පේනවා හොදට. rough එකේ වාසිය තමයි ලිස්සන එක අඩුයි. නමුත් කාලයක් ගියාම එකේ rough ගතිය අඩු වෙනවා. පුද්ගලිකව මම නම් ඕවාට වඩා තණ පිඩලි වලට කැමතියි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    දන්න තරමින්,

    රෆ් ගල හදන්නෙ ගල් කුඩු+ සිමෙන්ති දාල හදන බ්ලොක්ගල් මිශ්‍රනේට සමාන මිශ්‍රනේකින්.
    මේකෙ කලර්ස් එන්නෙ නෑ.
    ඩිසයින් වර්ග එනවත් අඩුයි.
    පාරවල් වලට තමයි අල්ලන්නෙ.
    ගොඩක් වෙලාවට මිදුල් ලස්සන කරන්න දාන්නෙ නෑ.
    උඩ රෆ් ෆිනිශ් හින්ද දියසෙවල බැඳිල කලු වෙන ගතිය වැඩියි.
    හැබැයි මතුපිට ලිස්සන්නෙ නෑ...

    ෆිනිශින් ගල හදන්නෙ කොන්ක්‍රීට් මිශ්‍රනේකට සමාන මිශ්‍රනේකින්.
    කලර්ස් එනව.
    ෆයිබර් අච්චුවෙ හදන නිසා හැඩතලත් හෙන ගොඩක් තියෙනව.
    උඩ ෆිනිශින් වැඩි නිසා දියසෙවල ලොකුවට හිටින්නෙ නෑ. හිටියත් හයිප්‍රෙශර් කරල යවන්න පුලුවන්. හැබැයි වාහන වල රෝද ස්ලිප් කරන්න බලනව.
    වාහනයක් දාන තැනකට අල්ලනවනං තැනිතලා ගතිය තියෙන තැනක්නං අවුලක් නෑ. කන්දක් පල්ලමක් තියෙනවනං ටිකක් කේස්.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Rough-Better traction, used in regularly and heavily used areas and public places.Ex: cargills/Keels paking, Pavements, Etc.
    Available in thickness 60mm/80mm etc. 80mm used if heavy trucks are travelling.

    Smooth-used in home and less used areas, slippery when wet/rainy conditions.
    Available in thickness 40/60mm etc. May vary due to these are produced by small manufactures.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    ස්මූත් එක ඇල්ලුවා කියලා එහෙම ලිස්සන්නෙත් නෑ බන්. රෆ් එකට වඩා ස්මූත් එකේ කලර්ස් කාලයක් තියෙනවා වගේම එලිපාටක් තියෙනවා. ඔයිල් වගේ පාට මොනා හරි වැටුනත් රෆ් එකට සාපෙක්ශව ස්මූත් එකේ ක්ලීන් කරන්න ලේසියි. පාඩුවකට තියෙන්නෙ ගාන ටිකක් වැඩියි.