ඉර ගලත් වැසී යන
බිම නිවෙන වෙලාවේ
ගොම්මනට අත තබන
තැනද නෑ නිනව්වේ
කල කාරි නිම නොවී
හිතට කලබල දැනී
වෙහෙසුනා ඈ නිතින්
ගතට ඉසිඹුව නොදී
දහවලේ තැනින් තැන
කුලී කාසී සොයා
දහසකුත් හීන මල්
හිතේ එක්කහු කලා
ගෙපොල එලිකොට තිබේ
වහලයක බර සොයා
අලුත් ගේ මුලුමනින්
ඈ සිතේ ඉදි උනා
අලුත් ගේ තනන්නට
ගෙනා ගල් වැලි පොදී
ගෙපොලටම ඇද දමමු
තව තවත් පහු නොවී
මද්දුමී එක්ක ගොස්
අප්පාට දෙස් දි දී
අදී ඈ ගලින් ගල පිරිමියෙකු සේ එඩී
අදුර උතුරා ගිහින් දවස කෙලවර උනා
තව පැයක් දහවලට ඈ සිතින් එක් කලා
නෙතේ මානය බිදී ලිහි ගලක් සෙලවුනා
රලු පරලු ගල් කැටක් ඇගෙ පයේ නැවතුනා
බිම නිවෙන වෙලාවේ
ගොම්මනට අත තබන
තැනද නෑ නිනව්වේ
කල කාරි නිම නොවී
හිතට කලබල දැනී
වෙහෙසුනා ඈ නිතින්
ගතට ඉසිඹුව නොදී
දහවලේ තැනින් තැන
කුලී කාසී සොයා
දහසකුත් හීන මල්
හිතේ එක්කහු කලා
ගෙපොල එලිකොට තිබේ
වහලයක බර සොයා
අලුත් ගේ මුලුමනින්
ඈ සිතේ ඉදි උනා
අලුත් ගේ තනන්නට
ගෙනා ගල් වැලි පොදී
ගෙපොලටම ඇද දමමු
තව තවත් පහු නොවී
මද්දුමී එක්ක ගොස්
අප්පාට දෙස් දි දී
අදී ඈ ගලින් ගල පිරිමියෙකු සේ එඩී
අදුර උතුරා ගිහින් දවස කෙලවර උනා
තව පැයක් දහවලට ඈ සිතින් එක් කලා
නෙතේ මානය බිදී ලිහි ගලක් සෙලවුනා
රලු පරලු ගල් කැටක් ඇගෙ පයේ නැවතුනා

චමත්කාරව හිතේ මැවුනා සිදුවීම...